යකඩ කියන්නේ අපි ආහාර සමග ශරීරයට ගත යුතු අත්‍යවශ්‍ය පෝෂණ කොටසක්. දිනකට මිලි ග්‍රෑම් 13-20 අතර ප්‍රමාණයක් අපි ආහාර සමග ගත යුතු වන අතර ගැබිණි මවක් නම් එය මි ග්‍රෑම් 27 ක් දක්වා වැඩි කල යුතු වෙනවා.
දැන් දැන් බොහෝ දෙනෙකුට ගැටලුවක් වෙලා තියෙනවා මේ යකඩ ප්රශ්නය. අපි පොඩි කාලේ නම් ඉගෙන ගත්තේ නිවිති වල යකඩ තියෙනවා කියලා. ඒත් දැන් දැන් ඒකත් කියවෙනවා අඩුයි. මොකද දැන් යකඩ තියෙන්නේ යකඩ පෙති වල නිසා. මම මෙම ලිපියෙන් හිමෝග්ලොබින් අනුව ගැන හෝ යකඩ ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරන්නට යන්නේ නැහැ. අපිට මෙම තත්වයෙන් ගැලවෙන්නට හැකි ආහාර රටාවක් සකස් කරගන්නට පාරක් හෙලි පෙහෙලි කරන්නයි මගේ මේ උත්සාහය.
හිමොග්ලොබින් සහ යකඩ අතර ඇත්තේ නොබිදෙන සම්බන්දතාවයක්. යකඩ කොතැනද එතන බොහෝ විට රතු පාට ඇත. පසේ වුවත් රතු පැහැය ඇත්නම් ඒ කියන්නේ එතන යකඩ සහිත බවයි. මේ ලෙසටම ලේ වලට රතු පාට ලැබෙන්න හේතුවත් යකඩයි.
යකඩ අඩු වීමත් යකඩ වැඩිවීමත් ප්‍රශ්නයක්. හරියට ග්ලූකෝස් වගේ තමයි. අඩු වුවත් ගැටලුවක් වැඩි වුනත් ගැටලුවක්. යකඩ අඩු වුනාම ඇීමියා Anemia කියලා කියනවා. වැඩි වුනොත් හිමටොමක්රෝසිස් hematomachrosis කියලා කියනවා. රක්ත හීන තාවය, තැලසීමියා වැනි හිමෝග්ලොබින් සම්බන්ධ රෝග ගණනාවක් ඇත. එහෙත් මේ සියල්ල ඉහත කී දෙවර්ගයෙන් එකකට අයිති වේ. මේ දෙවර්ගය හැදෙන්නට හේතු ලෙස සැලකෙන්නේ ජාන ගැටලු සහ වෙනත් බාහිර ගැටලු කිහිපයක්. කෙසේ වෙතත් මෙම තත්වයට නිසිලෙස බටහිර වෛද්‍ය විද්‍යාව මේ දක්වා ප්‍රතිකාර ක්‍රමයක් සොයා ගෙන නැහැ. නමුත් හෙළ වෙදකම තුල මේවාට ඇති තරම් ප්‍රතිකාර ඇති බව කිව යුතුය.
යකඩ අවශ්‍ය වන තවත් එක් කාරණයක් තමයි අපගේ සෛල වල ශක්තිය නිපදවීම. ග්ලූකෝස් දහනය කර ATP නැමති ශක්තිය නිපදවීම සදහා යකඩ අත්‍යවශ්‍ය වේ. මේ නිසා යකඩ ඌණතාවයෙන් පෙලෙන කෙනෙකුගේ සිරුරේ ශක්තිය හීන වේ. අධික තෙහෙට්ටුවක් දැනේ. තද නිදිමතක් ඇතිවේ.
රතු රුධිරානු නිපදවන්න්නටට මිදුළු අපි ආහාරයට ගන්නා යකඩ වලින් 75%ක පමණ ප්‍රමාණයක් භාවිතා කරයි. 15% පමණ අක්මාව, මාංශ පේෂි සහ හෘදයේ තැන්පත් කරන අතර ඉතිරිය වෙනත් ක්‍රියා සදහා භාවිතා කරයි. දිනකට කුඩා ප්‍රමාණයක් සිරුරෙන් ඉවත් වේ. ආහාරයට ගන්නා මාංශ වලද වැඩිම යකඩ ප්‍රමාණයක් ඇත්තේ අක්මාවේ සහ හෘදයේයි. ඉතිරි මාංශ කොටස් වලද තැන්පත් යකඩ ඇත. යම් කෙනෙකුගේ ඇට මිදුලු දුර්වල නම් ඔහුගේ රතු රුධිරාණු නිපදවිම දුර්වල වේ. මේ නිසා ඇට මිදුලු නිරෝගීව තබා ගැනිම ඉතාමත් වැදගත් වේ.
