වසර 100 කට පසු මහා වසංගත තත්වයක් හට ගෙන ඇත. 1918 වසරේ දී ඇතිවූ ස්පැනිෂ් උණ වසංගතය නිසා අවම වශයෙන් මීනිසුන් මිලියන 50 ක් මිය යන්නට ඇතැයි ගණන් බලා ඇත. ඒහිදී ඇමෙරිකාවේ 675000 ක් වැසියන් මියගොස් ඇත. මේ වන විට ඒම ප්‍රමාණයෙන් තුනෙන් ඒකකට සමාන ඇමෙරිකානුවන් COVID 19 නිිිිසා මිය ගොස් ඇත. 1918 දී යටත්විජිතයක්ව තිබුණු ලංකාවේද 307000 ක් පමණ මෙම වසංගතය නිසා මියගොස් ඇතැයි ගණන් බලා ඇත. නමුත් ලංකාවේ මේ වනවිට කොරෝනා වසංගතය නිසා මියගිය ගණන ඉතා අඩු ප්‍රමාණයක් වීම තරමක් සැනසුම් සහගත තත්වයකි. ඒහෙත් පසුගිය සති දෙකක කාලය තුල ඇතිවූ තත්වය තරමක් භයානකය. එදා ඒවගේ පීරිසක් මිය ගියේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබුණු අඩුපාඩු නිසා බව කෙනෙකුට තර්ක කල හැකිය. නමුත් මෙවැනි වසංගත තත්වයකදී ඉතාමත් තීරණාත්මක සාදකයක් වන ධාරිතාවය ගැන අප සැලකිලිමත් විය යුතුය. ඉතාලිය වැනි සෞඛ්‍ය අංශය ඉතාමත් දියුණු රටවල පවා මෙම ධාරිතාවය ඉක්මවා රෝගීන් රෝහල් ගත වීම නිසා මරණ සංඛ්‍යාව වැඩිවූ බව නොරහසකි. මේ නිසා රෝගයෙන් බේරීමේ උපක්‍රම භාවිතය අත්‍යවශ්‍යය.
මේ මේ ලිපිය ලියන්නට අදහස් කලේ ඒ්ගැන කතා කරන්නට නොවේ. 1918 මෙතරම් විශාල ගණනක් මිය යන්නට හේතු වූ ප්‍රධාන කාරණයක් ගැන ඔබගේ මනස යොමු කරන්නටයි. 1918 වන විට පලමු ලෝක යුද්ධය අවසන් වී ඉතාමත් සුළු කාලයකි. මේ කාලය තුල ලෝක වැසියන්ට ඉතා ප්‍රභල ආහාර හිගයකට මුහුණ දෙන්නට සිදුවී තිබිණ. එසේම ටින් ආහාර වැඩිවශයෙන් යුධ බිමේදී දීර්ඝ කාලයක් ආහාර වේල කරගන්නට යුධ සෙබලුන්ට සිදුවිය. මේ නිසා ලෝක ප්‍රජාව විශාල පෝෂණ ඌණතාවයකින් පෙළුණු යුගයක් ලෙස මේකාලය හැදින්විය හැකිය. අද කාලයද මීට දෙවැනි නැත. ලෝක ආහාර රටාව ඉතාමත් දරුණු ලෙස විකෘතිවූ කාලයක් ලෙස මේ කාලය හැදින්විය හැකිය. රසකාරක, වර්ණකාරක, වස විෂ කෘමිනාශක වල් නාශක මේවා ඉතාමත් අධිකව භාවිතා කරන කාලයක් ලෙසට මේ කාල වකවාණුව ගත හැකිය. මේ තත්වයට වඩාත්ම දරුණු ලෙස මුහුණ දෙන රටවල් ලෙස ඇමෙරිකාව සහ යුරෝපය ගත හැකිය. ආසියාවේද ඉන්දියාව මේ තත්වයට පත්වන්නට ඒ රටේ නව ආර්ථික ප්‍රතිපත්ති හේතු වන්නට ඇතැයි මම සිතමි. හින්දි සිනමාව ගත් විට අපට ඉන්දියාව ගමන්කරන දිශානතිය ගැන යම් අවබෝධයක් ලබා ගත හැකිය. ඒ රටේ වැසියන්ගේ ආහාර රටාද ඉතාමත් ශීඝ්‍ර ලෙස වෙනස් වෙමින් පවතී. ඒ විතරක් නෙවෙයි. ඔවුන්ගේආහාර වේල තුල ඇති ප්‍රෝටීන ප්‍රමාණය අවම වීම ඔවුන්ගේ ප්‍රතිශක්තිය අවම වීමට බලපා ඇති බව සිතිය හැකිය. ප්‍රෝටීන සහ ප්‍රතිශක්තිය ගැන ලිපියක්ලියන්නට ඉන්න නිසා මේ ගැන වෙනම කතා කරන්නම්.
දැන් ලංකාව ගැන සිතා බලන්න. ලංකාවේද නව පරම්පරාවේ ජීවන රටාව ඉතාමත් සංකර වී ඇත. මේ නිසාම ආහාර රටාවද පෝෂණයෙන් තොර වී ඇත. ගෙදර දරුවන් කන දේවල් දැන් දෙමව්පියන්ටද කන්නට වී ඇත. ඔවුන්ගේ රටාවට මේ නිසාම වැඩිහිටියන්ද හුරුවෙමින් සිටී. ගැබිණි මවු වරුන් දැන් දොලදුක හැදුනාම යන්නේද මැක්ඩොනල්ඩ් එකටය. මේ ගැන මම නොකිව්වාට බොහෝ දෙනා දනී. මේ ලෙසට කෙමෙන් කෙමෙන් ලංකාවේද ජනතාවගේ පෝෂණ ගැටලුවක් මතුවෙමින් පවතී. දැන් අපි ගත කරන මේ මොහොතේ අපි අපගේ පෝෂණය ගැන සිතිය යුතු නොවේද? නිසි පෝෂණයක් නැතිනම් නිසි ප්‍රතිශක්තිය ඔබට ලැබෙන්නේ නැත. ඒසේ වුවහොත් පලමුලෝක යුද්ධයෙන් පසු ඇති වුන පෝෂණ තත්වය වගේ තත්වයකට අපිට යුද්ධයක් නැති වුවද මුහුණ දෙන්නට සිදු වන බව සිතට ගන්න.
අපි කල යුත්තේ කුමක්ද? තමන්ගේ දෛනික ආහාර වේල ගැන සිත යොමු කරන්න. පිගානෙන් 1/4 ක් කාබෝහයිඩ්රේට අඩංගු ආහාරයක්, 1/4ක් ප්‍රෝටීන අඩංගු ආහාරයක්, 1/4ක් කොළ වර්ගයක් ඉතිරිය එළවළු වලින් සපුරා ගන්න. මෙලෙස දෛනික පෝෂණය සම්පූර්ණ කරගත හැකි වනු ඇත. වෛද්‍ය අශෝක ජයකොඩි මහතාගේ ලිපි වල මෙම ආහාර රටාව ගැන විස්තර ඇතුලත්ව ඇත.
කෙසේ හෝ ආහාර රටාව වෙනස් කිරීම මගින් යහපත් පෝෂණ මට්ටමක් ඇතිකරගෙන ප්‍රතිශක්තිකරන පද්ධතිය ශක්තිමත් කරගැනීම මගින් මෙම අන්තරායකර වස්ථාවෙන් මිදිය හැකි වනු ඇත. ප්‍රතිශක්තිකරණය සදහා විශේෂයෙන් ගත යුතු වන ආහාර සහ පෝෂ්‍ය කොටස් ගැන ලිපි කිහිපයක් ලියන්නට බලාපොරොත්තු වන නිසා මේ ලිපිය මෙතනින් නවත්වන්නම්.
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
මෙත් සිතිනි.පෝෂණ වේදී.නයන තේනුවර.
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්අංක 140 1/1ගාලුපාර ගල්කිස්ස.0713503450 / 0701902220 / 0112719000 / 0112735621
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana