අපි දරුවන්ට කවන්න හදන්නේ ගොඩක් කෑම. මොකද ඉක්මනට ලොකු කරගන්න. ඇත්තටම සිදු විය යුත්තේ කුමක්ද? අපි මේ ගැන ටිකක් කතා කරමු.
සාමාන්‍යයෙන් අවුරුදු 2-3 අතර දරුවෙක් දිනකට කැලරි 1000 ක් පමණ වැය කනවා. ලොකු ගාණක් නේද? නමුත් ඒක තමයි ඇත්ත. අපි මේ ප්‍රමාණය දෛනිකව දරුවාට ලබා දෙන්න ඕනි. අපි සාමාන්‍ය ආහාර වේලක් ගත්තොත් මේ ප්‍රමාණය ග්‍රෑම් 200 ක තියෙනවා. ඒ කියන්නේ අපි දරුවාගේ දෛනික අවශ්‍යතා සදහා ග්‍රෑම් 200 ක ආහාර වේලක් දිය යුතුයි. ඊට වැඩියෙන් කවන කැලරි ටික මේදය වෙලා තැන්පත් වෙනවා. ඉතිං ලමයා ටිකක් මහත් වෙනවා. නමුත් මීට අමතරව තව ග්‍රෑම් 10 – 20 විතර දෙන්න ඕනි අත්‍යවශ්‍ය විටමින් මිනරල් වර්ග ටික. මෙන්න මේ ටික බොහෝ විට මග හැරෙනවා දෙමව්පියන්ට. මේ ටික තමයි දරුවා වර්ධනය වෙන්න, දරුවාගේ මනස වර්ධනය වෙන්න සහ නිරෝගී කයක් හිමි දරුවෙක් වෙන්න ඉවහල් වෙන්නේ. අපි කොහොම හරි මේ පොෂ්ය කොටස් ටික දෛනිකව ලබා දෙන වැඩපිලිවෙලක් සකස් කරන්න ඕනි. මේ සදහා අම්මලා ගාව තියෙන්න ඕනි පෝෂනය සපිරි ආහාර වට්ටෝරුවක්. අපි මෙතන ඉන්න අම්මලාට ආරාධනා කරමු තම දරුවන් වෙනුවෙන් දෙන ආහාර වට්ටෝරු අනිත් අයටත් දැනගන්නට කියන්න කියලා.
එම ආහාර වට්ටෝරු ගැන අපි විද්‍යාත්මක තොරතුරු කතා කරමු.
ෂෙයාර් කලා නම් ගෘප් එකෙන් පිට ඉන්න අයත් පිලිතුරු දෙයි.
මෙත් සිතිනි..!!