අපේ සහෝදරියක් හොද මාතෘකාවක් ගෙන ආවා. මමත් ඒකට දුන් සහ දෙන්නට යන පිලිතුරු මෙහි සටහන් කරන්නට හිතුවා. ඇගේ මාතෘකාව වූයේ මේ කාලයට ඉතාමත් වැදග් වන Law of Attraction – ආකර්ෂණ නීතිය යන්නයි. ඇය එම මාතෘකාව සෑහෙන මට්ටමකට විග්රහ කර තිබුනා මට හිතුනා මටත් යම්දෙයක් එක් කල හැකියි කියලා. ඉතිං වෙලාව තියෙන විදිහට සහ සාකච්ඡාව යන විදිහට අදාල කමෙන්ටස් ටික මෙතන දාන්නම්.
පලමු කමෙන්ට් එක.
මේ මහා විශ්වයම එක කාලයකදි අළු දූවිලි වෙලා නැතිවෙලා යනවා. ඒක සප්ත සුරිායාද්ගමන සූත්‍රයේ පැහැදිලිව දැක්වෙනවා. මේ සූත්‍රය දේශනා කරලා බුදුන් වහන්සේ කියනවා ආනන්ද හාමුදරුවන්ට ආනන්ද මම මෙහෙම කිව්වට මිනිස්සු මේක පිලිගන්නේ නැහැ කියලා. ඒ සූත්‍රය දේශනා කරලා අවසන් වෙලා එලියට වඩින විටත් ඒ ශාලාව ඇතුලේ කසුකුසුව තිබිලා තියෙනවා. බුදුන් වහන්සේ නැවත වැඩියාලු ශාලාවට. ඇවිල්ලා ආපසු හිදගෙන මෙහෙම කිව්වලු. දැන් ඔබලාට ඇතිවූ කුකුස පවසන්න කියලා. අර භික්ෂූන් වහන්සේලා විමසා සිටියාලු, බුදුන් වහන්ස ඔබවහන්සේ මෙසේ මුළුවිශ්වයම ගිණිගෙන විනාශවෙලා යනවා දැකලා තියෙනවාද නැත්නම් වෙන කෙනෙක් කියපු දෙයක්ද? කියලා. බුුදුන් වහන්සේ දේශනා කලාලු. මමත් දැකලා තියෙනවා. මට අකනිටා බඹ ලොව සිටින භ්රහ්මයනුත් මෙසේ පවසලා තියෙනවා ඔවුන්ද මේ දේ දුටුවා කියලා. මේ බුදුන් ජීවමානව ඉන්න කාලයේ. දැන් කාලය ගැන කවර කතාද? ඒ නිසා මේ කතාවලට එන ප්‍රතිරෝධය ගැන මම කණගාටු නොවෙමි.
මට මෙතන වැදගත් වන්නේ වෙන කාරනයක්. මෙසේ විනාශ වෙලා යන විශ්වය නැවත සැදෙන්න කල්පයක් කල් ගත වෙනවලු. කල්පය කියන එකට කාලයක් කියන්න බැහැ. ඒක ඉතාමත් දීර්ඝ කාලයක්. මේ කාලය තුල සියළුම සත්වයන් සිටින්නේ ආබස්සර බ්‍රහ්මයන් විදිහට. ආබස්සර බ්‍රහ්මයන්ට ආහාරය ප්‍රීතියයි කියලා දේශනාවේ තියෙනවා. ස්වයං ප්රභාශ්වරයකි කියලා දැක්වෙනවා. මොකද විශ්වයම ගිණිගෙන දැවිලා ගියහම ඉර හද මේ සියල්ල නැති වෙලා යනවා. තවත් කාරණාවක්. අපි අද දන්නවා අටවිසි බුදු වරුන් වහන්සේලා පිටදුන් බෝධීන් වහන්සේලා ගැන. ඇසතුගස, සල් ගස, අට්ටික්කා ගස උණ ගස, නුග ගස වගේ ගස් වර්ග ගණනාවක් උන්වහන්සේලා තමන් වහන්සේ පිටදුන් බෝධිය ලෙසට දක්වලා තියෙනවා. සප්ත සුරියෝද්ගමන සූත්‍රයට අනුව සියළුම දේ අළු දූවිලි වෙලා ගියාට පස්සේ නැවත සකස් වෙච්ච මේ මහ පොලොවේ එදා උන්වහන්සේලා පිටදුන් ඒ බෝදීන් වහන්සේලා සියල්ලම අදත් එසේම වැඩ ඉන්නවා.ඒ කෙසේද? තම නුවණින් විමසා බලන්න.
අර පෙර කී ආබස්සර බ්‍රහ්මයන් වන අපි සියලුම දෙනා තුල එකම සංකාරයක් වැඩෙන්නට පටන් ගන්නවා. මගේ ලොකය,,,, මගේ රට,,,, මගේ ඉඩම,.. මගේ ගහ…. මේ විදිහට සිතෙන් අර තමන් අල්ලං හිටිය සංකාර වඩන්නට පටන් ගන්නවා. මෙසේ වැඩෙන සංකාර නිසා චිත්තජ රෑප නිර්මානය වෙනවා. ඒ කියන්නේ සිතෙන් ජනිත වන රෑප. මෙන්න මේ රෑප අන්ත සංක්‍යාවක් එකතු වෙලා නැවත ලෝකය නිර්මානය වෙනවා. මේ ගැන අග්ගඥ්ඥ සූත්‍රයේ සදහන් වෙනවා. දැන් අර ආබස්සර ලෝකයේ බ්‍රහ්මයන්ට නැවතත් මේ ලෝකය නිර්මානය වෙලා තියෙන්නේ. තමන් විසින්ම තමනගේ ලෝකය නිර්මානය කලා.
මේතරම් විශාල දෙයක් සිතෙන් කල හැකියි කියලා ඔබ කවදාවත් හිතලා තියෙනවාද? මම හිතන්නේ නැතිව ඇති. ඒත් අපි තමයි ඒක කලේ. අපි ඒක වෙනත් කෙනෙකුට බාර කලාට ඒක අපේ සිතේ නිර්මානයක්. මේ නිසා අපි මේ ලිපියේ කතා කරන දේවල් ඉතාමත් සුළු දේවල්. අපි දැඩි ශක්තියක් සහිතව යම් දෙයක් ප්‍රාර්ථනා කරනවා නම් ඒ දේ ලැබෙන එක ධර්මතාවයක්.
මෙ මහා පෘතුවිය සිතෙන් නිර්මාණය කරන්නට හැකිනම් තමනගේ ව්‍යාපාරයට පාරිභෝගිකයන් පිරිසක් හදාගන්න එක මහ දෙයක්ද? අවශ්‍ය වන්නේ තම මානසිකත්වය හදා ගන්න එකයි. තමන්ගේ විභාගය පාස් වෙන එක මහ ලොකු දෙයක්ද? නැහැ. මේ සියලුම දේ චිත්ත ශක්තියට යටයි. අපි ඒ ගැන වැඩි තැකීමක් නැති නිසා අපිට එය පාවිච්චි කරන්නට බැරිවෙලයි තියෙන්නේ.
තව මේ ගැන කතා කරමු.
මෙත් සිතිනි…!!