චර්ම රෝග ගණනාවක් සුව කර ගැනීමට උපදෙස් මාලාවක්.


බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව සොරයිසීස් ( පොතු කබර ) යනු සුව කල නොහැකි රෝගයකි. යම් හේතුවක් නිසා චර්මය මරණයට පත්වීම මීට හේතුව ලෙස විද්‍යඥයන් ගෙන හැර දක්වයි. අපගේ ශරීරය නීරෝගීව පවත්වා ගෙන යෑමට නම් අප විසින් දිනපතා පෝෂ්‍ය පදාර්ථ අපගේ ශරීර‍යට ලබා දිය යුතු බව අප කුඩා කල සිටම දන්නා කාරණයකි. නමුත් මේ කාරණය දැන් දැන් අපට අමතක වී ඇති බව පෙනේගදැන් අප විසින් සිදු කරනු ලබන්නේ බඩගින්නට යමක් කුස තුලට දා ගැනීම පමණක් බව අපි දනිමු. පාර දෙපස ඇති රෙස්ටොරන්ට් ප‍‍්‍රමාණය මෙම තත්වය කෙතරම් දුරට සමාජය ගිල ගෙන ඇත්ද යන්න දැක ගැනීමට කදිම නිර්ණායකයකි. පාර අයිනේ ඇති කෑම කඩයකින් කිසි විටකත් පෝෂ්‍ය පදාර්ථ වලින් හෙබි ආහාර ලැබෙනු ඇතැයි සිතිය නොහැකිය. එපමණක්ද නොව ගුණ කෙසේ වෙතත් තම පාරිභෝගිකයා නැවත තමන්ගේ ලඟට ගෙන්වා ගැනීමේ උපක්‍‍්‍රමයක් ලෙස කෑම රස කිරීමට යොදන රස කාරක නිසා පාරිභෝගිකයා රෝගියෙකු වීමට ගත වන්නේ ඉතාමත් කෙටි කලකි. තමා උපයන මුදලින් කඩවල් වලට ගෙවා ආහාර ලබා ගන්නා ඔබ ඉතිරි මුදල ෆාමසි වලට ‍ගෙවා දමන්නේ තවත් ටික දිනක් හෝ ජීවත් වීමේ අභිලාෂයෙනි.
අපේ ආච්චිලාල අම්මලා එදා අපිට කෑම ටික උයා දුන්නේ ගෙදර මුළුතැන් ගෙයිනි. දර ලිපේ මැටි හටිටියේ උයන කෑම වලට රසකාරක වූයේ අපේම ‍රටේ වගා කෙරෙන කුළු බඩු වේ. ලෝකයේ ඇති අංක එකේ ප‍‍්‍රති ඔක්සිකාරකය කරාඹු නැටි බව ඔබ දන්නවාදැයි නොදනිමි. දෙවැන්න කුරුඳු වන අතර අනෙක් කුළු බඩු වලද ඉතා විශාල වශයෙන් ප‍‍්‍රති ඔක්සි කාරක ඇත. මේ නිසා අපගේ ‍ශරීරයේ පඨක ඔක්සිකරණය වීමෙන් වලක්වා ගැනීමට හැකි විය. අද ඒ වෙනුවට අපට ‍ලැබෙන්නේ පඨක ඔක්සිකරණයට භාජනය කල හැකි මොනෝ සෝඩියම් ග්ලූටමේට් වැනි පිළිකා කාරක යැයි සම්මත රසකාරකයන් වලින් රස ගැන්වූ ආහාරයි. ( ප‍‍්‍රති ඔක්සි කාරක සහ එහි වැදගත් කම පිළිබඳ වෙනම ලිපියකින් ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමි. ) අපගේ ශරීරය නිසි අයුරින් නිරෝගීව පවත්වාගෙන යෑමට පෝෂ්‍ය කොටස් 90 ක් අවශ්‍ය වේ. ඒවා පහත අයුරින් දැක්විය හැකිය.

ඛණිජ ලවන ( Mineral ) – 60
විටමින් ( Vitamin ) – 16
ඇමයිනො අම්ල ( Amino Acid ) – 12
මේද අම්ල ( Fatty Acid ) – 2

ඉහත ඇති පෝෂණ කොටස් වලින් 2/3 ක්ම මිනරල් නැතිනම් ඛණිජ ලවන වෙයි. මේවා අප ආහාර සමග සිරුරට ලබා දිය යුතුයග අප විසින් ලබා ගන්නා ආහාර වල මේවායින් කොටසක් ඇත. තවත් කොටසක් වතුර සමග මිශ‍‍්‍රවී අපගේ සිරුරට ඇතුළු වේ. මීට අමතරව දර පිච්චීමෙන් ලැබෙන සුදු පැහැ අළු වල කොටසක් ඇත. දර ලිපේ උයන විට බට ලීයෙන් පිඹින විට ලිපේ ඇති අළු හොද්දට සේම ලූ‍නු පොල්කට්ටටත් එකතු විය. මේ සියල්ල අපගේ සිරුරට ඇතුළු විය. එසේම මැටි හටිටියේ ඇති මිනරල්ද මැටි කළයේ ඇති ඇති මිනරල්ද අපගේ සිරුරට එකතු විය. මිරිස් ගල ගෙවී ගියේ වතුරට නොවේ. ඒත් අපගේ සිරුරටයිල කුරහන් ග‍ල ගෙවුනේ කුරහන් සමගමයි. ලි‍දේ වතුර ටික කිවුල් රහ වූයේ මිනරල් නිසාය. නමුත් දැන් අපිට ක්ලෝරින් රහ නැතිනම් ඒ වතුර අපිරිසිදු යැයි සිතේ. පොල් කටු හැන්ද වෙනුවට දැන් අළුමිණියම් හැන්ද ගෙවෙන්නට පටන් ගෙන ඇත. ගෑස් ලිප සහ මයික්රෝ වේව් උදුන කෑම ටික සකසයි. අපට නැතිවූ දේ ගැන ඔබට වැ‍ටහේ නම් දැන්වත් මේ මර උගුලෙන් මිදීමට සිත් පහල වේවායි පතමි.
මෙම තත්වය ඉතා පැහැදිලිව තේරුම් ගත හැකි එක් නගරයක් අදටත් ලෝකයේ විද්‍යාමානව ඇත. ඒ ඉක්වදෝර් රාජ්‍යය විල්කබම්බා ( http://hoaxes.org/archive/permalink/vilcabamba_the_town_of_very_old_people ) නැමත් නගරයයි. වයස අවුරුදු 110 සිට 140 දක්වා ජීවත් වන මිනිසුන් මෙම නග‍රයේ වෙසෙයි. එසේ වීමට හේතු වී ඇත්තේ ඔවුන්ගේ සරල සහ සාර්ථක ජීවන රටාවයිග ඔවුන්ට ජලය ලැබෙන ප‍‍්‍රධාන ගංගාව මළු වසර පුරාම මඩ පැහැයෙන් යුක්තය. ඔවුන් තම බෝග වලට දමන්නේ මෙම වතුරයි. මේ නිසා ඔවුන්ගේ පස නිතරම ඛණිජ ලවන වලින් පෝෂණය ලබයිග තවත් සුවිශේෂී ක්‍‍්‍රියාවක් ඔවුන් සිදු කරයි. ඔවුන් කෑම පිසින්නේ දර ලිප් මගිනි. කෑම පිස අවසන් වූ පසු ලිපේ මැද ඇති අළු වලින් ටිකක් ගෙන කෑමට එක් කිරීම ඔවුන් පුරුද්දක් ලෙස සිදු කරයි. මේ නිසා ඔවුන් හට ඛණීජ ලවන වල ඌණතාවයක් හට ගන්නේ නැත. ඔවුන්ගේ දීර්ඝ සහ නිරෝගී ජීවිතයට මෙම පුරුද්ද ඉමහත් රුකුලක් වී ඇති බව විද්‍යාත්මක පර්යේෂණ වලින් ඔප්පු වී ඇත. එසේම ඔවුන් කිසි විටකත් පෝෂ්‍ය පදාර්ථ අවශෝෂනය බාධා පමුණුවන ආහාර කිසිවිටකත් ආහාරයට නොගනී. අදාල ආහාර පිළිබඳ ලැයිස්තුවක් මෙම ලිපිය අවසානයේ ඇත.
අපගේ සිරුරේ විශාලම අවයවය චර්මයයි. එය පෝෂණය කිරීමට ඉහත සඳහන් කල සියළුම පෝෂණ කොටස් අවශ්‍ය වේ. දිනපතා අප විසින් මෙම පෝෂණ කොටස් ආහාර ලෙස ලබා ‍නොදුන හොත් අපට පෝෂණ ඌණතා නිසා හටගන්නා විශාල ‍රෝග ගනනාවකට මුහුණ දීමට සිදුවේ. චර්ම රෝග මින් ප‍‍්‍රධාන තැනක් ගනී. ඒ එක් එක් රෝග ගැන අපි වෙන වෙනම සලකා බලමු.
කුරුළෑ ආසාදනය ඇති වන්නේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහල යෑම නිසාය. ( පහත ඇති ලිපිය කියවන්න )

  1. කුරුළෑ
