Naturopathic Medicine


මොකක්ද මේ නේචරෝපැතික් මෙඩිසින් කියන්නේ. අපි පොඩ්ඩක් හොයල බලමු. අපි රෝගී වෙලා කුමණ වෛද්‍ය වරයෙකුගෙන් බෙහෙත් ගන්නවාද කියන එක තිරණය වන්නේ අප තුල ඇති වෛද්‍ය ක්‍රම ගැන ඇති දැනුම අනුවයි. එසේ නැති වුවහොත් සිදු වන්නේ කවුරු හරි හොදයි කියලා කියන තැනකින් බෙහෙත් ගන්නයි. හරියට දැනගෙන සිටියහොත් වෛද්‍ය වරයා දෙන බෙහෙත ගැන වුවද රෝගියාට ප්‍රශ්න කල හැකි වෙනවා. මේ නිසා වෛද්‍ය ක්‍රම ගැන දැනගැනීම ඉතාමත් වැදගත්. අද අපි කතා කරන්නට යන්නේ එක් සුවිශේෂි වෛද්‍ය ක්‍රමයක් ගැනයි.

ලෝකයේ තියෙන වෛද්‍ය ක්‍රම කොටස් දෙකකට බෙදෙනවා. එකක් ඇලෝපැතික් වෛද්‍ය ක්‍රමය අනෙක හෝලිස්ටික් වෛද්‍ය ක්‍රමය. ඇලෝපැතික් වෛද්‍ය ක්‍රමයට අයත් වන්නේ බටහිර වෛද්‍ය ක්‍රමය පමණයි. ලොව ඇති ඉතිරි සියළු වෛද්‍ය ක්‍රම අයත් වන්නේ හෝලිස්ටික් වෛද්‍ය ක්‍රමයටයි. හෝලිස්ටික් වෛද්‍ය ක්‍රමයේදී රෝගියාව තුන් ආකාරයකින් නිරීක්ෂණය කර ඊට අදාල විසදුම ලබා දෙනවා. ඒ තමයි කය, මනස සහ ආධ්‍යාත්මික කය කියන තුන් ආකාරය. මේ තුනෙන්ම කෙනෙක් නිරෝගී වීම තමයි රෝගියාගේ පූර්ණ නිරෝගීතාවය වන්නේ. ඇලෝපැතික් වෛද්‍ය ක්‍රමයේදී සිදු කරන්නේ රෝග කළමණාකරනයයි. එය ජනප්‍රියම ක්‍රමයයි. නමුත් මෙසේ රෝග කළමනාකරණය කරන විට අතුරු ආබාධ වලට ලක්වන්නට රෝගියාට සිදුවෙනවා. නමුත් රෝගියාගේ නොදැනුවත්කම නිසාම තමන්ට ඇති එකම විසදුම ලෙසට සලකා මෙම වෛද්‍ය ක්‍රමයට යොමු වෙනවා.

හෝලිස්ටික් වෛද්‍ය ක්‍රම අතරින් නේචරෝපැති වෛද්‍ය ක්‍රමය සුවිශේෂී ක්‍රමයක්. මෙම ක්‍රමය මගින් සිදු කරන්නේ ශරීරයටම රෝගය සුව කරගැනීමට අවශ්‍ය පහසුකම ලබා දීමයි. අපි කුඩා කල සිටම ඉගෙන ගත් දෙයක් තමයි පෝෂණය මගින් නිරෝගී කම රැකගත හැකි බව. ඉතිං පෝෂණය නැති වුනාම මොකද වෙන්නේ. පෝෂණය නැති වුනාම අපගේ සිරුරේ පඨක බිදෙනවා. ඒ විතරක්ද? පරිවෘතිය ක්‍රියා සිදු කරගන්නට බැරි වෙනවා. හෝමෝන නිශ්පාදනය දුර්වල වෙනවා. ප්‍රතිශක්තිය දුර්වල වෙනවා. මේ වගේ ආබාද ගොඩයි. දැන් අපි මෙහි අනෙක් පැත්ත ගෙන බැලුවොත්. ප්‍රතිශක්තිය දුර්වල කෙනෙකුට පෝෂණය ලබා දුන්නොත්,,,,, හෝමෝන සමතුලිත නැති කෙනෙකුට පෝෂණය ලබා දුන්නොත්,,,,, පරිවෘතිය ක්‍රියා වලට අවශ්‍ය වන පෝෂ්‍ය කොටස් ලබා දුන්නොත්… සිරුරට හැකි වෙයි නේද නැවතත් නිරෝගී කයක් උරුම කර දෙන්න. ඇත්තටම පුලුවන්.

ඒත් ඇයි එහෙම වෙන්නේ නැත්තේ. හේතු ගණනාවක් තියෙනවා. අපි එකින් එක කතා කරමු

ආහාර ලෙස එළවලු ගතහොත් අපි ගන්නා එළවලු වල ඇති පෝෂණය කොපමණ ඇත්ද? සහල් වල නිසි පෝෂණය තියෙනවාද? නැත. හේතුව අපි දැනගත යුතු වෙනවා. හැට ගනන් වල අපගේ එළවලු සහ සහල් වලට ඉක්මනින් ඵලදාව ගන්නට මහා වැඩපිලිවෙලක් රජය ගෙන එනවා. අපේ ගොවි මහතුන්ද මේවා ඉතාමත් ආශාවෙන් වැලද ගන්නවා. මුලින්ම අළුත් බීජ බෙදා දීලා අස්වැන්න ගන්න බලනකොට වල් පැල බිහිවෙලා මේවා විනාශ කරන්න වෙනවා අස්වැන්න ගන්නනම්. ඉතිං මුලින්ම අපිට වල් නාශක ලැබෙනවා. වල් නාශක නිසා පසේ සිටින බැක්ටීරියා විනාශ වන බව බහුජාතික සමාගම් දැනගෙන සිටියත් එය ගොවියාගෙන් වසං කරනවා. අන්තිමේ බැක්ටීරියා රහිත පසක් අපිට උරුම වෙනවා. දැන් මොකද වෙන්නේ. පසේ තිබෙන මිනරල් වර්ග මුලින්ම පසේ සිටින බැක්ටීරියා විසින් ජීරණය කල යූතු වෙනවා. ඉන් පස්සේ තමයි ශාඛයකට උරාගන්නට හැකි වන්නේ. නමුත් දැන් පසේ සිටින බැක්ටීරියා මැරිලා අවසන්. ඉතිං අපේ ආහාර වලට මුලින්ම මිනරල් වර්ග අවශෝෂනය වන මාර්ගය වසා දැම්මා.

දැන් මිනරල් රහිත ඵළයට මැස්සන්, කෘමීන් එන්න ගත්තා. ඒකටත් විසදුමක් ලැබුනා. ඒ තමයි කෘමි නාශක. කෘමි නාශක නිසා කෘමින් විතරක් නෙවෙයි පසේ සිටින ගැඩවිලාත් මැරුනා. දැන් පස සරු කරන්නට ගැඩවිලාත් නෑ. සිදුවුන දේ තේරෙනවා කියලා හිතනවා. දැන් පසට පොහොරත් දාන්න වෙලා. රසායනික පොහොර දැන් වගාවට යොදනවා. කෘතිම පොහොර අවශෝෂනයද ශාඛ වල සිදුවන්නේ ඉතාමත් සෙමින්. මොකද මේවත් බැක්ටීරියා විසින් ජීරණය කල යුතු වෙනවා. දැන් බැක්ටීරියා නැහැ. දැන් මොකද කරන්නේ. ජාණ විකෘති කරලා බෝග නිර්මානය කරන්නට විද්‍යාවට සිදු වෙනවා.

