අද අපි කතා කරන්නට යන්නේ ඝර්භණී මවුවරුන් ඉතාමත් හොදින් හදුනන පෝෂණ කොටසක් ගැනයි. ඒ තමයි ෆෝලේට්. අම්මලා ෆාමසියෙන් ගිහින් ගන්නේ ෆෝලේට් නොව ෆෝලික් ඇසිඩ් බව අපි හැමෝම දන්නවා. මේ ගැන බොහෝ දෙනෙක් දැනුවත් නැහැ. මුලින්ම බලමු මොකක්ද මේ දෙකේ වෙනස කියලා.
Folic Acid කියන්නේ විටමින් B9 වල කෘතීම ආකාරය එය මිනිසා විසින් නිශ්පාදනය කරන ලද්දක්. තේරෙන විදිහට කිව්වොත් සින්තටික් විටමින් බී.9
Folate කියන්නේ විටමින් B9 වල ස්වභාවික ආකාරය. එය ස්වභාව ධර්මය විසින් අපට දායාද කල ආකාරයයි.
ඔබ යම් විටමින් වර්ගයක් ගන්නා විට සැම විටම ස්වභාවික මාධ්‍යයකින් ගන්නා ලෙසට අපි පවසනවා. ඊට හේතුව තමයි අපගේ ශරීරය ස්වභාවික නිසා. අපගේ සිරුර සැම විටම කෘතීම දේවල් ප්‍රතික්ෂේප කරනවා. අපි කෘතීම ආහාර ගන්නා විට සිරුර විශාල පරිශ්‍රමයක් දරනවා ඒවායින් සිරුරට ඇතිවන අහිතකර බලපෑම් නතර කරන්නට. මේ නිසා බඩවැල් වලින් අවශෝෂණය වීම පවා සීමා කරන්නට මේ සිරුරට හැකි වී තියෙනවා.
තවත් එක් කාරණයක් නම් ඔබ පාන් පිටි වලින් නිපදවන ආහාර අනුභව කරන කෙනෙක් නම් ඔබගේ අන්ත්‍ර වල අංගුලිකා යම් ප්‍රමාණයකින් අඩු වීමක් සිදුවී තියෙන්නට පුලුවන් මේ ගැන මා ග්ලූටන් ගැන ලියූ ලිපිවල විස්තරාත්මකව දක්වා තියෙනවා. ඒවා කියවා තේරුම් ගන්න.
මෙසේ අංගුලිකා විනාශ වූ කෙනෙකුගේ පෝෂණය අවශෝෂණය අඩු වෙනවා. මේ නිසා අපි මොන ආහාරය ගත්තත් ඒවායේ පෝෂණය අවශෝෂණය නොවී සිරුරෙන් බැහැර වෙනවා. මේ නිසා පෝෂණය සම්පූර්ණයෙන් හෝ වැඩි ප්‍රමාණ්‍යක් අවශෝෂණය වන්නට නම් මුලින්ම තිරිගුපිටි වලින් සාදන ආහාර ගැනීම නවත් වන්නට ඕනි.
දැන් අපි බලමු මේ ෆෝලේට් වලින් සිදු කරන්නේ කුමක්ද කියා. මවගේ පැලෝපීය නාලය තුල යුක්තානුව ඇතිවූ දා පටන් එම සෛල වල න්‍යෂ්ඨියේ මෙතලේෂන් සර්කල් නමින් හදුන්වන ක්‍රියාදාමයක් සිදු වෙනවා. මෙහිදී සිදු කරන්නේ අදාල සෛල වලට අනවශ්‍ය ජාන නිශ්ක්‍රීය කිරීමයි.
උදාහරණයක් ලෙස කියනවා නම් අපි හිතමු යම් සෛල විශේෂයක් අක්මා සෛල ලෙසට අනුවර්ථනය වෙනවා කියලා. මෙසේ අනුවර්තනය වන්නේ අදාල සෛලයේ අනවශ්‍ය ජාන ක්‍රියා විරහිත කිරීමෙන්. මවගෙන් සහ පියාගෙන් ලැබුනු සෛල බාග දෙකේ මුළු සිරුරටම අවශ්‍ය වන සියලු දත්තයන් ගෙන් සමන්විතයි. මේ නිසා එක් ඒක් සෛල තමන්ට ආවෙන්කින ක්‍රියාවන් සදහා හැඩ ගැසිය යුතු වෙනවා. මේ නිසා තමයි අනවශ්‍ය ඩී එන් ඒ කොටස් නිශ්ක්‍රීය කරන්නේ. එසේම සමහර ඩී එන් ඒ අදාල සෛල ඇතුලතදී යම් යම් හේතු නිසා අනතුරට ලක්වෙනවා. එවිට එම ස්ථාන අලුත් වැඩියා කල යුතු වෙනවා. මේ සියල්ල කරන්නට ෆෝලේට් වලින් සාදන තවත් එක් සක්‍රීය කොටසක් අවශ්‍ය වෙනවා. ඒ තමයි ම්තයිල් ෆෝලේට්. Methyl folate.
ෆොලේට් වලින් Methyl folate හදන්නට එන්සයිමයක් සහ ජාණයක් අවශ්‍ය වෙනවා. මෙම ජානයට අපි කියනවා MTHFR GENE කියලා. සමහර අයගේ මෙම ජානය නිසි ලෙස ක්‍රියත්මක වෙන්නේ නැහැ. මේ නිසා Methyl folate නිපදවාගන්නට බැරි වෙනවා. මේ නිසා මවගේ ඝර්භාෂය තුල වැඩෙන කළලයට තම නව අවයවයන් වලට අවශ්‍ය නව සෛල නිසි ලෙස නිපදවන්නට නොහැකි වෙනවා. මේ නිසා ලැබෙන දරුවා යම් යම් අඩුපාඩු සහිතවයි උපදින්නේ. මම හිතන්නේ කිසිම මවක් ඊට කැමති වෙන්නේ නැහැ.
සමහර අයගේ MTHFR GENE කියන ජානය නිසි ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එවැනි අයගේ සිරුර තුල Methyl folate නිපදවාගන්නට අපහසු වෙනවා. විශේෂයෙන් කෘතීමව නිපදවන Folic Acid මගින් Methyl folate නිපදවන්නට එවැනි අයගේ සෛල වලට නොහැකි වෙනවා. මෙවැනි අයට පහත දැක්වෙන රෝගාබාද ඇතිවිය හැකියි.
අධික ලෙස හෝමෝසිස්ටීන් රුධිරයට එක්වීම.
පිලිකා තත්ව
හෘද රෝග
මිග්රේන්
සරුබව නැතිවීම
විශාදය
නියුරෝට්‍රාන්ස්මීටර්ස් නිපදවීම ඇනහිටීම.
මෙම තත්වයන් මගහරවා ගැනීමට ඔබ කල යුත්තේ ස්වභාවික මාධ්‍ය වලින් විටමින් බී 9 නැත්නම් ෆෝලේට් වලට අමතරව L-Methylfolate නැමති පෝෂණ අතිරේකය සිරුරට ලබා දීමයි. මෙම තත්වය ඇතිවන්නේ MTHFR GENE එක අක්‍රිය අයටයි. එය ජාන පරීක්ෂාවකින් පසුව සොයාගත හැකිය.
විටමින් බී 9 සහිත ආහාර
තද කොල පැහැ කොළ වර්ග
පරිප්පු වර්ග සහ සොයා
බ්ත්තර
බීට්
ගොවා, රාබු, බ්රෝකලි. නෝකෝල්
ඇට වර්ග
පීකුදු
ගස්ලබු
කෙසෙල්
අලිගැට පේර
ඔබ යම් සප්ලිමන්ට් එකක් මාර්ගයෙන් ෆෝලේට් ලබා ගන්නවා නම් එය ස්වභාවික සප්ලිමන්ට් එකක් දැයි හොදින් සොයා බලන්න.
කියවා තවත් කෙනෙකුට දැනගන්නට හැකිවන ආකාරයට ෂෙයාර් කරන්න
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
මෙත් සිතිනි.
පෝෂණ වේදී.
නයන තේනුවර.
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්
අංක 140 1/1
ගාලුපාර ගල්කිස්ස.
0713503450 / 0701902220 / 0112719000 / 0112735621
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana