පෙර කල නම් දරුවන් තුන් ‍‍දෙනක් හිටියත් වඳ නම භාවිතා කරලා තියෙනවා. ඒ අයට කියලා තියෙන්නේ ලිප්ගල් වඳියා කියලා ඒ ගැන යමක්.


පෙර කල නම් දරුවන් තුන් ‍‍දෙනක් හිටියත් වඳ නම භාවිතා කරලා තියෙනවා. ඒ අයට කියලා තියෙන්නේ ලිප්ගල් වඳියා කියලා. ලිපට ගල් තුනක් ඇති නිසා වෙන්න ඇති මේලෙසට කියලා තියෙන්නේ. මේ විදිහට එක් දරුවෙක් හිටියත් දෙදෙනෙක් හිටියත් වඳයි කියලා තමයි කියන්නේ. මේ නිසාම ඉස්සර අපේ ගෙවල් වල දරුවන් සිටියේ දුසිම් ගනන්. මිනිසුන්ට වස්ථුව දරුවන් කියලා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දැන් දැන් දරුවන් නැති අයට දරුවන් ලබන්නට වෙදකම් කරන ස්ථාන දේවාල වැහි වැහැලා. ඇයි මේ. අම්මලාට දරුවන් ලබන්න පින නැහැ. ඒකට හේතු ගොඩක් තියෙනවා අපි මේ හේතු ටිකක් ගැන කතා කරමු.
පලමු කාරණය තමයි දරුවන් ප්‍රතික්ෂේප කිරීම.
කසාදයකට පස්සේ ඉස්සර නම් පලමු කාර්‍යය තමයි දරුවෙක් හදාගන්න එක. දැන් පලමු කාරණය තමයි වෙඩිං එක කරන්න ගත්ත ණය ටික බේරන එක, වාහනයක් ගන්න එක, ගෙයක් හදාගන්න එක වගේ කරුණු. ඉන් පසු තමයි දරුවෙක් බලා පොරොත්තු වෙන්නේ. දරුවන් හදන එක මේ විදිහට පමා කරන සිරිතක් දැන් අපි අතරේ තියෙනවා. මේන්න මේ කාල වලදි කරන වැඩ ටික තමයි දරුවන් හදන්නට බැරිවෙන්නට ප්‍රධානම හේතුව.
සමහර අය මේ කාලය තුල උපත් පාලනය කරනවා. ඒ සදහා විවිධ ක්‍රම භාවිතා කරනවා. පුරුෂයාත් ස්ත්‍රියත් යම් යම් ක්‍රමවේද භාවිතා කරනවා. මේ සෑම අවස්ථාවකම දෙදෙනාගේම සිතිවිලි වල ඇත්තේ දරුවන් එපා කියන සංකාරයක්. ඉතිං දරුවන් හැදෙන්නට අවශ්‍ය පසුබිම සකස් කරන හෝමෝන වල ක්‍රියාකාරීත්වය නැතිවෙලා යනවා. ඉතිං අර බලාපොරොත්තු වුනු දේවල් කරගන්න බැරිවෙන තැන කමක් නැහැ දරුවෙක් හදමු කියලා හිතනවිට අර හෝමෝන දැන් නිසිලෙස ක්‍රියාත්මක වෙන්නේ නැහැ.
ඊට අමතරව සමහර අය මේ කාලය තුල ගබ්සා කරනවා. ඒක එක එක ක්‍රම භාවිතා කරලා සිදු කරන අතර අවසානයේ තමන් ගේ කුසයේ උපත ලබන්නට වාසනාව ඇති දරුවන් මෙලෙස මරා දමනවා. දැන් මෙවැනි පවුකාර ඝර්භාෂයක පිලිසිදගන්නට වාසනාව හෝ අවාසනාව ඇත්තේ එවැනිම අකුසල කර්ම කල අයටයි. ඉතිං ගැබ් ගෙන කෙටි කාලයකින් ගැබ නැති වෙලා යනවා. ඔබ ඔබගේම හදවතට තට්ටු කරලා බලන්න අද සමාජයේ මේ වගේ දේවල් වෙන්නේ නැද්ද කියලා.
කෙසේ හෝ ඔබ විවාහයකට ඇතුලු වූ දවසේ සිට වඩන්නේ දරුවන් එපා කියලා සංකාරයක් නම් ඔබට දරුවන් අවශ්‍ය විට නැවතත් දරුවන් ලබාගන්නට ඇති පිණ නැතිවෙලා යන එක නම් සක් සුදක් සේ පැහැදිලියි.
තවත් එක් කාරණාවක් තමයි දෙදෙනාගෙන් එක් අයෙකුට ඇති කායික රෝග. මේවාට වෛද්‍ය උපකාර ලබාගෙන සුවපත් විය හැකියි. ඒවා හෝමෝන වෙනස් වීම් වල සිට ඉන්ද්‍රියයන්ගේ දුර්වලතා දක්වා විය හැකියි.
මීලග කාරණය නම් පෙර කල අකුසල කර්ම. ඔබ පෙර අත්බැවේදී හෝ ගබ්සා කර ඇත්නම් ඒ අකුසල කර්මයට මේ අත් බැවේදී දරුවන් නැතිව සිටින්නට පාර හැදෙනවා. ඒක ධර්මතාවයක්. දැන් ඔබ ඒ අසාධාරණයට ලක්වූ දරුවාට වන්දිගෙවා නිදහස් විය යුතුය. එසේ වන්දිගෙවන ක්‍රමයක් මම පහත සටහන් කරන්නම්. එය තමන්ගේ දරුවන් නැවත තමන් ලගට ගන්නට පාර සකස් කරනු ඇත.
ඊලග කාරණය නම් ඔබ ගන්නා ආහාරපාන.
ආහාර වල ඇති වස විස සහ කෘතිම හෝමෝන ඔබගේ ප්‍රජනන පද්ධතියට බලපෑම නිසා දරුවන් හදාගන්නට බැරි වෙනවා. එයින් මිදෙන්නට අපි ක්‍රමවේදයන් භාවිතා කල යුතුයි. අපි මේ ගෘප් එකේ ඒ ගැන ඕනෑ තරම් කතා කර තියෙනවා. ඒ ලිපි කියවලා බලලා තම ආහාර වේල සකස් කරගන්න.
කෙසේ හෝ ඔබට දරුවන් නැතිනම් සිදු කල යුතු ක්‍රියාදාමයන් කිහිපයක් කියන්නම්.
මුලින්ම පහත ඇති ලිපිය කියවා අදාල දානය දෙන්නට අදිඨන් කරගෙන ගෙදර කැටයක් පටන් ගන්න. එයින් ඔබට යම් සහනයක් ලැබෙයි.
දැන් තමන්ගේ සංසාරගත දූ දරුවන් තම ඝර්භාෂයේ ලිපිසිද ගන්නයැයි ආරාධනාවක් කරන්න. මේ සදහාද බෝධිපූජාවක් කරන ආකාරය මම කියා දෙන්නම්.
තමන්ගේ කායික තත්වය ගැන සොයා බලන්න. සමහර විට ඉහත කරුණු දෙක සම්පූර්ණ වෙනවිටම කායික දුබලතාවයන්ද නැතිවී යන්නට හැකියි.
වෛද්‍ය වරයෙක් මුන ගැසී තම හෝමෝන වල තත්වය දැනගන්න.
මෙතෙක් තමන් දරුවන් එපා කියා යම් සංකාරයක් වැඩුවාද එය නැතිකරගත යුතුය. ඒ සදහා දරුවන්ට ආදරය කරුණාව දක්වන්න. දරුවන්ට ආහාර ඇදුම පැලදුම් අරං දෙන්න. ඝර්ෂණි මව් වරුන්ට දානයක් දෙන්න. මේ සියලු කරුණු ඔබට ධනාත්මකව බලපානු ඇත.
‍මේත සිතිනි…!!