එළවළු වර්ග වලද යකඩ ඇත. නමුත් මාංශ වල ඇති යකඩ තරම් පහසුවෙන් මෙම යකඩ වලට සිරුරට අවශෝෂණය වන්නේ නැත. මේ නිසා මාංශ ආහාරයෙන් තොර අයට හිමෝග්ලොබින් අඩුවීමේ ප්රවනතාවයක් ඇත. ඔවුන් සප්ලිමන්ට් මගින් හෝ තම යකඩ ඌණතාවය අඩුකරගත යුතුය.
සිරුරේ යකඩ අඩු වීම නිසා ඇතිවන ප්‍රධානම ගැටලු කිහිපයකි. අධික තෙහෙට්ටු ගතිය. කම්මැලි කම, නිදිමත ගතිය, හුස්ම ගැනීමට අපහසු ගතිය, මාංශපේෂි වල වේදනා. වැනි ලක්ෂන ප්‍රධානයි. මේ සියල්ලටම හේතුව හිමොග්ලොබින් අඩු වීම බව රුධිර සාම්පල පරීක්ෂාවකින් දැක ගත හැකිය. නමුත් යකඩ අඩු වන්නට තවත් ප්‍රධාන හේතු කිහිපයක් ඇත. අපි ඒ කරුණු කිහිපයක් දැනගනිමු.
බැක්ටීරියාවන්ගේ වර්ධනයට යකඩ යනු අත්‍යාවශ්‍ය ඛණිජ ලවනයකි. මෙම තත්වය දන්නා අපගේ සිරුර යම් ලෙසකට අපගේ ශරීරයට බැක්ටීරියාවක් ඇතුළු වුවහොත් ඉක්මනින්ම යකඩ සැපයුම නවතාලයි. මේ නිසා තමයි බැක්ටීරියා නිසා යම් කෙනෙකුට උණක් හැදුනොත් නිදිමත වැඩියෙන් එන්නේ. බැක්ටීරියාව ඉවත් වන තුරු මෙම තත්වය පවතින අතර ඉන්පසු එය නැතිවී යයි. අපි දන්නවා බොහෝ විට අපි රුධිර පරීක්ෂාවකට යන්නේ රෝගයක් ඇති නිසයි. අපි රුධිරය පරීක්ෂා කලේ ඉහත කීවාක් වැනි බැක්ටිරියාවක් රුධිරයේ ඇති වෙලාවක නම් ඔබට හිමෝග්ලොබින් අඩු වීමේ තත්වයක් ඇති බව රිපෝට් එකේ තිබෙන්නට පුලුවන්. මේ නිසා ඔබ මුලින්ම කල යුතු වන්නේ එවැනි අසනීප තත්වයක් නැති විටක නැවතත් එම පරීක්ෂනය කරගැනීමයි. එවිට නියම තත්වය දැනගන්නට හැකි වෙයි.
බොහෝ දෙනෙකුට ඇති රෝගයක් තමයි ගැස්ට්‍රයිටීස්. මෙම රෝගයට හේතුවන බැක්ටීරියාවක් ඉන්නවා h pylori කියලා. මෙයා ඉන්න විටත් අපගේ සිරුර යකඩ අඩු කරන්න බලනවා. හේතුව වන්නේ බැක්ටීරියාවට අවශ්‍ය පෝෂණය නවතා ලීමයි. ඒක අප සිරුර විසින් අපට කරන සේවයක් වුවත් මේ වෙලාවේ රුධිරය පරීක්ෂා කල විට ලැබෙන ප්‍රතිඵලය අනෙකක් වන්නට පුලුවන්. මම මේ රිපෝට් බොරු කියනවා නෙවෙයි. අපි මෙවැනි පරීක්ෂන වලට භාජනය වන වෙලාව ගැනයි මම මේ පවසන්නේ. ඒ ගැනයි අපි සැලකිලිමත් විය යුතු වන්නේ. ගැස්ට්‍රයිටීස් ඇති අය මුලින්ම h pylori ආහාර මාර්ගයේ ඉන්නවාද කියා දැනගැනීම ඉතාමත් වැදගත්. එවිට මුලින්ම අපිට පුලුවන් ඒ බැක්ටීරියාව ඉවත් කරගන්නට අවශය වෙදකමක් කරගන්න. ඊට පස්සේ තමයි රුධිරය පරීක්ෂා කල යුතුවන්නේ. බැක්ටීරියාවන් ඉන්නවාද කියන එකයි හිමෝග්ලොබින් අඩුද? යකඩ අඩුද කියන ඒවා වාගේම සිරුරේ සියළු කොටස් වල තත්වය දැනගන්නට හැකියි බයෝරෙසොනන්ස් පරීක්ෂාවක් කලානම්. මේ පරීක්ෂණය ගැන දැනගන්නට අවශ්‍ය නම් පහත අංකයකින් අමතන්න.
යකඩ අවශෝෂණය අඩුවීම තවත් එක් ගැටලුවකි. යකඩ පමණක් නොව සියළුම පෝෂ්‍ය කොටස් අවශෝෂනය අඩු වන්නට ප්‍රධානම හේතුව වන්නේ ග්ලූටන් වේ. අපේ කෑම මේසයට වැඩිම ග්ලූටන් ප්‍රමාණයක් ගෙන එන්නේ පාන්පිටි වලින් සාදන ලද කෑමයි. මේ නිසා අපි මුලින්ම කල යුතු වන්නේ පාන් පිටි වලින් තොර කෑම වේලක් සකසා ගැනීමයි. මේ ලෙසට මුලින්ම පහත දැක්වෙන ආහාර වලින් දුරස් වන්න.
පාන්පිටි
ගැඹුරු තෙලේ බදින ආහාර
මාගරින්
බාබකියු
නයිට්රේට් අඩංගු මස් වර්ග
කෘතීම මස් වර්ග
කාබනේටඩ් බීම වර්ග
මේවාගෙන් දුරස් වීමම ඔබට නිරෝගී තවය අතවන්නට හේතු වේ. එසේ නැතිව ඔබ ඍෂි වරයෙකුගෙන් බෙහෙත් ගත්තත් වැඩක් නොවේවි.
තවත් හේතුවක් තමයි යකඩ අවශෝෂණයට බාදා පමුණුවන ආහාර සහ පෝෂ්‍ය කොටස් සමග එකට යකඩ සහිත ආහාර ගැනීම.
මුලින්ම අපි බලමු යකඩ සහිත ආහාර මොනවාද කියලා
රතුපාට මස් වර්ග සහ මාළු වර්ග.
රතුපාට එළවලු සහ පලතුරු වර්ග (බීට්වො / වොටර් මෙලන් / දෙළුම්)
කොළ වර්ග සහ කොළ පැහැති එලවලු (මඤ්ඤොක්කාකොළ / නිවිති / පැණිතෝර කොළ)
යකඩ මේ වර්ග වල තිබුනද අපි මෙම වර්ග ආහාරයට ගන්නා වෙලාව නිවැරදිව දැනගත යුතුයි. මේ සියල්ල එක පිගානක අනාගෙන කෑමෙන් අපේ කාරණය ඉටු නොවේ. ඒ නිසා අපි ඒ ගැන නිසි අවබෝධයක් ලබා ගනිමු.
රෝගියා මස් මාංශ ආහාරයට ගන්නා කෙනෙක් නම් මාංශ ආහාරයට ගැනීම වෙනම කල යුතුය. එය ආහාර වේල් දෙකක් අතර සිදු කලානනම් තමයි හොද එවිට අදාල මාංශ කොටසේ ඇති යකඩ සිරුරට අවශෝෂනය වීමට කිසිම බාධාවක් නැත. අනෙක් ආහාර සමග එකට ගත්තොත් ඇතිවන ගැටලුව වන්නේ පහත දැක්වෙන පෝෂ්‍ය කොටස් සහ ආහාර ඇති විට යකඩ අවශෝෂනය අඩු වීමයි.
ෆයිටේට්. –
ෆයිටේට් යනු ධාන්‍ය සහ ඇට වර්ග වල ඇති ප්‍රෝටීන් වර්ගයකි. මෙම ප්‍රෝටීනය ආහාර වල ඇති මිනරල් වර්ග යම් ප්‍රමාණයක් අවශෝෂනය විම වලකා ලයි. අපි දෛනිකව ගන්නා ආහාර බොහෝමයක මේ ෆයිටේට් ඇත. මේ නිසා ධාන්‍ය සහ ඇට වර්ග සමග මාංෂ අනුභවය මෙවැනි රක්ත හීනතාවයක් ඇති රෝගියෙකුට නුසුදුසුය.
කැල්සියම්.
කැල්සියම් සහිත ආහාර ගන්නා විටද යකඩ සහිත ආහාර නොගත යුතුය. ඒ කැල්සියම් මගින් යකඩ අවශෝෂණයට බාදා කරන නිසාය.
පහත සදහන් ආහාර සමගද යකඩ සහිත ආහාර නොගත යුතුය. එයටද හේතුව පෙර සේමය.
චොකලට්
රතු වයින්එ
එළවලු
සොයා
ග්‍රීන් ටී
බ්ලැක් ටී
කිරි
බිත්තර
මේ සියලුම ඇහාර මාංශ ආහාර ගෙන පැය දෙකකට පමණ පසු ගන්නට හැකිනම් එය මෙවැනි රෝගී තත්වයක් ඇති කෙනෙකුට යකඩ ඌණතාවයෙන් මිදෙන්නට රුකුලක් වේවි.
එසේම යකඩ අවශෝෂනය වේගවත් කරන විටමින් වර්ගයක් ද ඇත. ඒ විටමින් C වේ. මේ නිසා විටමින් C සහිත ලෙමන් හෝ ලයිම් සමග මාංශ ආහාර ගැනීම සුදුසය. දෙහි හෝ ලෙමන් එක් කල යුත්තේ ආහාරයට ගන්නා විටයි. නැතිව පිසින වෙලාවට එක් කිරීමෙන් රත් වීම නිසා විටමින් C අඩුවේ.
හිමොග්ලොබින් ප්‍රමාණය නියතව තබා ගන්නට යම් යාන්ත්රනයක් අපගේ සිරුරේ තිබිය යුතුය. එම අගය අඩු වීම හෝ වැඩිවීම පාලනය කරන යාන්ත්රනයේ වරදක් නිසා මේ තත්වය ඇතිවනවා කිව්වොත් එය ඔබ පිලිගන්නවාද? යකඩ ප්‍රමාණය මදිනම් මාංශපේෂි වල තැන්පත් කල යකඩ හෝ ගෙන මෙම තත්වය තාවකාලිකව පාලනය කරන්නට අපගේ සිරුරේ යම් ක්‍රමවේදයක් ඇත. හිමෝග්ලොබින් මට්ටම නියතව පවත්වා ගන්නට අවශ්‍ය තත්වය පාලනය කරන්නේ hepcidin නම් අක්මාවේ නිපදවන හෝමෝනයකි. අපගේ අක්මාව දුර්වල නම් hepcidin නිපදවීමද අඩාල වේ. මෙම තත්වය අපි කිසි දිනක සිතුවාද? එසේ නම් අපි මුලින්ම අක්මාව නිරෝගීව පවත්වාගැනීමේ ක්‍රියාදාමයකට ඇතුලත් විය යුතුය. අක්මාව නිරෝගීව තබා ගත හැකි ආහාර ගත යුතුය. වසවිස වලින් හැකිතාක් දුරස් විය යුුතුය. පේන් කිලර්ස් වලින් දුරස් විය යුුතුය. මත්පැන් පානය නතර කල යුතුය. මේ සියලු කාරනා නිසා අක්මාව දුර්වල වී ඇත්නම් hepcidin නිපදවීම ගැන බලාපොරොත්තු විය නොහැකියි. මේ නිසා නිරෝගී හිමෝග්ලොබින් මට්ටමක් අක්මාව දුර්වල කෙනෙකුගෙන් බලාපොරොත්තු විය නොහැකිය. එවැනි අයගේ මුල්න්ම අක්මාව සුපවත් කල යුතුය. ෆැටි ලිවර් ඇති අයගේද මෙම තත්වය මෙසේම බලපානු ඇත අක්මාව ගැන වෙනම ලිපියකින් කතා කරමු. එය ටිකක් දීර්ඝ මාතෘකාවක් නිසා.
හිමෝග්ලොබින් නිපදවීමේ ක්‍රියාවලිය අඩු වීමට ජාන වල සම්බන්ධයක් ඇති බව බටහිර වෛද්‍ය විද්‍යාව පිලිගනී. c282y කියන ජානය නිසා මෙම තත්වය ඇතිවන බව බටහිර වෛද්‍ය විද්‍යාවේ මතයයි. cystic fibrosis නැමති පෙනහළු වල ඇතිවන රෝගී තත්වයටද මෙම ජානයම සම්බන්ධ බව පවසයි. කෙසේ වෙතත් ඇමෙරිකාවේ කල පරීක්ෂනයකින් සොයාගෙන ඇති ආකාරයට සෙලේනියම් නැමති ඛණිජලවනය අතිරේකව ආහාරවලට එක් කරීම මගින් cystic fibrosis තත්වය සුව වන බව සොයා ගෙන ඇත. එසේ නම් හිමෝග්ලොබින් වල ඇතිවන මෙම තත්වයටද සෙලේනියම් වලින් යම් සහනයක් ලබා ගත හැකි වනු ඇත. එසේම යකඩ පරිවෘතීය ක්‍රියාවලදී කොපර් වලද යම් දායකත්වයක් ඇත. මේනිසා කොපර් සහ සෙලේනියම් ස්වභාවික මාධ්‍යයකින් ආහාරයට එක් කිරීම මගි්න් මෙම තත්වයෙන් මිදිය හැකිය.
මෙවැනි රෝගීන් හට අපි දෛනිකව සිරුරට ලබා දිය යුතු වන පෝෂ්‍ය කොටස් 91ක් ස්වභාවික සප්ලිමන්ට් හරහා මාස හතරක කාලයක් දිගටම ලබාදෙන අතරතුර ඉහත දැක්වූ ආහාර රටාවලට හුරු වීමත් ආහාර ගන්නා කාලවේලාවල් නිසිලෙස සකස් කරගැනීමත් තුලින් මේ රොගී තත්වයෙන් මිදිය හැකි බව මගේ අත්දැකීමයි.
පිටරටවල ජීවත් වන අයට මෙම තත්වයන් ඇත්නම් ඔබලාගේ නියපොතු සහ කෙස් පරීක්ෂා කරබලා සිරුරේ පෝෂණ මට්ටම සහ වෙනත් ආබාධ සොයාගත හැකි ක්‍රමයක් තියෙනවා. මට හැකියි ඔබලාට ඊට සහය වෙන්න. ඔබ කල යුතු වන්නේ ඔබගේ නම, දුරකථන අංකය, ලිපිනය, උපන්දිනය, ස්ත්‍රී පුරුෂ භාවය ලේ වර්ගය දන්නේ නම් එයද සදහන් කොට මා හට ලැබෙන්නට සැලැස්වීමයි. එවිට ඔබගේ ශරීරයේ තත්වය සොයා බලා ඔබට ආහාර රටාවක් සහ අතිරේක ආහාර ගැනීමටඅවශ්‍ය නම් ඒවාද දැනුම් දෙනවා. පහත අංකයකින් කතා කරලා විස්තර දැනගන්න.
මෙම ලිපියේ අඩංගු කරුණු අදාල වන්නේ දැනට හිමෝග්ලොබින් ගැටලුවක් ඇති අයටයි. ඒ අයට තමයි යකඩ සහිත ආහාර වෙනම වෙලාවක ගන්න කිව්වේ. අනිත් අය වෙනදා විදිහට ආහාර ගත්තට කමක් නැහැ. යකඩ සහිත ආහර දැනගෙන දෛනිකව සිරුරට ලැබිය යුතු ප්රමාණ්ය ලැබෙන ලෙසට ආහාර ගන්න.
ඔබට මේ ලිපිය වැදගත් වූවානම් ෂෙයාර් කර තවත් කෙනෙකුට දැකගන්නට සලස්වන්න.
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
0713503450 / 0701902220 / 0112603707
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්‍රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana
මෙත්සිතිනි…!!
පෝෂණවෙිිිිදී
නයන තේනුවර.