ඉන්සියුලින් හොර්මෝන් එක වැඩ කරන්නේ නැති වෙලාවට ග්රෝත් හොර්මෝන ය වැඩ කරනවා නේද?


අපේ ටෙලිග්රෑම් ගෘප් එකේ සාමාජිකයෙක් ඇසූ පැණයකට දුන් පිලිතුර මෙසේ සටහන් කරන්නම්. බොහෝ දෙනෙකුට වැදගත් වන නිසා. අවශය අය ප්‍රශ්න ඉදිරිපත් කරන්න. එක එක විසද ගමු.
ප්‍රශ්නය වෙලා තිබුනේ ඉන්සියුලින් හොර්මෝන් එක වැඩ කරන්නේ නැති වෙලාවට ග්රෝත් හොර්මෝන ය වැඩ කරනවා නේද? නිතරම ආහාර ගන්නවාට වඩා පිලිවෙලක් ඇතුව නියමිත වෙලාවට ආහාර ගැනීම තුලින් ග්රෝත් හොර්මෝන ය වැඩදායි ලෙස යොදාගත හැකි බව අසා ඇත
මා දුන් පිලිතුර, ග්රෝත් හෝමෝන කියන්නේ පිටියුටරි හෝමෝන් එකක්. ඒක සාමාන්‍යෙයන් වයස 30 ක් විතර වුනාට පස්සේ වසර දහයකට 10% බැගින් පමණ නිශ්පාදනය අඩු වෙනවා. ඒ නිසා කොලැජන් නිපදවීම,
ඉන්සියුලින් ග්රෝත් ෆැක්ට්ර් නිපදවීම වාගේ ක්‍රියාවන් බොහොමයක් අඩුකරනවා මේ නිසා අක්මාවට රුධිරයේ සීනි පාලනය කරගන්න ටිකක් අමාරු වෙනවා. ඉතිං සමහර වෙලාවට අවශ්‍ය ග්ලූකෝස් ප්‍රමාණය රුධිරයේ නැති වෙන්න පුලුවන්. මේ වලොවට වෙහෙසයි කියලා තමයි දැනෙන්නේ. දැන් අපි වයසයිනේ කියලා කියන්නේ මේ නිසා. නමුත් CGF ( Chlorella Growth Factor ) වලටත් පුලුවන් ග්රෝත් හෝමෝනය මගින් සිදුකරන උත්තේජනය කරන්න. ඉතිං කොළපාට එලවලු වැඩිපුර කන කෙනෙකුට අර 10% අඩුවීම ඒතරම් දැනෙන්නේ නැහැ. නමුත් නවීන කෑම වේල තුල කොල වර්ග නැති නිසා දැන් අවුරුදු 40 වෙනකොටම අතන රිදෙනවා මෙතන රිදෙනවා කියන්න පටන් ගන්නවා දියවැඩියා රෝගින්ගේ රුධිරයේ ග්ලූකෝස් වැඩිවීමට වඩා අඩුවීම නිසයි බරපතල තත්වයන් ඇතිවෙන්නේ. මොකද වැඩි වුනාම අඩු කරගන්න ක්‍රම තිබුනට අඩු වුනාම වැඩි කරගන්න ක්‍රමයක් නැහැ. එකම ක්‍රමය තමයි ඉන්සියුලින් ග්රෝත් ෆැක්ටර් IGF මගින් අවශ්‍ය ප්‍රමාණය පවත්වාගෙන යෑම. ඉතිං මෙහිදී ග්රෝත් හෝමෝනය ඉතාමත් වැදගත්.ඒ IGF හෝමෝනය නිපදවන්නට අවශ්‍ය උත්තේජනය ග්‍රෝත් හෝමොනය මගින් ඇති කර දෙන නිසා. CGF ( Chlorella Growth Factor ) ශාඛ හෝමෝනයක්. එය IGF ( Insulin Growth Factor ) නිපදවීම සදහා අක්මාව උත්තේජනය කරීමට ග්රෝත් හෝමෝනය වගේම ක්‍රරියාත්මක වෙනවා. ඒ නිසයි කොළවර්ග ආහාරයට ගන්න කියන්නේ. තිත්ත කොළ වර්ග වල IGF බහුලයි ලොව වැඩියෙන්ම CGF ඇත්තේ ක්ලොරෙල්ලා සොරොකිනියානා කියන ඇල්ගී වර්ගයේ. ඒ නිසයි දියවැඩියාව තියෙන කෙනෙකුට මෙම ඇල්ගී ඉතාමත් වැදගත් වන්නේ.

ඔබ තවමත් අපගේ ටෙලිග්‍රැම් ගෘප් එකේ සාමාජිකයෙක් නොවෙනම් පහත ලින්ක් එක මගින් අප හා එක්වී දැනුම ලබා ගන්න.
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
‍මෙත් සිතිනි.
පෝෂණ වේදී.
නයන තේනුවර.
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්
අංක 140 1/1
ගාලුපාර ගල්කිස්ස.
0713503450 / 0701902220 / 0112719000 / 0112735621
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana