ඔටෝ ඉමියුන් ඩිසීස්. ලූපස්. (SLE)


ලූපස්, රුමෙටෙයිඩ් ආතරයිටිස්, ටයිප් 1 දියවැඩියාව, හෂිමෝටෝ තෛරොයිඩිස්ම් වගේ තත්ව දැන් දැන් ඉතාමත් ඉහල මට්ටමකට වර්ධනය වී ඇති බව පෙනෙන්නට තිබේ. මෙම රෝග ඔටෝ ඉමියුන් රෝග යැයි වර්ග කොට ඇත. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව තමාගේම සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සිරුරේ නිරෝගී පඨක විනාශ කරන බවයි කියන්නේ.  ආයුර්වේදය ඇතුළු අනෙක් වෛද්‍ය ක්‍රමත් බටහිර අනුකරණය කරමින් සිටින බවක් පෙනෙන්නට ඇත. මෙම රෝග සුව කරන්නට නොහැකි බවත්, වේදනාව පාලනය කරගත හැකි බවත් තමයි බටහිර මතය. ඒත් ආයුර්වේදය ඇතුළු හෝලිස්ටික් වෛද්‍ය ක්‍රම වලින් මෙම රෝගී තත්වයන් සුව කරගන්නට හැකිය. ඒ ගැන කිසිදු උත්සාහයක් නොදරා මෙය සුව කල නොහැකි රෝගයක් ලෙසට වර්ග කිරීම මානව සංහතියටම කරන අපරාදයක් ලෙසට මම දකිමි.
නේචරෝපැති වෛද්‍ය ක්‍රමයට අනුව මෙම රෝගී තත්වය දකින ආකාරය වෙනස්. මා මෙම ලිපිය මගින් එම ක්‍රමයත් එම තත්වය සුව කරගන්නට අපිට කරන්නට හැකි ප්‍රතිකර්ම ගැනත් ටිකක් කතා කරමු.
අපේම ප්‍රතිශක්තිය අපේම නිරෝගී පඨක විනාශ කරන්නට හේතුවක් ඇත්ද? මුලින්ම අපි මේ ගැන මධ්‍යස්ථව සිතා බලමු.
මුලින්ම පොඩි උදාහරණයක් ගෙන එන්නම්.  මෙම උදාහරණය කියවා සිතේ තබාගන්න. එය ඉදිරියේදී බොහෝ දේ තේරුම් ගැනීමට උපකාරයක් වේවි.අපි හිතමු යම් පවුලක් ඉන්නවා ආදිකාලේ මානසිකත්වයක් සහිත යම් මායා බලයක් තියෙන. මොවුන් නගරයක වාසයට එනවා ටික දිනකට. දිනක් මොවුන් උදෑසන අවදි වන විට ගෙය ගිණි ගන්නවා.  ඉක්මණින් එලියට ඇවිල්ලා බලන විට ගිණි නිවන රථ සහ ගිණි නිවන භටයන් ගේ වටේ සිටිනවා. මොවුන්ව දුටු වහාම මේ පවුලේ අය සිතනවා මේ අය තමයි ගේ ගිණි තියලා තියෙන්නේ, ඒ නිසා මාගේ මායා බලයෙන් මුලින්ම මේ කට්ටියව ගල් කරන්න ඕනි කියලා. එහෙම හිතලා මුලින්ම මේ භටයන්ව අක්‍රිය කරනවා. දැන් ඉතිං මායා බලය යොදාගෙන මේ ගින්න තාවකාලිකව යටපත් කරනවා. ඒත් අළු යට ඇති ගිණි පුපුරු වලින් නැවතත් ගින්න මතුවිය හැකි බව මේ පවුලේ අය දන්නේ නැහැ. නැවතත් ගින්න එනකම් ඉන්නවා.ටිකක්  අප්සට්කතාවක් නේද? ඒත් මේ කතාව මේ රෝගයට සම්බන්ධ ක්‍රියා පිලිපෙතකට සම්බන්ධ උපමාවක්. ඒ ගැන පසුව කතා කරමු.
තවත් එක් ස්වභාව ධර්මයේ එක් ගතියක් ගැන කතා කල යුතු වෙනවා. ඔබ දැක තිබෙනවාද සතෙක් මරණයට පත් වුනාම ඒ සතා මැරිලා එතනම පණුවෝ ගහලා කුණු වෙලා අන්තිමට ඇටකටු ටික විතරක් ඉතිරි වෙන තැනට පත් වෙනවා. මේ සතා පනතියෙන කාලෙට මේ වගේ දේවල් වෙන්නේ නැහැ. මරණයට පත් වුනාම තමයි මේ සිද්ධි දාමයට යටත් වන්නේ.  අඩුම තරමින් සතෙක් මරණයට පත් වුනාම සාගරයවත් තමන් බාරයේ තබා ගන්නේ නැහැ. මාළුවෙක් මැරුණහම ගොඩට ගහනවා. ගොඩට ගහන තුරු බොහෝ වෙලාවට මලකුණ තියෙන්නේ නැහැ මොකද වෙනත් මාළු විසින් කා දමන නිසා.  ගගක වුනත් එහෙමයි. මළ කුණ ගං ඉවුරට ගොඩ ගහනවා. කබරයින් වගේ සතුන් දුටුවොත් එයද කා දමනවා. එසේ නොමැති නම් පණුවන් ගසා කුණු වී පෙර කී ලෙසටම පරිසරයෙන් ඉවත් කරනවා.  මෙන්න මේ විදිහට මැරුණු පටක පරිසරයෙන් ඉවත් කිරීමේ ක්‍රම වේදයක් තියෙනවා.
අපගේ සිරුරේද මෙවැනිම ක්‍රම වේදයක් තියෙනවා. අපිට යම් බැක්ටීරියාවක් හෝ වෛරසයක් නිසා රොගී තත්වයක් ඇතිවුවහොත් දින තුනක් පමණ කාලයක් තුල අපගේ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක වී මේ බැක්ටීරියා හෝ වෛරස් සමග සටන් කොට මෙම විෂබීජ මරණයට පත් කරනවා. මේ සටනේදී අපගේ රුධීරයේ සමරහ සෛල ලස අදාල විෂබීජ මරණයට පත්වීමෙන් අනතුරුව මෙම සටන සිදුකල භට පිරිස් විසින්ම අදාල සටන් බිම පිරිසිදු කිරීමේ ක්‍රියාවලියක් සිදුවෙනවා. ඒක තමයි ස්වභාවික ක්‍රමය. මේ විදිහට අදාල මළකුණු ඉවත් කිරීමෙන් අනතුරුව තමයි මේ භටයන්ගේ ක්‍රියාන්විතය අවසන් වෙන්නේ. ඉන් පසුව මෙම භට පිරිස්ද විසිර යනවා. ඒත් නැවතත් අවශ්‍ය වුවහොත් පැමිණෙන්නට අවශ්‍ය නිසා ටික දෙනෙක් ඉතිරි කර යනවා. නැවතත් එම සතුරන් පැමිණීයහොත් අදුරගන්නට හැකිවෙන්න. සී අයි ඩී එකෙන් වගේ ඇති.
අපගේ ශරීරයේ යම් පඨකයක් නිරෝගීව තබා ගැනීමට ක්‍රමවේදයන් හතරක් තියෙනවා. අපි මේ ක්‍රියාවලියට කියනවා NOWA කියලා.
Nutrition( නිසි පෝෂණය )Oxygen ( ඔක්ෂිජන් )Water ( ජලය )Antioxidants ( ප්‍රතිඔක්සිකාරක )
මෙම අකුරු හතරෙන් එකක් නිරෑපණය කරන එක් කොටසක් හෝ අපේ සෛල වලට ලැබෙන්නේ නැතිව ගියහොත් අදාල සෛල මරණයට පත්වෙනවා. දැන් මේ සෛල මරණයට පත්වන්නේ බැක්ටීරියා හෝ වෛරස් ප්‍රහාරයක් නිසා නොවේ. සෛලය නිරෝගීව පවත්වාගෙන යෑමට නොහැකි වීම නිසා.  මේ අවස්ථාවේදීද අර පෙර කියපු භට පිරිස් ක්‍රියාත්මක වෙනවා. මොකද දැන් මේ සෛල සිරුරෙන් ඉවත් කල යුතු නිසා.  අපි ඉහතින් දැක්වූ NOWA නැවත් අපගේ සෛල වලට ලබා දෙන තුරු මෙම ක්‍රියාන්විතය ක්‍රියාත්මක වෙනවා. යම් දිනක මෙම NOWA සෛල වලට ලැබෙන්නට පටන් ගන්නවාද එදාට අර භට පිරිස් නැවතත් පෙර සේම විසිර යනවා. ටික දෙනෙක් පමණක් ඉතිරි වෙනවා නැවතත් එවැනි තත්වයක් ඇතිවුවහොත් දැනගන්නට පහසු වෙන්න.
බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව  ඔටෝ ඉමියුන් රෝග කියන්නේ සුව කල නොහැකි රෝග විශේෂයක්. එසේ වී ඇත්තේ බටහිර වෛද්‍ය විද්‍යාව මෙම රෝග විශේෂය ගැන දකින්නේ අර මුලින් දක්වපු නිවසේ හිටපු මායා කාරයාගේ ස්වරූපයෙන්. මේ නිසා මුලින්ම කරන්නේ භටපිරිස් අක්‍රිය කිරීිමයි. එසේ කිරීම සදහා ස්ටෙරොයිඩ් වර්ගයේ ඔසු භාවිතා කරනවා. ඉතින් රෝගියාට කිසි දිනක නිට්ටාවට සුව වීමක් බලා පොරොත්තු විය නොහැකියි. අළු යට තිබෙන ගිණි පුපුර සේ නැවත නැවත ගිණි ගන්නට අවශ්‍ය වාතාවරණය ඉතිරිවී ඇත. මේ නිසාම ජීවිතාන්තය දක්වා විශාල අතුරු ආබාධ සහිත ස්ටෙරොයිඩ් වර්ගයේ ඔසු භාවිතා කිරීමට සිදුවේ.
නමුත් හෝලිස්ටික් ක්‍රමයට අනුව මෙම තත්වය ඉතාමත් සාර්ථකව මැඩපැවැත්වීය හැකිය. මේ ගෘප් එකේ සිටින අයට සප්ලිමන්ට් ඇලජි වුනත් මේ මාතෘකාවේදී ඒ ගැන සටහන් කරන්නට සිදුවීම ගැන කණගාටුවෙමි.  සප්ලිමන්ට් වලට අකමැති අය මෙතනින් එහාට කිවයන්න එපා. මොකද එය ඔබට තේරෙන්නේ නැහැ. ද්වේශයක් සිතේ තබාගෙන කියවන එක කිසිදු ඵලක් නැති නිසාවෙනි.
මම ඉහත දැක්වූ NOWA ලබා ගන්නට හැකි පහසුම ක්‍රමයයි මම මෙහිදී පල කරන්නට වෙර දරන්නේ. මුලින්ම අපි කල යුතු වන්නේ අවසාන අකුරට සිත යොමු කිරීමයි. Antioxidants ( ප්‍රතිඔක්සිකාරක ) අපගේ සිරුරේ සෛල මරණයට පත්වන්නට ප්‍රධානම හේතුවක් වන්නේ මුක්ත ඛණ්ඩක ( Free radicles) වල ප්‍රහාරයයි.  අපි මුළින්ම මෙම අනතුරෙන් මිදිය යුතුය. මේ සදහා අපි කල යුතු වන්නේ මුක්ත ඛණ්ඩක නිශ්ක්‍රීය කල හැකි ප්‍රතිඔක්සිකාරක සහිත ආහාර දෛනිකව ආහාරවේලට එක් කර ගැනීමයි.   ප්‍රතිඔක්සිකාරක මණින ඒකකයක් තියෙනවා ඒකට කියන්නේ ORAC Value කියලා. ලංකාවේ මෙවැනි ORAC Value එක වැඩි ප්‍රතිඔක්සිකාරක සහිත ආහාර බොහෝමයක් තියෙනවා. එවැනි ආහාර කිහිපයක් පහත දක්වා ඇත.
ලංකාවේ තියෙන ආහාර ටිකක් තමයි මුලින්ම තියෙන්නේ. පහත තියෙන්නේ ග්‍රෑම් 100 ක තියෙන ප්‍රති ඔක්සිකාරක ප්‍රමාණය.
කරාඹු නැටි 320000වියලි කුරුදු 280000වියලි මුරුංගා කොළ කුඩු 157000කොකෝවා පවුඩර් 85000
ග්‍රීන් ටී එකක 3000බ්ලැක් ටි එකක 2700කිඩ්නි බීන් කප් එකක 17500
සාමාණ්‍ය නිරෝගී කෙනෙකුට දෛනිකව ORAC ඒකක 20000 ක් අවශ්‍ය වෙනවා. ලූපස් වැනි රෝගීතත්වයක් ඇති කෙනෙකුට ORAC ඒකක 100000 කට වැඩියෙන්ලබා දියයුුතු වෙනවා.  ඒ අය ඉතාමත් උග්‍ර ප්‍රතිඔක්සිකාරක හිගයකින් පෙලෙන්නට වීම ඊට හේතුවයි.
ඊලගට අපි Water ( ජලය ) ගැන සැලකිලිමත් විය යුතුය. යම් කෙනෙක් ගේ සිරුරේ සෛල විජලනය වෙනවා නම් එම සෛල සජීවීව පවත්වාගෙන යෑමට හැකිවන්නේ නැහැ. එසේම ජලයේ ඇති ආම්ලික තාවය. ක්ලෝරීන් සහිත වීම, බැරලෝහ සහිත වීමත් ජලය නිසි ලෙස සෛල වලට ඇතුල් කරගන්නට නොහැකි වන්නට බලපානවා. එසේම අපි පානයකරන නළ ජලයේ ඇති පවිත්‍රකාරක සිරුරට අහිතකර වීම මුක්ථ කණ්ඩක ඇතිවීමට බලපානවා. කෙසේ හෝ අපි අපේ සිරුරට අවශ්‍ය තරම් ජලය ලබා දිය යුතුයි.
එසේම  මෙවැනි රෝගී කෙනෙකුගේ රුධිරය ආම්ලික භාවය වැඩි වන බව අපි දැක තියෙනවා. එයද  රෝගියා දුර්වල වන්නට හේතුවක් වනවා. මේ නිසා අප කෙසේ හෝ රෝගියාගේ රුදිරයේ ආම්ලික තාවය අඩු කරන්නට අවශ්‍ය පියවර ගත යුතු වෙනවා.
තුන්වන කාරාණය තමයි Oxygen ( ඔක්ෂිජන් ). ඔක්ෂිජන් අඩු වීමනිසා සෛල දුර්වල වන බව අපි කොහොමත් දන්නා කාරණයක්. ඔක්ෂිජන් නැතිව අපිට ජීවත් විය හැක්කේ විනාඩි කිහිපයක් පමණි.  එසේමනම් ඔක්ෂිජන් අප සිරුරේ සෛල වලට නිසි ලෙසට ලැබෙන්නේ නැතිනම් එවිටත් නිරෝගී සෛල මරණයට පත්වෙන්නට හේතු වෙනවා.
හතරවන කාරණය තමයි Nutrition( නිසි පෝෂණය ) ඉහත තුනම තිබුනත් පෝෂණය හරියට දුන්නේ නැත්නම් අපිට සෛල නිරෝගීව පවත්වාගෙන යාමට නොහැකියි. මේ නිසා අපි පෝෂණ කොටස් 91ක් දෛනිකව අපගේ සිරුරට ලබා දිය යුතු වෙනවා. ඒවා ආහාර මගින් ලබා දෙන්නට හැකිනම් මම ඉතාමත් සතුටු වෙනවා. නමුත් දිනකට අවශ්‍ය ප්‍රමාණය ආහාර වලින් මෙවැනි රෝගියෙකුට ලබා දෙන්නට නොහැකියි. ඒවායේ ඇති කැලරි ගණන සහ නිසි පෝෂණය දැන් ඇති ආහාර වල නොමැතිවීමත්  ආහාර වලට යොදන වස විස නිසා තව තවත් මුක්ත ඛන්ඩක ශරීර ගත වීමත් යක කරුණු කාරනා නිසා ආහාර විලින් පමණක් මෙම පෝෂණ කොටස් ලබා ගැනීමට නොහැකි වී ඇත.
එසේම මෙම හේතුන් කිහිපය සියලුම ඔටෝ ඉමියුන් රෝග ඇතිවීමට හේතු වෙනවා. දියවැඩියා 1වන වර්ගය, හෂීමෝටෝ තෛරොයිඩ් තත්ව. රුමටොයිඩ් ආතරයිටිස් සහ වෙනත් රුමෙටොයිඩ් තත්ව. ඇතුළු සියළුම ඔටො ඉමියුන් තත්වයන්ට මෙම ඌණතාවයන් හේතු වේ. එය වෙනස් කිරීමෙන් තමන්ගේ තත්වය වෙනස් වන බවට තමන්ටම අත් දැකිය හැකියි. එසේ නොමැතිව භටයන් නිශ්ක්‍රීය කිරීමේ ක්‍රියාවලිය සිදු කරගෙන යන අයට සුව වීම කෙසේ වෙතත් වේදනාවෙන්වත් ගැලවෙන්නට දිනක බැරි වේවි.
ප්‍රතිඔක්සිකාරක සදහා මම මෙහිදි කාතාකරන්නට බලා පොරොත්තු වන්නේ ප්‍රතිඔක්සිකාරක ගුණය වැඩියෙන්ම ඇති වතුරක් ගැනයි. ඒ තමයි ජපානයේ නිශ්පාදිත කන්ගන් වෝටර් යන්ත්‍රය. මෙම යන්ත්‍රය මගින් ජලය අයණීකරණය කර පානය කරන්නට සලස්වන අතර මෙමගින් ඉතා වැඩි ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයක් සුලු වේලාවක් තුලදී ශරීර ගත කරනු ලබයි. උදාහරණයක් ලෙසට කන්ගන් වොටර් 9.5 වීදුරුවක ඇති ORAC ඒකක ගණණ 75000 ක් පමණ වේ. මේ නිසා අපසිරුරේ ඇති ප්‍රදාහය නැති කරගැනීමට ඉතාමත් සුදුසු ක්‍රමවේදයක් ලෙසට මම මෙම ක්‍රමය දකිමි. එසේම එහි ඇති භාෂ්මිකතාවය අපගේ බඩවැල් වලට අවශ්‍ය භාෂ්මික පසුබිම සකස් කර දෙන අතර යහපත් බැක්ටීරියාවන්ගේ වර්ධණය ඇති කර දෙයි. මේ නිසා රෝගියාගේ රුධිරයේ ආම්ලික තාවය යතා තාත්වයට පත් කරගැනීමට හැකිවේ.මෙම යන්ත්‍රයේ ඇති තවත් එක් කාර්‍ය්‍යක් වන්නේ ජලය අණුව ඉතාමත් කුඩා තත්වයකට පත් කිරීමයි. මේ නිසා ඉතා පසහුවෙන් සෛල අභ්‍යන්තරයට ලගා වීමට මෙම ජල අණුවලට හැකිය. එසේම මෙම යන්ත්‍රය මගින් ජලයේ ඇති බැර ලෝහ සහ ක්ලෝරීන්ද වෙනත් අපද්‍රව්‍යද ඉවත් කරන නිසා පිරිසිදු ජලය පානය කරන්නට රෝගියාට හැකිවේ.
පෝෂණය ලබා ගන්නට නම් පහත දැක්වෙන සියළු පෝෂණ කොටස් සහිත ආහාර හෝ සප්ලිමන්ට් වර්ග ලබා ගත යුතුවේ.  හෙල්ත් සප්ලිමන්ට් වලින් ලබා ගන්නවා නම් ඒවා ස්වභාවික ඒවාද යන්න 100% ක්ම තහවුරු කරගෙන මිලදී ගන්න. නැතිනම් ප්‍රතිඵල රහිත වනු ඇත. 
ඔබට දිනකට අවශ්‍ය වන පෝෂණ කොටස් ගනන 91කි. ඒවානම්
මිනරල් වර්ග 60විටමින් වර්ග 16ඇමයිනෝ අම්ල වර්ග 12මේද අම්ල වර්ග 3
මෙම  පෝෂ්‍ය කොටස් ගැන ලිපියක් මීට පෙර මෙම ගෘප් එකේ පල කලා. ඒ ලිපියත් කියවා බලන්න.
දැන් ගැටලුව ඇත්තේ ඔබගේ සිරුරේ කිනම් පෝෂ්‍ය කොටසක් අඩුද යන්න දැනගන්නේ කෙසේද කියනඑකයි.  අපගේ ශරීරයේ කිනම් කොටසක් දුර්වල වී ඇත්දැයි දැනගන්නට ඇත්නම් කොතරම් අගේද? අප සතුව ඊට කදිම විසදුමක් ඇත. ඒ බයෝ රෙසොනන්ස් තාක්ෂණයයි.  බයෝ රෙසොනන්ස් තාක්ෂණය යනු රුසියානු විද්‍යාඥයන් විසින් මීට වසර 20කට පමණ පෙර සොයාගන්නා ලද පරීක්ෂණ ක්‍රමයකි. මෙම පරීක්ෂාව මගින් සිරුරේ ඔ්නැම කොටසක දුර්වලතාවයක් සොයාගත හැකිය. සිරුරට කිසිදු අපහසුතාවයක් නෙැමැතිව සිදුකරන මෙම පරීක්ෂණය මගින් ඔබගේ සිරුරේ ඇති සියළුම ඉන්ද්‍රියයන් පරීක්ෂා කරන අතර අදාල ඉන්ද්‍රියයන් වල ශක්තිය මැණ බලනු ලබයි. අදාල ස්ථානයේ ශක්තිය අඩුනම් ඊට හේතුව පරිඝණකය මගින් දැනුම් දෙනු ලබයි. එය බොහෝ විට පෝෂණ ඌණතාවයක්, ප්‍රතිශක්තියේ දුර්වලතාවයක්, හෝමෝන අසමතුලිත තාවයක් හෝ විෂබීජ වල හෝ පරපෝෂිතයන්ගේ ආක්‍රමණයක් විය හැකිය. සමහර විට ප්‍රදාහය නිසා ශරීරයේ කොටස් හානිවන්නට ඇත. මේ සියළුම දත්තයන් පැය එකහමාරක පමණ කාලයක් තුල දැනගැනීමට ඔබට හැකියාව ඇත. 
මෙම දත්තයන්ට අනුව ඔබට අවශ්‍ය ප්‍රතිකර්මයට අප ඔබව යොමු කරන්නෙමු. 
ඉහත දැක්වූ පෝෂ්‍ය කොටස් ලබා ගන්නේ නම් ඒවා ස්වභාවිකව නිස්සාරනය කල ඒවා විය යුතුය. නැතිනම් කීසිදු ඵලයක් නොලැබී යනු ඇත.  
දැන් මේ අනුව ලූපස් හෝ වේවා වෙනයම් ඔටෝ ඉමියුන් තත්වයක් හෝ වේවා සුව කරගන්නට නම් NOWA ක්‍රමවේදය භාවිතා කල හැකි බව ඔබට වැටහෙන්නට ඇති. 
වැඩි විස්තර දැනගන්නට අපහා එක් වන්න.  අපගේ ආයතනය මගි්න් රෝගීන්ව දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වන අතර ඒවාට සහභාගී වීමට කැමති අය වටස් ඇප් මාර්ගයෙන් ඔබගේ දුරකථන අංකය සහ ඔබගේ රෝගි තත්වය ගැන අපවෙත ලැබෙන්නට සලස්වන්න.
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450

‍මෙත් සිතිනි.පෝෂණ වේදී.නයන තේනුවර.
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්අංක 140 1/1ගාලුපාර ගල්කිස්ස.0713503450 / 0701902220 / 0112719000 / 0112735621
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana