කවදා හරි ඔබ යම් සතෙකුට හෝ වෙනයම් දෙයකට බිය වී දුවලා තියෙනවාද? ඒ දිවිල්ල දැන් දුවන්නට බැහැ කියලා හිතෙන්නේ නැද්ද? සමහර විට කිසිදා පණින්නට බැරි තාප්ප උඩින් පණින්නට අපිට හැකියාව ක්ෂණයකින් ලැබෙනවා. මෙය සිතා ගන්නට බැරි වන තැන දෙවියෝ බේරුවා කියලත් කියනවා. අපි අද කතා කරන්න හදන්නේ හරියට තියා ගත්තොත් ජීවිතයද, වරදවා ගත්තොත් මරණයද ගෙනදෙන හෝමෝන දෙකක් ගැන. එකක් රුධිරයට සම්බන්ධවද අනෙක ස්නායුවටල සම්බන්ධවද ක්‍රියත්මක වන නිසා මේ දෙක වෙන වෙනම හදුනා ගත හැකිය.
මින් පලමු වැන්න කොටිසෝල් නැමති හෝමෝනය වන අතර අනෙක ඇඩ්රිනලින් නැමති හෝමෝනයක් ලෙසට ක්‍රියාත්මක වන නියුරෝට්‍රාන්ස්මීටර් neurotransmitter. එකකි. අපි යම් හේතුවක් නිසා බිය වුනොත් මේ හෝමොන දෙක ක්‍රියාත්මක වී අදාල හේතුවට විරුද්ධව සටන් කිරීමට හෝ එතනින් ඉක්මනින් පිටවී යැමට අවශ්‍ය ශක්තිය ලබා දෙයි. මම මේ දෙකටම හෝමෝන කියන නම භාවිතා කරන්නම්. මොකද පහසු නිසා. මේ දෙකම නිපදවන්නේ අපගේ වකුගඩුව ඉහල ඇති ඇඩ්රිනල් ග්‍රන්ථි වලයි. වකුගඩු වලට උඩින් පිහිටන නිසා අධිවෘක්ක ග්‍රන්ථි ලෙසද මෙම ග්‍රන්ථි හදුන්වනවා. මෙ ග්‍රන්ථියේ පිටත කොටසින් කෝටිසොල්ද, ඇතුලත කොටසින් ඇඩ්රිනලින්ද නිපදවනවා.
අපි බල්ලෙක් දුටුවිට අපේ මෙම ග්‍රන්ථි ක්‍රියාත්මක වෙනවා. මොකද මේ බල්ලට ගහන්න හරි දුවන්න හරි අවශ්‍ය නිසා. මේ හෝමෝන වල ඉව බල්ලට දැනෙනවා. ඉතිං බල්ලා අපි ප්‍රහාරයක් එල්ල කරයි කියන බය නිසා අපිට පෙර ක්‍රියාත්මක වී සපා කන්න යනවා. අපිට මේ ඇඩ්රිනලින් ශ්‍රාවය වීම නවත්වා ගන්න හැකිනම් දරුණු සතුන් ලග වුවත් සිටින්නට බිය වන්නට අවශය නැහැ.
මට මේ කාරණාව තුල ඔබ සමග කතා කරන්නට ඇත්තේ වෙනත් සිද්ධි දාමයක්. එය හරියට තේරුම් ගන්නවා නම් ඔබට නිරෝගීව සිටින්නට මේ ලිපියම ඇති. මොකද මේ හෝමෝන දෙක ඒතරමටම වැදගත් නිසා.
ඇඩ්රිනලින් වලින් සිදුකරන කාර්‍ය්‍යන් ගැන මුලින්ම දැනගනිමු. පහත පින්තූරයේ තියෙනවා මෙම හෝමෝන වලින් උත්තේජනය කරන ඉන්ද්‍රියයන් කිහිපයක්.
හෘදය, ඇඩිරිනලින් මගින් හෘදය ස්ඵන්දනය වඩි කරනවා.
අක්මාවෙන් තැන්පත් කර ඇති ග්ලූකෝස් රුධිරයට මුදා හරිනවා.
ආහාර ජීරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය නවත් වනවා.
රුධීර පීඩණය වැඩි කරනවා.
ආශ්වාස ප්‍රාස්වාස වේගය වැඩි කරනවා.
අපූරුයි නේද? එක හෝමෝනයක් කරන වැඩ තොගය. මේ විතරක් නෙවෙයි ඇඩ්රිනලින් වේදනා නාශකයක් ලෙසත් වැඩ කරනවා. මේ නිසා ඔබට යම් තුවාලයක් වූ අවස්ථාවක අදාල අනතුරෙන් බේරීමට අවශ්‍ය ශක්තියද ලබා දෙන අතර වේදනාවද පහ කර දමනවා. අපිට හිතේනේ දෙවියන් අපිව බේරුවා කියලා. අපි බලමු මේ දෙවියන් අපි තුලින් ගිලිහෙන්නට හේතුව.
අඩ්රිනලින් වගේම හෝමෝනයක් තමයිකෝටිසෝල්. කොටිසෝල් මගින් සිදු කරන්නේ ආතතිය පාලනය කිරීමයි. අපේ සිතට යම් ආතතියක් පැමිණි විට මෙම හෝමෝනය රුධිරයට මුදා හරිනවා. මේ හෝමෝනයත් අපිට අර පෙර කී ටිකම සහ තවත් බාධක ඇති කරනවා. ප්‍රශ්නය මෙයයි. කොටිසෝල් අපගේ රුධිරයේ එකතු වෙනවා. මෙය නිරන්තරයෙන් සිදුවන දෙයක් වන අතර මෙම එකතු වන කොටිසෝල් නිශ්ක්‍රීය කරන්නට පෝෂ්‍ය කොටස් අපි ලබා දෙන්නට අවශ්‍යයි. එසේ නොවුනහොත් කෝටිසෝල් නිසා යම් දවසක මේ රොගියා විශාදය තත්වයට පත්වෙනවා. පහත පින්තූරය ඔබට මේ බව පැහැදිලව වටහා දෙයි.
මෙම කොටිසෝල් 98% ක්ම ඒකරාශී වනිනේ සිරුරේ පස් පෙලකයි. අපි මේ ස්ථාන පහ ගැන හරි අවධානයකින් සිටිනවා නම් අපිට පුලුවන් මේ තත්වය ටිකක් සමනයකට පත් කරන්න. විශේෂයෙන් නිදාගන්නට පෙර මෙම ස්ථාන පහ සම්බාහනය කරන්නට හැකිනම් සුවදායක නින්දක් සහ පසුදා ආතතියකින් තොර අවදිවීමක් බලාපොරොත්තු විය හැකියි. ඒ ස්ථාන පහ නම්.
බෙල්ලේ ඉහල ප්‍රෙද්ශ්‍ය
හිස්කබල කශේරුවට සම්බන්ධ වන තැන
පපුවේ මැද ( දහවතට උඩින්)
පිටේ මැද
නාභිය ප්‍රෙද්ශය.
මෙම ස්ථානය සම්බාහනය කරන්නට හැකිනම් හොද සුවදායක නින්දක් සහ ආතතියෙන් මිදෙන්නට හැකියාවක් ලැබෙනවා.
ඔබ පහත රූප සටහන් බැලුවා නම් තේරෙන්න ඕනි මේ දෙකේම රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි කරනවා කියලා තියෙනවා. ඉතිං ඔබ දියවැඩියාවට බෙහෙත් ගන්නවා. කරන්නට ඇත්තේ කුමක්ද? අධිවෘක්ක ග්‍රන්ථිය නිරෝගීව පවත්වා ගැනීම නේද? එය කරන්නේ කෙසේද යන්න අපි කතාකරමු.
ඇඩ්රිනලින් නම් නිපදවන්නේ අපි බිය වූ වෙලාවකට වුවත් කොටිසෝල් එහෙම නෙවෙයි. අපි යම් ආතතියකට ලක්වෙන වෙලාවට මේ හෝමෝනය නිපදවනවා. තමන්ගේ සිතුම් පැතුම් බිද වැටුනු වෙලාවට මේ හෝමෝනය වැඩි වැඩියෙන් නිපදවනවනා. මේ තත්වය මග හරවාගන්නට හැක්කේ නිසි පෝෂණය ලබා දීම මගින් පමණයි. එසේ නොවුනහොත් මාංශපේෂි සහ මේදය දියවන්නට පවා පටන් ගන්නවා. ඔබට යම් ප්‍රශ්න සහගත තත්වයක් ඇති කාලයක ඔබ කෙට්ටු වුනා මතකද? කලිසම් අදින්න බැරි වුනා මතකද? මෙයට හේතුව ඔබ දැන් දන්නවා.
ඔබ දන්නවාද ඔටෝ ඉමියුන් තත්වයන් ඇතිවන්නට පෙර මෙම රෝගින් යම් මානසික ආතතියකින් පෙලී සිටි බව. රුමෙටෙයිඩ් තත්වයන්. ලූපස්, වගේ තත්වයන් ඇතිවන්නට පෙර මෙම රෝගීන්ගේ ආතතිය ඉහල මට්ටමක පැවතී ඇති බවට සොයාගෙන තියෙනවා. එසේම මෙම රෝගය සුව කල නොහැකි රෝගයක් බව දැනගත් පසු තව තවත් කෝටිසෝල් මට්ටම ඉහල යනවා. ඉතිං කිසි දිනක රෝගය සුවකරන්නට සිරුරෙන් උදව්වක් ලැබෙන්නේ නැහැ. මොකද දැන් සීනි මට්ටමවැඩියි, ප්‍රතිශක්තිය දුර්වලයි. මේදය දියකර හරිනවා, ඇමයිනෝ අම්ල උරාගන්නේ නැහැ. ආහාර ජීරණ පද්ධතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රුධීර පීඩණය වැඩියි. හෘදය අනව්‍ය ලෙසට ගැහෙනවා. ප්‍රශ්න ගොඩයි. මේ තත්වය එන්න එන්නම දරුණු වෙනවා මිස කිසිදු වර්ධනයක් දකින්නට ලැබෙන්නේ නැහැ. මෙවැනි රෝග වලට බෙහෙත් ගන්න ගියහම කොරේ පිටට මරේ වගේ තවත් ස්ටෙරොයිඩ්ස් වලින් සංග්‍රහ කරන නිසා තවත් ප්‍රතිශක්ති කරනය දුර්වල වෙනවා. කල යුත්තේ නිසි පෝෂණයට යොමු කිරීමයි. අපි මේ විදිහට කරලා ප්‍රතිඵල දැකලා තියෙනවා.
අපේ ජීවන රටාව දැන් සැකසී ඇත්තේ කොටිසෝල් වැඩියෙන් නිපදවන ආකාරයටයි. රාත්‍රී 7 සිට 10 දක්වා යන රූපවාහිනී නාට්‍ය ටික බලන්න. ඒ නාට්‍ය වල චරිතයක් ඔබත් මනසින් රගපානවා. මේ නිසා ඒ චරිතයට ආසාධාරනයක් වන විට ඔබගේ කොට්සෝල් මට්ටම වැඩිවෙනවා. මේ ටික තියාගෙන තමයි ඔබ රාත්‍රී නින්දට යන්නේ. කොටිසෝල් ඇතිවිට ඩොපමින් වැනි සතුට දනවන නියුරෝට්‍රාන්ස්මීටර් වලට අපගේ සිරුරේ වැඩ කරන්න බැහැ. මේනිසා ගෙවල් වල අඹු සැම් සම්බන්ධතා පවා බිද වැටෙනවා. බලන්න වෙන විනාශයක මහත. මෙයින් මිදෙන්න තමයි බොහො දෙනෙක් ෆේස්බුක්වගේ ඒවා භාවිතා කරන්නේ. අර ස්ට්‍රෙස් එක නවත්වගන්න. එය තවත් එක් ව්‍යසනයක් පමණක් බව අපි සියලු දෙනාම දන්නා කාරණයක්.
අපේ අධිවෘක්ක ග්‍රන්ථිය නිරෝගීද කියලා බලාගන්න පොඩි පරීක්ෂණයක් කියන්නම්.
LED ටෝච් එකක් හෝ ෆ්ලෑෂ් එකක් තියෙන ෆෝන් එකක රැගෙන පිටතින් එලිය එන්නේ නැති බාත්රූම් එකකට යන්න. කණ්නාඩිය ඉදිරියට ගොස් ලයිට් නිවා දමන්න. මෙසේ කරුවලට ඇස් හුරු වන තුරු සිටින්න. දැන් ඔබට කලුවරේ යම් යම් දේවල් තියෙන තැන් පෙනෙනවා ඇති. දැන් එකපාරටම අර ටෝච් එක ඇසට යොමු කරන්න. ඔබට පෙනෙයි ඇසේ කණීනිකාව එක පාරම කුඩා වෙනවා. එය ආලෝකය වැඩිනම් කැමරාවේ ඇපර්චර් එක වගේ කුඩා වෙන්නයි තියෙන්නේ. මෙසේ ටික වේලාවක් යනවිට අර කණීනිකාව ලොකුවෙවි කුඩා වෙවි තියෙනවා නම් ඒ කියන්නේ ඇසට මේ ආලෝක ප්‍රමාණය මැණගන්න බැහැ කියන එකයි. එසේ මැනගන්නට නොහැකි වන්නේ ඇඩ්රිනල් ග්‍රන්ථිය නැතිනම් අධිවෘක්ක ග්‍රන්ථිය නිසි ලෙසට වැඩ නොකරන නිසයි. (මෙය නිතර නිතර කරන්න එපා. ඇසට හොද නැති වෙන්න පුලුවන් නිසා.)
දැන් මේවාගේ තත්වයක් ඇත්නම් අපි සිදු කල යුතු වන්නේ නිසි පෝෂණය ලබා ගැනීමයි. මේ රටවලනම් ඒවාට අවශය ක්‍රමවේද තියෙනවා. නමුත් ඔබ සිටින්නේ ලංකාවේ නම් මෙවැනි තත්වයක් ඇත්නම් විශ්වාසවන්ත හෙළ වෙදමහතෙකු සමග මේ ගැන කතා කරන්න. එවිට ඔබට නිසි පිලිතුරක් ලැබෙනු ඇතැයි මා විශ්වාස කරනවා.
මා හොදින්ම දන්න තැනක් වන පිලියන්දල සම්පත් වෙදමහත්තයා කිසිම විටක රෝගියා ආතතියට පත්වන ආකාරයේ ක්‍රියාවලික නිරත වෙන්නේ නැහැ. සැමවිටම බය වෙන්න එපා මේ ලෙඩේ සුව කරගන්න පුලුවන්. සෙනසුරාදා ආශිර්වාද පූජාවට එන්න. ඇවිල්ලා ඒ ශක්තියත් ගන්න කියලා ලෙඩත් එක්ක කතා කරන ටිකට මේ රෝගියා සුවපත් වෙන්නට පටන්ගෙනයි යන්නේ. මම හිතන්නේ බොහොමයක් හෙළ වෙදකම කරන වෙදමහතුන් එහෙමයි. නමුත් කියන්න කණගාටුයි සමහර ආයුර්වේද වෛද්‍ය වරුන් පවා ආපෝ දියවැඩියාව කින්නේ සුව කරන්න බැරි ලෙඩක්. ඕකට බෙහෙත් නැහැ කියලා කියන අවස්ථා මම දැකලා තියෙනවා. ඉතිං අර රෝගියාගේ ආතතිය වැඩි වෙලා තවත් රෝගය උත්සන්න වෙනවා.
තවත් කාරණාවක් කිව යුතුයි. අපගේ සරුරේ කොටිසෝල් ඇතිවිට ස්ටෙම් සෛල නිපදවීම නවත්වන බව දැන් විද්‍යාඥයින් සොයාගෙන තියෙනවා. මේ නිසා පිලිකා රෝගියෙකුට අත්‍යවශ්‍ය වන ස්ටෙම් සෛල නැති වීමනිසා රෝගියා මිය යනවා. මෙයට වග කිය යුතු වන්නේ කවුරුන්ද කියා ඔබම තීරණය කරන්න.
සුවදායී නින්දත, ව්‍යායාම කිරීමත්, භාවනා කිරීමත් මෙම තත්වය ධනාත්මකව පවත්වාගැනීමට හේතු වෙනවා. ඒත් ව්‍යායාම කරන කෙනා අවශ්‍ය පෝෂනය දෛනිකව ලබා දිය යුතුයි. නිසි පෝෂණය ලැබෙනවා නම් නින්ද කෙසේහෝ සිරුර ලබා ගන්නවා.
ඔබ යම් දැනුමක් මේ ලිපියෙන් ලැබුවානම් තවත් කෙනෙකුට දැනගන්නට ෂෙයාර් කරන්න.
පුද්ගලිකව යමක් දැන ගන්නට අවශ්‍ය නම් පහත ඇති ලින්ක් එක මත ක්ලික් කර වට්ස් ඇප් ගෘප් එකට සම්බන්ධ වී ඔබගේ පැණය ඉදිරිපත් කරන්න.
https://chat.whatsapp.com/Fg0mL0BqOqs53X3wSUvLg4
මෙත් සිතිනි.