වකුගඩු වල ගල් ඇතිවන්නේ ඇයි…
වකුගඩු වල ගල් නිසා වේදනා විඳින ප්‍රමාණය අති විශාලය. මෙම වේදනාව ඔබ විඳ ඇත්නම් ඔබගේ මව ඔබව බිහි කරන වේලාවේ විඳි වෙදනාව යම් තාක් දුරට තේරුම් ගැනීමට හැකි යැයි සිතමි. වකුගඩු වල ගල් හට ගත්තේ කෙසේද? සමහර අයගේ ගලක් වෙරලූ ගෙඩියක් තරම් විශාල වනතෙක් ඔවුන්ට වේදනාවක් නොදැනුනේ ඇයි? මේ ප්‍රශ්න වලට විසඳුම් පහත ඇති වීඩියෝ නැරඹීම මගින් නිරාකරනය කර ගත හැකිය. මේ ගල් මෙසේ සැදෙන්නේ ඇයි දැයි දැන ගැනීම ඉතාමත් වටිනා කාරණාවකි. මක් නිසාද යත් එය දන්නා කෙනෙක් ඔවුන්ගේ වකුගඩු වල මෙවැනි ගල් ඇතිවීම නවතා ගැනීමට අවශ්‍ය කටයුතු කරන නිසාය. වකුගඩු වල ඇතිවන ගල් වල ප්‍රධානම සංඝටකය වන්නේ කැල්සියම්ය. කැල්සියම් වලින් ගල් ඇති වේ නම් කැල්සියම් ආහාරයට එක් කර ගැනීම නොසුදුසු බව සමහර විට ඔබට වැටහෙන්නට පුලූවන. වකුගඩු වල ගල් ඇති කෙනෙකුගේ මුත්‍රා පරීක්ෂාකර බැලූව හොත් ඒ මුත්‍රා වල කැල්සියම් වැඩි බව පෙනෙන්නට ඇත. වෛද්‍ය වරයා කැල්සියම් භාවිතා කිරීම නතර කිරීමට උපදෙස් දෙන බව අප සියලූ දෙනාම දනිමු. නමුත් දැන් මෙම තත්වය වෙනස් වෙමින් පවතී. සමාජ ජාල බෙව් අඩවි හරහා මිනිසුන් වෙත යම් පනිවිඩයක් ඉතාමත් ඉක්මනින් සහ සවිස්තරාත්මකව ගෙන යැමේ ඇති හැකියාව නිසා දැනුම දැන් යම් කොටසකට සීමාවීම නතර වී ඇත. එය අප සියලූ දෙනාගේම වාසනාවක් යැයි සිතමු.
වකුගඩු වල ගල් ඇතිවීමට හේතුව ලෙස දැන් අපි අදහන්නේ ජලය ඇති තරම් පානය නොකිරීමයි. එයද එක් හේතුවක් විය හැකිය. එහෙත් ජලය හොඳින් පානය කරන අයටද මෙම රෝගී තත්වය ඇති වන බව ඔබ දන්නවා ඇත. මෙයට හේතුව ඇත්තේ අපගේ ශරීරයේ ඇතිවන අයණ වල ඌණතාවයක් නිසා බව ඔබදන්නවාද? අපගේ සිරුරේ සියළුම මාංශපේශි සංකෝචනය කරන්නට කැල්සියම් අවශ්‍ය වේ. ඒවා නැවත ඉහිල් කරන්නට මැග්නීසියම් අවශ්‍යවේ. මේ ආකාරයෙන් කැල්සියම් සහ මැග්නීසියම් නිරතුරුවම අපගේ රුධිරයේ පැවතිය යුතුවේ. යම් හෙයකින් මෙම කැල්සියම් අඩු වීමක් වුවහොත් එම කැල්සියම් මට්ටම අපගේ ගෙල ප්‍රදේශයේ ඇති තෛරොයිඩ් ග්‍රන්ථියේ ඇතුල් පැත්තේ හතර කොනේ පිහිටා ඇති පැරා තෛරොයිඩ් ග්‍රන්ථි 4 උත්තේජනය වීමට එය හේතුවක් වේ. මේ අනුව මෙම ග්‍රන්ථි මගින් පැරා තෛරොයිඩ් හෝමෝන (පැරත් හෝමෝන) නම් හෝමෝනයක් නිකුත් කරයි. එම හෝමෝනය මගින් අපගේ අස්ථි වල ඇති කැල්සියම් අයන ගලවා ගනී. මෙසේ ගලවන්නට සිදු වන්නේ අප ගන්නා ආහාර වල කැල්සියම් නොමැති නිසාය. මේ අනුව තාවකාලික විසදුමක් ලෙසට අස්ථිවලින් කැල්සියම් ලබා ගැනීමේ ක්‍රමයක් අපගේ ශරීරය අනුගමනය කරයි. ඒ නිසා නිතරම සංකෝචනය වීම් ඉහිල්වීම් සිදුවන හදවත, පෙණහලු, ධමණි වැනි ශරීර කොටස් නිසි ලෙස ක්‍රියා කරවීමට හැකිවේ. එහෙම නොවුනා නම් සිදු වන්නේ මෙම ඉන්ද්‍රියන් දුර්වල වීමයි.
මෙසේ දිගින් දිගටම සිදුවන්නට ගිය විට පැරා තෛරොයිඩ් ග්‍රන්ථි අධික ලෙසට වෙහෙසට පත්වීම හේතුවෙන් එහි පාලනය ගිලිහී යයි. එය අපගේ ශරීරයේ ඇති ඕනෑම ග්‍රන්ථියක සිදුවිය හැකි තත්වයකි. මෙසේ අධි ක්රියාකාරීත්වයක් ඇතිවීම හේතුවෙන් අවශ්‍ය ප්රමාණ්ට වඩා කැල්සියම් අයණ රුධිරයට මුදාහරින්නට පටන් ගනි. මේ අනුව වැඩි කැල්සියම් ප්‍රමාණයක් පෙරන්නටද වකුගඩු වලට සිදු වේ. මේ අවස්ථාවේදී තමයි කැල්සියම් ඔක්සලේට් සහ කැල්සියම් කාබනේට් වැනි ස්ඵඨික අපගේ වකුගඩු වල හැදෙන්නේ. මෙය දිගින් දිගටම සිදුවීම හේතුවෙන් වකුගඩු වල විශාල ගල් නිර්මානය වන අතර සමහර විට කුඩා ගල් මුත්‍ර මාර්ග ඔස්සේ පහලට ගමන්කරයි. මේ අවස්ථාවේ මුත්රනාල වල ඇතිවන සීරීම් නිසා ඇතිවන වේදනාව තමයි අපිට මහා වේදනාවක් ලෙසට දැනෙන්නේ. වකුගඩුවල ඇතුලත මේ ගල් තියෙනකම් මේ වේදනාව අපිට දැනෙන්නේ නැහැ. දැනෙනවා නම් ඒ කියන්නේ වකුගඩු ඇතුල තුවාල වීමක් නිසා වියයුතුයි.
දැන් මේ තත්වයෙන් මිදෙන්නට නම් අපගේ ආහාරවලට කැල්සියම් බහුල ආහාර එක් කර ගත යුතුවේ.එමගින් පැරා තෛරොයිඩ් ග්‍රන්ථි වල අධි ක්රියකාරීත්වය නවත්වා ගන්නට හැකිවේ. ටික කාලයක් ගත වන විට කැල්සියම් මට්ටම යතා තත්වයට පත්වේ. නමුත් මුත්‍රා ගල් ඇති අයට ලැබෙන උපදේශය වන්නේ කැල්සියම් ආහාරයට ගැනීම නවත්වන ලෙසයි. මෙසේ කිරීමෙන් සිදු වන්නේ අස්ථි වලින් සහ දත් වලින් රුධිරයට අවශ්‍ය කැල්සියම් ගලවා ගැනීමයි. මේ තත්වය දිගටම පැවතීම නිසා ඔස්ටියෝ පොරෝසිස් සහ දත් දිරායෑම සිදුවේ. මේ අනුව ඔස්ටියෝ ආතරයිටීස් තත්වයද ඇතිවේ. බලන්න වෙන දේ. අවසානයේ රෝග ගණනාවකින් පෙලෙන්නට ඔබට සිදුවෙනවා නෙද? කරන්නට ඇත්තේ කැල්සියම් ආහාරයට ගැනීමයි.
බොහෝ දෙනෙක් කැල්සියම් සප්ලිමන්ට් ගන්නට පුරුදුව සිටිනවා. ඔවුන්ටද අවවාදයක් දීම සුදුසුයි කියා සිතනවා. ඔබ ගන්නා සප්ලිමන්ට් එකේ තියෙන්නේ කැල්සියම් කාබනේට් නම් ඒවා කෘතිමව නිපදවන සප්ලිමන්ට්. ඔබ ස්වභාවිකව ශාඛ වලින් නිස්සාරණය කල කැල්සියම් සප්ලිමන්ට් ගත යුුතු වෙනවා. ඒ වගේම ස්ටෙම් සෛල නිසිලෙස පවත්වාගත යුතු වෙනවා. මේ සදහා සුදුසුම සප්ලිමන්ට් වර්ග දෙකක් කියන්නම්. Vitae Gene PPARs සහ Beyond Osteo FX ඒ සප්ලිමන්ට් දෙකයි. මෙම සප්ලිමන්ට් 100% ක් ස්වභාවික බැවිවින් ඔබගේ කැල්සියම් ඌණතාවය නවතා දමාවි. ඔබ කෘතිම කැල්සියම් ගත්තොත් මොකද වෙන්නේ. එයත් ඉතා වැදගත් කාරණයක්. කැල්සියම් කාබනේට් වල 30%ක් තමයි කැල්සියම් අඩංගු වන්නෙ. ඉතිරිය කාබනේට්. මෙ 30%න් 15% පමණ තමයි අපගේ අන්ත්‍ර වලින් අවශෝෂණය වන්නේ. ඒ අදාල කැල්සියම් අන්ත්‍ර වලදී ජීරණය කල යුතු වන නිසා. නමුත් කැල්සියම් සිට්රේට් වැනි සංයෝගයක් අඩංගු සප්ලිමන්ට් එකක් ඔබ ගන්නවානම් ඒ ශාඛ කැල්සියම් බව මතක තබා ගන්න. ඒවා 95%ක් අවශෝෂණය කරන්නට හැකියි.
දැන් ඔබ ගණනයක් කර බලන්න.
දිනකට අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය මි.ග්රෑ. 1200
එක කැල්සියම් පෙත්තක බර මි.ග්රෑ. 500. එහි ඇති කැල්සියම් ප්‍රමාණය (30%) මි.ග්රෑ. 150
අවශෝෂනය වන ප්‍රමාණය (15%) මි.ග්රෑ. 22.5
ඔබ දිනකට ගත යුතු කැල්සියම් පෙති ගණන 53 යි
ඔබට කෘතිම කැල්සියම් පෙති ගැනීමෙන් මෙම තත්වයෙන් මිදෙන්නට බැරි බව ඔබට වැටහෙන්නට ඇති.
කැල්සියම් ගන්නා අතර තුර දැනට ඇති ගල් ඉවත් කරගන්නටද ක්‍රියා කල යුතුය. ඒ සදහා දේශීය ප්‍රතිකාර ඇත. මුලින්ම මා මේ පැවසූදේ සත්‍යදැයි සොයා දැනගැනීම වැදගත් වේ. මෙය සිදු කරන්නට හැකි ක්‍රමවේද වලින් සාර්ථකම සහ සරලම ක්‍රමය නම් බයෝ රෙසොනන්ස් තාක්ෂණය මගින් පැරාතෛරොයිඩ් ග්‍රන්ථි වල තත්වයත් පැරත් හෝමෝනය ගැනත්, කැල්සිටොනින් යන හෝමෝනය ගැනත් අස්ථි වල තත්වය ගැනත් අධ්‍යයනය කිරීමයි. එවිට අපිට දැනගන්නට හැකියි වකුගඩු වල ගල් ඇති අයගේ මෙම සාධක සියල්ලම දුර්වල බව. ඉතිං ඒ දුර්වල කම මගහරවා ගන්නට අවශ්‍ය පෝෂණ්‍ය සහ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම මගින් මෙම තත්වයෙන් මිදිය හැකිබව අපි දැක ඇත.
මෙම තාක්ෂණය ගැන දැනගැනීමට අවශ්‍ය නම් පහත අංකයකින් අපගේ නියෝජිත මහතෙකු හා සම්බන්ධ වන්න. ඔවුන් ඔබට නිසි උපදෙස් ලබා දෙයි.
මෙයින් මිදෙන්නේ කෙසේද? ඔබ ඉහත දැක්වූ කාරණාව තේරුම් ගත්තානම් මෙසේ වකු ගඩු වල ගල් සැදෙන්නේ රුධිරයේ කැල්සියම් ඌණතාවයක් නිසාද නැත්නම් කැල්සියම් වැඩිවීම නිසාදැයි සිතා ගත හැකිය. පර්යේෂණ වාර්ථා අනුව වකුගඩු වල ගල් ඇති අයගේ මුත්රාවල කැල්සිය්ම් බහුල බව සැබෑය. නමුත් එම කැල්සියම් ආවේ ආහාර වලින් නොව අස්ථි වලින් බව ඔබ සමහර විට දන්නේ නැතිව ඇති. ඒ නිසාම සමහර විට ඔබ කැල්සියම් සහිත ආහාර ගැනීමද නවතා ඇති. නමුත් ඔබ කැල්සියම් ආහාර ගත යුතු බවයි අපගේ මතය වන්නේ. ඒ බව හෝල්ස්ටික් වෛද්‍ය ක්රමයන් අනුගමනය අය දන්නවා ඇති.
එසේම දැනට ඇති ගල් දියකර ගැනීම සඳහා දේශීය ඔසුවක් ලෙස අක්ක පාන භාවිතා කල හැකිය. අක්ක පාන යන පදයේ තේරුමද මේ රෝගයටම සම්බන්ධය. අක්ක පාන ශාඛය වැවෙන්නේ කලූ ගල් වැනි තද පාශාන මතුපිට බව ඔබ දැක ඇති. මේ තද පාශාන අක්‍රිය කරන නිසා අක්ක පාන ( පාශාන අක්‍රිය කරන ) යන නම සැදී ඇත. මෙම පත්‍ර දෙක තුනක් සතියකට වරක් පමණ ආහාරයට එක් කිරීම මගින් දැනට වකුගඩු වල ගල් ඇතිනම් දිය කර හැරීමට මෙම ඔසුව යොදා ගත හැකිය.
දැනට ඇති ගල් දිය කර ගැනීමට හා සමානවම උත්සාහයක් නැවත ගල් සැදීම වලක්වා ගැනීම උදෙසාද යෙදවිය යුතුය. ඉහත දැක්වූ ලිපියේ කරුණු තේරුම් ගත්තා නම් කැල්සියම්, පොටෑසියම් සහ මැග්නීසියම් ඌණතාවය ගැන ඔබට වැටහී යා යුතුය. මේවා ලබා ගැනීමට හැකි ආහාර ලැයිස්තුවක් පහත දක්වා ඇත. ඔබ සිංගප්පූරුවල ඔස්ටේ්රලියාව, ඇමෙරිකාව වැනි රටක සිටිනවා නම් මෙම පෝෂණ කොටස් ඉතාමත් සාර්ථක ස්වභාවික ශාඛසාර වලින් ලබා ගැනීමේ ක්‍රමවේදයක් ඇත.
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
මෙත් සිතිනි.පෝෂණ වේදී.නයන තේනුවර.
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්අංක 140 1/1ගාලුපාර ගල්කිස්ස.0713503450 / 0701902220 / 0112603707
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්‍රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana
Kidney Flush Recipe
1 cup Grapefruit1/2 cup fresh Lemons1/4 tsp ginger powder or fresh ginger1/4 tsp garlic powder or 1 clove mash up well1/8 Cayenne pepper
This recipe is for a 5 day cleanse of the kidney, twice a day. Upon rising and before bedtime. Do not eat pass 6:30 pm. (No Meats during this process) Thanks for watching. More to come
https://youtu.be/h3thI_ZPBU0
Nittaa.com DISCLAIMER: This web site is designed to provide nutritional information on selected herbal combinations. It is not intended for diagnosing ailments or prescribing remedies in any way. It is not meant to be a substitute for professional medical help because there is always a risk involved. The publisher and author are not responsible for any adverse consequences or effects resulting from the use of any of the information, or suggestions contained in this web site. If you are unwilling to assume the risk, please do not use this web site and the contents.
වගකීමෙන් යුතුව ඔබ බෙත ඉදිරිපත් කරන මෙම වෙබ් අඩවිය තෝරාගත් ශාක සාර සංයෝජන මත ගොඩ නැගුණු පෝෂණ තොරතුරු සැපයීම සඳහා පමණක් සැලසුම් කර තිබේ. එය කිසිදු ආකාරයකින් රෝග නිවාරණයට හො සුව කිරීම සඳහා වන පිළියම් ලෙස ඉදිරිපත් කර නොමැත. මෙහි සඳහන් කිසිදු ආහාරයක් හෝ නිශ්පාදන භාණ්ඩයක් හෝ පෝෂණ මය ඔසුවක් වෘත්තීය වෛද්‍ය උපදෙස් සඳහා ආදේශකයක් ලෙස අදහස් නොවේ. යම් රෝගියෙකුගේ හෝ රෝගයක වගකීම බාරගත නොහැකි බැවින් මෙ වෙබ් අඩවියේ ඇතුලත් ක්‍රමවේද භාවිතා කිරීම හෝ නොකිරීම පාඨකයාට බාර ක්‍රියාවක් වේ. අදාල රෝගියාගේ අවදානම අප ආයතනය හෝ මෙම ලිපි ඉදිරිපත් කරන කතු වරයා නොදරන බැවින් ඔබලා හට මෙම අවදානම ගත නොහැකිනම් මෙම වෙබ් අඩවියේ ඇති කිසිදු තොරතුරක් භාවිතා නොකල යුතු බවට මෙයින් ප්‍රකාශ කර සිටිමු.