    කුරුළෑ බොහෝ විට මතුවන්නේ කෙනෙකු තරුණ අවදියට පැමිණෙන විටය. පිරි‍මි ළමයෙකු හෝ ගැහැණු ළමයෙකු තරුණ වියට පත් වන විට යෞවන හෝමෝන ශ‍‍්‍රාවය වන බව අපි දනිමු. මවක් දරුවෙක් කුස තුල පිලිසිඳ ගත් කාලයේද මෙසේ හෝමෝන වල වෙනසක් සිදු වේ. මේ කාලය තුල රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහල යෑම සාමාන්‍යයෙන් සිදුවේ. එසේම යෞවන කාලයේද ‍රුධිරයේ ග්ලූකෝස් මට්ටම තරමක් ඉහල යයි. මෙම තත්වය දියවැඩියා තත්වයක් නොවුනද රුධිරයේ සීනි මට්ටම වැඩි වීම නිසා අපගේ ශරීරයේ ඇති අයහපත් බැක්ටීරියා වල වර්ධනය ශීඝ‍‍්‍ර වීමට මෙම තත්වය බලපායි. සමට යටින් ඇති රෝම වලට තෙල් සපයන ග‍‍්‍රන්ථි මේ හේතුවෙන් ඉතා ඉක්මනින් බැක්ටීරියා ආසාදනයට ලක්වේ. මේ නිසා කුරුළෑ ලෙස අසාදිත තෙල් සම මතුපිටට නෙරා එයිග අප බාහිරින් කෙතරම් පිරිසිදු කලත් කුරුළෑ සුව නොවන්නේ මේ නිසාවෙනි. අප කල යුතු වන්නේ අදාල කාලය තුල සිරුරේ ග්ලූකෝස් මට්ටම පාලනය කිරීමට උපාකාර කල හැකි පෝෂණ පදාර්ථ ආහාරයට එක් කර ගැනීමයි. ( වැඩි විස්තර සඳහා දිය වැඩියාව ගැන දැන ගන්න ලිපිය කියවන්න. ) නියමිත මට්ටමක රුධිරයේ ග්ලූකෝස් පවතී නම් අයහපත් බැක්ටීරියාවන්ට ඉහත සඳහන් කල ආසාදන තත්වයන් ඇති කල නොහැකිය. මේ හේතුව නිසා රුධිරයේ ග්ලූකෝස් මට්ටම පහත ගිය පසු කුරුළෑ සුව වනු ඇත. මෙම තත්වය එක් එක් පුද්ගලයාට වෙනස් වන අතර කුරුළැ ඇති වීම බහුල තත්වයකි.
    එසේම බක්ටීරියාවන්ට භාෂ්මික මාධ්‍යයක ජීවත් විය නොහැකිය. මේ නිසා අපගේ රුධිරයේ PH අගය 7.5 ක පමණ තබා ගත යුතුය. මේ සඳහා ඔබ විසින් ආහාරයට ගන්නා ක්ලෝරොෆිල් ප‍‍්‍රමාණය වැඩි කල යුතුය. කැල්සියම් සහ මැග්නීසියම් නිසි ප‍‍්‍රමාණයට සිරුරට දෛනිකව ලබා දිය යුතුය.
    චර්ම රෝග සුව කර ගන්නා ආකාරය දැනගන්න.
    වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
    සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්අංක 140 1/1ගාලුපාර ගල්කිස්ස.0713503450 / 0701902220 / 0112719000 / 0112735621
    ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
    https://t.me/nayana
    කුරුළෑවක් සැදෙන අයුරු
    බ්ලැක් හෙඩ්ස් කුරුළෑ සේම බැක්ටීරියා ආසාදනයක් නිසා හටගන්නා තත්වයක් බව ඉහත වීඩියෝව නරඹන ඔබට දැකගත හැකි වනු ඇත. බැක්ටීරියාවන් රතුරුවම පගේ සිරුරේ වැඩේ. මෙම බැක්ටීරියාවන්ගෙන් වැඩි කොටසක් මිනිස් සිරුරට හිතවත් වන අතර තවත් කොටසක් හිතවත් වේ. අහිතවත් බැක්ටීරියාවන් වර්ධනය වීම අප වැලැක්විය යුතුය. නමුත් යම් කෙනෙකුගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම යම හේතුවක් නිසා ඉහල යයි නම් ග්ලූකෝස් බහුල මාද්‍යයක අහිතකර බැක්ටීරියාවන්ගේ වර්ධනය ශීඝ‍‍්‍ර ලෙස වැඩිවේ. මෙම බැක්ටීරියාවන් සමට යටින් ඇති ‍රෝම වලට තෙල් සපයන ග‍‍්‍රන්ථි වල වර්ධනය වී බාහිරට නිරාවරණය වීම නිසා බ්ලැක් හෙඩිස් ඇතිවේ. අප සාමාන්‍යයෙන් සිදු කරන්නේ රෝගයක් ඇතිවූ පසු ඊට අවශ්‍ය ප‍‍්‍රතිකාරය බාහිරින් ලබා දීමයි. නමුත් ආයුර්වේදය, හෝමියෝපති, හෙළ වෙදකමල චින ‍පරාණ ‍වෛද්‍යක්‍‍්‍රම වැනි හෝලිස්ටික් වෛද්‍ය ක්‍‍්‍රම වලින් සිදු කරන්නේ අදාල රෝගයට මුල්වූ හේතුව නැති කිරීමයි. එම වෛද්‍ය ක්‍‍්‍රමවලට අනුව බ්ලැක් හෙඕස් වලට අවශ්‍ය වන ප‍‍්‍රතිකාරය වන්නේ රොගී තත්වය පටන් ගන්නා විටම සිරුරේ ග්ලූකෝස් මට්ටම ගැන සොයා බලා ඊට අවශ්‍ය පෝෂණ තත්වටන් සිරුරට ලබා දීම මගින් ස්වභාවිකව නීරෝගී තත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය වන බාහිර උපකාරය සිරුරෙ ආරක්ෂක පද්ධතිය වන ප‍‍්‍රතිශක්තිකරණ පද්ධතියට ලබා දීමයි. එමගින් ඔබගේ රෝගී තත්වය සමණය වනු ඇත.
     

 
 
පොතු කබර රෝගයෙන් පෙලෙන රෝගීන් ජීවත් වන්නේ ඉතාමත් අසරණ තත්වයකිනි. සමහර කෙනෙකුට ජීවිත් වීම පවා බරක් වී ඇත. ඊට හේතු වී ඇත්තේ බාහිරට පෙනෙන ඉතාමත් අප‍‍්‍රසන්න පෙනුමයි. මෙම තත්වය තවත් උත්සන්න වීමට හේතුව වී ඇත්තේ බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මෙම රෝගය සුව කල නොහැකි රෝගයක් ලෙස වර්ග කොට තිබීමයි. බටහිර වෛද්‍ය විද්‍යාවට සුව කල නොහැකි වුවද ආයුර්වේද වෛද්‍ය කුමය, හෝමියෝපති වෛද්‍ය ක්‍‍්‍රමය, චීන ‍පෞරාණික වෛද්‍ය ක්‍‍්‍රමය වැනි හෝලිස්ටික් වෛද්‍ය ක්‍‍්‍රම ‍වල මේ සඳහා ප‍‍්‍රතිකාර ඇත. නමුත් අවාසනාවක මහත මෙම වෛද්‍යක්‍‍්‍රම ගැන ජනතාව තුල ඇති කැමැත්ත ඉතාම අල්පය. මෙම අවාසනාවන්ත යැයි සලකන රෝගයෙන් සුවය ලත් යම් අයෙක් සිටීනම් අදාල වෛද්‍ය ක්‍‍්‍රමය සහ අදාල වෛද්‍ය වරය‍ ගැන මෙම ලිපිය පහලින් සටහන් කරන මෙන් ඉල්ලා සිටිමි. එය මෙම ලිපිය කියවන අයට මහත්වූ අස්වැසිල්ලක් වනු ඇත.
සොරයිසීස් යනු සම මරණයට පත්වීමක් බවත් එය සිදුවීමට බලපාන හේතුව මේ වන තෙක් සොයා ගෙන නැති බවත් සාමාන්‍ය මතයයි. ශාකයක් මරණයට පත්වන්නේ ඇයි? ශාඛය ජීවත් කිරීමට අවශ්‍ය පෝෂණය ජලය සහ වාතය නොමැති වූ විට ශාඛය මැරී යයි. ඊට දිලීර බැක්ටීරියා හෝ වෛරස් ආක්‍‍්‍රමණයක් පිළිල ආක්‍‍්‍රමණයක් පැමිණිවිට ශාඛය තමා සතු සියළු උපක්‍‍්‍රම භාවිතා කලද ඉන් පරාජය වුවහොත් ශාඛය මැරී යයි. සමද මරණයට පත්වීමට හේතු වන්නේ මේ හේතූන්මය.
පොතු කබර රෝගයට හේතුව වන්නේද මෙවැනිම වූ කාරණා දෙකකි. ඉන් පලමුවැන්න අප ඉහත සඳහන් කල පෝෂ්‍ය පදාර්ථ 90 ශරීරයට නොලැබී යාමය. අනෙක් කාරණාව ශාඛයකට දරාගත නොහැකි මටිටමේ බැක්ටීරියා වැනි ක්ෂුද්‍ර ජීවී ප‍‍්‍රහාරයකට සමාන මුක්ත ඛණ්ඩක ලෙස හැඳින්වෙන ( ෆ‍‍්‍රී රැඩිකල් ) ප‍‍්‍රහාරයකට සමේ ජීවී සෛල භාජනය වීමයි. දැන් අප සොයා බැලිය යුත්තේ මේ කාරණා දෙක නිරාකරණය කරගන්නා මාර්ගයක් ඇත්ද යන්නයි.
ඉහත සඳහන් කල පෝෂ්‍ය පදාර්ථ අපගේ ශරීරයට ලබා දීමට ඇති මාර්ග දෙකකි. ඉන් පලමුවැන්න ආහාර වේ. දෙවැන්න අතිරේක පෝෂ්‍ය පදාර්ථ වේ ( food supplements ) ආසාධනය සිදුවීමට කාලයක් ගතවන්නා සේම අදාල පෝෂණ කොටස්ද කාලයක් තිස්සේ සිරුරට ලබා දිය යුතුවේ. නොඑසේ නම් වැඩි පෝෂණ පදාර්ථ ප‍‍්‍රමාණයක් එක් වරකට සිරුරට ලබා දිය යුතුවේ. ‍ඒ අනුව යම් ඉක්මන් ප‍‍්‍රතිඵලයක් බලාපොරොත්තු විය හැකිය. අප ඉහලින්ම දක්වා ඇති ඡායා රූපයේ ඇති පුද්ගලයා මීට හොඳම නිදසුනකි.
දෙවැනි ප‍‍්‍රතිකාරය නම් අප ඉහත සඳහන් කල මුක්ත ඛණ්ඩක වල ප‍‍්‍රහාරය නවතා ලීමයි. මුක්ත ඛණ්ඩක වල ක්‍‍්‍රියාකාරීත්වය නවතාලීමට අප කල යුත්තේ ප‍‍්‍රති ඔක්සිකාරක අපගේ සිරුරට ලබා දීමයි. ප‍‍්‍රති ඔක්සිකාරක ඇති ආහාර ලැයිස්තුවක් අප පහත දක්වා ඇත. ප‍‍්‍රති ඔක්සිකාරක වල මිනුම් දණ්ඩ ලෙස ගැනෙන්නේ orac point යන්නයි. දිනකට මිනිසෙකුගේ ශරීරයේ ඇතිවන මුක්ත ඛණ්ඩක උදාසීන කිරීම සඳහා orac point 20,000 සිට 100,000 ක ප‍‍්‍රමාණයක් අවශ්‍ය වේ. අප දිනපතා ආහාරයට ගන්නා කරඹු නැටි ග‍‍්‍රෑම් 100 ක orac point 340ල000 ක ප‍‍්‍රමාණයක් ඇත. කුරුඳු වල orac point 280.00 ක පමණ ප‍‍්‍රමාණයක් ඇත. මේ අනුව දිනකට කුරුඳු කුඩු ග‍‍්‍රෑම් 10 ක් පමණ මීපැණි සමග ආහාරයට ගත හැකිනම් අපගේ සිරුර‍ට අවශ්‍ය ප‍‍්‍රති ඔක්සිකාරක ප‍‍්‍රමාණය ලැබෙනු ඇත. මේ සියල්ලටම වඩා ප‍‍්‍රභල ප‍‍්‍රති ඔක්සිකාරක විශේෂයක් අපගේ ශරීරයේ නිපදවයිග එය නමින් ග්ලූටතියොන් වේ. ග්ලූ‍ටතියෙන් නිශ්පාදනය කිරීමට අප විසින් විශේෂිත පෙ‍ා්ශ්‍ය කොටස් කිහිපයක් ආහාර සමග අපගේ සිරුරට ලබා දිය යුතුය. එම ‍පෝෂ්‍ය කොටස් පහත අයුරින්වේ.

N-Acytel
Cysteine
Alpha Lipoic Acid
Selenium
Vitamin B12 – B6
Folic Acid

ඔබගේ ආහාර වල ඉහත සඳහන් පෝෂ්‍ය පදාර්ථ ඇත්නම් ඔබගේ ශරීරය නිරන්තරයෙන්ම ග්ලූටතියොන් නිශ්පාදනය කරනු ඇත. ග්ලූටතියොන් මගින් මිනිස් මොළයේ ඇතිවන මුක්ත ඛණ්ඩක ඉතා ඉක්මනින් නිශ්ක්‍‍්‍රීය කරනු ලබයි. එසේ නොවන්නට මොළයේ අභ්‍යන්තර රුධිර ගලනය සිදුවී සහ ස්ට්‍රෝක් නිසා ඇති වන මරණ සංඛ්‍යාත්මකව ඉතා ඉහල අගයක් ගනු ඇත.
ප‍‍්‍රතිශක්තිකරණය නගරයේ පොලිසිය නම් ප‍‍්‍රති ඔක්සිකාරක යනු නගරයේ ගිණි නිවන හමුදාවයි. අ‍පගේ ශරීරයේ විශාලම ආපදාව සිදු කරන්නේ මුක්ත ඛණ්ඩක විසිනි. මුක්ත ඛණ්ඩක විසින් ශරීරයේ ඇති ඕනෑම පටකයකට ප‍‍්‍රහාර එල්ල කරයි. ඔවුන් එසේ කරන්නේ මුක්ත ඛණ්ඩක බිහි වන්නේ සමතුලිතව පැවති පරමාණුවක හෝ අණුවක ඉලෙක්ට්‍රෝණයක් ගැලවී ඉවත් වීම නිසාය. තමන්ට අහිමිවූ ඉලෙක්ට්‍රෝනය නැවත ලබා ගැනීම පිනිස අදාල මුක්ත ඛණ්ඩකය වෙනත් තැනකින් ඉලෙක්ට්‍රෝනයක් ගලවා ගනු ලබයි. දැන් ප‍‍්‍රහාරයට ලක්වූ අනුව ‍නව මුක්ත ඛණ්ඩකයක් ලෙස ක්‍‍්‍රියා කරයි. මේ අනුව තමා අසල ඇති ස්ථායීව පැවති අනු වලින් ඉලෙක්ට්‍රෝන ලගවා ගැනීම නිසා මුළු පද්ධතියම අක්‍‍්‍රීය වීමට මෙය හේතු වේ. සමට සිදු වන්නේද මෙම ක්‍‍්‍රියා වලියමය. ප‍‍්‍රති ඔක්සිකාරක සතුවඅමතර ඉලෙක්ට්‍රෝන ඇත. ප‍‍්‍රති ඔක්සිකාරක මගින් මුක්ත ඛණ්ඩකයක් දුටු වහාම තමා සතු අමතර ඉලෙක්ට්‍රෝන ලබා දී මුක්ත ඛණ්ඩකය උදාසීන කරයි. මේ අනුව තරමක දීර්ඝ කාලීන ක්‍‍්‍රියාවලියකට පසුව මුක්ත ඛණ්ඩක ප‍‍්‍රහාරයට ගොදුරු වෙමින් පැවති සම යලි යථා තත්වයට පත්වේ. අපගේ ශරීරයේම නිපදවන ග්ලූටතියොන් නම් ඔක්සිකාරකය නිපද වීමට අවශවන අප ඉහත සඳහන් කල සියළුම පෝෂ්‍ය කොටස් Chlorella Sorokiniana ඇල්ගී සතුව ඇත. මේ නිසා පොතු කබර සුව කරගැනීමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සහ ඔක්සිකරණය වීමේ ඇති අවදානම වලක්වා ගැනීම සඳහා Chlorella Sorokiniana ඇල්ගී ඉමහත් උපකාරයක් වේ.
හෝලිස්ටික් වෛද්‍ය ක්‍‍්‍රමයේ සුවිශේෂි තාවය මෙයයි. බාහිරින් ඖෂධයක් දෙනවා වෙනුවට අපගේ සිරුරේ ස්වභාවිකව පිහිටා ඇති පද්ධති උපයෝගී කොටගෙන ඒවාට අවශ්‍ය පෝෂණ්‍ය සහ ශක්තිය ලබා දී රෝග සුව කරගැනීමට සිරුරට උදව් කිරීම මෙම වෛද්‍ය ක්‍‍්‍රමයේ මූලිකම ක්‍‍්‍රමවේදයයි. ඔබත් පොතු කබර රෝගයෙන් පෙළෙනවානම් Chlorella Sorokiniana ඇල්ගී සමග එක්වී නිදහස ලැබගන්න.
බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව සොරයිසීස් යනු සුව කල නොහැකි රෝගයකි. ( පහතින් ඇති වීඩියෝව නරඹන්න )
 

PSORIATIc arthritis ( පොතු කබර සමග හටගන්නා ආතරයිටීස් )
ආතරයිටීස් යනු සන්දි වල ඇති වන වේදනාකාරී තත්වයකි. කල් යත්ම ඇඟිලි සහ සන්ධි කොරවීමට පටන් ගනී. සොරයිසීස් රෝගීන් ගෙන් 10% සිට 30% දක්වා කොටසකට මෙම තත්වය ඇතිවේ. ව්ශේෂයෙන් සොරයිසීස් මට්ටම බොහෝ ලෙස පැතිරුණු අයගේ ‍මෙම ආතරයිටීස් තත්වය හටගන්න් බව පෙසී යයි. සම සහ අස්ථ අතර ඇති සම්බන්ධය කුමක්ද? සම සහ අස්ථි අතර නොව සම සහ කාටිලේජ අතර සම්බන්ධයක් ඇත. කාටිලේජ සෑදී ඇත්තෙද සමේ ව්‍යූහයටමය. තවත් ආකාරයකින් කිවහොත් කාටිලේජ සහ චර්මය යන දෙකම එකම ආකාරයක සම්භවයක් ඇති පඨක දෙකකි. හරියට ජලය අයිස් වන්නේ උෂ්ණත්වය අඩු වීම නිසාය. නමුත් ඒ තැන් දෙකේම ඇත්තේ එකම ව්‍යූහයකි. මේ නිසා සිරුරේ ඇතිවන මුක්ත ඛණ්ඩක ප‍‍්‍රහාරය කාටිලේජ වලටද බලපායි. ‍නිසි පෝෂණය නොලැබී යෑම හේතුවෙන් දුර්වල වන පඨක නැවත සකස් කරගැනීමටද කාටිලේජ වලට හැකියාවක් නොමැති වීම හේතුවෙන් ස්නායු තෙරපීමටත් අස්ථි ස්ඵර්ශ වීමත් නිසා වේදනාව හටගනී. මේ හේතුවෙන් Chlorella Sorokiniana ඇල්ගී මගින් පෝශණය ලබන සිරුර තම අස්ථි ආශ‍‍්‍රිතව ඇති කාටිලේජද නැවත සකස් කරගනී. මේ අනුව ආතරයිටිස් රෝගයටද ඉතා ඉක්මනින් සමු දීමට ඔබට හැකිවනු ඇත.
 

 
සුදු කබර රෝගය. ( VITILIGO )
සුදු කබර රෝගය යනු තවත් සුව ‍කල නොහැකි යැයි සැලකෙනල මීයන් සපා කෑම නිසා හටගන්නවා යැයි මිත්‍යාමතයක් ද සහිත තවත් එක් චර්ම‍ රෝගයකි. මෙය ජාන වල විකෘතියක් නිසා හටගන්නා බවද පැවසේල නමුත් මෙම රෝගයටද බලපාන ප‍‍්‍රධානම හේතුව වන්නේ සිරුරේ ඇතිවන තවත් ඛණීජ ලවන සහ ඇමයිනෝ අම්ල ඌණතායක් සහ අප ඉහත සඳහන් කල ආකාරයටම මුක්ත ඛණ්ඩක වල ප‍‍්‍රහාරයකි.
සමේ පැහැය රඳා පවතින්නේ මෙලනින් වර්ණකය නිසාය. මෙම වර්ණක නිශ්පාදනය කරන සෛල විශේෂයක් සමට යටින් ඇත. මෙම වර්ණක නිශ්පාදනය කිරීමට අප විසින් බාහිරින් පෝෂ්‍ය පදාර්ථ දෙකක් ප‍‍්‍රධාන වශයෙන් ලබා දිය යුතුය. ඒ කොපර් ( Cu ) සහ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලයක් වන ටයිරොසින් ( TYROSINE ) වේ. අප ගන්නා ආහාර වල මෙම කොටස් අඩංගු නොවේ නම් මෙලනින් නිශ්පාදනය කරන සෛල වලට අදාල වර්ණක නිශ්පාදනය කිරීමට නොහැකිය. අදාල පෝෂන කොටස් ලබා ගැනීම සඳහා පරිභෝජනය කල යුතු වන ආහාර මෙම වෙබ් අඩවියේ අන්ර්ගත කොට ඇත. 
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
අප විසින් ඉහත සඳහන් කල සේම මුක්ත ඛණ්ඩක වල ප‍‍්‍රහාරයට මෙලනින් නිශ්පාදනය කරන සෛල භාජනය විය හැකිය. එවිට සිදුවන්නේ අදාල වර්ණක නිශ්පාදනය නැවතීමයි. අප මෙය වලක්වාගැනීමට කල යුතුවන්නේ ප‍‍්‍රති ඔක්සිකාරක අවශ්‍ය පමණට අපගේ සිරුරටලබා දීමයි.
මේ අනුව බලන කල සුදු කබර රෝගයද පෝෂණ ඌණතාවයක් නිසාම හට ගන්නා චර්ම රෝගී තත්වයක් බව පෙනී යයි. අවශ්‍ය පෝෂණ්‍ය ලබා දීම තුලින් මෙම රෝගයෙන්ද මිදිය හැකිය. Chlorella Sorokiniana ඒ සඳහා කිදිම විසඳුමක් ලෙස පෙන්වා ‍දිය හැකිය.
Liver Spots ඇති වීමට හේතුව ජාන විකෘතියක් නොව චර්මයට යටින් ඇති මේද ස්ථරය ඔක්සිකරණය වීමයි.
 

 
Liver Spots
Liver Spots ලෙස හැඳින්වෙන දුඹුරු පැහැ ලප සම මතුපිට හට ගැනීම අප බොහෝ විට දැක ඇත්තෙමු. මෙම කැලැල් වලට මේ නම ලැබී ඇත්තේ අක්මාව හා යම් සම්බන්ධයක් ඇති නිසා නොව අක්මාවේ වර්ණය‍ට සමාන වර්ණයක් තිබෙන නිසාය. මෙම තත්වය සාමාන්‍ය තළෙළු හෝ අවර්ණ සමක් ඇති අයට එතරම් ප‍‍්‍රමුඛව නොපෙනුනද සුදු පැහැ සමක් ඇති අයගේ ඉතා පැහැදිලිව පෙනේ. සමේ තැනින් තැන මුලින් තිත් වශයෙන් හටගන්නා මෙම කැලැල් ටිකෙන් ටික වර්ධනය වන ගතියක් පෙන්නුම් කරයි. පිටතින් කුමන ආලේපන කලත් සුව වීමක් සිදු නොවේ. මෙය රෝම කූප ආශ‍‍්‍රිතව පමණක් ඇතිවන රෝගී තත්වයක්ද නොවේ. එසේ නම් මෙම තත්වය ඇතිවීමට හේතු වූ කාරණාව අපි සොයා බලමු.
සම කොටස් තුනකින් සමන්විත වන අතර පිටතින්ම අපිචර්මයද මැද චර්මයද ඊට පහතින් අදශ්චර්මයද පවතී. මෙම ස්ථර අතරින් චර්මය සහ අදශ්චර්මය යන කොටස් තුල මේද තට්ටුවක් ඇත. මෙම මේද තට්ටුවේ ඇති මේදය තැන්පත් කොට ඇති සෛල ඔක්සිකරණය වීම නිසා දුඹුරු පැහැයක් ගනී. මෙම තත්වය පිටතට පෙනෙන්නේ ලිවර් ස්පොට් ලෙසිනි. මෙම තත්වය මගහරවා ගැනීමට අවශ්‍ය වන ප‍‍්‍රතිකර්මය අප මේ වන විට දනිමු. අප කල යුත්තේ ප‍‍්‍රති ඔක්සිකාරක වැඩියෙන් අපගේ සිරුරට ලබා දීමයි. ඒ සඳහා ප‍‍්‍රති ඔක්සිකාරක පිළිබඳ රූප සටහන හොඳින් නිරීක්ෂණය කොට තමා හට ලබා ගත හැකි ආහාර හරහා දිනකට අවශ්‍ය o¾c orac points ප‍‍්‍රමාණය සිරුරට ලබා දෙන්නග ‍ටිකෙන් ටික ලිවර් ස්පොට් අතුරුදන් වනු ඇත.
 

 
අළු හම් යනු අප සමාජයේ බහුලව දක්නට ලැබෙන තවත් එක් චර්ම රෝගයකි. මෙම තත්වයට හේතු වී ඇත්තේ අපගේ ශරීරයේ ඇති යීස්ට් වේ. ඕනෑම කෙනෙකුගේ ශරීරයේ යම් ප‍‍්‍රතිශතයක් යීස්ට් ඇතග ශක්තිමත් ප‍‍්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති කෙනෙකුගේ සිරුරේ යීස්ට් ප‍‍්‍රමාණය ඉතා අඩුය. නමුත් ප‍‍්‍රතිශක්තිය අඩු කෙනෙකුගේ සිරුරේ ඇති යීස්ට් ප‍‍්‍රමාණය ටිකෙන් ටික වර්ධනය වේ. එසේම ග්ලූකෝස් සාන්ද්‍රනය වැඩි පරිසරයකදී මෙම යීස්ට් වර්ධනය තවත් හොඳින් සිදුවේ. මේ අනුව බලන කල දුර්වල ප‍‍්‍රතිශක්තියක් සහ රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රනය වැඩි තත්වයක් යටතේ සිරුරේ ඇති යීස්ට් මට්ටම ඉතා ශීඝ‍‍්‍ර ලෙස ඉහල යා හැකියග මෙය චර්මය තුල ඉතාමත් සාර්තකව වැඩේ යීස්ට් වල පැතිරීම ඇති ප‍‍්‍රදේශ අළු හම් ලෙස අපට බාහිරට පෙනේ.
මෙම කරුණු සලකා බලන කල අපට මෙම රෝගී තත්වය නැති කරගැනීම සඳහා කලහැකි ප‍‍්‍රතිකර්ම දෙකක් ඇති බව‍ පෙනේ. පලමු වැන්න සිරුරේ ඇති ප‍‍්‍රතිශක්තිය වැඩි කිරීම වන අතර දෙවැන්න ලේ වල සීනි පාලනය කිරීමයි. මේ ක්‍‍්‍රමවේදය මගින් සමේ ඇතිවන අළුහම් ඉවත් කර ගත හැකිය.
පහත දක්වා ඇත්තේ චර්ම පිළිකා සහිත රෝගීන් ප‍‍්‍රමාණය අනුව නිර්මාණය කොට ඇති ලෝක සිතියමයි. රතු පැහැයෙන් වැඩි ප‍‍්‍රමාණයක්ද කහ පැහැයෙන් අඩු ප‍‍්‍රමාණයක්ද දැක්වේ.
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
‍මෙත් සිතිනි.පෝෂණ වේදී.නයන තේනුවර.
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්අංක 140 1/1ගාලුපාර ගල්කිස්ස.0713503450 / 0701902220 / 0112719000 / 0112735621
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana

 
චර්ම පිළිකා.
සමේ ඇතිවන පිළිකා චර්ම පිළිකා යැයි හඳුන්වයි. මෙම පිළිකා විශේෂය සෑදිමට හේත් වී ඇත්තේ හිරුගෙන් පතිත වන කිරණ වල ඇති අධෝරක්ත කිරණ වැනි මිනිස් සිරුරට අහිතකර කිරණයි. මෙම කිරණ මගින් සමේ ඇති ජීවී සෛලවල වල සංයුතිය වෙනස් කරයි. මේ නිසා ක්‍‍්‍රමාණුකූලව නව සෛල නිශ්පාදනය කල චර්මය අක්‍‍්‍රමවත් ආකාරයකට විකෘති සෛල නිපදවීමට පටන් ගනී. මෙම තත්වය චර්ම පිළිකාවක් ලෙස හඳුන්වයි. අප ඉහත දක්වා ඇත්තේ චර්ම පිළිකා සහිත රෝගීන්ගේ සංඛ්‍යාව අනුව වර්ගී කරණය කල රටවල් වල සිතියමකි. රතු පැහැයෙන් දක්වා ඇත්තේ චර්ම පිළිකා රෝගීන් වැඩිම රටවල් වේ. කහ පාටින් ඇත්තේ චර්ම පිළිකා ‍රෝගීන් අඩු රටවල් වේ. හිරුගේ කිරණ වැ‍ඩිපුරම වැවෙන සමකයට ආසන්න රටවල් වල චර්ම පිළිකා රෝගීන් අඩු බව පෙනේ. නමුත් ශීත දේශගුණයක් ඇතිසමකයෙන් දුරස්ව පිහිටි රටවල චර්ම පිළිකා බහුල බව පෙනේ.
ඉහත දක්වන ලද තත්වයට හේතුව සොයා බැලීමට සුදුසු යැයි සිතමි. මිනිසාට අහිතකර කිරණ මිනිස් සම මත පතිතවීම වැලැක් වෙන එක් හේතුවක් ඇත. ඒ වායු ගෝලයේ ඉහලින්ම පිහිටා ඇති ඕසෝන් ස්තරයයි. ම වායු ස්ථරය අහිතකර කිරණ පෙරණයක් ලෙස ක්‍‍්‍රියාත්මක වේ. නමුත් නවීන විද්‍යාවේ සහ නව තාක්ෂණයේ ආනුභාවය නිසා පරිසරයට මුදා හරින විශ වායු නිසා ඕසෝන් ස්ථරය සිදුරු වීමට පටන් ගෙන ඇත. පෙනේරයේ තැනින් තැන ලොකු හිල් ඇත්නම් අප විසින් සිදු කරන්නේ අළුත් පෙනේරයක් මිලදී ගන්නා එකයි. නමුත් මෙම පෙරණයට විකල්ප නොමැත. තිබෙන පෙරණය ආරක්ෂා කරගත යුතුය. මෙය සිදු කල හැක්කේ පරිසරයට මුදාහරින විෂවායු අවම කිරීමෙන් සහ වැඩි වැඩියෙන් ගස් වැවීමෙන් වේ.
නමුත් මේ වන විටත් මෙම ස්ථරය සිදුරු වි ඇති බවට සාධක ඇත. රතු පාටින් පෙන්වා අති ඔස්ට‍්‍රේලියාව සහ නවසීලන්තය වැනි රටවල් මෙම තත්වයට ගොදුරු වී ඇති බව පෙනේග රුපියල් ලක්ෂ ගනන් වැය කොට මෙම රටවල පදිංචි වීමට උත්සාහ කරන්නේ මෙම තත්වය නොදන්නා නිසා විය යුතුය. ඉතාමත් නීරෝගී මිනිසුන් ලෙස මෙම රටවලට යන අය නැවත පැමිණෙන්නේ රෝගීන් ලෙසය. නැවත පැමිණෙන විට උපයා ගත් දේවල්ද වියදම් කොට හමාරය. අවසානයේ මහා දුක්ඛිත තත්වයකට මෙම රටවල සේවය කරන අය පත්වේ.
හිරුගේ කිරණ වල ඇති අයහපත් කිරණ වලින් බේරීමට මිනිස් සමේ ඉතා යහපත් අනුවර්ථනය වීමක් ඇත. එය මෙලනින් ලෙස හඳුන්වයිග මෙළනින් මගින් සමේ වර්ණය ඇති කරන අතර අයහපත් කිරණ සමතුලට ගමන් කිරීම වලකාලයි. මෙම වර්ණක නිශ්පාදනය කරන්නේ මෙලනින් සෛල වලය. මෙළනින් නිශ්පාදනය කිරිමට කොපර් සහ ටයිරොසින් නැමති ඇමයිනෝ අම්ලය අවශ්‍යවේ. මේ පෝෂ්‍ය කොටස් දෙකම අපගේ ආහාර සමග සිරුරට ලබා දිය යුතු වේ. යම් හෙයකින් එම පෝෂ්‍ය කොටස් නොමැති වුවහොත් මෙළනින් නිශ්පාදනය ඇන හිටී. මේ හේතුවෙන් හිරුගෙන් නිකුත්වෙන අයහපත් කිරණ වලට තම සිරුර නිරාවරණය වේ. මේ නිසා චර්ම පිළිකා ඇතිවීමට මග සෑදේ.
ඔබ ඉහත සිති‍යමේ ඇති රතුපැහැති රටක වාසය කරන්නේ නම් ඔබගේ ආහාරයට අනිවාර්‍යයෙන් කොපර් සහ ටයිරොසින් නැමති ඇමයිනෝ අම්ලය එක් කොට ගත යුතු වේ. එසේ නොවුනහොත් ඔබට චර්මීය පිළිකාවක් සෑදීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. අනෙක් රටවල සිටින අයද මේ ගැන සැලකිලිමත් විය යුතුය.
Chlorella Sorokiniana සතුව මෙම පෝෂ්‍ය කොටස් දෙකම ඇත. මේ නිසා Chlorella Sorokiniana ආහාරයට ගන්නා කෙනෙකුහට මෙම අවදානම නොමැති බව අපි ඉතා වගකීමෙන් යුතුව පවසන්නෙමු.
BAD FOODS පරිභෝජනය සඳහා නුසුදුසු ආහාර.
පහත සඳහන් ආහාර නිසා අප වෙනත් ආහාර මගින් සිරුරට ලබා දෙන පෝෂ්‍ය පදාර්ථ විනාශ කර දමන බව සොයාගෙන ඇත. මේ නිසා නීරෝගී දිවියක් බලා පොරොත්තු වන කෙනෙකු මෙම ආහාර වලින් තොර විය යුතුය. විශේෂයෙන් සමේ රෝගයක් සුව වීම සඳහා මෙම ආහාර වලින් වැලකීම ඉතා වැදගත්ය. මීට අමතරව ඔබ සමේ රෝගයක් සුව කරගැනීම සඳහා වෙහෙස වෙනවානම් අදාල රෝගය සුව වන තෙක් පැණීරස ආහාරයට ගැනීම හැකිතාක් අඩු කල යුතුය. එසේ සඳහන් කලේ රෝග කාරකයා පෝෂණය කිරිම ‍සීනි වලින් සිදු කරන නිසාය.

Wheat – තිරිඟු‍‍
Barley – බාර්ලි
Rye – රයි
Oats – oatmeal – even if it says that it is Gluten Free – ඕට්ස්
Fried Food – තෙලේ බදින තද ආහාර
Oils – cooking or salad – Yes this includes olive oil and coconut oil – තෙල් වර්ග ( පටක ඔක්සිකරණය වීමට තෙල් උපකාරී වේ. )
Well done red meat (rare or medium-rare is okæ) බාබකියු කල මස්
Deli Meat $ processed meats” any nitrates added to meat – tell your butcher NO NITRATES – සකස් කරන ලද මස් ( සොසේජස්ල මීට්බෝල් වැනි දෑ )
Soda $ carbonated beverages near or with mealtime – කාබනික පාන වර්ග
Skin of a baked potato (or yam& or sweet potato), If you boil a potato” you can eat the skins – බේක් කරන ලද අල හෝ බතල වල පොත්ත”

සුව කල නොහැකි යැයි සම්මත පොතු කබර, සුදු කබර, අළුහම්, ලිවර් ස්පොට්ස්, චර්ම පිළිකා වැනි රෝගදල කුරුළෑ බ්ලැක් ස්පොට්ල වයිට් ස්පොට් වැනි රෝග සඳහාද, ස්ථිර සාර විසඳුම් සහිත ලිපිය කියවා වීඩියෝ නරඹා ඔබත් චර්ම රෝග වලට සමු දෙන්න. 
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්අංක 140 1/1ගාලුපාර ගල්කිස්ස.0713503450 / 0701902220 / 0112719000 / 0112735621
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.

https://t.me/nayana

Nittaa.com DISCLAIMER: This web site is designed to provide nutritional information on selected herbal combinations. It is not intended for diagnosing ailments or prescribing remedies in any way. It is not meant to be a substitute for professional medical help because there is always a risk involved. The publisher and author are not responsible for any adverse consequences or effects resulting from the use of any of the information, or suggestions contained in this web site. If you are unwilling to assume the risk, please do not use this web site and the contain.
වගකීමෙන් යුතුව ඔබ බෙත ඉදිරිපත් කරන මෙම වෙබ් අඩවිය තෝරාගත් ශාක සාර සංයෝජන මත ගොඩ නැගුණු පෝෂණ තොරතුරු සැපයීම සඳහා පමණක් සැලසුම් කර තිබේ. එය කිසිදු ආකාරයකින් රෝග නිවාරණයට හො සුව කිරීම සඳහා වන පිළියම් ලෙස ඉදිරිපත් කර නොමැත. මෙහි සඳහන් කිසිදු ආහාරයක් හෝ නිශ්පාදන භාණ්ඩයක් හෝ පෝෂණ මය ඔසුවක් වෘත්තීය වෛද්‍ය උපදෙස් සඳහා ආදේශකයක් ලෙස අදහස් නොවේ. යම් රෝගියෙකුගේ හෝ රෝගයක වගකීම බාරගත නොහැකි බැවින් මෙ වෙබ් අඩවියේ ඇතුලත් ක්‍රමවේද භාවිතා කිරීම හෝ නොකිරීම පාඨකයාට බාර ක‍්‍රියාවක් වේ. අදාල රෝගියාගේ අවදානම අප ආයතනය හෝ මෙම ලිපි ඉදිරිපත් කරන කතු වරයා නොදරන බැවින් ඔබලා හට මෙම අවදානම ගත නොහැකිනම් මෙම වෙබ් අඩවියේ ඇති කිසිදු තොරතුරක් භාවිතා නොකල යුතු බවට මෙයින් ප‍්‍රකාශ කර සිටිමු.

Tags: Chronic Diseases