ස්ථූලතාවයට හේතුව කුමක්ද?

අද සමාජයේ බොහෝදෙනෙකුට ඇති ගැටලුවක් තමයි ස්ථූලතාවය.  සතියෙන් දෙකෙන් ෆැට් බර්න් කරනා බවට දැක්වෙන දැන්වීම් අනන්තවත් අපි දැක තිබෙනවා. නමුත් මෙසේ සිදු කරන්නේ කෙසේද? එය ගැන ඔබ දැනුවත්ද? මේ ලිපියෙන් ඒ ගැන කතා කරන්නටයි සූදානම

කිලෝ එකක මේදය අඩු කරන්නට කැලරි 9000 ක් දහනය කල යුතුයි. මොකද මේදය ග්‍රෑම් එකක කැලරි 9ක් අඩංගු වෙනවා. ඔබ යම් ඖෂධයක් ආධාරයෙන් සතියට කිලෝ 5ක් මේදය දහනය කරනවා නම් ඔබ මේ සතිය ඇතුලත කැලරි 45000 ක් දහනය කල යුතු වෙනවා. නමුත් සාමාන්‍යයෙන් අපිට දිනකට දහනය කල හැක්කේ කැලරි 2200 වගේ ගානක්. තව ටිකක් මහන්සි වුනොත් තවත් කැලරි 500ක් විතර අපිට දහනය කරන්නට පුුලුවන්. කොහොම හරි කැලරි 1000ක් අපි වැඩිපුර දහනය කලොත් කිලෝ එකක බර අඩු කරගන්නට දින නවයක් යනවා. ඉතිං කිලෝ පහක් බර අඩු වන්නට දින 45ක් යනවා. නමුත් සතියෙන් කිලෝ පහක් මේදය දහනය කරන ඖෂධ වෙලද පලේ තියෙනවා. ඒවා ගැනීමෙන් සිදුවන භයානක ප්‍රතිඵල ගැන අපි ටිකක් සිත යොමු කරමු.

අපි ගන්නා ආහාර වල කෙතරම් වස විෂ ප්‍රමාණයක් තියෙනවාද? මෙම විෂ අපගේ අක්මාවෙන් ඉවත් කල යුතු වෙනවා. මෙම විෂ ඉවත් කරන්නට අපි රාත්‍රී 10 සිට පාන්දර 3 දක්වා කාලය තද නින්දේ සිටිය යුතු වෙනවා. නමුත් අපි මේ වෙලාවෙත් නිදි වරනවා. ඉතිං අක්මාවට සිදු වෙනවා මෙම වස විස අපගේ මේද තට්ටුවේ තැන්පත් කරන්නට . මොකද මේ වස විස මේදයේ තමයි දිය වෙන්නේ. ඉතිං දැන් මේ මේද තට්ටුව වස විස ගබඩාවක්. අපි යම් ඖෂධයක් භාවිතා කර සතියට කිලෝ පහක් මේදය දහනය කරනවා කියමු. අර වස විස සියල්ල ඉතාමත්කෙටි කාලයක් තුල අක්මාව වෙතට ඇදී එනවා. දැන් අක්මාව ඉතා විශාල හානියකට මුහුන දෙනවා. මේ හානිය වලක්වන්නට මේදය ඇවිත් හානි වූ තැන්වල තැන්පත් වෙනවා. දැන් ෆැටි ලිවර්, පසුව සිරෝසිස්. නන් ඇල්කොහොලික් සිරෝසිස්. ඔබමයි වගකිව යුතු වන්නේ.

දැන් අපි ස්ථුලතාවය වැඩිම සහ අඩුම රටවල් ගැන අපි ටිකක් සලකා බලමු.

USA – 38%Japan – 4%Sri Lanka – 8%මෙම දත්ත දුටු විට ඔබට සිහිවන්නේ කුමක්ද? ඇමෙරිකාවේ මේතරම් ස්ථූලතාවය වැඩිවන්නට හේතුව කුමක්ද? ජපානයේ මේ තරම් ස්ථූලතාවය අඩුවන්නට හේතුව කුමක්ද? අපේ රටේද දැන් ටික ටික ස්ථූලතාවය වැඩිවීගෙන එනවා. ඊට හේතුව කුමක්ද?ආහාර රටාව සංකරම රටක් තමයි ඇමෙරිකාව කියන්නේ. ඔවුන් තිරිගු පිටි වලින් සෑදු ආහාර, කාබනේටඩ් බීම වර්ග, ගැඹුරුතෙ‍ල් වල බදින ලද ආහාර වලට ඉතාමත් රුචිකත්වයක් දක්වනවා. මේ නිසා කුඩා දරුවාගේ පටන් මහළු පුද්ගලයා දක්වා ස්ථූලතාවයෙන් පෙලෙනවා.ජපානයේ මෙහි අනෙක් පැත්ත. ඉතාම සාම්ප්‍රදායික ආහාර රටාවක් පුරුදුව සිටින ජපාන වැසියන් සංකර ආහාර රටාවලින් දුරස් වෙනවා. මේ නිසා ඔවුන්ගේ ස්ථූලතාව අඩුයි. ලංකාවේද දැන් දැන් ආහාර රටාව ඉතාමත් සංකර වී තිබෙන බව අපට පෙනෙනවා. මේ නිසා ස්ථූලතාවය එන්න එන්න වැඩිවන බවයි දැනෙන්නේ.

ස්ථූලතාවයට හේතු.

දියවැඩියාව

හෝමෝන අසමතුලිතතා

පෝෂණය අඩු ආහාර රටාව

පරිවෘතිය ක්‍රියා අසමතුලිත වීම

කුස ගින්න අසාමාන්‍ය ලෙස වැඩිවීම

ජාන විකෘති

නින්ද ක්‍රමාණුකූල නොවීම

මේවා දැනට පිලිගන්නා හේතූන් වේ. මේවායින් ප්‍රධානම හේතුව ලෙස මා දකින්නේ පෝෂණය ගැන නොදැනීම නිසා අනවශ්‍ය ආහාර අපගේ සිරුරට ලබා දීමයි. මුලින්ම අපි කුඩා ගණනක් සාදා බලමු.

අප ගන්නා ආහාර අතර වැඩියෙන්ම අඩංගු පෝෂ්‍ය කොටස් තුනක් ඇත. ඒ කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන් සහ මේදයයි. මීට ඇල්කොහොල්ද එක්කල හොත් පෝෂ්‍ය කොටස් 4කි. මේ එක් එක් පෝෂ්‍ය කොටස් වලින් අපට ලැබෙන කැලරි ගණන පහත දක්වා ඇත. අවසානයේ අපගේ ඉලක්කට වන්නේ දවසකට අපි කොපමණ කැලරි ප්‍රමාණයක් දහනය කරනවාද කියන එකයි. ප්‍රෝටීන් – ග්‍රෑම් 1 ක කැලරි ගණන – 4 කාබෝහයිඩ්රේට – ග්‍රෑම් 1 ක කැලරි ගණන – 4 ඇල්කොහොල් – ග්‍රෑම් 1 ක කැලරි ගණන – 7 මේදය – ග්‍රෑම් 1 ක කැලරි ගණන – 9 අප ගන්නා කැලරි ගණන තමයි අවසානයට අපි ස්ථූලතාවයට පත්වන්නට හෝ කෙට්ටු සිරුරක් හිමිවන්නට හේතු වන්නේ. අපි දවසකට කාබෝහයිඩ්රේට ග්‍රෑම් 500 ක්, මේදය ග්‍රෑම් 50ක්, ප්‍රෝටීන් ග්‍රෑම් 100ක් සහ ඇල්කොහොල් ග්‍රෑම් 100ක් ගන්නවා යැයි සිතමු. දැන් ඉහත ඇති කැලරි ගණනින් ගුණ කර බැලුවහොත් දිනකට අපගේ සිරුරට ලබා දෙන කැලරි ප්‍රමාණය 3550 කි අපි දිනකට සමාන්‍යයෙන් වැය කරන කැලරි ප්‍රමාණය 2200 ක් පමණ වේ. දැන් මෙහිදී වැඩිපුර කැලරි 1350 ක් අපි ආහාර සමග එකතු කරලා තියෙනවා. මේ වැඩිපුර කැලරි වලට මොකද වෙන්නේ. ඒවා මේදය ලෙසට තැන්පත් කරනවා පසුව භාවිතා කල හැකි ලෙසට. ඉතිං 1350 / 9 = ග්‍රෑම් 150ක ප්‍රමාණයක් මේදය ලෙසට ශරීරයේ එකතු වෙනවා. දැන් මේ විදිහට දින හයක් පමණ ආහාර ගතහොත් කිලෝ එකකින් බර වැඩිවෙනවා. මාසයට කිලෝ 5ක් විතර බර වැඩි වෙනවා. දැන් මෙය නතර කරන්නේ කෙසේද? බඩගින්න එන්න එන්නම වැඩියෙනවා. එය නතර කල හැකිනම් නේද? ඖෂධ සමාගම්ද මෙය මේ විදිහටම සිතුවා. ඉතිං 1997 වසරේදී Sibutramine කියලා ස්ථූලතාවය අඩු කරන්නට ඖෂධයක් වෙලද පලට ආවා. මෙය උණු කැවුම් සේ විකිනෙන්නට පටන් ගත්තත් මෙහි ඇති සංකූලතා ඉතා බහුල නිසා 2010 වසරේදී මෙය ඇමෙරිකාව, සිංගප්පූරුව, එංගලන්තය චීනය වැනි රටවල් තහනම් ඖෂධයක් ලෙසට නම් කලා. නමුත් මැලේසියාව වැනි රටවල අදටත් මේ ඔසුව අලෙවි වෙනවා. ලංකාවෙත් ඉක්මණින් කෙට්ටු වෙන බෙහෙත්, තේ වර්ග එහෙම තියෙනවා. ප්‍රවේශම් විය යුතු නොවේද? මොකද අපේ රටේ මේ ඔසුව තහනම් කර ඇත්දැයි මා හට තවම තොරතුරු ලැබී නැහැ. දැන් දැන් කෙට්ටු වන්නට දියවැඩියාවට දෙන බෙහෙත් බොන්නටද බොහෝදෙනා පෙලඹී සිටිනවා. එය තවත් සෝචනීය තත්වයකි. දියවැඩියාව නැතිවම බෙහෙත් බොන්නට පටන් ගත් විට මොකද වෙන්නේ. අග්න්‍යාෂයට වැඩ නැතිව යනවා නේද? මේ නිසා අග්න්‍යාෂය දුර්වල වී කොහොමත් ඔබ දියවැඩියා රෝගියෙක් බවට පත් වේවි. මේ ගැනද දෙවරක් සිතන්න.කෙට්ටුවන්නට කල යුතු දෙය අපි මේ ලිපියෙන්ම කියවා තේරුම් ගනිමු.

ස්ථූලතාවය අඩු කරගත හැකි ක්‍රම

නිරාහාරව සිටීම ආහාර රුචිය අඩු කිරීමආමාශය කුඩා කිරීමමේදය සැත්කමක් මගින් ඉවත් කිරීමව්‍යායාම කිරීමඅවශෝෂණය අඩු කිරීමපරිවෘතිය ක්‍රියා වේගවත් කිරීමමේ ක්‍රම තමයි දැනට භාවිතා වෙන්නේ ස්ථූළතාව අඩු කරන්නට. මේවායින් ව්‍යායාම කිරීම තරමක් හොද ක්‍රමයක්. අනෙක් එක ක්‍රමයක් සමගවත් මා එකග වන්නේ නැහැ. මොකද මෙම ක්‍රම වේද වලින් සිරුරට හානි සිදුවන නිසා. එසේ නම් අපි කල යුතු වන්නේ කුමක්ද? අපි මුලටම නැවත යමු. අපි වැඩිපුර ගත්ත කැලරි තමයි මේ මේදය ලෙසට තැන්පත් වෙලා තියෙන්නේ. මොකටද තැන්පත් වුනේ. පසුව නැවත භාවිතා කරන්න. නමුත් භාවිතා කරන්නට ඔබ වේලාවක් දුන්නේ නැහැ. මේ නිසා තමයි ඔබ එන්න එන්නම මහත් වුනේ. දැන් මොකද කරන්නේ. අපි ඒ මේදයට නැවතත් කැලරි බවට පත්වන්නට ඉඩ සලසා දිය යුතුයි. මේ නිසා මුලින්ම අපි බඩගින්න හදුනා ගත යුතුයි. මොකක්ද බඩගින්න කියන්නේ. ඔබට හිසේ කැක්කුමක් ඇතිවන්නේ ඇයි. මොලයේ වේදනා සංවේදක නියුරෝන නැහැ. නමුත් මොලයට පිටින් ඇති ධමණි බිත්ති වලට වේදනා සංවේදක නියුරෝන තියෙනවා. මෙම ධමනි ඇතුලත පීඩණය වැඩි වෙනකොට අර නියුරෝන උත්තේජනය වෙනවා. ඉතිං අපිට වේදනාවක් දැනෙනවා. අපි කල යුතු වන්නේ අර ධමණි ඇතුලත පීඩණය අඩු කරන්නට අවශ්‍ය ප්‍රතිකාරය සිදු කිරීමයි. (අධි රුධිර පීඩණය ගැන ලියා ඇති ලිපිය කියවා බලා මේ ගැනද තේරුම් ගන්න) මොළය අප සමග කතා කරන භාෂාව වේදනාවයි. අපගේ කාටිලේජ දුර්වල වෙනකොට, සම්බන්ධක පටක දුර්වල වෙනකොට දනහිසේ වේදනාව හටගන්නවා, බඩේ අජීරණයක් ඇතිවෙනකොට බඩ රිදෙනවා. බඩ හිස්වෙන කොට බඩගිනි වෙනවා කියලා හිතන එක තමයි ප්‍රශ්නේ. බඩ හිස්වෙනකොට බඩගිනි වෙනවා නම් රාත්‍රී 8 ට ආහාරගෙන නැවත උදේ ආහාර ගන්නා තුරු පැය 12 ක් නිරාහාරව සිටියාට අපිට බඩගිනි වෙන්නේ නැහැ. නමුත් දවල්ට ඉන්න බෑ බඩගිනීයි. මෙන්න මේ ගින්න අපිට දෙන්නෙත් මොළයෙන්මයි. අපගේ ශරීරයට පෝෂනය අවශ්‍ය වන විට ඒවා අපි පිටතින් ලබා දිය යුතුයි. නමුත් ශක්තිය අවශ්‍ය නම් මේදය ග්ලූකෝස් බවට පෙරලීමට අපට හැකියාව තිබෙනවා. ඒත් පෝෂණය අපි ලබා දිය යුතුමයි. ඒවා නැතිව අපගේ පරිවෘතීය ක්‍රියා සිදු කරගන්නට බැරි වෙනවා. හෝමෝන නිපදවන්නට බැරි වෙනවා. මේ නිසා පෝෂණය අනිවාර්‍යයෙන් බලා දිය යුතුයි. මේ සිග්නල් එක අපට ලැබෙන්නේ ආමාශය හරහා දෙන වේදනාවකින්. ඒ තමයි බඩගින්න. මම මේකට උදාහරණයක් කියන්නම් එතකොට තේරෙයි.දැන් බලන්න උදේට පාන් පිටි වලින් හදපු රොටී දෙකක් විතර කන්න පුලුවන්නේ. පාන් ගෙඩියක් හරි කන්න පුලුවන්නේ. නමුත් කුරක්කං වලින් හදපු තලප පුංචි ගුලි දෙකක් කන්නත් බැහැනේ. ඇයි ඒ? මොළය බලාපොරොත්තු වන පෝෂණය ලැබුන පසු ආමාශයේ වේදනාව නවත්වලා දානවා. ඉතිං අපිට ආහාර ගැනීම නවත්වන්න වෙනවා. නමුත් පාන් වැනි දෙයක් කුසට දාන කොට ඒ සමග මොනවා හරි පෝෂණයක් ලැබෙිවි යැයි අපගේ මොළය බලා පොරොත්තු වෙනවා. ඒත් ආමාශ්‍ය පිරෙනවා විතරයි. ඉතිං ආමාශයේ ඉඩනැති වන නිසා වේදනාව නවත්වනවා. දැන් සිතා බලන්න කුරහං තලප කාලා කොපමන වේලාවක් ඉන්න පුලුවන්ද? පානං දෙසාබාල කොපමණ වේලාවක් බඩගිනි නැතිව ඉන්න පුලුවන්ද කියලා. මම හිතන්නේ ඔබට තේරුනා දැන්. පෝෂණය වැඩි ආහාරයක් ගන්නා විට ඉක්මණින් බඩ පිරෙනවා. ඒ කියන්නේ අපේ ආමාශය බලාපොරොත්තු වන්නේ පෝෂණයයි. කැලරි ගොඩක් නොවෙයි.

මේ අනුව අපි කල යුතු වන්නේ කුමක්ද මේ ස්ථූලතාවයෙන් වැලකෙන්නට. හරිම සරලයි අපි දෛනිකව ලබාගත යුතු වන පෝෂ්‍ය කොටස් 90 ක් තිබෙනවා. මේවා අපිට අපගේ සිරුර තුල නිශ්පාදනය කරන්නට බැහැ. මෙන්න මේ පෝෂ්‍ය කොටස් 90 මාස තුනක් අපගේ සිරුරට ලබා දුන්නහොත් අපිට හැකි වෙනවා. තැන්පත් මේදය නැවත භාවිතා කරන්නට. ඒ වගේම කුසගින්න අඩු වෙනවා. ඒ සදහා වෙනම බෙහෙත් වර්ග බොන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ස්වභාවිකවම ස්ථූලතාව අඩු වෙලා යනවා.

