රෝගයක් ඇත්නම් එකම පිලිතුර බෙහෙත් ගන්න එකයි කියලා හිතන එක අපි මුලින්ම නතර කල යුතුය. එසේ සිතන තාක් අපි නිරෝගී මාවතෙන් දරින් දුරටම ගමන් කරන්නෙමු. රෝගයක් ඇතිවීමට ප්‍රධාන පසුබිම් තුනක් සකස් විය යුතුය. එසේම නිරෝගී වන්නටද ඒ පසුබිම් තුන නැවත ආපසු යතා තතාවයට පත් කරගත යුතුය.
එම පසුබිම් තුනනම්
කය දුර්වල වීම
මනස දුර්වල වීම
අකුසල කර්මයක් පලදීම
යන කරුණු වේ. මේ සියල්ලටම ප්‍රතිකාර හෝ ප්‍රතිකර්ම ඇත.
කය දුර්වල නම් කය දුර්වල වන්නට හේතුව සොයා ඊට ප්‍රතිකාර කල යුතුය. ඒ සදහා අපිට සුදුසු වෛද්‍ය ප්‍රතිකාරයක් ගත යුතුය. පෙරකලනම් මේවාටද අත් දුටු බෙහෙත් නැත්නම් අත්බෙහෙත් කියලා දෙයක් තිබුනා. දැන් ඒවා මේවගේ මාධ්‍යයක පලකරන විටත් ලෙඩා මලොත් වග කියනවාද කියලා කොටසක් අහනවා. නමුත් ඒ අය විසින් සිදුකරන වෙදකම් නිසාවෙන් රෝගීන් කොපමණ මරණයට පත්වෙනවාද කියලා කිසිවෙක් දන්නේ නැහැ. ඇමෙරිකාවේ නම් තුන්වැනියට වැඩිම මරණ සිදුවන හේතුව බටහිර වෛද්‍ය වරුන්ගේ වැරදි තීරණ. ලංකාව ඊට වඩා දියුණු නිසා සමහර විට ඒ තත්වය අඩු වෙන්න පුලුවන්.
කය දුර්වල නම් මුලින්ම දුර්වල වන්නට හේතුව සොයාගත යුතුයි. එය බොහෝ විට පෝෂණ ඌණතාවයක්. එසේනම් අපි කල යුතු වන්නේ අදාල ඌණතාවය සපුරාලන එකනේද කියා පොඩි දරුවෙකුගෙන් ඇහුවත් කියයි. සිරුරට ඇතිවන බාහිර ආක්‍රමණ අනෙක් පැත්තයි. ඒකටත් අපගේ සිරුරේම ප්‍රතිශක්ති කරණය කියලා ක්‍රියාවලියක් තියෙනවා. එය පණ නංවන්නට අවශ්‍ය දේවල් ටික දෙන එකට බෙහෙත් හෝ අවශ්‍ය පෝෂ්‍ය කොටස් ලබා දිය හැකියි.
කෙසේ හෝ කය දුර්වල වීමට හේතුව සොයා ඊට පිලියම් කිරීම තමයි වෛද්‍ය වරුන්ගේ කාර්‍ය භාරය.
මනස දුර්වල වීම නිසා රෝගය සුව කරගන්නට ඇති අවස්ථාව දුරින් දුරටම යයි. රෝගයක් දීර්ඝ කාලයක් පැවතීමට ප්‍රධානම හේතුව වන්නේ මේ දුර්වල මානසික තත්වයයි. දැන් දැන් රෝගයක් හේතුවෙන් වෛද්‍ය වරයෙක් මුණ ගැසුන විට මුලින්ම අසන්නට ලැබෙන්නේ දැන් ඔබට ජීවිතාන්තය දක්වා බෙහෙත් ගන්න වෙනවා කියන අප්‍රසන්න වචන කිහිපයයි. ඒත් ඒක කියන කෙනා නම් කියන්නේ හරිම උජාරුවෙන්. මට. මේ අතර දෙවිවරු වැනි වෛද්‍ය වරුන් නැතිවා නොවේ. මම දන්නා වෛද්‍ය වරුන් ඉන්නවා මේ බෙහෙත් හැමදාම බොන්න හොදනැහැ. පාලනය කරගෙන සිංහල බෙහෙත් ටිකක් අරං සුව කරගන්න කියලා කියන. කෙසේ හෝ මානසිකව තමන්ට රෝගය සුවකරගත නොහැකි යැයි කෙනෙක් සිතනවා නම් ඔහුට රෝගය සුව වන්නට ඇති ඉඩකඩ ඉතාම අල්පයි. මේ නිසා යම් කෙනෙක් කියනවා නම් ඔබට ඇති රෝගය සුව කල නොහැකියි කියලා මුලින්ම කල යුත්තේ ඒ වෙලාවේම ඒ කෙනාව සිතෙන් ඉවත් කිරීමයි. ඔබ වෛද්‍ය වරයෙක් ලගට යන්නේ මේ වචන ටික අහගන්නද? ඒක සිංහල ඉංග්‍රීසි බේදයකින් තොරව ගත යුතු පියවරක් ලෙසයි මම දකින්නේ.
ඉස්සර තෙල් මතුරලා ලෙඩ සුව කලා. දැන් දැන් ඒවා නැති වෙලා ගිහින්. මේ ශන්ති කර්ම වලින් රෝගියාට මහා මානසික ශක්තියක් ලැබුනා. මට දැන් සුවයි කියා සිතන්නට මගක් විවර වුනා. දැන් සිටින ඊණියා උගතුන්ට නම් මේ ක්‍රම මිත්‍යා මත. ඒත් ඔවුන්ට රෝගියාගේ මානසික තත්වය ගැන කිසිදු අනුකම්පාවක් නැහැ. මොකද ඔවුන් විශ්වාස කරන්නේ පොතේ තියන දේ නිසා.
මම ඊයේ දිනයේ එක් හෝලිස්ටික් වෛද්‍ය ආයතනයකට ගියා. එතන තිබුනා ක්වොන්ටම් තාක්ෂණය භාවිතා කරලා හදපු ස්ටිකර් වර්ගයක්. ඒ ස්ටිකර් තමන්ගේ නාභියට අගල් තුනක් පමණ උඩින් අලවාගත්තම ඍණාත්මක සිතිවිලි එන එක අඩු වෙනවා. එසේම ධනාත්මකව සිතන්නට හුරු වෙනවා. එය කරන්නේ අර පුද්ගලයාගේ අවට ඇති අදුරු කිරණ කපා හැරීමක් මගින්. මෙයින් අපට පෙනෙනවා අපි ඍණාත්මකව සිතන්නටත් බාහිර බලපෑම් තියෙනවා කියලා. එතන මෙවැනි ක්‍රම රාශියක් තිබුනා. අපි අළුත් අළුත් බෙහෙත් වර්ග සොයන විට සිංගප්පූරුව වගේ රටවල් රෝග සුව කරගන්නට විකල්ප මාර්ග සොයනවා. මේ ස්ටිකර් එක ප්‍රෝග්‍රෑම් කල චිප් එකක්. මේක අලවන්නේ Solar Plexus චක්‍ර එක ඉලක්ක කරලයි. එමගින් Solar Plexus චක්‍ර එකට යම් ධනාත්මක බලපෑමක් ඇති කරන බවයි මට හැගී ගියේ. අපි ඉදිරියේදී මේගැන විස්තරාත්මකව කතා කරමු.
වැදගත්ම කාරණයක් තියෙනවා මනස ගැන කතා කරනවිට. අපි මානසික ආතතියකට ලක් වෙන විට අපේ සිරුරේ නිපදවෙනවා කොටිසෝල් කියලා හෝමෝනයක්. මේ හෝමෝනය නිසා අපගේ අක්මාවේ තැන්පත් කර ඇති ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට පෙරලා රුධිරයට මුදා හරිනවා. ඒ අර ස්ට්‍රෙස් එක මැනේජ් කරගන්න විශාල ශක්තියක් අවශ්‍ය නිසා. එසේම රුධිර පීඩණය වැඩිවෙනවා. මොකද සෛල වලට වැඩි ශක්තියක් ලබා දිය යුතු නිසා. ඉක්මණින් හුස්ම ගන්න වෙනවා. මේ සියල්ලම රෝගියෙකුට හිතකර නැහැ. ඒත් එය තමයි අර හෝමෝනය මගින් සිදු කරන්නට තියෙන කාර්‍ය්‍ය. ඉතිං අපි කරන්නේ දියවැඩියාවට ප්‍රෙෂර් එකට කොලෙස්ටරෝල් වලට බෙහෙත් බොන්න පටන් ගන්නවා. එක ලෙඩක් හැදුනාම තවත් ලෙඩ ගොඩක් හැදෙන්නේ මේ නිසා. මානසික ආතතිය. එය මුලින්ම ඔබට හදන්නේ ඔබගේ වෛද්‍ය වරයා. ඒත් සමහර වෛද්‍ය වරුන් ඉන්නවා රෝගියාට අදාල රෝගය ගැන කියන්නේ නැහැ. මේක මේ පොඩි ගැටලුවක්. මේමේ ආහාර ගන්න එපා. බෙහෙත් ටික ටික කාලයක් ගන්න. ඉකිමනින් සුව වෙයි කියලා ධනාත්මක සිතිවිල්ලක් සිතට දීලා පිටත් කර හරින වෛද්‍ය වරුන් ඉස්සර හිටියා. ඒත් දැන් ඒ වගේ මානුෂික අදහස් ඇති අය සොයාගන්න හරිම අමාරුයි.
පිලියන්දල සම්පත් මහත්තායත් ඒ වගේ කලාතුරකින් පහල වෙන කෙනෙක්. කවදාවත් රෝගියෙකුට මානසිකව වැටෙන්නට හරින්නේ නැහැ. සමහර විට නාඩි බලන විට පිලිකාවක් ඇති බව වැටහුනත් එය රෝගියාට කියන්නේ නැහැ. දිගටම බෙහෙත් බොන්න කියලා කියනවා විතරයි. අඩු ගානේ පරීක්ෂණයකටවත් යොමු කරන්නේ නැහැ. මොකද පිලිකාවක් තියෙන බව දැනගැනීමම ආතතිය වැඩිවන්නට හේතු වෙනවා. ඉතිං පිලිකාව පැත්තක තියලා සීනි බස්සන්නයි, ප්‍රෙෂර් බස්සන්නයි, කොලෙස්ටරෝල් බස්සන්නනයි වෙනවා. ඒක කරදරයි. ඉතිං ලෙඩා නොදන්න තාක් එම තත්ව ඇතිවෙන්නේ නැහැ. ඒක ඔබලාත් අත් දැක ඇතැයි සිතනවා.
අනෙක් කාරණය තමයි රෝගයක් හැදුනම රෝගියාට විවේකයක් ලැබෙනවා. ඉතිං කම්මැලි කමත් වැඩියි. රූපවාහිනිය තමයි එකම විසදුම. එය තවත් කොඩිවිණයක් මේ වගේ අයට. රාත්‍රී හතට පටන් අරං දහය විතර වෙනකම් යන ටෙලි නාට්‍ය ටික බැලුවම ඒ නාට්‍ය වල ඇති චරිත නිසා බලන කෙනා කොහොමත් ආතතියට ලක්වෙනවා. ඉතිං නින්දට යන්නෙත් ඒ ආතතිය සමග. ඇදට ගිහිල්ලත් කල්පනා කරන්නේ හෙට ස්වප්නට මොනවා වෙයිද දන්නේ නැහැ කියලා. ඉතිං අපගේ සිරුරේ පඨක අළුත් වැඩියාව සිදුකරන කාලය තුලත් කොටිසෝල් රුධිරයේ පවතිනවා. කොටිසෝල් රුධිරයේ පවතින වෙලාවට නව සෛල නිපදවීම සිදුවන්නේ නැහැ. එය පරීක්ෂණ වලින් පවා ඔප්පු කරලා තියෙනවා. ඒ නිසා තමන්ගේ රෝගයක් සුව කරගන්නට අවශ්‍ය නම් මුලින්ම රූපවාහිනිය අත් හරින්න. ටිකක් සිත සතුටුවෙන ජස්ට් ෆො ලාෆ් වගේ මිස්ටර් බීන් වගේ ඒවා බැලුවට කමක් නැහැ. එය රෝගියාට ධනාත්මකව බලපානවා. ඒත් අර ඉන්දියන් කසිකබල් නාට්‍ය ටිකනම් පෙන්වන්න එපා. එය රෝගය උත්සන්න වෙන්නම බලපානවා.
තුන් වන කාරණය තමයි කර්මය. අපේ මණෝකායත් ලෙඩවෙනවා. එසේම අපගේ චක්‍ර දුර්වල වෙනවා. ඕරා එක දුර්වල වෙනවා. මේ සියල්ල ලෙඩවෙන්නට බලපානවා. මේ නිසා අපිට යම් රෝගයක් ඇත්නම් මේ දේවල් ගැන සැලකිලිමත් විය යුතුයි. ඒ සදහා භාවනවක් වැඩුවත් හොදයි. යෝගි භාවනා මෙහිදී ඉතාමත් වටිනවා. එසේම ධර්ම ශ්‍රවනය, දානමාන වලට සහභාගි වීම විශේෂයෙන් දොලොස්පිරිකර සහිත දානයක් බුදු පසේ බුදු මහාරහතන් වහන්සේලා සිහිකර ආර්‍ය මහා සංඝරත්නයට පූජා කර තම සංසාරගත ඥාති නිදහස් කිරීමේ පුණ්‍ය කටයුත්ත සිදු කිරීම රෝගියාගේ කර්ම දෝෂ නිවාරණය කරගන්නට හේතු වන බව මම හොදින්ම දන්නවා. ඒ ගැන තම සිත යොමු කරන්න.
උදේම ආපු කෝල් එකක් නිසා මේ ටික ටයිප් කලේ. වැදගත් වේය කියා සිතනවා. තවත් අයට වැදගත් යැයි ඔබ සිතනවා නම් ෂෙයාර් කර ඔවුන්ටද උපකාර කරන්න.
මෙත් සිතිනි…!!