ඔබට දැනිලා තියෙනවාද දැන් ඉස්සර වගේ හොද සින්දු ලියවෙන්නේ නැහැ කියලා. හැත්තෑව දශකයේ ලියවුනු ගීත දැන් නොලියවෙන්න හේතුව කුමක්ද?


ඔබට දැනිලා තියෙනවාද දැන් ඉස්සර වගේ හොද සින්දු ලියවෙන්නේ නැහැ කියලා. හැත්තෑව දශකයේ ලියවුනු ගීත දැන් නොලියවෙන්න හේතුව කුමක්ද? අපේ චින්තන ශක්තියේ යම් දුර්වල තාවයක් ඇතිවී තියෙනවා නේද? අද ඒ ගැන ටිකක් කතා කරන්න හිතුනා. සින්දු ගැන නොවේ. ඇයි මේ නිර්මාණාත්මක හැකියාව අපෙන් ගිලිහිලා යන්නේ කියලා. දැනගත්තොත් නේ රැකගන්න පුලුවන් වෙන්නේ ඒක නිසා.
පයිනියල් ග්‍රන්ථිය ගැන ඔබ අසා තිබෙනවාද? මෙහි ඇති වැදගත් කම කුමක්ද? මෙම ග්‍රන්ථිය පිහිටා ඇත්තේ අපගේ මොළයේ මැද ප්‍රෙද්ශයෙයි ඒක හරියට පයින් ගෙඩියක් වගේ. මේනිසා තමයි මේග්‍රන්ථියට පයිනියල් ග්‍රන්ථිය කියන නම ලැබිලා තියෙන්නේ. මේ ග්‍රන්ථිය මගින් කෙරෙන්නේ කුමක්ද?

පහත ඇති පින්තූර වල ඇත්තේ යම් මානසික ශක්තියක් දියුණු කල පුද්ගලයන්. ඒ හැමෝගේම හිසේ හෝ වෙනයම් තැනක පයින් ගෙඩියක සලකුණක් තිබෙනවා. අප සම්මා සම්බුදු පියානන් වහන්සේගේද හිස මත මෙවැනි යමක් නිර්මාණය කරන්නට නිර්මාණ කරුවා උත්සාහ කරලා තියෙනවා. ඒ තමයි අපි අද කතා කරන්නට උත්සහ කරන පයිනියල් ග්‍රන්ථිය.

‍මෙම ග්‍රන්ථියට අපි තුන් වන ඇස කියලත් කියනවා. ඒ කියන්නේ සාමාන්‍ය මසැසින් දකින්නට බැරි දේවල් දකින්නට හැකි ඇහැක්. එදා මහා ධාර්ෂණිකයන්ට මේ තුන්වන ඇස මගින් ඉමහත් ශක්තියක් ලබා ගත්තා තමන් ගේ ඉලක්කය කරා යන්න.අපි සියළු දෙනාම මේ තුන්වන ඇසෙන් යම් යම් වැඩ ගන්නවා. වෙන යමන් තියා අපිට නින්ද යන්නට අවශය මෙලෙටොනින් නම් හෝමෝනය පවා නිපදවන්නේ මේ ග්‍රන්ථියෙන්. නින්ද ගැන දීර්ඝව කතා කරන්නට ඇති නිසා අපි ඒ ගැන වෙනම කතා කරමු. කෙනෙකුට නින්ද නොයනවා නම් ඒ කියන්නේ එතනත් පයිනියල් ග්‍රන්ථියේ ප්‍රශ්නයක් තියෙනවා.
එදා තිබුනු නිර්මානාත්මක හැකියාව අද නැතිවන්නටත් මේ ග්‍රන්ථිය බලපාලා තියෙනවාද? ඔව්. අද මේ ග්‍රන්ථිය වසාගෙන ෆ්ලෝරයිඩ් තැන්පත් වෙලා තියෙනවා. එය කාගේ හෝ වුවමනාවකට වූ දෙයක් විය නොහැකිද? වතුරට ෆ්ලෝරයිඩ් එකතු කරන්නට හේතුව කුමක්ද? පිලිකා කාරකයක් ලස හදුනා ගෙන ඇති ෆ්ලෝරයිඩ් දන්තාලේප වලට එක් කලේ ඇයි. එසේ එක්කර කවුපි ඇටයක් ප්‍රමාණය දත් මැදීමට භාවිතා කරන්නට කියනවා වෙනුවට දත්බුරුසුව පිරෙන්නට දන්තාලේප වල දැන්වීම් දැම්මේ මේවගේ පරමාර්ථයක් යට තියාගෙනද? මේ සියල්ල ඔබ ඔබගේම මනසින් විමසා බලන්න. අපි දැන් බොහෝම ප්‍රමාදයි. ලිංවතුර කොහෙන් බොන්නද? ගෙදර ෆිල්ටරයක් තිබුනත් ඒකත් වැඩ කරනවාද මේ ෆ්ලෝරයිඩ් පෙරාගන්න. අපි මේවාට යම් පිලිතුරක් සොයා ගත යුතුය. එසේ නොවන්නට ඉදිරියේදී ඉපදෙන දරුවා අම්මා කිරි දුන්නේ නැත්නම් අම්මාගේ කම්මුල පුරවලා පාරක් ගහලා කිරි ඉල්ලන කාලය වැඩි ඈතක නොවේ. පයිනියල් ග්‍රන්ථිය ශක්තිමත් නැති කෙනෙකුගෙන් ගුණදම් බලාපොරොත්තු වෙන්න එපා. එය ඉබ්බගෙන් පිහාටු ගන්නවා වගේ වැඩක්.
මේ ෆ්ලෝරයිඩ් රකුසා අපි අපේ සිරුරෙන් ඉවත් කරන්නට අවශ්‍ය වැඩ කල යුතුය. එයද සිදු කල හැක්කේ නිවැරදි පෝෂන රටාවක් තුලින්මයි. අපි අපේ ආහාර වේලට අයඩීන් එක් කරගන්නවා නම් අඩයීන් මෙම ෆ්ලෝරයිඩ් නැවතත් මුත්‍රා සමග පිටකරනවා. එවිට අර පීනයිල් ග්‍රන්ථිය වැසීම සිදුවන්නේ නැහැ. එත් අපි අයඩීන් ගන්නේ කෙසේද? අපි ගන්නා ලුනු වල අයඩීන් ඇති බව සදහන් වුනත් ඒ ප්‍රමාණය දෛනික අයඩීන් අවශ්‍යතාවය පිරිමසාලන්නට කෙතරම් ප්‍රමාණයක් ගත යුතුද යැයි ගණනය කර බලන්න. එය තවත් එක් මිත්‍යාවක් බව ඔබට දැකගත හැකිවවේවි. මෙම ව්‍යාපාරිකයන්ට ඔබගේ සෞඛ්‍යය ගැන වද වෙන්නට හේතුවක් නැත. නමුත් අයඩීන් ඌණතාවය නිසා ලෙඩවන අය නම් අපි ඕනෑ තරම් දැක ඇත.
අනෙක් පෝෂ්‍ය කොටස නම් විටමින් k1 / k2 වේ. මෙම විටමින් වර්ග අපි දෛනික පරිභෝජනයට ගන්නවා නම් එමගින්ද මේ ගැටළුවෙන් මිදිය හැකිය. විටමින් කේ වලට මෙම ග්‍රන්ථියේ ෆ්ලෝරයිඩ් තැන්පත්වීම නැවැත්විය හැකිය. එසේනම් එම විටමින් අඩංගු ආහාර ගැන සොයා බැලීම වැදගත්වේ.

ග්‍රීන් ටී
ක්ලොරෙල්ලා ඇල්ගී
නතෝ (NATTO ) ජපන් ජාතිකයන් ආහායට ගනී
‍කේල්
‍බ්‍රොෙකෝලි
පිපිඤ්ඤා‍‍
‍ගෝවා
ළූණු කොල
චීස්

‍මේවා දෛනික ආහාර වලට එක් කරගන්න. එවිට ඔබට ඔබගේ තුන්වන ඇසෙන් දැනට වඩා වැඩක් කරගන්නට හැකිවේවි. ඔබගේ දරුවන් නිර්මානාත්මක වේවි. හොද හික්මීමක් ඇති දරුවන් බිහිවේවි. මේ සියල්ලම එක රසායනිකයක් නිසා මුළු මහත් ලෝකයටම අහිමි වී ඇත. මේ සියල්ල පිටුපස ඇත්තේ මුදල්ය.

සිතන්නටයි.
‍මෙත්සිතිනි…!!