ඒරාෂ්ටක අපල අතරින් දරුණුම ඒරා්ෂ්ඨක අපල කාලය කුමක්ද කියා පැණයක් අසා තිබුනා. ඊට මා දුන් පිලිතුර.


ඒරාෂ්ටක අපල අතරින් දරුණුම ඒරා්ෂ්ඨක අපල කාලය කුමක්ද කියා පැණයක් අසා තිබුනා. ඊට මා දුන් පිලිතුර ඔබලා කිහිප දෙනෙකුට හෝ වැදගත් වේ යැයි සිතුන නිසා පෝස්ට් එකක් ලෙස පලකලා.
ඉක්මනින් ටයිප් කල නිසා අකුරු වැරදි ඇති ඒ ගැන සිතන්න එපා.
ජ්‍යෝතිෂය යනුකරපින්නා‍‍ගෙන යා යුතු සාස්ත්‍රයක් නොවේ. නමුත් එයින් යම් මාර්ගයක් හෙළි පෙහෙලි කරගත හැකිය. අපි හදහන බලන්නේ දුකක් කරදරයක් ආ විටය. වලට වැඩුනට පස්සේ ඇයි වැටුනේ කියලා තමයි බලන්නේ. ඇයි අපිට බැරි යමක් කමක් තියෙන කාලෙට හදහන බලන්න. ඇත්තටම බලන්න අවශ්‍යත් නැහැ. තමන්ට අද තියෙනවා හෙට නැතිවෙන්න පුලුවන් කියලා දැනගත හැකිනම් ඒ ඇති. ඉතිං හෙට නැතිවෙන නිසා අද ඉතිරි කල යුතුයි. ඉතිරි කරන්නේ කොහොමද කියන එක ඊලග ගැටලුව. ඉතිරි කරන්නට පෙර ණය බේරිය යුතුයි. ණය ගත්තේ කාගෙන්ද? ණය ගෙවන්නේ කොහොමද කියන එක බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉණ සූත්‍රය කියවා බලන්න. එහි තියෙනවා අපි ණය වෙලා තියෙන හැටි. ඉතිං ඒවා ගෙවා දාන ක්‍රමයකුත් තියෙනවා. ඒ තමයි දානය කියන්නේ. දානය මගින් කරන්නේ තමන් ගත් ණය ගෙවා දැමීමයි. අපි ගත්ත දෙයක් මිස අලුතෙන් දෙන්නට දෙයක් නැහැ. මේ කාරණය මම කිහිප වතාවක් ම පැහැදිලි කර ඇති නිසා මෙහිදී පැහැදිලි කිරීමක් අවැසි නැතියි සිතනවා. ඔබ යම් අවශ්‍ය තාවයක් ඇති කෙනෙක් දුටුවිට හිතෙනවා නම් මමත් මේ තත්වයට පත්වුනොත් මොකද වෙන්නේ කියලා ඒ කෙනාට තමන්ට හැකි ආකාරයෙන් උපකාර කරන්න. ඒ ජීවත්ව ඉන්න පෙනෙන අයට. ඔබට හිතෙනවා නම් මා අතින් අනන්ත සංසාරයේ මොන තරම් පිරිසකට අවැඩ අසාධාරණය වී ඇත්ද? මම ඒ වෙනුවෙන් වන්දි ගෙවන්න ඕනි කියලා. අන්න ඒ වෙලාවට ගෙදර කැටයක් පටන් ගන්න තමන්ගේ අනන්ත සංසාරගත ඥාති නිදහස් කරන්නට දොලොස් පිරිකර සහිත සාංඝීක දානයක් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා වෙනුවෙන් පූජාකරනවා කියලා අදිටන් කරගෙන. එදා ඉදලා ඒ කැටයට මුදල් එකතු කරන්න ඒ මහා දානය දෙන අධිෂ්ඨානය ඇතිව.
මේ දේවල් කරන්නේ තමන්ට ඇති හැකි වෙලාවට. ඉතිං යම් දවසක මේ ඇති හැකි තත්වය නැතිවෙලා නැති බැරි තත්වයකටද අපි පත්වෙනවා. කවුරු මොනවා කිව්වත් සොබා දහමට අපි අවනත විය යුතුයි. ඉතිං මේ සියල්ල එන්නේ අපි කල කුසල අකුසල ශක්තියට අනුවයි. කුසල දහයක්ද අකුසල දහයක්ද තියෙනවා. මේවාට දස කුසල සහ දස අකුසල කියලා කියනවා. මේ දහය මේ ජීවිතයට අාපු විදිහ තමයි දසාව කියන්නේ. ඉතිං කාලයක් එනවා කුසල කර්ම කල නිසා තමන් ගෙනා ශක්තිය ගෙවන්න. මේකාලයට අපි ඉතා සතුටින් මුහුන දෙනවා. ජ්‍ේ‍යා්තිෂයේදි මෙම කාලය යම් යම් ග්‍රහයන් විසින් නියෝජනය කරනවා. මේ ග්‍රහයා කියන්නේ අහසේ සිටින ග්‍රහයා නෙවෙයි. ඒ අපි ග්‍රහණය කරගත් ශක්තියයි. පැරණි ඍෂි වරුන් අහසේ ඇති තාරුකා වලට අනුව ඒ ශක්තිය මැණ බලන ක්‍රමයක් හදාගත්තා. ඒකයි වෙලා තියෙන්නේ. නමුත් එය සත්‍යද අසත්‍යද කියලා සොයන එක නොව තමන් කල කුසල කර්ම මෙමේ කාලවලදී ගෙවන්නටද තමන් කල අකුසල කර්ම මෙමෙ කාල වලදී ගෙවන්නටද සිදුවන බවදැනගැනීම වටිනවා. ඒ දැන නොගත්තා කියලා ප්‍රශ්නයක් නැහැ මම පෙර කී ආකාරයට ඇති හැකි වෙලාවට තමන්ගේ ණය බේරාගත්තා නම්.
සාමාන්‍යෙයන් ලග්නයේ සිට 1/5/9 වගේ ස්ථාන වලට අධිපති ග්‍රහයෙක්ගේ දසාවක් ඔබ ගෙවන්නේ නම් ඒ කාලය ඉතාමත් සුබ කාලයක්. ඒ කියන්නේ ඒ කාලයතුල ඔබ කල පින් තමයි වැඩිපුර පලදෙන්නේ නමුත් ඒ කාල වලදීත් ඒරාෂ්ඨක කියලා එකක් එනවා. ඒ තමයි එක ග්‍රහයෙක් අනෙක් ග්‍රහයන් අට දෙනාගේම බලය යටපත් කරනවා. ඒ කියන්නේ ඔබ කල අකුසල ශක්තියක් අන් සියලු ශක්තීන් පරයා නැගී සිටිනවා කියන එකයි. මේ කාලය එන්නේ ඔබ හෙන හුරු කල ගුණයන් නිසයි. මේ හෙන හුරු කරන ගුණ්‍ය අදත් ඔබ වඩනවා වෙන්න පුලුවන්. අනෙකාට හෙන ඉල්ලන අය අදටත් ඉන්නවා. අනෙකාට ඊර්ෂ්‍යා කරන අය මේ ඝණයට වැටෙනවා. මේ හෙන හුරු කරන ගුණ්‍ය තමයි හෙන හුරු නැතිනම් සෙන සුරු කියලා අපිට වද දෙන්නේ. ඉතිං මේ කාලයතුල අනෙකාගේ සැප දැකලා හූල්ල හූල්ල ඉන්න මානසිකත්වයක් තමයි හැදෙන්නේ. ඒ නිසා කරන වැඩ හරියන්නේ නැහැ. මොකද තමන්ගේ සිත දූෂ්‍යයිනේ. නමුත් ඔබ ගෙවන්නේ හොද දසාවක් නම් ඔබට එන සිතිවිලි පාලනය කරගන්නට ඔබට හැකි වෙනවා. ඒ නිසා සිත දූෂ්‍ය වන ප්‍රමාණ්‍ය අඩු වෙනවා. ඒ නිසා ගෙවන්නට වෙන දුක් ගැහැටත් අඩුයි.
දැන් ඔබ ගෙවන්නේ ඔබ පෙර සසරේ කල අකුසල කර්ම වෙනුවෙන් වන්දි ගෙවන කාලයක් නම් ඔබගේ සිතිවිලි කොහොමත් අදුරුයි. ඒ නිසා විදින්නට වෙන ගැහැට ද ඉතාමත් කර්කෂයි. ඔබට කරන්නට ඇති දේ මම මුලින්ම කිව්වේ ඒකයි. ඒ දේවල් ඔබ ඇති හැකි වෙලාවට කරලා තිබුනා නම් ඔබට විදින්නට වන ගැහැට අඩු වෙනවා.
ඒරාෂ්ඨකය ගණණය කරන ක්‍රම කිහිපයක් තියෙනවා. ශනි ග්‍රහයා ලග්නයේ සිට 12/1/2 යන ස්ථාන වල ගමන් කරන කාලය, ශනි ග්‍රහයා ලග්නයේ සිට 8 වැන්නේ ගමන් කරන කාලය, ශනි ග්‍රහයා චන්ද්‍රයා උපතේදි සිටින ස්ථානයෙන් 8 වැන්නේ ගමන් කරන කාලය, ශනි ග්‍රහයා උපතේ දී චන්ද්‍රයා සිටි තැන 1 ලෙසට ගත්තොත් එතැන් සිට 12/1/2 කියන ස්ථාන වල ගමන් කරන කාලය ලෙස ගත හැකිය. මේ සියලුම අවස්තා ඒරාශ්ඨක වේ. ශනි ග්‍රහයා සාමාන්‍යෙයන් වසර දෙකහමාරක් විතර එක රාශියක ගමන් කරනවා. මේ නිසා ඒරාෂ්ඨක කාලය වසර හතහමාරක් හෝ දෙකහ මාරක් ලෙස සාමාණයෙ යෙන් කියන්න පුලුවන්.
‍මේ ගණනයන් කෙසේ වුවත් තමන් යහපත් දශාවන් ගෙවන කාලවලදි යහපත් දේවල් කරන්නට තමන් උපයන දේ වලින් කොටසක් යොදාගන්නවා නම් මේ ගැහැට වලින් මිදෙන මගක් එහි ඇති බව පමණක් සිත්හි තබා ගැනීමම වැදගත් වේ. විශේෂයෙන් දොලොස් පිරිකර සහිත දානය දීම ඉතාමත් වැදගත් වන අතර මා විසින් ඒ ගැන ලිපි ලියා ඇත. ඒවා කියවන්න.
‍මේ දේවල් භෞකිත වාදීන් උදෙසා නොවන බව කරුණාවෙන් සලකන්න.
මෙත් සිතිනි..!!