සෙම් ‍‍ගෙඩි නිතර හැදෙන එක ගැන පාඨකයෙක්ට මා දුන් පිලිතුර.


සෙම් ‍‍ගෙඩි නිතර හැදෙන එක ගැන එක් පාඨකයෙක් ප්‍රශ්නයක් අසා තිබුනා. එය අනෙක් අයටත් වැදගත් වෙයි කියලා හිතුන නිසා මා දුන් පිලිතුර මෙහි පල කලා.

අපගේ මුඛය කියන්නේ අපගේ ශරිරයට විශබීජ ඇතුලුවන ප්‍රධානම මාර්ගය. මේ නිසා අපේ බෙල්ල දෙපැත්තේ තියෙනවා ආරක්ෂක කුටි දෙකක්. එයාල එතනින් පාස් කරන අය තමයි ඇතුලට යන්නේ. ඒ තමයි ටොන්සිල්ස්. ටොන්සිල්ස් ඉමියුනිටි එකත් එක්ක සම්බන්ධයි. යම් ආපදාවක් ඇති විය හැකි දෙයක් මේ මාර්ගයෙන් ඇතුළු වෙනවා නම් ඒ ගැන ප්‍රතිශක්තිකරණ පද්ධතියට දැනුම් දෙන්න ටොන්සිල්ස් වලට හැකියාව තියෙනවා. ප්‍රතිශක්ති කරණය දුර්වලයි කියන්නේ මේ එන විශබීජ ඇතුලට ගියොත් විශාල ගැටලුවක් වෙනවා කියන එකයි. මේ නිසා ටොන්සිල්ස් කරන්නේ විශාල වෙහෙසක් දරනවා මේ අයව නතර කරගන්න. අන්න ඒ වෙහෙස නිසා ඒවා ඉදිමෙනවා. එවිට රිදෙනවා. අපි කරන්න හදන්නේ මේ ගාඩ් ලා දෙන්නා අයින් කරන එක හෝ එයාලව පැත්තකට කරලා තියෙන එකයි. ඇත්තටම අපි කරන්න ඕනි ඉමියුනිටි එක ශක්තිමත් කරන එකයි. එවිට ටොන්සිල්ස් වලට වැඩි වෙහෙසක් දරන්න වෙන්නේ නැහැ.
‍සෙම් ගෙඩි නිතර සැදෙනවා කියන්නේ අදාල පුද්ගලයාගේ ප්‍රතිශක්තිය දුර්වලයි. ඒ සදහා අවශ්‍ය උපදෙස් ලබා ගන්නයි තියෙන්නේ. නැතුව ඒවා ඉවත් කරන්නවත් වේදනා නාශක ගන්න එකවත් නෙවෙයි.
‍මෙත් සිතිනි…!!