නෙත් FM බැලුම්ගල වැඩසටහන වෙන්ව තිබුනේ බෝග වලට යොදන පලිබොධ සහ එය අපගේ ජාතිය වනසන ආකාරය ගැනයි. මේ ගැන ටිකක් කතා කරන්නට හිතුන නිසා මේ කෙටි ලිපිය ටයිප් කරනවා.
අප රටට මුලින්ම එන විෂ රසායනිකයක් තමයි රවුන්ඩ්අප් නැත්නම් ග්ලයිෆොසේ්ට්. ග්ලයිෆොසේට් සහ ඔටිසම් අතර ඇත්තේ ඉතාමත් සමීප සම්බන්ධතාවයක් බව පහත ඇති සංඛ්‍යාලේඛන වලින් මනාව පිලිබිඹු වේ. මේ හරහා සිදුවු මහා විනාශය ගැන යමක් පවසන්නට මේ කෙටිලිපිය හේතු වේවි යැයි මා සිතනවා.
වල් නාශකයක් වන මෙම රවුන්ඩ් අප් නිසා වල් පමණක් නොව පසේ සිටින බැක්ටීරියාද මරණයට පත්විය. මෙසේ බැක්ටීරියාවන්ගෙන් තොර පසක් අපට උරුම වුනා. අපගේ පසේ සිටින බැක්ටීරියාවන් තමයි මුලින්ම අප ආහාරයට ගන්නා ආහාර වල තිබිය යුතු වන ඛණිජ ලවන ශාඛයකට අවශෝෂණය වන්නට හැකි වන ලෙසට ජීරණය කරන්නේ. රවුන්ඩ්අප් නිසා බැක්ටීරියා විනාශ වූ නිසා ශාඛ වල මිනරල් ඌණතා ඇතිවුනා. මිනරල් නැත්නම් ඛණිජ ලවන නැති නිසා සත්වයන්ටද විශාල රෝග ගණනාවකට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඒ කියන්නේ ලෙඩ වෙනවා. මෙසේ ලෙඩවු ශාඛයකට තමයි කෘමීන් බෝවෙන්නේ. මෙන්න මේ අවස්ථාව යොදාගෙන කෘමිනාශක කරලියට එනවා. අනේ අර ඉතිරිවෙලා හිටිය බැක්ටීරියා ටිකත් මේ විදිහට විනාශ වෙන්නට පාර හැදෙනවා. අවසානයේ කෘමිනාශක වලින් සමන්විත ඛණිජ ලවන ඌණ ආහාර අප අතරට පැමිණෙනවා. මේ ආහාර අනුභව කරන මිනිසා බෝනොවන රෝග ගණනාවකට ගොදුරු වෙනවා.
පිලිකා, දියවැඩියා, අධිරුධිර පීඩණය, වගේ සිය ගණනක් රෝග මේ අනුව වැඩි වෙනවා. හෝලිස්ටික් වෛද්‍ය ක්‍රමයට අනුව බෝනොවන රෝග වලට ප්‍රධානම හේතුව ඛණිජ ලවන ඌණතාවයයි.
අපගේ දෛනික පෝෂණ අවශ්‍යතා සදහා පෝෂණ කොටස් 91ක් අප බාහිරින් ආහාර ලෙසට ලබා ගත යුතු බව ඇමෙරිකාවේ වසර 19ක් පුරා ඩොලර් මිලියන 25ක වියදමක් දරා සිදු කල පර්යේෂණ වලින් වෛද්‍ය ජෝවොලක් මහතා සොයාගත්තා. ඒ මහතාගේ ආයතනයක මාද සේවය කරන නිසා මා හට මේ තොරතුරු ඉතාමත් නිවැරදිව ලැබෙන නිසයි මෙසේ තොරතුරු දක්වන්නේ. ඒ මහතාට අනුව පහත පෝෂ්‍ය කොටස් අපි දෛනිකව අපගේ ආහාර වලට එක් කරගත යුතුයි.
ඛණිජ ලවන 60
විටමින් වර්ග 16
ඇමයිනෝ අම්ල වර්ග 12
මේද අම්ල වර්ග 3. ( ඔමේගා 3,6,9)
මේ 91න් වැඩිම කොටස පසෙන් ලැබෙන ඛණිජ ලවන බව ඔබට පේනවා ඇති. මෙන්න මේ කොටස අපගේ ආහාර වල නොමැති වීම තමයි අවසානයේ මේ කෘමිනාශක සහ වල් නාශක නිසා සිදු වන්නේ.
දැන් බෝනොවන රෝග වලට මිනිසා ගොදුරු වෙනවා. මේ ඌණතා මගහරවා ගන්න කෘතිම සප්ලිමන්ට් වෙලදපලට පැමිණෙනවා. වැදගත්ම කාරනය වන්නේ මේ සප්ලිමන්ට් නිපදවා වෙලදපලට නිකතුත් කරන්නේ ලොව විශාලම ඖෂධ නිශ්පාදන සමාගම් විමයි. කෘතිම සප්ලිමන්ට් අපගේ ශරීරය ප්‍රතික්ෂේප කරනවා. එයින් 10%ක් පමණ අපගේ අන්ත්‍රවල සිටින බැක්ටීරියාවන්ට පින් සිදු වන්නට උරාගන්නවා. අවසානයේ රෝගියාට අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ නැහැ. ඒ නිසාම රෝගය සදහා ජීවිතාන්තය දක්වාම බෙහෙත් ලබාගන්නට වෙනවා. මෙයින් ඉටුවන්නේ කාගේ අපේක්ෂාවන්දැයි ඔබට සිතාගත හැකි යැයි මා සිතනවා.
මිනරල් ඌණතාවය නිසා හටගන්නා රෝග කිහිපයක් ගැන මා පහත දක්වන්නම්.
දියවැඩියාව – සින්ක්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, වැනේඩියම්. ක්රෝමියම් ඌණතාවය නිසා හටගනී.
පිලිකා – සෙලේනියම්, පොටැසියම්. විටමින් වර්ග.
අධි රුධිර පීඩණය – කැල්සියම්, මැග්නීසියම්. කොපර්.
මේ අනුව විශාල රෝග ගණනාවක් ඇතිවන්නට පෝෂණ ඌණතාවය හේතු වේ.
එපමණක් නොව කෘතිම පෝෂ්‍ය කොටස් භාවිතා කිරීම නිසා ඇතිවන රෝග ගැනද යමක් පැවසිය යුතුයි.
උදාහරණයක් ලෙසට විටමින් බී 12 ගනිමු.
කෘතිමව නිපදවන VItamin B12 වල ඇත්තේ Cyanocobalamin නැමති රසායනිකයකි. ස්වභාවිකව ලබාගන්නා VItamin B12 වල ඇත්තේ Methylcobalamin නැමති ස්වභාවික රසායනිකයකි. මේ දෙකේ වෙනස වන්නේ ස්වභාවික VItamin B12 වල ඇති Methyl කාණ්ඩය වෙනුවට කෘතිම VItamin B12 වල Cyano කාණ්ඩයක් ඇතුලත්ව තිබීමයි. Cyano කාණ්ඩයක් යොදා VItamin B12 නිපදවීමට වඩා මිලෙන් සිය ගුණයකින් වැඩියි Methyl යොදා VItamin B12 නිපදවීම. දැන් ලාබෙට දෙන්නට Cyanocobalamin වෙළදපලට පැමිණෙයි. නමුත් Cyano කියන්නේ සයනයිඩ් කියන උග්‍ර විෂ බව අපි කවුරුවත් දන්නේ නැහැ. Cyanocobalamin අක්මාවට ගොස් එහිදී සයනයිඩ් කොටස මගින් අක්මාවට හානි සිදු කරයි. දිගින් දිගටම මෙසේ සිදුවීම නිසා අවසානයේ සිරෝසිස් වලට ගොදුරුවීම තමයි අවාසනාවන්ත ඉරනම. දැන් කෘතිම VItamin B12 නිපදවූ අයම සිරෝසිස් සුව කල නොහැකි රෝගයක් බව පවසා විශාල ව්‍යාපාරයක් සිදුකරගෙන යයි.
මේ අනුව වල්නාෂක කෘමි නාෂක වල අවසාන ඉලක්කය ගැන ඔබට යම් වැටහීමක් ඇතිවන්නට ඇතැයි සිතමි.
මෙවැනි කරුණුු ගැන මා විශාල ලිපි සංඛ්‍යාවක් ලියා තියෙනවා. අන්තර්ජාලයෙන් සොයාගත හැකියි.
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
මෙත් සිතිනි.
පෝෂණ වේදී.
නයන තේනුවර.
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්
අංක 140 1/1
ගාලුපාර ගල්කිස්ස.
0713503450 / 0701902220 / 0112719000 / 0112735621
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana