හිසරදයක් ඇතිනොවූ කෙනෙකු මිහිපිට ඇත්දැයි සැක සහිතය. සියළුම හිසරද අතරින් මිග්රේන් යනු විඳ දරා ගත නොහැකි වේදනාවක් බව මෙම තත්වයට මුහුණ දුන් අය හොඳින්ම දනී. මෙම තත්වයට හේතුවක් සොයා ගෙන නොමැති බව නවීන විද්‍යාව තහවුරු කරයි. නමුත් මෙම තත්වය සුව කරගැනීමට ආයුර්වේදය, චීන පාරම්පරික වෛද්‍ය ක්‍රමය, චීන කටු චිකිත්සාව, හෝමියෝපති වැනි හෝලිස්ටික් වෛද්‍ය ක්‍රම අනුගමනය කරන ඖෂධ වලට හැකි බව එම වෛද්‍ය ක්‍රම භාවිතා කරන වෛද්‍ය වරුන් දනී. අප මෙම ලිපිය මගින් උත්සහ කරන්නේ අදාල ඖෂධ ගැන ඔබට පැවසීමට නොව, මිග්රේන් ඇතිවීමට හේතුව ගැන යම් දැනීමක් ලබාගැනීම සහ අදාල තත්වයට පිලියම් යෙදිය හැකි ක්‍රම ගැන යම් දැනුමක් ලබා දීමටය.
වේදනාවක් අපට දැනීමට නම් අදාල වේදනාව ඇතිවන ස්ථානයේ වේදනා සංවේදී ස්නායු තිබිය යුතුය. මෙවැනි ස්නායු ශරීරයේ බොහොමයක් තැන් වල පවතී. විශේෂයෙන් අපගේ සමට ආසන්නයේ මෙවැනි වේදනා සංවේදක නියුරෝන බහුලව පවතී. මිනිස් මොළයේ වේදනා සංවේදක නියුරෝන නොමැත. මේ නිසා හිස රුදාව යනු මොළය හා සම්බන්ධ වේදනාවක් නොවන බව අපිට වටහා ගත හැකිය. මොළයට පිටතින් හිස් කබලද ඊටත් පිටින් මාංශ පේශීන්ද රුධිරය පරිවහනය කරන ධමනි සහ ශිරාද පිටතින්ම සමද පවතී. මෙම වේදනාව හටගන්නේ කිනම් ස්ථනයකද යන්න තේරුම් ගැනීම ඉතා වැදගත්ය. හිසේ කැක්කුමක් හටගත් විට නලල දෙපැත්තේ ඇති ධමනි දෙක දිගේ අත ගෙන ගියහොත් එම ධමනි වල මෙම වේදනාව ඇති බව ඉතා හොඳින් වැටහේ. මේ නිසාම අදාල ස්ථානයේ වේදනා සමනය කල හැකි යැයි පවසන බාම් වර්ග ආලේප කිරීම අපි නිතරම කරන ප්‍රතිකර්මයකි.
මේ කරුණු නිසා ප්‍රථමයෙන්ම ධමනි සහ ශිරා ගැන යම් දැනුමක් ලබා ගැනීම සුදුසු වේ. ධමනි යනු පිරිසිදු රුධිරය හෘදය වස්තුවේ සිට දේහ ෙසෙල කරා රැගෙන යන රුධිර නාල වේ. ශිරා යනු අපිරිසිදු රුධිරය නැවත හෘදය වස්තුව කරා ගෙන යන රුධිර නාල වෙයි. සාමාන්‍යයෙන් ධමනි ශරීරය ඇතුලට වන්නටත් ශිරා ශරීරය පිටතට වන්නටත් පිහිටයි. රුධිර නාල උෂ්ණත්වයට සංවේදී වේ. ශරීරය ඇතුලට වන්නට පිහිටන නාල වලට ලැබෙන උෂ්ණත්වය සාමාන්‍යයෙන් ශරීර උෂ්ණත්වය වන අතර ශරීර උෂ්ණත්වයේ වෙනස්කම් සිදු වන්නේ යම් රෝගී තත්වයක් හට ගත් විටය.මේ නිසා ධමනි වල රුධිරය ගෙන යෑම සාමාන්‍ය ආකාරයෙන් සිදුවේ. ( මේ පිළිබඳ විස්තරයක් පහතින් ඇත ) ධමනි වල නාල බිත්තිය තරමක් ඝණ පේෂී වලින් ආවරණය වී ඇත. නමුත් ශිරා වල එසේ නැත. ශිරා වල ඇත්තේ ඉතා තුනී පේශි ස්ථරයකි. ශිරා වල ඇතුලේ එක් අතකට පමණක් රුධිරය ගමන් කල හැකි වන සේ කපාඨ පිහිටා ඇත. මේ හේතුව නිසාම රුධිරය කිසි විටකත් වැරදි අතකට ගමන් නොකරයි. ධමනි වල මාංශ පේෂි වල ඝණත්වය වැඩි වී ඇත්තේ ධමනි වල රුධිරය ඉදිරියට ගෙන යෑම සඳහා සංකෝචන ක්‍්‍රියාවලියක් සිදු වන නිසාය. ධමනිය සංකෝචනය වී රුධිරය ඉදිරියට තල්ලූ කිරීම සිදු කරනු ලබයි. ධමනි වල මෙම සංකෝචන ක්‍්‍රියාවලිය අපට නාඩි වැටීම ලෙස දැනේ. සාමාන්‍යයෙන් නාඩි බලන්නේ අස්ථියක් උඩින් ගමන් කරන ධමනියකට ඇඟිලි තබා තද කිරීමෙන්ය. මැණික් කටුව සහ නලලේ දෙපස මීට හොඳම ස්ථාන දෙකකි. වෛද්‍ය වරුන් නාඩි පරීක්ෂා කොට හෘද ස්ඵන්දනය ගැන යම් දැනුමක් ලබා ගත්තද පැරණි වෛද්‍ය ක්‍රම වල නාඩි මාර්ගයෙන් සිරුරේ ඇති ලෙඩ රෝග ගනනාවක් දැන ගැනීමේ ක්‍රමවේදයක් තිබින. මේ වන විට එම තත්වය ටිකෙන් ටික නැති වෙමින් පමතී. එය අපගේ අභාග්‍යයකි.
ධමණි වල කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසාද ධමණි වල ඇතුලත පරිමාව අඩු වීමට හේතු වේ. මෙයද ධමණිය තුල රුධිරය ගමන් කිරීමේදී අධිරුධිර පීඩණ තත්වයක් ඇතිවීමට හේතු වන නිසා එම අවස්ථාවේදීද වේදනා සංවෙදක නියුරෝන උත්තේජනය වි වේදනාවක් ගෙනදේ. කොලෙස්ටරෝල් අඩු කර ගන්නා ආකාරය අපගේ වෙබ් අඩවියේ ඇති කොලෙස්ටරෝල් මිත්‍යාව යන ලිපිය කියවා තේරුම් ගන්න.
ධමනි සහ ශිරා වල මෙම ක්‍්‍රියාවලිය හරියාකාරව සිදු කිරීමට පහත සඳහන් පහසුකම් තිබිය යුතුය.
ධමනි වල මාංශපේෂි සංකෝචනය වීම සහ ඉහිල් වීම නිසි අයුරින් සිදු විය යුතුය.
රුධිර නාල වල නම්‍යතාවය නිසි අයුරින් පැවතිය යුතුය.
අපගේ සිරුරේ මාංශ පේශි සංකෝචන වන්නට කැල්සියම් අත්‍යවශ්‍ය වේ. අප සාමාන්‍යයෙන් දන්නේ කැල්සියම් අවශ්‍ය වන්නෙ අස්ථි සහ දත් වලට බවය. නමුත් කැල්සියම් යනු අපගේ සිරුරේ ආම්ලික තාවය පාලනය කරන ප්‍රධානම ඛණිජ ලවනය වේ. රුධිර නාල වල පමණක් නොව සිරුරේ ඕනෑම පේශියක් සංකෝචනය වීම පිණිස කැල්සියම් අපගේ ශරීරයේ තිබිය යුතුය. ඒ අනුව බලන කල යම් කෙනෙකුට කැල්සියම් ඌණතාවයක් හටගත හොත් ඔහුගේ මාංශ පේෂි නිසි ආකාරව සංකෝචනය වීම සිදු නොවේ. මෙම තත්වය වැඩි වශයෙන්ම බලපාන්නේ නිතරම සංකෝචනය සහ ඉහිල් වීම සිදු වන පේශි ඇති හෘදය වස්තුව සහ ධමණි වලටයි. මෙම ඛණිජ ලවන දෙක කෙනෙකුගේ ජීවිතය සහ මරණය තීරණය කරන ඉතා වැදගත් පෝෂණ තත්වයකි. එසේම යම් පේශියක් සංකෝචනය වීමෙන් පසුව නිරායාසයෙන්ම ඉහිල් වීම සිදු විය යුතුය. එම ක්‍රියාවලිය සිදුවීමට මැග්නීසියම් අපගේ ශරීරයේ තිබිය යුතුය. යම් කෙනෙකුගේ සිරුරේ මැග්නීසියම් ඌණතාවයක් ඇත්නම් සංකෝචනය වූ පේශිය යලි ඉහිල් වීම සිදු නොවේ. නිතරම සංකෝචනය වීම සහ ඉහිල් වීම සිදු කරන හෘදය සහ ධමනි වලට මැග්නීසියම් ඉතා වැදගත්ය. සංකෝචනය වූ පේශියක් නැවත ඉහිල් නොවීම නිසා ඇතිවන වේදනාව කෙන්ඩා පෙරලීම නිසා ඇතිවන වේදනාව දන්නා කෙනෙකු හොඳින්ම දනී. මේ අයුරින්ම ධමනි සංකෝචනය වීමෙන් පසු ඉහිල් වීමක් සිදු නොවුනහොත් ධමණිය තුල රුධිර පීඩණය වැඩිවේ. එසේ වන්නේ ධමනිය තුල ඇති කුහරය කුඩා වීම හේතුවෙනි. මෙම තත්වය නිසා රුධිර නාල වලට සම්බන්ධ වේදනා සංවේදක ස්නායු උත්තේජනය වීම සිදු වේ. මේ නිසා අදාල රුධිර නාලය ඇති ස්ථානයේ වේදනාවක් ඇති බව දැනේ. මේ හිසේ රුදාව ඇති වීමට එක් හේතුවකි. මේ අනුව ධමනි වල ඇති සංකෝචන සහ ඉහිල් වීමේ ක්‍රියාවලිය නිසි අයුරින් පවත්වාගෙන යෑමට අපගේ ආහාරයට මැග්නීසියම් සහ කැල්සියම් වැනි අත්‍යවශ්‍ය පෝෂණ කොටස් ඇතුලත් කරගත යුතුය. අදාල වේදනාව සමනය කිරීම සඳහා රුධිර පීඩණය පාලනය කිරීම හෝ බාම් වර්ග භාවිතා කිරීමෙන් ස්ථිරසාර විසඳුමක් ලබා ගත නොහැකිය.
එපමණක් නොව ඉහත සඳහන් කල පරිදිම හිසේ ඇති ධමණි බිත්ති වල පේශි යම් සංකෝචනයකින් පසුව යලි ඉහිල් වීමට නොහැකි වීම නිසාද විශාල වේදනාවක් හටගනී. මෙයට හේතුව වන්නේ මානසික ආතතිය සහ තෙහෙට්ටුව බව බොහෝ දෙනෙකුගේ මතයයි. නමුත් සත්‍ය වශයෙන්ම මීට හේතු වන්නේ කැල්සියම් සහ මැග්නීසියම් ඌණතාවයයි. මෙම පෝෂණ සංඝඨක අපගේ ආහාර වලට එක් කර ගැනීම මගින් මෙම තත්වය සමනය කරගත හැකිය.
රුධිර නාල වල ඇති නම්යතවය පවත්වා ගැනීමට අපගේ දෛනික ආහාරයේ තඹ ( Copper ) තිබිය යුතුය. අපගේ ශරීරය කොපර් ඌණතාවයකින් පෙලෙන්නේ නම් ධමනි හෝ ශිරාවල ඇති කපාට නිසි අයුරින් ක්‍රියා නොකිරීමටත් නාල වල නම්‍යශීලි ගතිය නැති නිසා තද විමටත් පටන් ගනී. මේ නිසාද ඉහත අකාරයෙන්ම නාල ඇතුලත පීඩණය වැඩි වීමට පටන් ගනී. මේ හේතුවෙන් වේදනා සංවේදක ස්නායු උත්තේජනය වීම නිසා අදාල ධමණියේ වේදනාවක් හටගනී. මෙම තත්වයෙන් අත්මිදීම පිණිස අප කලයුතු වන්නේ කොපර් අපගේ සිරුරට ලබා දිය හැකි ආහාර නිති පතා අපගේ ආහාර වේලට එක් කර ගැනීමයි.
ඉහත ක්‍රියාවලි දෙකටම අමතරව අපගේ ශරීරය ඉතා විශ්මය ජණක ක්‍රියාවලියක් සිදු කරනු ලබයි. අපගේ සිරුරේ යම් ස්ථානයකට වැඩි රුධිර ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ නම් ධමනි විස්තාරණය වී අදාල රුධිර ප්‍රමාණය ගමන් කිරීමට අවශ්‍ය ඉඩ ලබා දීම ඒ ක්‍රියාවලියයි. මෙම ක්‍රියාවලිය හරියට ඇසේ කණීනිකාවේ ක්‍රියාවලියට සමානය. ආලෝකය වැඩි විට සංකෝචනය වීමටත් ආලෝකට අඩු විට විස්තාරණය වීමටත් කණීනිකාව දනී. ධමනි වල මෙම ක්‍්‍රියාවලිය සිදු වන්නේ අපගේ ශරීරය විසින් නිශ්පාදනය කරන ප්‍රොස්ටග්ලැන්ඩින් ( prostaglandins ) නම් හෝමෝනයක් මගිනි. ප්‍රොස්ටග්ලැන්ඩින් අපට පිටතින් ලබා ගත නොහැකිය. අප විසින් සිදු කල යුතු වන්නේ ප්‍රොස්ටග්ලැන්ඩින් නිශ්පාදනය කිරීමට අවශ්‍ය වන මේද අම්ල ( omega 3 / 6 ) අපගේ ආහාර වලට එක් කර ගැනීමයි. මේ අනුව අපට ප්‍රොස්ටග්ලැන්ඩින් මට්ටම ප්‍රසස්ථ මට්ටමක පවත්වා ගත හැකිනම් රුධිර පීඩණය පාලනය කර ගත හැකිය. එසේ නොමැති වූ විට ඉහත සඳහන් කල ආකාරයටම රුධිර පීඩණය වැඩිවූ අවස්ථාවක වේදනා සංවේදක ස්නායු ක්‍්‍රියාත්මක විමෙන් අධික වේදනාවක් හටගනී. මේ අනුව හිසේ රුදාවට තවත් එක් හේතුවක් ලෙස අපගේ සිරුරේ ඇතිවන මේද අම්ල ( omega 3 / 6 ) ඌණතාවය ගත හැකිය.
අපගේ හිසේ ඇති රුධිර නාලද වාහනයක ඇන්ජිමේ ඇති රේඩියේටරයේ සිට පැමිණෙන නාල පද්ධතිය ලෙසම සිසිලන පද්ධතියක් ලෙසද ක්‍රියාකරයි. විශේෂයෙන් සිරුරේ සමට ආසන්නට දිවෙන රුධිර නාල වලින් මෙම ක්‍්‍රියා වලිය ඉතා සාර්ථක අයුරින් සිදුවේ. අපගේ හිස් කබලට පිටතින් ඇති රුධිර නාල මෙම ක්‍්‍රියාවලිය ඉතා හොඳින් සිදුකරයි. දවල් වන විට හිරු මුදුන් වන නිසා අපගේ හිසටද එම රස්නය ඉතා හොඳින් දැනේ. අධික තාපය නිසා හටගන්නා උෂ්ණත්වය හිස්කබල තුල ඇති මොළයට නො දැනෙන්නට අපගේ ස්වභාවික සිසිලන පද්ධතියද ක්‍රියාත්මක වෙයි. මේ නිසා වැඩි රුධිර ප්‍රමාණයක් හිස ප්‍රදේශයට ලබා දීමට ශරීරය ක්‍්‍රියා කරයි. මේ වෙලාවේ රුධිර පීඩණය පාලනය කිරීම සඳහා රුධිර නාල විස්ථාරණය කිරීම ප්‍රොස්ටග්ලැන්ඩින් මගින් සිදු කරනු ලබයි. නමුත් යම් හෙයකින් අපගේ සිරුරේ ප්‍රොස්ටග්ලැන්ඩින් නිශ්පාදනය නිසි ලෙස සිදු නො වන්නේ නම් සිදු වන්නේ රුධිර පීඩණය වැඩි වීම නිසා නැවතත් ඉහත සඳහන් කල පරිදි වේදනා සංවේදක ස්නායු සක්්රීය වීම නිසා අධික වේදනාවක් හටගැනීමයි. හිරුගේ උෂ්ණත්වය නිසා මෙම තත්වය හටගන්නා බව දැනගත් පැරැන්නන් මෙම හිසේ රුදාවට හිරු ආ නිසා හටගත් රුදාව යන අර්ථයෙන් ඉරාවාරදය යන නමින් මෙම හිසේ වේදනාව නම් කර ඇත. හිරු මුදුන් වන නිසා ඇති වන මෙම තත්වයට මුහුණ දීමට අපගේ සිරුර ස්වභාවිකවම සූදානමින් සිටී. නමුත් එම තත්වය සමනය කරගැනීම පිණිස සිරුරේ නිපදවන හෝමෝන නිපදවීමට අවශ්‍ය වන ප්‍රධානම පෝෂණ කොටස් නොමැති වීම හේතුවෙන් ස්වභාව ධර්මය විසින්ම ලබා දෙන අනතුරු හැඟවීමේ සංඥාවකට ප්‍රතිචාර දැක්වීමට අපට සිදු වී තිබේ. වේදනාව අපට හඟවන්නේ අපගේ සිරුරේ ප්‍රධානම අංගය වන මොළය යම්කිසි අපහසු තාවයකට පත්වී ඇති බවයි. නමුත් අපි සිදු කරන්නේ අදාල සංඥාව නිකුත් කරන ස්නායුව දුර්වල කිරීමට හෝ වේදනාව නැති කල හැකි වේදනා නාශකයක් පාවිච්චි කිරීම හෝ රුධිර නාල වල ඇතිවූ අධි පීඩණ තත්වය අඩු කිරීමට යම් ඖෂධයක් හෝ බාම් වර්ගයක් පාවිච්චි කිරීමයි. සමහර විටෙක අප විසින් හිසේ ඇති උෂ්ණත්වය අඩු කිරීම පිනිස ඕඩි ක්ලෝන් වැනි වාෂ්ප ශීලි ද්‍රවයක් හිසේ ගල්වයි. මෙමගින්ද තාවකාලික විසඳුමක් ලැබේ. එය සිදුවන ආකාරයද දැන් ඔබට හැගෙනු තයි සිතමි. මෙම ක්‍රියා දීර්ඝ කාලීන වශයෙන් කෙතරම් නුවණක්කාර දැයි ඔබම ඔබගේ මනසින් අසා දැන ගන්න. ස්වභාව ධර්මය විසින් අපට ලබා දී ඇත්තේ සුදුසුම දේ බව අපට තේරුම් ගත හැකිනම් අප සියළු දෙනාම නීරෝගී පුද්ගලයන් බව කිව යුතු නොවේ. කෘත්‍රිම දේ තුලින් අපට තාවකාලික සහනයක් ලැබුනද දීර්ඝ කාලීන වශයෙන් අපහට ලැබෙන්නේ පසුතැවීමක් පමණි.
ඉහත සලකා බැලූ කරුණු වලට අනුව යම් කෙනෙකුට කැල්සියම්, මැග්නීසියම්, කොපර්, ඔමේගා 3 සහ ඔමේගා 6 වල යම් ඌණතාවයක් ඇත්නම් එය අපට දැනෙන ප්‍රධානම ක්‍රම වේදයකි හිසේ කැක්කුම. මෙම තත්වය පාලනය කර ගැනීමට නම් අප විසින් සිදු කල යුතු වන්නේ අදාල පෝෂණය අපගේ සිරුරට ලබා දීමයි. Chlorella Sorokiniana Algae සහ Spirulina මෙම සියළු පෝෂණ කොටස් වලින් අණූනල ඉතා මත් වැඩි පෝෂණ ධාරිතාවයකින් හෙබි සුපිරි ආහාර දෙකක වේ. Chlorella Sorokiniana Algae සහ Spirulina වල ඇති පෝෂණ සංඝටක පිළිබඳ විග්‍රහයක් පහත දක්වා ඇත.
හිසේ කැක්කුම ඇතිවීම සඳහා ඌණ වූ පෝෂ්‍ය කොටස් නැවත අපගේ සිරුරට ලබාගත හැකි ආකාර.
ඔබ මිග්රේන් නිසා වේදනාවෙන් පෙලෙන කෙනෙකු නම් ප්‍රථමයෙන්ම ඉහත පරිච්ෙඡ්දයේ දැක්වූ පෝෂණ ඌණතා වලින් මිදිය යුතුවේ.
Chlorella Sorokiniana Algae සහ Spirulina නම් ඇල්ගී වර්ග මෙම සියළු පෝෂණ කොටස් වලින් පොහොසත්ය. Chlorella Sorokiniana Algae සහ Spirulina භාවිතා කරන ඕනෑම කෙනෙකුගේ හිසේ කැක්කුම ඉතාමත් ඉක්මනින් සුව වීම අප විශාල වාර ගනනක් අත් දැක ඇත. දියවැඩියාව, ඇදුම, පිලිකා, ආතරයිටීස්, සොරයිසීස්, කොලෙස්ටරෝල් ඇතුළු 50 කට අධික රෝග ගනනකින් සම්පූර්ණයෙන් වැලකිය හැකි Chlorella Sorokiniana Algae සහ Spirulina ආහාරමය ඔසුවක් ලෙස භාවිතා කරන දහස් ගණනක ගේ මුලින්ම සුව වු රෝගී තත්වයකි වසර ගනනාවක් දුක් විඳිමින් සිටි. මිග්රේන් රෝගය Chlorella Sorokiniana Algae සහ Spirulina මගින් අවශ්‍ය පෝෂණය පමණක් නොව එහි ඇති PPAR α (alpha) PPAR β/ (beta/delta) PPAR γ (gamma) යන සංවේදක මගින් ශරීරයේ ලිපිඩ සහ ග්ලූකෝස් පරිවෘතීය ක්‍රියා පාලනය කරන නිසා ශරීරයේ ඇති බොහෝ රෝග නිවාරණය කරයි.
Spirulina වලින් නිපදවා ඇති අතිරේක ආහාරයක් දැන් ශ්‍රී ලංකාවේ දී මිළදී ගත හැකිය. මිළද ඉතාමත් සාධාරණ බැවින් ලංකාවේ වෙසෙන මෙම රෝගයෙන් පෙලෙන අයට මිළදී ගනීමට පහසුය. සිංගප්පූරුවේ මෙම ඇල්ගී වර්ග දෙක සහ වෙනත් ඖෂධ වර්ග කිහිපයක් එක් කොට නිපදවන විටායි ජීන් ( Vitae Gene ) නම් ඉතාමත් වටිනා අතිරේක පෝෂකයක් නිශ්පාදනය කර ඇත. මෙම නිෂ්පාදනය සිංගප්පූරුවේ සෞඛ්‍ය සහ විද්‍යා අධිකාරිය විසින් නිර්දේශ කර ඇති අතිරේක පෝෂකයකි. මේ ලින්ක් එක මත ක්ලික් කර ( Vitaegene.com ) මෙම සුවිශේෂී නිශ්පාදනය ගැන විස්තර දැනගන්න. මෙම නිශ්පාදනය බෙදාහැරීමේ ශ්‍රී ලංකාවේ නියෝජිත ලෙස අපගේ සහෝදර ආයතනයක් මව් සමාගම සමග කොන්ත්‍රාත්තුවක් අත්සන් කර ඇති අතර ඉදිරියේදී මෙම ඔසුව ඔබට ශ්‍රී ලංකාවේ වෙළඳ පොලෙන්ද ලබාගත හැකිය. එතෙක් අදාල මව් සමාගමේ වෙබ් අඩවියෙන් මෙම ඔසුව ලබා ගත හැකිය. දින තිහක මුදල් නැවත ලබාදෙන වගකීමක් මෙම වෙබ් අඩවිය මගින් ඔබට ලබාදෙනු ඇත.
විස්තර සඳහා Serendib Holistic Centre අමතන්න. 0112 71 9000
පහතින් දැක්වෙන පින්තූර වල ඇති අදාල පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර දෛනිකව ලබා ගැනීම මගින් මිග්රේන් ඇතිවීම වලක්වා ගත හැකිය. පහතින් ඇති වීඩියෝ නරඹා මෙම රෝගය පිළිබඳ දැනුම වර්ධනය කරගෙන ඔබේද අන් අයගේද මිග්රේන් නිසා ඇතිවන අපහසු තාවයෙන් මිදෙන්න.
OMEGA 3 / 6 ස්වභාවික ආහාර වලින්ම ලබාගන්න.
මත්ස්‍ය තෙල් මාර්ගයෙන් Omega 6 සිරුරට ලබා දිම සාමාන්‍ය සිරිතයි. නමුත් මත්ස්‍ය තෙල් හේතුවෙන් ගැබ් ගෙල පිළිකා හටගැනීමේ ප්‍රවණතාවයක් ඇති බව මෑතකදී කල පරීක්ෂණ වලින් හෙලි වී ඇත. කෙසේ නමුත් මත්සයන්ද Omega 3 / 6 ලබාගන්නේ ඇල්ගී ආහාරයට ගැනීමෙනි. Chlorella Sorokiniana Algae යනු ඇල්ගී අතර ඇති පෝෂණ ගුණය අතින් අනර්ඝම ඇල්ගී වර්ගයයි. මේ නිසාම chlorella sorokiniana යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම ඇල්ගී වර්ගය King Of Algae යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වයි. මේ අනුව Omega 3 / 6 ශරීරයට ලබා දිය හැකි හොඳම මාර්ගය Chlorella Sorokiniana Algae බව කිව හැකිය. තවත් අතකින් බලන කල මාංශ අනුභව නොකරන අයට මෙමගින් නිසි පරිදි Omega 3 / 6 ගත හැකිය.
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
මෙත් සිතිනි.
පෝෂණ වේදී.
නයන තේනුවර.
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්
අංක 140 1/1
ගාලුපාර ගල්කිස්ස.
0713503450 / 0701902220 / 0112719000 / 0112735621
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්‍රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana
ඔබ විසින් අත්හල යුතු ආහාර ලැයිස්තුවක්.
තිරිඟු.
බාර්ලි.
රයි.
ඕට්ල oatmeal – එහි ග්ලූටන් නොමැති බව පැවසුවද නුසුදුසුය.
බදින ලද ආහාර.
තෙල් – ආහාර.
රතු පැහැති මස් වර්ග.
කෘත්‍රිමව සකස් කල මස් / සොසේජස්.
සෝඩා / කාබන්ඩයොක්සයිඕ එක් කල පාන වර්ග.
බේක් කල අල වර්ග වල පොත්ත.
ක්ෂණික ආහාර.
Nittaa.com DISCLAIMER: This web site is designed to provide nutritional information on selected herbal combinations. It is not intended for diagnosing ailments or prescribing remedies in any way. It is not meant to be a substitute for professional medical help because there is always a risk involved. The publisher and author are not responsible for any adverse consequences or effects resulting from the use of any of the information, or suggestions contained in this web site. If you are unwilling to assume the risk, please do not use this web site and the contain.
වගකීමෙන් යුතුව ඔබ බෙත ඉදිරිපත් කරන මෙම වෙබ් අඩවිය තෝරාගත් ශාක සාර සංයෝජන මත ගොඩ නැගුණු පෝෂණ තොරතුරු සැපයීම සඳහා පමණක් සැලසුම් කර තිබේ. එය කිසිදු ආකාරයකින් රෝග නිවාරණයට හො සුව කිරීම සඳහා වන පිළියම් ලෙස ඉදිරිපත් කර නොමැත. මෙහි සඳහන් කිසිදු ආහාරයක් හෝ නිශ්පාදන භාණ්ඩයක් හෝ පෝෂණ මය ඔසුවක් වෘත්තීය වෛද්‍ය උපදෙස් සඳහා ආදේශකයක් ලෙස අදහස් නොවේ. යම් රෝගියෙකුගේ හෝ රෝගයක වගකීම බාරගත නොහැකි බැවින් මෙ වෙබ් අඩවියේ ඇතුලත් ක්‍රමවේද භාවිතා කිරීම හෝ නොකිරීම පාඨකයාට බාර ක්‍රියාවක් වේ. අදාල රෝගියාගේ අවදානම අප ආයතනය හෝ මෙම ලිපි ඉදිරිපත් කරන කතු වරයා නොදරන බැවින් ඔබලා හට මෙම අවදානම ගත නොහැකිනම් මෙම වෙබ් අඩවියේ ඇති කිසිදු තොරතුරක් භාවිතා නොකල යුතු බවට මෙයින් ප්‍රකාශ කර සිටිමු.