මම පහුගිය පෝස්ට් එකේ කිව්වා දෙවියන්ට කෘතගුණ සැලකීමක් ලෙසට තමන් අතින් පලතුරු පූජාවක් කලාට කමක් නැහැ කියලා. සමහර දෙනෙක් මේකට විරුද්ධව කතා කලා. තවත් සමහර අය මේ පෝස්ට් එක එයාලගේ කණ්නාඩියෙන් බලලා වැරදි අර්ථකතන දීලා තිබුනා. තමන්ගේ කණ්නාඩිය ගලවලා බලපු අයට නම් මම කිව්වේ මොකක්ද කියලා තේරිලා තිබුනා. මේ ලිපිය ලියන්නේ දෙවියන්ට මොකටද පලතුරු කියලා අහපු ප්‍රශ්නයකට පිලිතුරු ලෙසයි.
මෙතන ප්‍රධානම කාරණය අපගේ චේතනාව. ඒ ලිපිය කියවා ලැබුවා නම් මම පැහැදිලිව කියලා තියෙනවා අපිට මේ අත්බැව තුල උදව් උපකාර කල දෙවි දේවතාවුන් වහන්සේලාට කෘත ගුණ සැලකීමක් ලෙසට අපිට දෙන්නට හැකි පිරිසිදුම දෙයක් වන පලතුරු වලින් පූජාවක් සකස් කරලා පූජොපාහාර පවත් වන ලෙසට. සාමාන්‍යෙයන් මිනිසුන් කරන්නේ ලොකු පූජා වට්ටියක් අරගෙන දෙවියන්ගේ බ්‍රෝකර් මහත්තයෙකුට දීලා තමාගේ වැඩේ කරගන්නට උත්සහ කරන එකයි. අමනාප වෙන එකක් නැහැ මේ කතාවට මම හිතන්නේ. ඒක තමයි ඇත්ත.
මේක හරියට කරන විදිහ තමයි අපි දැනගන්න ඕනි. අපි දේව ගති වඩන විට දෙවියන්ගේ සහය අපිට ලැබෙනවා ඒ නිසා ඊට කෘතගුණ සැලකීමක් ලෙසට අපිට කරන්නට හැකි පූජාවක් කරන එක. එය උන්වහන්සේලා බාරගන්නා විදිහකු්ත් තියෙනවා. ඒගැනත් කතා කරන්නට හැකියි.
මේ පූජාවල් බාර දෙන්න ඕනි දෙවි කෙනෙක් ඉන්නවා. ඒ දෙවියන් ඒ පූජාව බාරගෙන අනිත් සියළුම දෙවි දේවතාවන් වහන්සේලාට මවලා බෙදා දෙන ක්‍රමයක් තියෙනවා. ඒත් අපිට මේක තේරෙන්නේ නැති නිසා අපි දෙවියන්ට බැන බැන ඉන්නවා. අනික් කාරණය තමයි මේ දේව සංකලංපයට හින්දු දේව සංකල්පය මිශ්රවීම. ඒ දේව සංකල්පය අපිට කිසිසේත් ගැලපෙන්නේ නැහැ.
දවසක් කිරිවෙහෙර ලග වයසක අම්මා කෙනෙක් පොඩි පලතුරු වටිටියක් අතේ තියාගෙන වාඩි වෙලා ඇස් පියාගෙන හිටියා. පලතුරු වට්ටියේ තිබුනේ ඇපල් දොඩං වගේ මිළ අධික පලතුරු නෙවෙයි. ගමෙන් කඩාගෙන ආපු ඒවා බව හොදට පෙනුනා. පලතුරු ටික තෙමිලා තිබුනා. ගෙඩි පිටින් තමයි තිබුනේ. මම මේ අම්මා නැගිටිනකම්ම ඉදලා ලගට ගිහින් ඇහුවා අම්මා මේ පලතුරු වට්ටිය තියාගනෙ මොනද ප්‍රාර්ථනා කලේ කියලා. මම මේ පලතුරු වට්ටිය කතරගම දෙවියන්ට පූජා කලා කියලා කිව්වා. මම උන්වහන්සේ ගෙන් ඉල්ලුවේ මේ වගේ පලතුරු කන්න නැති අයට ලැබෙන්නට සලස්වලා දෙන්න කියලා. ඉතිං මම ඇහුවා දේවාලෙ පැත්තට ගියා නම් හරිනේ කියලා. අර අම්මා කියනවා. දෙවියෝ දන්නවා මම කවුද කියලා. මම එතනට යන්න ඕනි නැහැ මහත්තයෝ. දෙවියෝ මෙතනට වඩිනවා. මම මේ පාන්දර මෙතනට එන්නේ ඒ නිසා. මේ මගේ වත්තේ පලතුරු. මට මේවා ලෝකේ ඉන්න හැමෝටම දෙන්න බැහැ. හැබැයි දෙවියන්ට පුලුවන්. ඒ නිසා තමයි මම මේ වගේ මට හැකි සැම විටම මෙතනට ඇවිල්ලා මෙහෙම පූජාවක් තියලා දෙවියන්ට ආරාධනා කරන්නේ මේ පලතුරු කන්න නැති අයට බෙදාල දෙන්න කියලා. ඉතිරි හරිය මම තේරුම් ගත්තා. මම ඒ අම්මාට වැදලා එතනින් පිටත් වුනා. මේ කතාව හරිම වටිනාව අපි හැමෝටම. පූජාවක් තබන විදිහ ඒ අම්මා මට කියලා දුන්නා ඒ විදිහට.
මේවා මේගෘප් එකට ගැලපෙනවාද කියලා හිතන පිරිසකුත් ඉන්නවා. ගැලපෙනවා. අපි බෙහෙත් හදන වෙලාවටත් මේ දේවගති වඩනවා නම් දෙවියන් ඒ බෙහෙත් හදන්නත් උපකාාර කරනවා. අපි මේ දේවල් අත්දැකලා තියෙනවා. සමහර හදාගන්න අමාරු බෙහෙත් වර්ග හදලා අවසන් වෙනකොට ඒ ප්‍රමාණය තියෙන්න ඕනි ප්‍රමාණයට වැඩියෙන් වැඩි වී ඇති බව පවා අපි අත්දැක තියෙනවා. මේ මුසාවක් කියලා දෙවියන් ඔසවා තබන්නට හදනවා නෙවෙයි. මේ තමයි මා දැක තියෙන සත්‍යය. සමහර ගෙවල් වල කී දෙනෙක් කෑවත් බත් මුට්ටිය අවසන් වෙන්නේ නැහැ. ඒ බත් පිළුණු වෙන්නෙත් නැහැ. සමහර විට මේ අත් දැකීම් ඔබට ඇති. බුද්ධ පූජාව නිසි ලෙස පවත් වන නිිවාස වලට කෑමෙන් අග හිග නැහැ. බුද්ධ පූජාව කවදාවත් පිළුණු වෙන්නේ නැහැ. මේවා ඔබලාත් අත් දැක ඇතැයි මා සිතනවා. මේවා මිත්‍යා මත කියලා බැහැර කරන අය නම් සුලබයි. ඒ අය සමග මා පැටලෙන්නට බලා පොරොත්තුවක් නැහැ.
මා මේ අවස්ථාවේ දෙවියන්ට පූජාවක් පවත්වන ආකාරය ගැන කතාකරන්නේ නැහැ. ඒක මතබේදයට තුඩු දෙන නිසා. ඒත් කෙනෙකුට දැනගන්නට අවශ්‍ය නම් මම ඉන්බොක්ස් කරන්නම් ඒ ක්‍රම වේදය. මට දවසක් විතර දෙන්න.
හැබැයි මතක තබා ගන්න. මේ පුද පූජා පවත් වන්නේ ගතියට ගතිය ආකාර්ෂනය වූ නිසාත් අපිට ලබා දෙන උපකාර වලට කෘතගුණ සැලකීම සදහාත් බව. නැතිව දෙවියන්ට පගාවක් දීලා තමන්ගේ වැඩක් කරගන්නට නොවන බව.
මේ පෝස්ට් එක ෂෙයාර් කරන්න පොඩි චකිතයක් තියෙනවා වගේ නේද? කැමතිනම් විතරක් ෂෙයාර් කරන්න. තවත් කෙනෙක් ඉනි දෙයක් ඉගෙන ගනීවි.
මෙත් සිතිනි…!!
මම පහුගිය පෝස්ට් එකේ කිව්වා දෙවියන්ට කෘතගුණ සැලකීමක් ලෙසට තමන් අතින් පලතුරු පූජාවක් කලාට කමක් නැහැ කියලා. සමහර දෙනෙක් මේකට විරුද්ධව කතා කලා. ඒකට පිලිතුරක්.
·
by