දැන් බලන්න කිලෝ පේර සහ ගමේ පේර වල වෙනස. මේ වගේ සියළුම ආහාර වස විස ගහලා ජාන විකෘති කරලා තමයි හදන්නට වෙලා තියෙන්නේ. කෙසේ හෝ අපට ආහාරයට ගන්නට වෙලා තියෙන්නේ වස විස සහිත එසේම පෝෂ්‍ය කොටස් වලින් තොර ආහාර. පෝෂණය ඇතැයි සිතා ආහාර ගත්තත් ඇත්තටම මේ ආහාර වල පෝෂණය නැහැ. ඉතිං මේ තත්වය තවත් පිරිසකට වාසිදායක වෙනවා. ඒ තමයි ඖෂධ මාෆියාව. මේ අය සිතා මතාමයි මේ දේවල් සිදු කරන්නේ. මොවුන් ඉතාමත් සංවිධානාත්මක ලෙස මෙම කාර්‍ය සිදු කරනවා.

දැන්කෙසේ හෝ අවසානයේ රෝග වලට හේතුව පෝෂණ ඌණතාවය බව හෙළි වෙනවා. ඒකටත් මේ පිරිස උපක්‍රමයක් යොදනවා. වෙලදපොලේ තියෙන සප්ලිමන්ට් වලින් 95% ක්ම හදන්නේ මේ ඖෂධ සමාගම්. ලොව තිබෙන ප්‍රසිද්ධ සන්නාම සියල්ලම අයිති මේ සමාගම් වලට. මොවුුුන් කෘතිම සප්ලිමන්ට් නිශ්පාදනය කරනවා. දැන් මේවා බැක්ටීරියා විසින් ජීරණය කල මිනරල් වර්ග නෙවෙයි. මේ නිසා බැක්ටීරියා විසින් මේවා ජීරණය කල යූතු වෙනවා. වාසනාවකට වගේ අපගේ අන්ත්‍ර වල විශාල බැක්ටිරියා ගහණයක් වාසය කරනවා. මේ බැක්ටීරියාවන්ට හැකි වෙනවා මේ ගන්න සප්ලිමන්ට් වලින් 15% ක්විතර ජීරණය කරන්නට . ඉතිං අපේ අන්ත්‍ර සෞඛය සම්පන්න නම් මේ 15% න් වැඩි කොටසක් අවශෝෂනය කරන්නට හැකි වෙනවා. ඒත් බඩවැල් වල අංගුලිකා විනාශ වෙලා නම් එයත් සාර්ථක වන්නේ නැහැ.

අපි කුඩා ගණනයක් කර බලමු. එවිට හැකි වේවි මේ සප්ලිමන්ට් මාෆියාවේ තරම.

අපිට ෆාමසි එකෙන් ගන්නට තියෙන කැල්සියම් ගැන බලමු. මම සන්නාමය සදහන් නොකර ඉන්නම්. මේ කැල්සියම් සප්ලිමන්ට් එකේ තියෙන්නේ කැල්සියම් කාබනේට්. මිලිග්‍රෑම් 500 ක කැප්සියුල් එකක 30% ක් කැල්සියම් සහ 70% ක් කාබනේට් තියෙනවා.

දැන් මේ 30% න් 15% ක් තමයි අර අන්ත්‍ර වල සිටින බැක්ටීරියාවන්ට ජීරණය කරන්නට පුලුවන් වෙන්නේ. මොකද මේවා කෘතිම සප්ලිමන්ට්. පසේ සිටින බැක්ටීරියාවන් විසින් ජීරණය කල කැල්සියම් අපිට ගන්න පුලුවන් වන්නේ ශාක වලින්. මේ ශාඛ වල තියෙන කැල්සියම් පවතින්නේ කැල්සියම් සිට්රේට් ලෙසටයි. නමුත් ඔබ ගන්නා කැල්සියම් සප්ලිමන්ට් එක කැල්සියම් කාබනේට. ඉතිං මේවා හුණුගල් හෝ සිප්පිකටු වලින්තමයි හදලා තියෙන්නේ.

දැන් ගාන හදලා බලන්න. මි.ග්‍රෑ. 500 න් 30% = මි.ග්‍රෑ. 150

මි.ග්‍රෑ. 150න් ජීරණය කරන ප්‍රමාණය 15% = මි.ග්‍රෑ. 22.5

අපට දිනකට අවශය කැල්සියම් ප්‍රමාණය = මි.ග්‍රෑ. 1200

දිනකට ගත යුතු කැල්සියම් කැප්සියුල් ගණන = 1200 / 22.5 = 53.3

ඔබ දිනකට ගත යුතු වන කැල්සියම් සප්ලිමන්ට් කැප්සියුල් ගනන 53. ක් . ඔව් 53ක්.

මේ නිසා රෝගය දිගටම පවතිනවා. කවදාවත් සුව වන්නේ නැහැ. ජීවිතාන්තය දක්වා බෙහෙත් බොන්නට සිදුවෙනවා. මෙයින් වාසි කාටද? ඔබම හිතා බලන්න.

අපි ශාඛ මගින් කැල්සියම් ගන්නවා නම් අපිට ලැබෙන්නේ කැල්සියම් සිට්රේට් නැමති සංයෝගයයි. මෙම සංයෝගයෙන් කැල්සියම් 95%ක් අවශෝෂනය කරන්නට අපගේ අන්ත්‍ර වලට හැකියි. මේ නිසා අපි සප්ලිමන්ට් එකකින් කැල්සියම් ගන්නවා නම් කැල්සියම් සිට්රේට් නමින් ඇති සප්ලිමන්ට් එකක් ගත යුතු වෙනවා. එසේම විටමින් සී. ඩී, මේ සමගම ගත යුතු වෙනවා. එවිටයි කැල්සියම් නිසිලෙස අවශෝෂණය වන්නේ.

අපිට දිනකට අවශ්‍ය පෝෂ්‍ය කොටස් ගණන 91 ක්වෙනවා. ඇයි මේතරම් ප්‍රමාණයක් අවශය වෙන්නේ. මොකද මේවා අපේ සිරුරේ හැදෙන්නේ නැහැ. ඉතිං ආහාර සමග අපි මේවා සිරුරට ලබා දිය යුතුයි. මොනවාද මේ පෝෂ්‍ය කොටස්.

මිනරල් වර්ග 60 , විටිමින් වර්ග 16, ඇමයිනෝ අම්ල වර්ග 12, මේද අම්ල වර්ග 3යි.

මේ කොටස් වලින් යම් කොටසක් අඩු වුවහොත් යම් තැනක පඨකයක් හානි වෙනවා. මෙය රෝගයක් ලෙසට සැලකෙනවා. නැත්නම් හෝමෝන බැලන්ස් නැති වෙනවා. ප්‍රතිශක්තිය දුර්වල වෙනවා. ශරීරයේ බැක්ටීරියා, වෛරස්, පරපෝෂිතයන් ආක්‍රමණය කරනවා. මේ සියල්ලට හේතුව වන්නේ පෝෂණය නැති වීමයි.

මේ තත්වයෙන් ඉවත් වීමට ඇත්තේ එකම ක්‍රමයයි. වස විස නැති ආහාර පරිභෝජනය, එය පමණමයි ඇත්තේ විසදුමකට. නැතිනම් අපි හැමදාමත් හම්බකරන තුට්ටු දෙක බෙහෙත් වලට පූජා කරන්නට වෙනවා.

දැනටමත් රෝගයකින් පීඩා විදිනවා නම් මෙම පෝෂ්‍ය කොටස් වැඩිපුර සිරුරට ලබා දෙන්නට සිදු වෙනවා. ඒ සදහා ස්වභාවික සප්ලිමන්ට් තෝරාගත යූතු වෙනවා. නමුත් ලෝකෙම ඇති සප්ලිමන්ට් ගත්තත් 5% ක් පමණයි ස්වභාවික සප්ලිමන්ට් ඇත්තේ. ඒ වාගේම මේවා මිළ අධිකයි. නමුත් රෝගයක් සුව වෙනවා නම් පසුව වියදම් වන්නට ඇති මුදල ඉතිරි වෙනවා මේවා නිසා. නේචරෝපැති වෛද්‍ය ක්‍රමයේදී මෙවැනි සප්ලිමන්ට් භාවිතා කරනවා. ඒ අනුව ශරීරයටම තම රෝග නිවාරණය කරගන්නට පසුබිම සකසා දෙනවා. මේ ක්‍රමයේදී සිරුරට කිසිම හානියක් නැහැ. ඒ වගේම රෝග නිට්ටාවට සුව වෙනවා.

මම දන්නා සප්ලිමන්ට් නිශ්පාදන සමාගම් වලින් නිශ්පාදනය කරන සිංගප්පූරුවේ නිශ්පාදනය කරන විටායි ජීන් පීපාස් සහ ඇමෙරිකාවේ නිශ්පාදනය කරන යංජැවිටි නිශ්පාදන කිසිදු අවිශ්වාසයකින් තොරව ලබා දිය හැකියි. මේවා සියල්ලක්ම ස්වභාවික සප්ලිමන්ට් බව ප්‍රකාශ කල හැකියි.

දැන් අපිට ඇති ගැටලුව වන්නේ අපගේ පෝෂණ ඌණතා මොනවාද කියා දැනගැනිමයි. මෙයට යම් ක්‍රමයක් තිබිය යුතුයි. දැනට ඇති ක්‍රමය වන්නේ රුධීරය පරීක්ෂා කරබලා යම් යම් පෝෂන කොටස් කිහිපයක් ගැන දැනගැනීමයි. නමුත් බයෝරෙසොනන්ස් තාක්ෂණය හරහා අපගේ සිරුරේ සියළුම පඨක වල ඇති ඌණතා ගැන දැනගත හැකියි. මේ අනුව බයෝරෙසොනන්ස් පරීක්ෂණයකට භාජනය වන රෝගියෙකුට තම සිරු‌රේ ඇති රෝග මූළයන් ගැන මනා අවබෝධයක් ලබා ගත හැකියි. රෝග මූලයට අවශ්‍ය ප්‍රතිකාරය සිදු කිරීම මගින් රෝගය සුව වීම සාමාන්‍ය දෙයක්. නමුත් රෝග මූලය සොයා ගැනීම ඉතාමත් අසීරු කටයුත්තක් වීතිබීම නිසා රෝ්ගියා බොහෝ කාලයක් දුක් විදිනවා.

ඔබත් යම් රෝගී තත්වයකින් සිටීනම් අප හා එක්වී රෝග මූලය සොයා ගන්න. ඉන් පසු ඔබට රෝගය සුව වන්නට මග සලසා ගත හැකිය. අවුරුදු 15 හිසේ කැක්කුම තිබූ අය මාස තුනක් ඇතුලත සුව වීමට මග පාදාගත්බව ප්‍රකාශ කරන්නේ සතුටිනි. ඒ වගේම ආතරයිටීස්, බඩේ අමාර, අක්මාවේ ගැටලු, අග්න්‍යාෂයේ ගැටලු, අන්ත්‍රවල ඇතිවන ගැටලු, මේ සියල්ලක්ම මෙම තාක්ෂණය ඔස්සේ විසදාගත හැකිය.

මෙම වෙබ් අඩවියේ බයෝ රෙසොනන්ස් තාක්ෂණය ගැන පලවූ ලිපි ඇත. ඒවා කියවා බලන්න. නැතිනම් පහත අංකයකින් අප හා සම්බන්ධ වන්න.

මෙම පරීක්ෂණය ගැන ඔබ තෘප්තිමත් නම් පමණක් මුදල් ගෙවන්න. වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450

‍මෙත් සිතිනි.පෝෂණ වේදී.නයන තේනුවර.

සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්අංක 205බටකැත්තර, මඩපාත පාර, පිලියන්දල.071 350 3 450 / 0701902220 / 0112 603 707