ඇත්තටම මේක දිග කතාවක්. කෙටියෙන් කියන එක හොදත් නැහැ. ඒත් මම මේ ගැන දීර්ඝ ලිපියක් ඉදිරියේදී ගෙන එන්නම්. හෙට පාන්දර යන්න තියෙන නිසා සම්පූර්ණ විස්තරයක් කරන්න අමාරුයි. මම කෙටියෙන් මේ ගැන දක්වන්නම්. ගොඩක් ප්‍රශ්න තියෙයි.අපි ඉරිදා ඒවා කතා කරමු.
ඇත්තටම මේ ප්රශ්නය ඇති වෙන්නේ ඉනිසියුලින් නිසා. අග්න්‍යාෂය කියන ග්‍රන්ථිය උත්තේජනය වන්නේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි උනාමයි. දිය වැඩියා රෝගියෙකුගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි බව අපි කවුරුත් දන්නා සත්ය්යක්. මෙයට අනුරෑපව අග්න්යෘෂය නිරන්තරයෙන් ඉන්සියුලින් නිපදවනවා. රුධිරයේ ඉන්සියුලින් වැඩි වුනාම ඊට සමානුපාතිකව ග්ලූකෝස් වැඩි වෙන්න ඕනි. මේ නිසා බඩ ගිනි වෙනවා. මේක නිරන්තරයෙන් සිදුවෙන ක්‍රියාවලියක්. මේ නිසා අග්ණ්යාෂය වෙහෙසකර වෙනවා. සමහර අයගේ මෙම තත්වය පාලනය කරගන්නත් අපහසු වෙනවා.
අපි මේ තත්වය පාලනය කරගන්නේ කෙසේද? මෙන්න මේකට තමයි පිලිතුරු නැත්තේ. අපි ඒකත් ටිකක් විතර කෙටියෙන් කතා කරමු.
ඉන්සියුලින් වලින් කරන්නේ දේහ සෛල ඇතුලට ග්ලූකෝස් ඇතුල් කරගැනීමට අවශ්‍ය දොරටුවක් විවර කරදීමයි. ඉන්සියුලින් හරිියට යතුරක් වගේ. දොරටුවක් විවර කරලා දෙනවා. එතනින් එයාගේ වැඩේ ඉවරයි. දැන් තියෙන්නේ ග්ලූකෝස් වලට ඇතුල් වෙනඑක. දියවැඩියා රෝගීන්ගේ අවාසනාවට මේ දොර ඇරෙන්නේ නැහැ. හේතුව ගැන කිසිම සදහනක් නැහැ. ඒත් දොර ඇරෙන්නේ නැති බව සොයාගෙන තියෙනවා. මේකට අපි දෙවන වර්ගයේ දියවැඩියාව කියලා කියනවා. මෙන්න මේ දොර නොඇරෙන්න හේතු කිහිපයක් තියෙනවා.ඒ හේතු ටික නැති කලා නම් දෙවැනි වර්ගයේ් දියවැඩියාව සුව කරගන්න පුලුවන්.
මොනවද මේ හේතු.
- ග්ලූකෝස් ඇතුලට අරං නිකං නිදහසේ තියන්න බැහැ. මේ නිසා ග්ලූකෝස් අනු එකට එකට බැදලා තියෙන්නේ. අපි ඒවට කියනවා ග්ලයිකොජන් කියලා. ග්ලූකෝස් අණු එකට එක බැදලා තියෙන්නේ පොටෑසියම් වලින්. අපි සිරුරට ගත යුතු අත්‍යවශ්‍ය ඛණිජලවන වලින් වැඩියෙන්ම ආහාර සමග ගන්නට අවශ්‍ය ඛණිජ ලවනය තමයි පොටෑසියම්. මිලිග්‍රෑම් 4500 ක්විතර ගන්නඕනි. මෙයින් වැඩි හරියක් භාවිතා කරන්නේ මේ ග්ලයිකෝජන් හදන්න. වෙනත් කාරණාවලටත් භාවිතා කරනවා. ඒවා පසුවකතා කරමු.
- අර ඉනිසියුලින් වලින් යතුර දැම්මට මොකද ඇතුලෙන් මේ දොර අරින්න ඕනි.ඇත්තටම ඉන්සියුලින් වලින් කරන්නේ හරියට බෙල් එකේ ස්විච් එක ඔබනවා වගේ වැඩක්. යම් විදිහකට මේ බෙල්එක සම්බන්ධ කරලා තියෙන වයර් කැඩිලා තිබුනොත් ඒත් මේ දොවරල් ඇරෙන්නේ නැහැනේ. මෙතනත් ඒ වගේ දෙයක් වෙනවා. ස්විච් එක එබුවට ඒ සිග්නල් එක න්‍යෂ්ටියට යන්න ඕනි. නැවත න්යෂ්ඨයෙන් අදාල සිග්නල් එක දෙන්න ඕනි දොර අරින්න. මේන්න මේ ක්‍රියාව සිදු කරන තවත් ඛණිජ ළවන දෙකක් තියෙනවා. ඒවා තමයි ක්‍රෝමියම් සහ වැනේඩියම්. මේ මිනරල් වර්ග දෙක ඉතාමත් කුඩා ප්‍රමාණයක් තමයි දෛනිකව අපි ගන්නට අවශ්‍ය වෙන්නේ. ඒත් මෙම ඛණිජ ලවන දෙක අපිට ලැබෙන්නේ ටිකක් අඩුවෙන්. මේ නිසා ඉන්සියුලින් තිබුනත් දොරවල් ඇර ගන්නට බැරිවීම නිසා ග්ලූකෝස් නැවතත් රුධිරයට යන්නට වෙනවා. ඒක තමයි රුධිර ගත ග්ලූකෝස් වැඩිවෙන්නට හේතුව.
මෙසේ නැවත රුධිරයේ ග්ලූකෝස් වැඩි වෙන නිසා ඉන්සියුලින් නැවතත් නිපදවනවා. මේ නිසා නැවත නැවත බඩගිනි වෙනවා. මතක තබා ගන්න බඩගින්න කියන්නේ අපගේ මොලයෙන් අපිට දෙන සංඥාවක්. මොලය මේ මිනරල් වර්ග ටිකයි ඉල්නන්නේ. අපිට තේරෙන්නේ වෙන දෙයක්. අපි පාංපිටි ගොඩක් දාල කුස පුරවනවා. අපි පවු කියලා හිතේන්නේ නැද්ද? මොළයේ භාෂාව තේරෙන්නේ නැතිවීමයි මේ රෝග බොහොමයකට මුල. තිරිසං සතුන්ට අපිට වඩා මොලේ තියෙනවා. උන් වේදනාවක් එනකොටම කුප්පමේණියා මුලක් හරි කාල අදාල බෙහෙත සොයා ගන්නවා. අපිට එහෙම බෑනේ නේද?
දැන් අපි කරන්නට ඕනි මොනවද? පොටෑසියම්, ක්‍රෝමියම්, වැනේඩියම් කියන මිනරල් වර්ග තුන අපගේ ආහාර වලට එක් කර ගැනීමයි. එවිට මේ දියවැඩියා ගැටලුව විසදෙනවා. අපි සිංගප්පූරුවේ මේ සදහා භාවිතා කරන සප්ලිමන්ට් වර්ග කිහිපයක් තියෙනවා. ඒවා ගත්තම මේ තත්වය මග හැරෙනවා. නිකරුනේ සැමවිටම බඩගිනි වෙන්නේ නැහැ.
බයෝ රෙසොනන්ස් තාක්ෂණය මගින් මේ සංසිද්ධිය අපිට ඉතාමත් හොදින් බලාගන්න පුලුවන්. දියවැඩියා රෝගියෙක්ගේ හෘදයවස්තුවේ ඇති ලේ වල මෙම මිනරල් ටික බැලුවොත් පේනවා මේවා අඩුයි කියලා. ඉතිං ඒවා දුන්නම මේ තත්වය නැති වෙනවා. හරිම සරලයි.
කතාව තේරුනේ නැතිනම් සමා වෙන්න ඕනි. ඉක්මනට කෙටියෙන් ලිව්වේ..පසුව දීර්ඝ වශයෙන් ලියන්නම්.
මෙත් සිතිනි…!!