දොලෙස් පිරිකර සහිත දානයක් බුදු පසේ බුදු මහරහතානන් වහන්සේලා ප්රමුඛ මහා සංඝරත්නය උදෙසා පූජා කරන ආකාරය සහ එහි වටිනාකම මේ ලිපියෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ දානය දෙනු ලබන්නේ පසුගිය වසර පුරාවට අප සමග නිරෝගී භාවය සොයා ගිය රොගීීන් විසින් පිරිනමන ලද කැටයක එකතු කල මුදලෙන්. ඒ සියළුම පින් ඒ අයගේ ඥාතිවර්ගයා දුගතියෙන් මුදවා නිවන් අරමුණු කර සුගතිය පිනිස හේතු වේවායි කියා අනුමෝදන් කරනු ලබනවා. මේ දානයට ඔබටත් සහභාගි විය හැකියි. පහත ලිපිය කියවා බලා ලබන වසරේ ඔබත් මේ වගේම දානයක් පූජා කොට තම අංසාරගත ඥාති වර්ගයා නිදහස් කරන බවට අධිෂ්ඨාන කරගන්න. එය ඔබ ඔබගේ රෝග වලින් නිදහස් වීමහ මහගු උපකාරයක් වනු ඇත. ඒ අසරනව සිටින තම ඥාතින් වන්දි ගෙවා නිදහස් කිරීමට මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න. ඒ වෙනුවෙන් හෙටම කැටයක් ගෙන ඒ කැටය මේ දානය වෙනුවෙන්ම වෙන්කරන්න. සෑම දිනකම කීයක් හෝ දමන්න. පවුලේ සියලු දෙනා මෙයට සම්බන්ධ කරගන්න.. සංසාරය පුරාවට කරන්නට නොහැකිවූ තම වගකීම අද සිට ඉටු කරන්නට අදිටන් කරගන්න.මෙය ඔබගේ ඥාති වර්ගයා දකිනු ඇත. ඔවුන් ප්රීත්යෙන් ඉපිල යනු ඇත. ඔබට ඇති කරදර ටික ටික දුරු වන බව ඔබට අත් දැකිය හැකිය. ටික වේලාවක් අරගෙන මේ ලිපිය කියවන්න.
මේ දානය දෙන ආකාරය අපිට කියා දුන්නේ වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ. අපි උන්වහන්සේට පුණ්‍යානුමෝදනා කොට මේ ලිපිය කියවමු.
අනන්ත සංසාර ගත ඥාතීන් නිදහස් කිරීම පිනිස පුජා කරන දොලෙස් පිරිකර සහිත දානය.
බුද්ධෝත්පාද කාලයක බෞද්ධ පරිසරයක මනුෂ්‍යයෙකු වී ඉපදීම පරම දුර්ලභ සම්පත්තියකි. අද අපට ඒ වාසනාව ලැබී ඇත. පින් රැස් කර ගැනිමට පින් කෙතක් අප වටා ඇත. අප මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතුය. අප විසින් ඉටු කල යුතු විශාල යුතුකමක් මතක් කර දීමටත් අදාල යුතුකම ඉටුකරන අයුරු පහදා දීමටත් අපි මෙය අවස්ථාවක් කරගනිමු. දොලොස් පිරිකර සහිත මහා දානයක් අතීත, වර්ථමාන, අනාගත යන තුන් කල්හි වැඩ විසූ, වැඩ වසන සම්මා සම්බුදු පියානන් වහන්සේලා, පසේබුදුන් වහන්සේලා සහ මහ රහතන් වහන්සේලා ඇතුළු ආර්්‍ය මහා සංඝ රත්නය උදෙසා පූජා කරන්නට, බුද්ධෝත්පාද කාලයක ඉපදී සිටින ඔබ අප සෑම දෙනාටම වාසනාව ලැබී ඇත. මෙය ඔබ විසින් සංසාරයේ කරගන්නාවූ මහා කුසල කර්මයක් වන අතර එම මහා පුණ්‍ය ගංගාව, අපට අමතකවී ගියා වූ අපගේම සංසාර ගත ඥාතීන් උදෙසා අනුමෝදන් කිරීමටත්, තමන් වාසය කරන නිවසට අධිගෘහිතව අයිතිවාසිකම් කියන්නාවූ ඥාති පේ‍්‍රතයන් හට අනුමෝදන් කිරීමටත්, පින් බලාපොරොත්තු වෙන් සසරේ සැරිසරන අපේම ඥාතීන් වූ සුගති සහ දුගති ගන්ධබ්බ භවයන්හි සිටින සත්වයින්ට හට අනුමෝදන් කොට ඔවුන්ටද සුගති ගාමී වීම සඳහා මෙම පින් අනුමොදන් කිරීමටත් අවශ්‍ය මග පෙන්වීම මෙම ලිපියේ අරමුණයි.
පේ‍්‍රත ලෝක වල තම ජීවිතය ගෙවන පේ‍්‍රතයන් මහා දුකක් වේදනාවක් විඳිමින් සිටී. ඔබට කල හැක්කේ ඔවුන්ව අරමුණු කොට පින් දහම් කර එම පින් ඔවුන්ට අනුමෝදන් කිරීම පමණි. එම පින් අනුමෝදන් විය හැකි දුගති ගාමී ඥාති වර්ගයා ඉන් මිදෙන්නේ කල්ප ගනනකට පසුව විය හැකිය. මෙය ඔබ විසින් සිදුකරන තුරු ඔවුන් කල්ප ගනනක් බලා සිටියා විය හැකිය. ඒ ඔබගේ සංසාර ගත මව විය හැක, පියා විය හැක, දරුවා විය හැක. ඔහු ඔබේ දරුවා නම් අද ඔබ සුරතල් කරන දරුවා දැක ඔහු දුක් වනවා ඇති නොවේ ද? ඒ දරුවා සිතා සිටින්නේ ඔහුගේ මව පියා ඔබ බවයි. ඒත් ඔබගේ නොදැනුවත් කම නිසා ඒ දරුවා ඔබගේ දරුවාට ඊර්ශ්‍යා කරන්නට පටන් ගන්නවා නේද? එය අවසන් වන්නේ කොතැනින්ද? සමහර විට ඒ දරුවා ඔබ පසුගිය අත්බැවක ගබ්සාවක් කරන්නට ගොස් මියගිය දරුවා විය නොහැකිද? ඔවුන් එම දුකෙන් මුදවාලීම අපගේ යුතුකමයි.ඒ සදහා නැවත මෙවන් පුණ්‍යවන්ත කාලයක් ඒ දැයි අපි නොදනිමු. ඒ නිසා අදම මේ යුතුකම ඉටු කරන්නට අදිටන් කරමු.
ඔවුන්ට පින් අනුමෝදන් කිරීමට පෙර අපවිසින් කලයුතු දෙයක් ඇත. කෙනෙක් බඩගින්නේ සිටියදී බුදුන් වහන්සේ බණ දේශනා කිරීම පවා ප්‍රතික්ෂේප කල බව ඔබ දන්නවා ඇතැයි සිතමු. මෙම පේ‍්‍රතයන් සමහර විට වසර දහස් ගනනකින් ආහාරයක් ගෙන නැති වන්නට පිළිවන. ප්‍රථමයෙන් අප විසින් ඔවුන් වෙනුවෙන් හොඳ ආහාර වේලක් සකස් කොට එය ඔවුන්ට ආහාරයට ගැනීමට සලස්වා බඩගින්න නිවා, ඔවුන්ට පිරිසිදු වන්නට සලස්වා ඇදුම්ද ඇඳගෙන අප විසින් සිදු කරන්නට යෙදෙන මහා පුණ්‍ය කර්මයට සහභාගී වීම සඳහා එන ලෙසට ආරාධනා කල යුතුය.
ආර්්යන් වහන්සේලාට දානය දෙන ආකාරයත් තම ඥාති පේ‍්‍රතයන් හා අධිගෘහිත පේ‍්‍රතයන් උදෙසා ආහාර පිස පිලිගැන්වීම සඳහා අප විසින් සූදානම් විය යුතු ආකාරයත් පිළිබඳ විස්තර පහත දක්වා ඇත.
අතීත, වර්තමාන, අනාගත යන තුන් කල්හි වැඩ විසූ, වැඩ වසන සම්මා සම්බුදු, පසේබුදු මහ රහතන් වහන්සේලා ඇතුළු ආර්්‍ය මහා සංඝ රත්නය උදෙසාම දෙනු ලබන දානය.
දොලොස් පිරිකර.
අට පිරිකර
කුඩයක්
බස්තමක්
සෙරෙප්පු දෙකක්
තෙල් ගුලාව(අප භාවිතා කරන ඖෂධ තෙල් වර්ග තුනක්)
ආර්්යන් වහන්සේලා උදෙසා දෙන දානය සඳහා අවශ්‍ය කළමණා.
බතක් ව්‍යාංජන කිහිපයක් පලතුරු කැවිලි කිරිපැණි දැහැත් තැඹිලි
මෙම දානය අපි දෙනු ලබන්නේ සැරියුත් මහ රහතන් වහන්සේ උන්වහන්සේගේ මවවෙනුවෙන් දුන් දානය අනුගමණය කරලයි.
එක දවසක් සැරියුත් තෙරුන් මග වඩින විට කැලය පැත්තෙන් කවුරු හරි කතා කරලා තියෙනවා. එය ඇසී උන් වහන්සේ කවුද කතා කරන්නේ එලියට එන්නැයි කියා තියෙනවා. එවිය කැලය දෙසින් මම මීට කල්ප විස්සකට පෙර ඔබවහන්ස්ගේ මව. මට දැන් වස්ත්‍ර නැහැ. ඒ නිසා මට එලියට එන්නට බැහැ කියා පවසා ත්යෙනවා. ඉන්පසු මම කුමක් කල යුතුද කියා සැරුයුත් තෙරුන් ඇසුවාම සිල්වත් භික්ෂුවකට සිවුරක් පූජා කොට ඒ පින් මට අනුමෝදන් කරන්න. එවිට මට ඇදුම් ලැබේවි කියා කියා තිබෙනවා. ඉතින් මේ සැරුයුත් තෙරුන් වහන්සේ තමා අතින්ම සිවුරක් මසා මුගලන් මහරහතන් වහන්සේට පුජා කොට මේ සංසාර ගත අම්මාට ඒ පින් අනුමෝදන් කරල තියෙනවා. දැන් අර ප්‍රේතියට ඇදුම් ලැබිලා. ඉතිං එලියට ඇවිල්ලා ඒත් කකුල බිම තියන්න බැහැ. මේ වෙනුවෙන් සැරියුත් මහ රහතන් වහන්සේ මිරිවැඩි සගලකක් තමන් වහන්සේ විසින්ම සාදා රහතන් වහනසේ නමකට පූජා කලාලු. දැන් අර ප්‍රේතියට පෙලෙවේ පය ගහන්නපුලුවන් වුනා කියනවා. මොකද නැත්නම් කටු ඇනෙනවාලු. මේ විදිහටම ඇගේ වදෙනාව නැතිවෙන්නට තේල් පූජා කරල තියෙනවා. ඒ වගේම වාරු නැති නිසා බස්තම පූජා කරලා තියෙනවා. අපි කුඩයක් පූජා කරන්නේ මොවුන්ට හිිරුරශ්මිය දරාගන්නට බැරිව අදුරේ කාලය ගත කරන නිසා.. මේ අකාරයෙන් තමයි මේ දොලොස් පිරිකර කියන එක සැදිලා ත්යෙන්නේ. අට පිරිකරට ඉතිරි හතර එකතුවෙලා.
කිහිප දෙනෙකු එක්වි වුවද මෙම දානය සූදානම් කල හැක. එසේ කරනවා නම් මෙම දානය ඔවුනොවුන් අතර සුදුසු පරිදි බෙදාගෙන සූදානම් කොට රැගෙන යා හැකිය. සියල්ලෝම එකම අරමුණක පිහිටා මෙම දානමය මහා පුණ්‍ය කර්මය සිදුකිරීම ඉතාමත් වැදගත්ය. ආර්්‍යයන් වහන්සේලාට දෙන දානය වෙනම පිරිසිදු භාජන වල පිසිය යුතුය. කිසිවිටක පේ‍්‍රත ආත්ම වල සිටින අයට දෙන ආහාර පිසින භාජන යොදා නො ගැනීමට වග බලාගන්න. සකස් කල දානයේ අග්‍ර භාගය බුදුන්ට පූජා කිරීම සඳහා වෙන් කරන්න.