නමුත් ගැටලුවක් තියෙනවා. අපි මේ පෝෂ්‍ය කොටස් ස්වභාවික මාද්‍ය වලින් ලබා දිය යුතුයි. ඉතිං ඒවා තියෙන ආහාර ගත යුතු වෙනවා. ඒත් මේ තරම් පෝෂ්‍ය කොටස් තොගයක් ගන්නට නැවතත් ආහාර වැඩියෙන් ගන්නට වෙනවා නේද? අනෙක් කාරණය මෙම පෝෂ්‍ය කොටස් එම ආහාර වල තිබේ කියා අපිට සිතිය හැකිද? මෙම පෝෂ්‍ය කොටස් වලින් තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක් පසෙන් අපගේ ආහාර හරහා ලැබිය යුතු වන මිනරල් වර්ගයි. මිනරල් වර්ග 60ක් අපි දෛනිකව අපගේ සිරුරට ලබා දිය යුතු වෙනවා. ඒ වගේම විටමින් වර්ග 16ක් ඇමයිනෝ අම්ල වර්ග 12ක් සහ මේද අම්ල වර්ග 2ක් අපි දෛනිකව අපේ සිරුරට ලබා දිය යුතු වෙනවා. මේ සියල්ලේම බර ග්රෑම් 15 ක් විතර වෙන්නේ. කැලරි ගාන බින්දුවයි. අපිට හැකියි මේ පෝෂ්‍ය කොටස් ස්වභාවික පෝෂණ අතිරේක මගින් ලබා දෙන්න. නමුත් මේවා මෙඩිකල් නියුට්‍රිෂන් විය යුතුයි. එසේ ලබා දුන් පසු දෛනික ආහාර වේලට එළවලු ටිකක්, බිත්තර දෙකක් විතර, පලතුරු ටිකක් ගත්තත් ඇති. මොකද පෝෂණය ලබා දී අවසන්. නියම පෝෂණය ලබාදීම තුලින් පරිවෘතිය ක්‍රියා සමතුලිත වීම,  හෝමෝන සමතුලිතවීම, සුවදායක නින්දක් ලබාදීම වැනි කරුණුද නිරායාසයෙන්ම ඔබට ලැබෙනු ඇත. ඔබගේ සම පැහැපත් වීම, ආහාර ජීරණය ක්‍රමයත්වීම, ප්‍රතිශක්තිය වර්ධනය වීම වැනි ප්‍රතිලාභද මෙම ක්‍රමවේදය මගින් ලැබෙනු ඇත.

මෙම පෝෂණ වැඩසටහන ඇරඹීමට ප්‍රථම අපිට සිදුකල හැකි පරීක්ෂණයක් තියෙනවා. ඒ තමයි බයෝ රෙසොනන්ස් පරීක්ෂණය. මෙම පරීක්ෂණය මගින් හැකියි ඔබගේ පෝෂණ මට්ටම, හෝමෝන මට්ටම, ඔබ යම් රෝගයකින් පෙලෙනවාද යන්න, ප්‍රතිශක්ති මට්ටම, පරපෝෂිතයින්ගේ යම් ආක්‍රමණයක් ඇතිද යන්න වැනි කාරණා පැය එකහමාරක් පමණ කාලයක් ඇතුලත සොයාගන්නට. මේ නිසා පහත අංකයකට කතා කරලා වේලාවක් වෙන්කරගෙන මෙම පරීක්ෂණය සිදුකරගන්න.

මේ ආකාරයට බයෝ රෙසොනන්ස් පරීක්ෂාවස් සිදුකොට ස්ථූලතාව මර්ධනයට දින 90ක වැඩසටහනක් අප ආයතනය විසින් හදුන්වා දී තිබෙනවා. ඔබටත් හැකියි මේ ගැන කරුණු දැන ගන්න. අමතන්න පහත දැක්වෙන අංකයකින් අපව.

සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්බටකැත්තර පිලියන්දල0707902220 / 0713503450 / 0112603707

බයෝ රෙසොනන්ස් පරීක්ෂණයට භාජනය වීමට අවශ්‍ය නම් පහත දැක්වෙන පෝරමය පුරවා අප වෙත ලැබෙන්නට සලස්වන්න.

https://forms.gle/WhYeH3LcsGjKCH7y6

මෙත් සිතිනි,

පෝෂණ වේදීනයන තේනුවර.

පිත්තාශයේ ගල් සහ කොලෙස්ටරෝල් අතර සම්බන්ධය

මාරාන්තික විටමින් B දැනගෙන භාවිතා කරමු.