තෛරොක්සින් සහ තයිරොයිඩ්


තෛරොයිඩ් ග්‍රන්ථියේ නිරෝගී තාවය

තෛරොයිඩ් ග්‍රන්ථියේ නිරෝගී තාවය ගැන කතා කරන විට දැන් දැන් වැඩි දෙනෙකුට ඇති සෞඛ්‍ය ගැටළුවක් වී ඇත. ඇමෙරිකාවේ FDA ආයතනය විසින් මුළු ලෝකයේම ඇති බටහිර ඖෂධ පාලනය කරන අතර මෙම ආයතන විසින් එකඟ වූ එක්යහපත් කාරණාවක් ඇත. ඒ තෛරොක්සින් ග්‍රන්ථිය ඉදිමීමේ සෞඛ්‍ය ගැටළුවට නැතිනම් ගළගණ්ඩයට ප්‍රධානම හේතුව ලෙස අයඩීන් ඌණතාවය හඳුනාගෙන ලුණු වලට අයඩීන් එක් කිරීමට යොජනා කිරීමයි. මෙවැනි තවත් ඛණිජ ලවන වර්ග 59 ක් අපගේ සිරුරට අවශ්‍ය වන අතර මේ සියළු ඛණිජ ලවන ඌණ වීම නිසා මොනයම් හෝ රෝගයක් හටගන්නා බව සමහර විට ඔබ නොදන්නවා විය හැකියි. කෙසේ වෙතත් FDA ආයතනය අයඩීන් ඌණතාවය තෛරොයිඩ් ලෙඩ කරවන බව පිලිගැනීම අගේ කල යුතුය.
තෛරොයිඩ් ග්‍රන්ථියෙන් ශ්‍රාවය කරන හොමෝන වර්ග දෙකකි.ඒවා T3 සහ T4 ලෙස හඳුන්වයි. මෙම හෝමෝන කෙ අඩු වීම හයිපොතයිරොයිඩ් ලෙස හදුන්වයි. නැතිනම් ක්‍රියාකාරීත්වය දුර්වල වූ තෛරොයිඩ් ග්‍රන්ථීයක් ඇති අයෙකි. මෙම හෝමෝන අඩු වීම සේම සමහර අයගේ මෙම හෝමෝනය වැඩි වේ. එවිට හයිපර් තෛරොයිඩිසම් ලෙස හදුන්වයි. මෙම හෝමෝන ශ්‍රාවයට වග කියන තවත් එක් හෝමෝනයක් ඇත. ඒ TSH ( Thyroid stimulating hormone) මෙම හෝමෝනය තෛරොයිඩ් ග්‍රන්ථිය අවශ්‍ය විටදී උද්ධීපනය කිරීම පමණක් සිදු කරයි. T3 සහ T4 හොමෝන දෙක තෛරොක්සින් වලින් සිදු කරන කාර්‍යයන් සිදු කරයි.  TSH හෝමෝනය වැඩි වන විට තෛරොක්සින් හෝමෝනය අඩුවේ. මේ අනුව TSH හෝමෝනය තෛරොක්සින් නිපදවීම වලක්වාගෙන සිටින බව අපට සිතාගත හැකියි. නමුත් යම් ලෙසකට TSH හෝමෝනය නිපදවීම අඩාල වුවහොත් කුමක් සිදුවිය හැකිද? එවිට තෛරොයිඩ් ග්‍රන්ථිය අසාමාන්‍ය ලෙසට ක්‍රියා කිරීමට පටන් ගනී. මේ නිසා TSH මට්ටම නිතරම සාමාන්‍ය මට්ටමක පැවතිය යුතුය. ඒත් අපගේ සිරුරට තෛරොක්සින් අවශ්‍ය වන විට TSH නිපදවීම අඩු කිරීමට අපගේ පිටියුටරි ග්‍රන්ථිය වග බලා ගනී. ඒ අනුව තෛරොක්සින් නිශ්පාදනය වැඩි කර රුධිරටය එක් කිරීමට තෛරොයිඩ් ග්‍රන්ථිය වගබලා ගනී. 
අපගේ සිරුරේ සියළුම සෛල වල තෛරොක්සින් රිසෙප්ටර් එකක් ඇත. මෙමගින් පෙනී යන්නේ අප සිරුරේ සියළු සෛල වලට මෙම හෝමෝනය අවශ්‍ය බවයි. යම් විදිහකින් මෙම හෝමෝනය අඩු හෝවැඩි වීම නිසා එය මුළු සිරුරටම දැනෙන බව මෙම රෝගය ඇති අය දනී.
යම් කෙනෙකුගේ මෙම හෝමෝන අඩු වීමක් දුටු විට වෛද්‍ය වරුන් විසින් මේ සඳහා කෘත්‍රීම තෛරොක්සින් හෝමෝන නිර්දේශ කරයි. බොහෝ විට මෙම හෝමෝන T4 ට සමාන හෝමෝනයකි. අපගේ තෛරොයිඩ් ග්‍රන්ථීය හෝමෝන දෙකක් නිපදවූ නමුත් දැන් අපට ලැබෙන්නේ එක් හෝමෝනයකි. ඒ T4 හෝමෝනය වේ. දැන් අපිට T3 නැතිව මේ ගමන යන්නට වෙලා. නමුත් මෙම හෝමෝනයේ එක් විශේෂත්වයක් ඇත. එනම් T4හෝමෝනයට T3 බවට පත් විය හැකිය. එහෙත් මේ ක්‍රියාවලියට සෙලේනියම් නැමති ඛණිජ ලවනය අවශ්‍ය වේ. ( Selenium Foods ) Se සෙලෙනියම් සහිත ආහාර ගැන හොදට සොයා බලා තේරුම් ගන්න. දැන් ඔබට කරන්නට ඇත්තේ ඔබ තෛරොක්සින් හොමෝන පිටතින් ගන්නවා නම් ආහාර වේලට සෙලේනියම් සහිත ආහාර එක් කර ගැනීම පමණක් නොවේද? ඔබ එසේ කරන්නේ නම් ඔබ තෛරොක්සින් නිපදවන තෛරොයිඩ් ග්‍රන්ථීය ඉවත් කල අයෙක් වුවත් යම් සහනයක් දැනේවි.
තෛරොක්සින් වෙනස් වීම නිසා හටගන්නා සංකූලතා ගැන ටිකක් සලකා බලමු. තෛරොක්සින් අඩු කෙනෙකුට සාමාන්‍යයෙන් පහත දැක්වෙන ලක්ෂණ ඇතිවේ.

ශරීර ශක්තිය අඩුයි.
සම වේලෙන්නට බලයි.
කොණ්ඩය ගැලවී යයි.
සීතල වැඩි ගතියක් දැනේ.
ස්ථූලතාවය ඉතා ශීඝ්‍රයෙන් ඇතිවේ.
ඔසිටියෝ පොරෝසිස් තත්ව ඇතිවේ.

ඔබට මෙම තත්වයන් ඇත්නම් ඒ කියන්නේ බොහෝ විට තෛරොක්සින් අඩු වීමක් ඇත. හයිපෝතෛරොක්සින් තත්වයක් මෙලෙස හදුනා ගත හැකිය. එසේම මෙවැනි අයට තෛරොක්සින් පිටතින් ගැනීමට සිදු වෙන අතර පහත දැක්වෙන ආහාර වලින් වැලකී සිටිය යුුතුය. මක් නිසාද මෙම ආහාර තෛරොක්සින් නිපදවීම අඩාල කරන නිසාය. හයිපෝතෛරොයිඩ් තත්ව ඇති අය තෛරොයිඩ් ග්‍රන්ථියේ නිරෝගී තාවය උදෙසා මෙම ආහාර වලින් වලකින්න. 

බ්‍රොකලි ( මල්ගෝවා කොළපාට එක)
ගෝව
කෝලිෆ්ලවර් ( සුදු පාට මල් ගෝවා )
වම්බටු
නෝකෝල්

මේවා ආහාරයට ගන්නට එපා. ‍
තෛරොක්සින් වැඩි අය ගේ ශරීරයේ මෙවැනි ලක්ෂණ දැක්ය හැකිය.

අන් අයට වඩා ක්‍රියාශීලිත්වය වැඩි වීම.
බෙල්ලෙ ඉදිමුම.
ශරීරයේ උෂ්ණත්වය ඉහල යෑම.
උෂ්ණත්වය දරාගත නොහැකි වීම.
ශරීරයේ බර අඩුවීම.

මෙවැනි ලක්ෂණ ඇති අය තෛරොයිඩ් ග්‍රන්ථියේ නිරෝගී තාවය උදෙසා ඉහත දැක්වූ ආහාර ගැනීම සුදුසුය. එමගින් තෛරොක්සින් නිපදවීම අඩාල කරන නිසාය.
තෛරොක්සින් නිපදවීමට අවශ්‍ය පෝෂ්‍ය කොටස්.

අයඩින්.
සෙලේනියම්.
කොපර්.
ටයිරොසින් ඇමයිනෝ අම්ලය.

මෙම පෝෂ්‍ය කොටස් සහිත ආහාර දිනපතා ගැනීම හෝ අදාල පෝෂ්‍ය කොටස් ඇති සප්ලිමන්ට් භාවිතා කල යුතුය.

ජායා රූපය https://naturalchiropractic.com/ වෙබ් අඩවියෙන් උපුටාගන්නා ලදී.

බෙල්ලේ පිහිටීම තෛරොයිඩ් ග්‍රන්ථිය නිසිලෙස ක්‍රියා නොකිරීමට හේතුවක් වේ. සමහර අයගේ බෙල්ලේ කෂේරුකාවේ සාමාන්‍යයෙන් තිබිය යුතු ඉදිරියට නෙරා ගිය නැම්ම නැත. ඒ වෙනුවට ඇත්තේ කෙලින් පිහිටි කශේරුවකි. මෙම කශේරුව සහිත අයගේ බෙල්ලට Military Neck (හමුදා බෙල්ල) යැයි පවසන අතර මෙම බෙල්ල කෙලින් පවතී. මෙම පිහිටීම තෛරොයිඩ් ග්‍රන්ථියේ නිරෝගී තාවය පවත්වා ගැනීමට බාධාවක් වේ. එසේ තිබෙන විට සිදුවන්නේ ශුෂුම්නාවෙන් එලියට නිකුත් වෙන ස්නායු තෙරපීම නිසා තෛරොයිඩ් ග්‍රන්ථිය නිසිලෙස ක්‍රියාත්මක නොවීමයි.මේ ජායාරූපයේ ඇති එක්ස්රේ සටහන් දෙකේ මෙම දෙයාකාරය පැහැදිලිව ඇත. ඔබටද ඔබගේ බෙල්ලේ එක්ස්රේ එකක් ගෙන මෙම තත්වය ඇත්දැයි සොයා බැලිය හැකිය. මෙම තත්වය තීව්ර වන තවත් ඒක ක්‍රියාවක් වන්නේ බෙල්ල පහත් කරගෙන් පැය ගණන් ෆෝන් එකේ ඉන්න එකයි. මේ අවස්ථාවේදී ස්නායු තෙරපීම සහ පඨක අනවශ්‍ය ඇදීමකට ලක්වේ. මේ නිසාද තෛරොයිඩ් ක්‍රියා කාරීත්වය වෙනස් වේ.

කශේරුකාවේ බෙල්ල ප්‍රදේශය කෙලින් ඇත් නම් රාත්‍රියට බෙල්ලට යටින් කොට්ටයක් තබා නිදා ගැනීම සුුදුසුය.

එසේම අපි පිටියුටරි ග්‍රන්ථිය සහ හයිපෝතැලමසද හොදින් තබා ගත යුතුය. මේ සදහා චීස් බටර් වැනි ආහාරද ඔමේගා 3,6,9 සහිත ආහාරද ගත යුතුය. එසේම පහත ඇති ආහාර ගැනීමෙන් වැලකී සිටිය යුතුය,

පාන් පිටි ආශ්‍රිත කෑම වර්ග.ගැඹුරුතෙලේ බදින ලද ආහාර.කාබනේටඩ් බීම වර්ග.බාබකියු වැනි ආහාර – ගින්දර කෙලින්ම වදින සේ පිසින සියළුම ආහාර.සොසේජස් සහ නයිට්රේට් අඩංගු කෘතිම මස් වර්ග.

හයිපෝ තෛරොයිඩ් තත්වය ඇති අයට ඉහත දැක්වූ ගෝවා සහ ඒ ආශ්‍රිත ආහාර නතර කල යුතු වන අතර. හයිපර් තෛරොයිඩිස්ම් ඇති අයට එම ආහාර ගත හැකිය.

මා ඉහතදැක්වූ රොග ලක්ෂණ ඇත් නම් පහත ඇති පරීක්ෂණය සිදු කර වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

Thyroid Profile

Free T 3Free T4TSH

මෙම සෞඛ්‍ය තත්වය පරීක්ෂා කිරීම සදහා TSH පමණක් පරීක්ෂා කිරීම නිශ්පල ක්‍රියාවකි. TSH යනු තෛරොයිඩ් ග්‍රන්ථියේ නිපදවන හෝමෝනයක් නොවන අතර එය පිටියුටරි ග්‍රන්ථියේ නිපදවන හෝමෝනයක් වේ. නමුත් මෙම හෝමෝනය තෛරොයිඩ් ග්‍රන්ථිය උත්තේජනය කිරීම සදහා අවශය වේ.

මෙම පරීක්ෂාවන් කරගැනීමෙන් පසු අදාල රෝග ලක්ෂන කලමනාකරනය කරගන්නට බටහිර ඔසු ගත්තද නිට්ටාවට සුව කර ගැනීමට හෙළ වෙදකම තොරාගැනීම සුදුසය.

ඔබගේ තෛරොයිඩ් ග්‍රන්ථීය පරීක්ෂා කරගැනීමට සුදුසුම ක්‍රමයක් පවසන්නම්. ඒ තමයි බයෝ රෙසොනන්ස් තාක්ෂණය. මෙම තාක්ෂණය රුසියානු විද්‍යාඥයින්ගේ සොයාගැනීමක් වන අතර දැන් දැන් ලොව පුරා මෙම පරීක්ෂණ ක්‍රමය ව්‍යාප්ත වී ඇත. ඇමෙරිකාව, ජර්මනිය, සිංගප්පූරුව වැනි රටවල මෙම තාක්ෂණය භාවිතා කරනු ලබන අතර මෙමගින් සිරුරේ ඇති සියළුම සෛල සහ පඨක ගැන නිසි අවබෝධයක් ලබා ගත හැකිය. තෛරොයිඩ් ග්‍රන්ථිය පමණක් නොව සිියළුම කොටස් වල ඇති දුර්වලතාවයන් පැය එකහමාරක් පමණ කාලයක් ඇතුලත සොයා ගත හැකි අතර රෝගයක් වැළදීමට පෙරම ඔබට එය හදුනාගැනීමට හැකියාව ලැබේ. මේ නිසා මෙම පරීක්ෂණය සිදු කරගැනීම මගින් ඔබගේ අනාගතය පවා සුරක්ෂිත වනු ඇත.

ලංකාවේ මෙම තාක්ෂණය භාවිතා කරන ස්ථාන තුනක් පමණ ඇති අතර අපගේ ආයතනය පිහිටා ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේයි. පහත ලිපිනයයේ ඇති ආයතනයෙන් ඔබට මෙම පරීක්ෂණය සිදුකරගත හැකි අතර කලින් වේලාවක් වෙන් කරගත යුතුය. පහත පෝරමය පුරවා වේලාවක් වෙන්කර ගන්න. https://forms.gle/1wNVGwnwUrNiejjd8

SERENDIB HOLISTIC CENTRE

205, Sri Jinarathana MawathaBatakeththaraPiliyandala

+94 112603707 / +94 713503450 / Whatsapp 0701902220

වෙනත් ලිපි.මාරාන්තික විටමින් බීඅක්මාවේ තෙල් තැන්පත් වෙලාද?

මෙහි ඇති ඉංග්‍රීසි වචන නොතේරෙනවා නම් කරුණා කර කොමෙන්ට් කරන්න. ඒවා දන්න අය පිලිතුරු සපයයි.

මෙත් සිතිනි. !!පෝෂණ වේදීනයන තේනුවර.