මේ පිලිබද විග්‍රහයක් පහත වීඩියෝ වල ඇත. ඒවා නරඹා තේරුම් ගන්න.
මා මෙහිදී කතා කරන්නට යන්නේ වෙනත් කාරණයකි. අපි ඉහත කතා කලා කැලිස්යම් අඩු වීම නිසා අස්ථි දුර්වල වන බවත් ඒදුර්වල තැන් වලින් එලියට අස්ථි වල නෙරිම් ඇති විය හැකි බවත්. ඒ ගැන යම් දැනුමක් ඇතැයි සිතමි. අපි මෙහිදී කතා කරන cranial nerves කපාල ස්නායු. එම ස්නායු ගණන 12ක් වේ. ඒවා පහත අයුරින් දැක්විය හැකිය.
I. ආඝ්‍රාණ ස්නායුව – Olfactory nerveII. දෘෂ්ටික ස්නායුව – Optic nerveIII. අක්ෂිචාලක ස්නායුව – Occulomotor nerveIV. කප්පික ස්නායුව – Trochlear nerveV. ත්‍රිශාඛ ස්නායුව – Trigeminal nerveVI. අපනයන ස්නායුව – Abducent nerveVII. වක්ත්‍රීය ස්නායුව – Facial nerveVIII. ආලින්ද-ශංඛ ස්නායුව – Vestibularcochlear nerveIX. හ්ව-ග්‍රසනික ස්නායුව – Glossopharyngeal nerveX. වාගුස්/සාරිකා ස්නායුව – Vagus nerveXI. උපකාරක ස්නායුව – Accessory nerveXI. අධෝ-හ්ව ස්නායුව – Hypoglossal nerve
මෙම ස්නායු වලට දී ඇති නමෙන්ම එක් දෙයක් තේරුම් ගත හැකිය. එනම් කපාලය හා ඇති සම්බන්ධකමක් ගැනයි. කපාලය කියන්නේ හිස්කබලයි. හිස් කබල ඇතුලත ඇති කුහර තුලින් තමයි මේ ස්නායු එලියට එන්නේ. එසේ එලියට එන කුහර වල අපි ඉහතකී නෙරීමක් ඇති වුවහොත් කුමන තත්වයක් ඇතිවෙිවිද? අදාල ස්නායුව මගින් පාලනය කරන ඉන්ද්‍රිය පාලනයෙන් තොර වෙනවා කියා සිතන්නට නොහැකිද? ඔබගේම නුවනින් විමසා බලන්න. සිතන්නට කාගේවත් උපදෙස් ගන්නට අවශය නැහැනේ නේද?
පලවැනි ස්නායුව එලියට එන කපාල කුහරය තුල කැල්සියම් නෙරීමක් ඇතිවුවහොත් ගද සුවද දැනීමට ගැටලුවක් ඇතිවේ.
දෙවැනි තුන්වැනි ස්නායු පිටතට පැමිණෙන කුහර වල එසේ යම් නෙරීමක් ඇතිවී නම් අදාල ස්නායුව තෙරපීමට ලක්වීම නිසා පෙනීමේ ගැටලුවක් ඇතිවේ.
අටවැනි ස්නායුව එලියට එන කුහරයට මේ තත්වය ඇතිවීම නිසා ඇසීමේ දුර්වලතා ඇතිවේ. මේ ලෙසට සිරුරේ ඒක් එක් කොටස් දුර්වල වන්නට පටන් ගනී. හේතුව කිසිවක් නොව ඔබගේ ආහාරයේ කැල්සියම් නොමැති වීමයි.
දැන් මෙවැනි තත්වයක් ඇති කෙනෙකුට අපි මුලින්ම කරන්නට තියෙන්නේ කැල්සියම් බහුල ආහාර ලබා දිමයි. එසේම මෙවැනි අයගේ පැරත්හෝමෝනවල තත්වයත් පැරා තෛරොයිඩ් ග්‍රන්ති වල තත්වයත් සොයා බැලීම වැදගත් වෙනවා. ඒ අනුව අපිට රෝගයේ හෝඩුවාවක් සොයා ගෙන කැල්සියම් සප්ලිමන්ට් එකක් ලාබා දීම මගින් සහ ඊට අදාල වෙනත් පෝෂ්‍ය කොටස් ලබා දීම මගින් රෝගි තත්වයෙන් මිදෙන්නට පුලුවන්.
අපි සිංගප්පූරුවේදී මේ සදහා දෙන සප්ලිමන්ට වර්ග තියෙනවා. ඒවා මාස දෙකක් තුනක් විතර ගන්නවිට ඒ අයට අදාල අපහසු තා නැතිවී යන බව අපි දැන තිබෙනවා. කෙසේ වෙතත් අපි මුලින්ම බයෝරෙසොනන්ස් ටෙස්ට් එකක් කරලා පැරා තෛරොයිඩ් ග්‍රන්ථියේ තත්වය සහ පැරත් හෝමෝන වල තත්වය සොයා බලනවා. එසේම ඔස්ටියෝ පොරෝසිස් තත්වයක් ඇත්දියිද සොයා බලනවා. මේ අනුව අපිට හැකි වෙනවා කපාල ස්නායු වලටත් මේ තත්වය බලපා ඇති බව දැනගන්නට. ඒ අනුව අපිට තිරනය කරන්නට පුලුවන් මොනවගේ පෝෂ්‍ය කොටස් රෝගීයාට ලබා දීය යුතුද යන්න. එම පෝෂ්‍ය කොටස් ස්වභාවික මාද්‍යයකින් ලබාගැනීමද ඉතාමත් අවශ්‍ය කාරණ්‍යක්. මොකද කෘතීම කැල්සියම් සහ ඇනෙකුත් පෝෂ්‍ය කොටස් අපගේ අන්ත්‍ර මගින් අවශෝෂනය කරගන්නට මැලි වීම නිසා.
පහත වීඩියෝ දෙක නරඹා කපාල ස්නායු ගැන යම් දැනුවක් ලබා ගන්න.
ඔබට යම් දැනුමක් ලැබුනා නම් මෙම ලිපිය ෂෙයාර් කර තම සාමාජීය වගකීම ඉටු කරන්න.
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
මෙත් සිතිනි.පෝෂණ වේදී.නයන තේනුවර.
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්අංක 140 1/1ගාලුපාර ගල්කිස්ස.0713503450 / 0701902220 / 0112719000 / 0112735621
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana