ලෙඩරෝග හැදෙන්නට ප්‍රේත දෝෂ බලපානවාද කියලා පැණයක් අසා තිබුනා. එයට මා දුන් පිලිතුර මෙහි අන් අයටත් දැකගන්නට හැකිවන සේ පල කරමි.
සමහර පිලිතුරු දැක්කම ඒ අය ගැන දුකත් හිතෙනවා.
අපි දන්න දේවල් තියෙනවා. නොදන්න දේවල් තියෙනවා. මේ දෙකටම අමතරව නොදන්නේ මොනවාදැයි නොදන්න දේවල් තියෙනවා. අපි සතුව ඇති ඉතාම කුඩා දැනුමක් උපයෝගී කරගෙන සියල්ල දන්නවා වාගේ පිලිතුරු දෙන්නට යන එකෙන් බොහෝ දෙනෙකුට අවැඩ අසාධාරණය සිදු විය හැකියි. අද මේ දේ සමස්ථ මිනිස් සමාජයටම සිදු වෙලා හමාරයි.
ප්‍රේතයන් කියලා කොටසක් ඉන්නවාද කියලා මුලින්ම දැනගත යුතුයි. එසේ ඉන්නා බවවත් පිලිගන්නේ නැති කෙනෙක් කෙසේ මේවා තේරුම් ගන්නද? ඒ අයට මේවා පහදා දීමට යෑම කාලය කාදැමීමක් පමණි.
නමුත් මේ ගැටලුව ඇසූ කෙනාට යම් පිලිතුරක් දෙන්නම්. සමහර විට ඔබට ඇති යම් ගැටලුවක් නිසා මේ පැනය අසන්නට ඇතැයි සිතනවා. ඒ අයට මට හැකි පිලිතුරක් දෙන්නට මෙම කෙටි කාලය මිඩංගු කරන්නම්.
ප්‍රේතයන් වෙලා උපදන්නේ මැරෙන මොහොතේ යම් ආශාවකින් යම් දෙයක් අල්ලාගෙන මැරෙන අයයි. පිරිමියෙන් වැඩියෙන්ම ආශා කරන්නේ කුමකටද? ස්ත්‍ර්යක් වැඩියෙන්ම ආශා කරන්නේ කුමකටද? මේ ගැටලුවට පුදුන් වහන්සේ පිලිතුර වෙලා තියෙන්නේ ස්ත්‍රිය පුරුෂයාටත් පුරුෂයා ස්ත්‍රියටත් වැඩියෙන්ම ආශා කරන බවයි. ඉතිං මෙතුවක් කල් තමාගේ සිතේ තිබුනු ඒ රෑපයට ඇති දැඩි බැදීමත් එක්ක යම් කෙනෙක් මරණයට පත් වුනහොත් ඒ රුපයට ආශා සහිත ප්‍රේතයෙක් වෙලා උපදනින් පුලුවන්. ඒ ප්‍රේතයා කෙස් ගහක ඇසට නොහෙනෙන ලෙසට සැගවී සිටිය හැකි ප්‍රේතයෙක් හෝ ශරීරයේ තමන් වැඩියෙන්ම ආශා කල කොටසක රුධිරයට හෝ මාංෂ පේෂියක රස විදිමන් සිටින ප්‍රේතයෙක් ලෙස හෝ ඉපදීමට ඉඩඇත. එසේ වන්නේ අපිද යම් ණයක් ගෙවන්නට ඇති නිසාය. තමන්ගේඥාති වර්ගයා මේ විදින දුකෙන් නිදහස් කරන වැඩපිලිවෙලක් අපි කිහිප විටක්ම මේ ගෘප් එකේ කතා කලා. ඒ ලිපි කියවලා බලන්න. එවිට මේ ගැටලුවෙන් නිදහස් වන්නට හැකි වේවි.
ඔබ මේ දන්නේ මේ භවය ගැන පමණි. නමුත් ඔබගේ පියයුරු වලට ආශාවෙන් මිය ගිය කෙනෙක් ඔබ උපදින උපදින භවයක් භවයක් පාසා ඔබගේම පියයුරු වල මාංශ වල රස බලන්නට එන්නට හැකි බව ඔබ සමහර විට සිතන්නේ වත් නැතිව ඇති. එවැනි අයට සැදෙන පිලිකා වලට පියයුරු පිලිකා කියලා කියනවා. සුව කරන්නට නොහැක්කේද අදාල ප්‍රේතයන් එහි සිටන නිසාය. අපි කල යුත්තේ අදාල ප්‍රේත අත් බැවේ සිටින කෙනාට එම තැන්න් මිදී පින් ගෙන යම් උසස් අත් බැවක උපදින්නට හැකි වන සේ පින් අනුමෝදන් කිරීමයි. පහත ලිපියේ ඇත්තේ එවැනි පින් කමකි. ඒ පුණ්‍යානු මෝදනාව නිසා අපි මේ කතා කරන ප්‍රේතයන්ටද එම අත් බැව් වලින් නිදහස් වන්නට හැකි වේවි.
ඔබ මේවා පිලි නොගන්නේ නම් මේ ගැන වද වෙන්න එපා. තමන් යන ගමන යන්න. මම මේ ටික කිව්වේ මෙමගින් යම් සෙතක් ශන්තියක් උදාකර ගත් පිරිස් මේ සමාජයේ සිටින නිසාය. තමන්ගේ ඥාති වර්ගයාට පින් අනුමෝදන් කරන පිලිපෙලකුයි මේ ලිපියේ කියලා තියෙන්නේ. එහිද වැරදි දකින්නේ නම් මා හට කල හැක්කක් නොමැත. ඔබම තීරණ්‍ය කරන්න. ඔබද යම් දවසක දුකට පත් වුන විට සමහර විට මේකට හේතුව මෙය දොයි සැක සිතේවි. එදාට මෙම ලිපිය කියවලා බලලා අවශ්‍ය කටයුතු කරන්න. වෙනස ඔබටම දැක ගත හැකි වේවි.
මෙත් සිතිනි…!!
ලෙඩරෝග හැදෙන්නට ප්‍රේත දෝෂ බලපානවාද කියලා පැණයක් අසා තිබුනා. එයට මා දුන් පිලිතුර.
·
by