තමන්ට හැකිනම් වියලි ආහාර ද්‍රව්‍ය ආර්්යන් වහන්සේලාගේ පරිභෝජනය සඳහා පූජා කල හැකි අතර සාසන අභිවෘධිය සඳහා කිසියම් මුදලක් පරිත්‍යාග කල හැක. මේවා අනිවාර්්‍ය නොවන බව සලකන්න. මේ සියළු කටයුතු පහන් සිතින් සිදු කිරීමට වගබලා ගන්න. (පහන් සිත යනු ශ්‍රද්ධාව පෙරදැරි වූ ප්‍රඥාව දැල්වුනු සිතයි).
ඥාති පේ‍්‍රතයන් හා අනෙකුත් පින් බලාපොරොත්තුවෙන් සිටින අමනුෂ්‍ය කොටස් වලට අහාරය සණිිස සකසන ආහාර වර්ග සහ තටුව සකසන ආකාරය. ( මෙම කැප බෝජනය තබන්නේ දානය දෙන දවසේම පාන්දර )
අවශ්‍ය කළමණා (සියළු දේ හොඳ හැඩි දැඩි මිනිසෙකුට සරිලන ප්‍රමාණයෙන් ගන්න)
බතක් මස්, මාළු හෝ කරවල (බැද හෝ පුළුස්සා ගන්න)
එළවළු වර්ග 1ක් (එළවලූ හිඳෙන්නට උයන්න)
අර්තාපල් අල ගෙඩි දෙකක්
මුං ඇට හොද්දක්
මඤ්ඤාක්කා තම්බලා ගන්න
කොළ මැල්ලූමක්
පළතුරු වර්ග 3යි (අන්නාසි. පෙති ගසාගන්න. / අඹ ගෙඩියක් කපා තබන්න / කෙසෙල් ගෙඩි තුනක් යටි පැත්ත කපා තබන්න.)
කැවිලි වර්ග 3යි (එකකින් 3 බැගින් ගන්න.)
බුලත් පුවක් හුණු ආදිය කොටා තබන්න
දුංකොල වෙනම තබන්න
තැඹිලි ගෙඩියක් ඇස්ස කපා සිදුරු කර තබන්න
උණු ජලය කෝප්ප 1යි
තේ කෝප්ප 1යි. කෝපි කෝප්ප 1යි
කිරිතේ කෝප්ප 1යි
සුදු රෙදි යාර 2 යි ( ඉදි කටුවකට නූලක් අමුනා රෙද්දේ කොනක් මසා ඉදිකටුව සහ නූල එහිම තිබෙන්නට හරින්න. )
අත් කොට මේස් බැනියමක්
බේසමකට ඇල් මැරුණු ජලය තබන්න.
එයට පොල් කටුවක් දමා තබන්න.
වැරදිලාවත් අරක්කු වගේ මත් වෙන දේවල් තියන්න එපා දුංකොල බුලත් සමග එකට දාලා කොටන්න එපා. එවිට ඒවාට ගිජු අය මේවා බීලා මත් වෙලා ඉන්නවා. පන්සලට යන්නට වෙන්නේ නැහැ. දුංකොල වෙනම තබන්නේ සමහර අය ඖෂධයක් ලෙසත් දුංකොල භාවිතා කරන නිසයි.
ඔබගේ යම් ඥාතියෙක් යම් රෝගයක් නිසා මියගියා නම් ඒ සදහා දෙන කැද වර්ග, බෙහෙත් වර්ග එහෙමත් කැප බෝජනය සමග දුන්නාට කමක් නැහැ. එවිට ඔවුන් තවත් සතුටුයි.
නිවසේ භාවිතයෙන් ඉවත් කළ භාජන වල මෙම ආහාර පිළියෙල කරන්න. පිසින සියළු ආහාර තටුවට බෙදන්න. දන හිස මට්ටමට වන්නට උස ඇති බංකුවක් එලියේ තබා ඒ මත කෙසෙල් කොළ අතුරා පිසූ බත් සම්පූර්ණ ප්‍රමාණයම කොළ පොතකට හෝ පරණ ප්ලාස්ටික් පිගානකට පුරවා තබන්න. ව්‍යාංජන පොල් කටු වැනි ඉවතලන කුඩා භාජන වලට දමා තබන්න. අතේ නො ඇලෙන ව්‍යාංජන බත් පතටම බෙදුවාට කම් නැත. (කරවල මැල්ලූම් වැනි ද) බීමට තබන සියලූ දේ යෝගට් කෝප්ප වැනි ඉවත ලන භාජන වලට වත් කර තබන්න. පලතුරු සහ අනෙකුත් ආහාර කෙසෙල් කොළ හෝ පොලිතින් උර වැනි යමක් ආධාර කරගෙන තැබිය හැකිය. ප්ලාස්ටික් හැඳි කිහිපයක් සහ බෙදා ගැනීමට කෙසෙල් කොල කිහිපයක්ද පසෙකින් තබන්න. ඔබ විසින් තබන ලද මෙම ආහාර කෝටි ගනනක් උවත් පේ‍්‍රතයන්ට ආහාර ලෙස ගැනීමට ප්රමාණවත්ය. ඔවුන් තමන්ට අවශ්‍ය ප්‍රමාණය මේවා ආධාරයෙන් මවා ගනී. අප විසින් දෙනු ලබන්නේ ඔවුන්ගේ මවාගැනීමට අවශ්‍ය ආධාරකයයි. යම් හෙයකින් මෙම ආහාර සතෙකු විසින් කා දැමීමට තැත් කල හොත් ඌව එලවන්නට එපා. උන්ට කන්නට ඉඩ හරින්න. පහන් පත්තු කිරීම්. දුම් ඇල්ලීම් වැනි දෑ සිදු කිරිමෙන් වලකින්න. මේ සඳහා පිසූ ආහාර කිසිවක් නිවසේ හෝ නිවසින් පිට කිසිවෙකුව ආහාරයට ගැනීමට ඉඩහරින්නට එපා. සියළු භාජන සෝදා හරින්න. මේ සියළු ආහාර සියළු ඥාතීන්ට ආරාධනා කොට භාර කරන අතර අහාර අනුභව කොට අවසන් වී පසෙකින් ඇති ජල බඳුනේ ඇති ජලයෙන් පිරිසිදු වී මෙහි ඇති රෙදි වලින් ඇඳුම් නිමවා ඒවාද ඇඳගෙන අප විසින් අද දින දීමට බලාපොරොත්තු වන දානයට සම්බන්ධවී පින් අනුමෝදන් වීමට අදාල පූජනීය ස්ථානයට පැමිණෙන ලෙසට ආරාධනා කල යුතුය. (මේ ආරාධනාව කල යුතු ආකාරය පිලිබඳව පහතින් දක්වා ඇත) මෙම සද් ක්‍රියාව සිදු කරන කිසි විටක තම නිවසේ සිටින පේ‍්‍රතයන් නිවසින් පිටකිරීමේ චේතනාව කින් මෙය සිදු නොකල යුතුය. ඔවුන් මේ විඳින දුක් වේදනා වලින් ගැලවීම සඳහාත්, ඔවුන්ට සුගති ගාමී වීමට අවශ්‍ය පින් අනුමෝදන් කිරීමත් යන යහ සිතිවිල්ල පෙරදැරි කර ගෙනම මෙම කර්තව්‍යය සිදු කල යුතුය. ඔවුන් සුගති ගාමී වීම ඔබටද යහපතක් වනු ඇත. නමුත් එය ඵලය නොව අතුරු ඵලයක් බව වටහා ගන්න. මේ අනුව දෙදනාටම මෙම පුණ්‍ය කර්මය වැඩ දායක වනු ඇත. ඔබ විසින් තෝරාගත් විහාරස්ථානයක් හෝ වෙනත් ස්ථානයක වැඩවසන ආර්්යන් වහන්සේ කෙනෙකුට මෙම දානය පිළිගන්වන්නේ නම් දානය රැුගෙන යාමට පෙර උන් වහන්සේ මුන ගැසී ඔබ විසින් පිලියෙල කරන දානය සහ අදාල ඥාතින් වෙත දෙන කැප බෝජනය සම්බන්ධව දැනුවත් කොට ඔවුන්ට පින් අනුමෝදන් කලයුතු බව දැනුම් දෙන්න. සමහර ස්වාමීන් වහන්සේලා මෙය ප්‍රතික්ෂේප කිරීමට පුළුවන. එසේ වුවහොත් එය මෙම දානයේ අරමුණට විශාල බාධාවක් වනු ඇත. මේ නිසා ස්වාමීන් වහන්සේව හොඳින් දැනුවත් කිරීම ඉතා වැදගත්ය. දානයට පසු කරන පුණ්‍යානුමෝදනාව ඉතාමත් වැදගත්ය. එම ස්ථානයට එන සියළු ඥාතීන් තමන්ටද පින් අනුමෝදන් කරනු ඇතැයි බලාපොරොත්තු වෙන් සිටී. යම් හෙයකින් කෙනෙක් මග හැරුනොත් ඔවුන් නැවතත් දුකට පත්වනු ඇත. සමහර අය ගෙදරට ප්‍රේතයන් ගෙන්වීමට බයයි. එහෙත් ඇත්තම තත්වය නනම් අපිට නොපෙනෙන කෝටි ගාණක් ප්‍රේතයන් අප වටා ඇත. අපිට නොපෙනීමවිතරයි වෙනස. ඒ වගේම යම් පිට තැනකින් යම් ප්‍රේතයෙක් පැමිණියහොත් එයා ආපහු එතනට යනවා. මොකද ඒ එයා මැරෙන මොහොතෙත් අල්ලගෙන හිටපු තැන. කෑම වේලක් දුන්නා කියලා ඒ දේවල් දාල ඒ අය නවතින්නේ නැහැ. නමුත් අපි පන්සලට ගිහින් පින් අනුමෝදක් කලාම එතන නැවතිලා පින් ගන්නට පුලුවන් කියලා හිතන අය සිටිය හැකියි. ඒක ඒ අයගේ කැමැත්ත. මේ නිසා මේ අවස්ථාව පැහැර හරින්නට එපා.ඥාති පේ‍්‍රතයන්ට සහ අනෙකුත් අමනුශ්ය කොටස් වලට ආරාධනා කොට කැප බෝජන පිලිගන්වන ආකාරය. සාධු… සාධු… සාධු… මේ අනන්ත සංසාර ගමනේදී මට මව වූ පියාවූ සියලූ දෙනාටම ද, මාගේ සතර වරිගේ සියලූම ලේ ඥාතීන්ටද, නාග. යක්ෂ. ආදී සියලූ ගෝත්‍ර වල සිට මේ දක්වා වූ මට ලේ ඥාතී වූ සියලූ දෙනාටද. මේ විශ්වයේ කොතැනක හෝ අප සියළු දෙනාගේ අනන්ත සංසාර ගත ඥාතී වූ කිසියම් කෙනෙක් පින් බලාපොරොත්තු වෙන් සිටීනම් ඔවුන්ටද, මේ අවස්ථාවේදී මෙම ස්ථානයට පැමිණෙන ලෙසට අපි ආරාධනා කරනවා. මේ නිවසේ අජීවී හා සජීවී වස්තූන් වලට ඇල්මෙන් සිටින අයත්, අතීතයේ සිට මෙම භූමියට උරුමකම් කියන යම් කිසි අධිගෘහිත ඥාති පේ‍්‍රතයෙක් ඇත්නම් ඔවුන්ටද මේ ස්ථානයට පැමිණෙන ලෙසට අපි ආරාධනා කරනවා. සංසාරයේ යම් අත් භවයකදී අප අතින් යම්කිසි කෙනෙකුට යම් හිංගියක් හින්සාවක් සිදු වූවා නම්, අද ඔවුන් දුගතියක සිටි නම් අපට සමාවී, ඔවුන්ටද මේ ස්ථානයට පැමිණෙන ලෙසට අපි ආරාධනා කරනවා. අපගේ ශරීරයේ කුණප 32 කට බලවී සිටින යම් අමනුෂ්‍ය කොටසක් වේද ඔවුන්ටද, මේ අවස්ථාවේදී මෙම ස්ථානයට පැමිණෙන ලෙසට අපි ආරාධනා කරනවා. අනන්ත සංසාර ගමනේදී අපට උදව් උපකාර කල, උදව් උපකාර නොකල, අසල්වාසීන් ලෙස සිටි, යාළු ම්ත්රාදීන් ලෙස සිටි, ගුරුවරුන්ව සිටි, සියලූ දෙනාටද, මේ අවස්ථාවේදී මෙම ස්ථානයට පැමිණෙන ලෙසට අපි ආරාධනා කරනවා. අපට මෙම ආරාධනාවේදී යම් ඥාතියෙකු වැරදීමකින් හෝ අමතක වූවානම් ඔවුන්ද අපට කමා කොට අද දින මෙම ස්ථානයට පැමිණෙන ලෙසට අපි ආරාධනා කරනවා. (විශේෂයෙන් එක් එක් අයගේ නම් සඳහන් කලයුතු නම් ඒ ඒ නම්ද සඳහන් කරන්න) අපගේ ආරාධනාව අනුව අද දින මේ ස්ථානයට පැමිණි සියලූ දෙනා උදෙසා අප විසින් මෙම නිවස තුල පිසූ ආහාර සහ අනෙකුත් සියලූම දෑ ඔබලාගේ පරිහරණයටද. ආහාර පිනිස ගැනීමටද කැප කරමි.. කැප කරමි.. කැප කරමි… කැපයි… කැපයි… කැපයි… මේ සියලූම ආහාර මව මවා බෙදා ගෙන අනුභව කොට මෙහි ඇති පැන් සහ අනෙකුත් පාන වර්ග මව මවා පානය කොට, පලතුරු සහ කැවිලි ද මව මවා ආහාරයට ගෙන, මෙහි ඇති වතුරෙන් පිරිසිදු වී, මෙහි ඇති රෙදි වලින් ඇඳුම් මසා ඇඳගෙන ……………… (අදාල විහාරස්ථානයයේ නම* ට පැමිණෙන ලෙසට අපි ආරාධනා කරනවා. අද දින අප විසින් එම විහාරස්ථානයේ දී. දානයේ අග්‍ර භාගය අප සම්මා සම්බුදු පියානන් වහන්සේ උදෙසා පූජා කොට, දොලොස් පිරිකර සහිත මහා දාන මය පින්කමක් අතීත, වර්ථමාන, අනාගත යන තුන් කල්හි වැඩ විසූ, වැඩ වසන සම්මා සම්බුදු, පසේබුදු , මහ රහතන් වහන්සේලා ඇතුළු ආර්්‍ය මහා සංඝ රත්නය උදෙසා පූජා කිරීමට සූදානම් වෙනවා. මේ දානය දීමෙහි අරමුණ අප විසින් ඔබලාට ඉටු කලයුතු යුතුකමක් ඉටු කිරීමයි. මෙය මහා පුණ්‍ය ගංගාවක් වී ඔබලා කරා ඇදී එනු ඇත. දොලොස් පිරිකර පූජා කිරීමේ පිනෙන් ඔබලාගේ ශරීර වල ඇති වේදනාවන් සමනය වනු ඇත. ආර්්‍යයන් වහන්සේලාට දෙන දානයේ පිනෙන් ඔබලාට අහාර වලින් හිගයක් නොවනු ඇත.
මේ නිසා ඔබ සියලූ දෙනා අද දින —- විහාරස්ථානයට පැමිණ එම පූජනීය ස්ථානයේ වැඩවසන ආර්්යන් වහන්සේලා විසින් අනුමොදන් කරනු ලබන පින් අනුමෝදන් වී තමන් මේ වන තෙක් විඳි දුක් නිමා කොට සුගති ගාමී විමට අදිටන් කරගන්න.
අප සියළු දෙනාගේම ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලාද, පින් කැමති සියළු දෙවි දේවතාවුන් වහන්සේලාද, මෙම භූමියේ සිටින සියළු දෙවි දේවතාවුන් වහන්සේලාද. අද දින අප විසින් සිදු කරන්නට යෙදෙන මේ මහා පුණ්‍ය කර්මයට සහභාගී වෙත්වා. ඔබ වහන්සේලාද මේ සිදුකරන පින් දැක සිත පහදා ගෙන අප විසින් අනුමෝදන් කරනු ලබන පින් අනුමෝදන් වේවා. ඔබ වහන්සේලාටද වහ වහා චතුරාර්්‍ය සත්‍යය අවබෝධ වීම පිනිස මේ පින් හේතු වාසනා වේවා.
දෙවියන්ට සහ මළ ගිය ඥාතීන්ට පින් දෙන්න.
මෙම පුණ්‍ය කර්මයට තවත් අය එක කරගන්න. මේ ලිපිය ෂෙයාර් කර අන් අයටත් මේ මහගු පින සිදු කරගන්නට අවස්ථාව සලසා දෙන්න.
අහපු පැනයකට දුන් පිලිතරක්.
කලිං දවසේ නෙවෙයි. එදාම පාන්දර තමයි මේ කැපබෝජනය තබන්නේ. කලිං දවසක ගිහිල්ලා ස්වාමීන් වහන්සේ නමක් සමග මේ ගැන කතා කරගන්න ඕනි. සමහර ස්වාමීන් වහන්සේලා මේවට විරුද්ධයි. මම අත්දැකීමෙන් කියනනේ.
දවසක් මම ඉතාමත් පොහොසත් කෙනෙකුගේ පවුලේ අයගේ හදහන බලලා කිව්වා. ඔබට ඉතාමත් නරක කාලයක් එනවා ඒ නිසා මේ දානය දීලා ඥාතීන් නිදහස් කරන්න, නැතිනම් මොකද මේ වුනේ කියලා හිතාගන්නවත බැරිවෙයි කියලා. ඉතිං සල්ලි තියෙන මිනිස්සු නිසා ගිහින් ලංකාවේ ප්‍රසිද්ධ හිමිනමකට මේ ගැනකිව්වා. අනේ නෝන පෙරේතයින්ට දානෙ දෙන්නෙ කවුද? ස්වාමීන් වහන්සේලා වඩම්මලා දානෙ දෙන්න ඒ ඇති කියලා. ඉතිං අර විශාල ගෙදරට ස්වාමීන් වහන්සේලා විශාල ගණනක් වඩම්මලා ලොකු දානයක් දුන්න. සල්ලි තියෙන නිසා ගැටලුවක නැහැ. මාසයක් වත් ගියේ නැහැ. මොන කැටයක් වත් නැහැ දානෙ දීලත් ඉවරයි. වසර දෙකකට විතර පස්සේ අර ගෙදර එකම අපායක් වුනා. මහත්තයා වෙන කෙනෙක් එක්ක ගියා. ණය කන්දක් පහත් වුනා. මේ විදිහට විශාල කරදර ගොඩකට පත් වුනා. මා සියලු දේවල් මෙහි සදහන් කරන්නේ නැහැ. එහෙත් මේ කාරණාව මතක් කලේ සල්ලි නෙවෙයි වැදගත් . එදා මම කියපු තැනට ගොස් එම දානය දුන්නා නම් හෝ එක් ස්වාමින් වහන්සේ නමක් වඩම්මලා හරි නිසි විදිහට ඒ දානය දුන්නා නම් ඒ ඥාතින්ට පින් පමුණුවන්නට තිබුනා.
මේ නිසා කලින් ස්වාමීන් වහන්සේ නමක් මුන ගැහැලා මේ විදිහට දානයක් දෙන්නට යනවා කමක් නැද්ද කියලා අහන්න. සමහර භික්ෂූන් වහන්සේලා ඉතාමත් කැමැත්තෙන් මෙයට උපකාර කරනවා. ඒ වගේ ස්වාමින් වහන්සේ නමක් තමයි සොයාගත යුතු. පන්සලට ගොස් දානය දෙන්න. නිවසට වඩම්මලා දෙනවාට වඩා හොදයි සාංඝීක දානය අවසන් වෙලා ගෙදර ඇවිල්ලා සියලුම ආහාර තුන්මං හන්දියකට ගිහින් දාන්න. මොකද සමහර ප්‍රේතයන්ට වැටෙන් මෙහාට එන්න තහනම්. ඒ අහ තුන්මං හන්දි වලට වෙලා ඉන්නවා කවුරුහරි මොනවා හරි ගෙනත්දෙනකම්. බැනියම වගේ දේවල් දුප්පත් කෙනෙකුට දුන්නට කමක් නැහැ.
ගැටලු ඇත්නම් පහත සටහන් කරන්න.
මෙත් සිතිනි…!!