ඇත්තටම මොකක්ද මේ කියන කතාව. බොහෝ දෙනෙක් මේ කාලයේ පැටලිලා ඉන්න මාතෘකාවක් ගැනයි අද කතා කරන්න හදන්නේ. අක්මාවේ තෙල් තැන්පත් වෙලා නිසා මේදය සහිත ආහාර ගන්න එක නවත්වන එක තමයි බොහෝ දෙනෙක් කරන්නේ. ඒ අතර මේදය දහනය කරන්න නානාවිධ ක්‍රමවේද යෝජනා වෙනවා. අපි ඒවත් කරනවා. ඒත් අවසානයේ මේ ලෙඩේට හේතුව අපේම වැරදි ජීවන රටාව ලෙසට හංවඩු ගහලා පැත්තකට දාන එක තමයි කරන්නේ. අවසානයේ රෝගියා පරාදයි.
රුහුණු වෙද මහත්තයා
මට මතකයි මීට වසර 35 කට පමණ පෙර රත්මලානේ බොරුපණ පැත්තේ හිටියා රුහුණු වෙදමහත්තයා කියලා රැවුල එහෙම වවාගෙන හිටපු නියම සිංහල වෙද මහතෙක්. ඒ වෙදමහත්තයා එතනට එන බොහොමයක් දෙනාට කියනවා ඔබට සෙංගමාලය තමයි තියෙන්නේ කියලා. ඉතිං හීන් බෝවිටියා කොළ කොටලා වන්ඩුවේ තම්බලා සාරය අරං එළකිරි වලට මිශ්‍ර කරලා කිතුල් හකුරු එක්ක බොන්න කියලා කියනවා. ඒ වෙනකොට මටත් වැඩි වයසක් නැති වුනාට මම හිතුවා මේ වෙදමහත්තයා හැමෝටම මෙහෙම කියන්නේ ඇයි. කියලා. එතන ඉදගෙන ඉන්න විට එන අයගෙන් වැඩි පිරිසකට සෙංගමාලය කියනවා. මට හිතුනා මේ වෙදමහත්තයා බොරු කරනවා කියලා. ඒත් දැන් තමයි තේරෙන්නේ මේ වෙදමහත්තයා කරලා තියෙන වෙදකමේ වටිනා කම. ( දැන් මේක වරදවා වටහා ගන්න එපා අක්මාවේ තෙල් වලට බෙහෙත තමයි මේ කියලා. නමුත් මේ බෙහෙත සතියක් විතර ගත්තා කියලා වරදක් වෙන්නේ නැහැ. ආහාරයක් විදිහට ගන්න පුලුවන්. අක්මාවේ තෙල් වලට කල යුතු දේ ඉදිරියේදී කතා කරමු.)
රුහුණු වෙදමහත්තයා කියපු ඒ් කාරණය මට වැටහුනේ මා බයෝරෙසොනන්ස් තාක්ෂණය ඉගෙන ගත්තට පසුවයි. මම පරීක්ෂා කරන රෝගීන් ගෙන් 75% ට වැඩි ප්රමාණයකගේ අක්මාව දුර්වලයි. ඊට හේතුව අක්මාවේ ප්‍රදාහය ඇතිවීමයි. මෙම තත්වය සුවපත් කරගන්නට අවශ්‍ය ප්‍රතිකාර සිදුකල පසු මෙම රෝගී තත්වය සුවපත් වන බව අපි දැක තියෙනවා. බයෝරෙසොනන්ස් තාක්ෂණය ගැන මා වෙනත් ලිපි වල කතා කරලා තියෙනවා. මෙය රුසියානු තාක්ෂණයක්. ඔබගේ සිරුරේ ඇති ඕනෑම රෝගයක් සොයා ගන්නට මෙම තාක්ෂණය යොදාගත හැකියි. මෙම තාක්ෂණය ගැන ඇති ලිපියක ලින්ක් එක පහතින් සටහන් කරන්නම්.
බයෝ රෙසොනන්ස් තාක්ෂණයෙන් රෝග මූලය සොයා ගනිමු.
හෝලිස්ටික් වෛද්‍ය ක්‍රම වල උගන්වනවා ඔබට රෝගයක් හරියටම නිශ්චය කරගන්න බැරිනම් රෝගය අඩමානෙට විනිශ්චය කරන්නේ නැතිව අක්මාවේ තත්වය ඉහත දාන්නට අවශ්‍ය පියවර ගන්න කියලා. එවිට අක්මාව රෝගියාගේ රෝගි තත්වය ගැන බලාගනීවි කියලා. ඇත්තටම මේ ක්‍රමය කෙතරම් සාර්ථකද?
සෙංගමාලය
අද හෙපටයිටීස් කියන්නේ මහා විශාල රෝගයක් බවට පත් කරගෙන. මොකක්ද හෙපටයිටීස් නැත්නම් සෙංගමාලය කියන්නේ.
Hepat = liver = අක්මාව
itis = Inflemmation = ප්‍රදාහය
දැන් මේ කියන්නේ අක්මාවේ යම් ප්‍රදාහයක් ඇතිවී ඇති බවයි. දැන් අපි සොයා බලන්නට ඕනි මේ ප්‍රදාහයට හේතු මොනවාද කියලා. මේවා තමයි හේතු.
බැක්ටීරියා
ප්රෝටොසොවා
පරපෝෂිතයන්
වෛරස්
මුක්ථ ඛණ්ඩක (Free Radical)
වස විස
ඇල්කොහොල්
ඖෂධ වර්ග
අපි වෛරස් වලින් හැදෙන සෙංගමාලය ගැන තමයි බොහෝ විට කතා කරන්නේ. Hepatitis A, B, C, වශයෙන් මේවා වර්ග කරන අතර Hepatitis C ඉතා දරුණු තත්වයක් ලෙස සැලකෙනවා. මේ රෝගය ගැන පසුව කතා කරමු. දැන් අපිට කතා කරන්නට ඇත්තේ අක්මාවේ තෙල් ගැනනේ…..අක්මාවේ තෙල් ඇතිවෙන්න හේතුවත් මේ වගේම ප්‍රදාහයක් තමයි. නමුත් ඒ වෛරස් හෝ බැක්ටිරියා නොව මුක්ථ ඛණ්ඩක (Free Radical), ඇල්කොහොල්, ඖෂධ වර්ග සහ වස විෂ.
කෙසේ නමුත් ඉහත කතා කල අක්මාවේ ප්‍රදාහය තමයි අපි මේ කතා කරන රෝගයට මුල. එදා රුහුණු වෙදමහත්තයා එදා දැකපු ඒ රෝග මූලය අද සොයා ගන්නට හැකිවී ඇත්තේ අතලොස්සක් දෙනාට පමණි. අපි ටික ටික මේ ගැටලුව විසඳ ගනිමු. ඔබගේ ශරීරයේ අයිතිකරුවා ඔබය. ඒ අයිතිය වෙන කෙනෙකුට පවරා අවසානයේ දුක් විදින විශාල පිරිසක් දෙනා අතරින් ඉවත් වන්නට වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ඉතිරි ටිකත් මට හැකි අයුරින් ටයිප් කරන්නම්.
අක්මාව අපගේ ශරීරය අභ්‍යන්තරයේ ඇති විශාලම ඉන්ද්‍රියයි. එසේම මෙම අපූරු ඉන්ද්‍රියට එහි 75% ක් විනාශ වුවත් නැවත තමා විසින්ම යතා තත්වයට පත් විය හැකියි. අක්මාව අපේ ශරීරයේ ඇති රුධිරයෙන් 13% ක් පමණ නිතරම රඳවා තබාගෙන සිටිනවා. මෙම ඉනිද්රියේ බර සාමාණයයෙන් කිලෝ දෙකක් පමණ වෙනවා. ප්‍රමාණයෙන් පාපන්දුවක් විතර ඇති. උදර කුහරයේ ඉහලින් ඉල ඇඩ කූඩුවට යටින් ආමාශයද වසා පිහිටනවා. අක්මාව කොටස් දෙකකින් යුක්ත වන අතර. පිත්තාශය ආමාශයට යටින් පිහිටනවා.
අක්මාවේ කාර්යභාරය
අක්මාවේ සිදු කරන ක්‍රියාවලීන් ගැන යම් දැනුවත් වීමක් තිබීම ඉතාමත් වැදගත්ය. අපි දන්නේ කිහිපයක් පමණක් වන අතර අක්මාව අපගේ ශරීරයේ ක්‍රියාදාමයන් 500 කට අධික සංඛ්‍යාවකට දායක වෙනවා. ඒවායින් කිහිපයක් පමණක් අපි කෙටියෙන් සලකා බලමු.
විශ හරණය
පිත නිපදවීම
කොලෙස්ටරෝල් නිපදවීම
ට්‍රයිග්ලිසරයිඩ් නිපදවීම
ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට පෙරලීම
ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට පෙරලීම
රුධීරයේ ග්ලූකෝස් පාලනය කිරීම
ලේ කැටි ගැසීමට අවශ්‍ය රසායන නිපදවීම
ප්‍රතිශක්තිකරණයට අවශය රසායන නිපදවීම
500 කට අධීක හෝමෝන වර්ග නිපදවීම
එන්සයිම නිපදවීම
විටමින් එක් රැස් කර තබා ගැනීම.
මෙවැනි කාර්යයන් විශාල ගණනක් ඇත. මේ අතරින් අපි කතා කරන අක්මාවේ තෙල් කියන මාතෘකාවට ප්‍රධාන හේතුව ඇත්තේ විශ හරණය කියන කාර්ය්ය තුලය. ඒ නිසා අපි අක්මාවේ විශ හරණ කාර්යය ගැන යම් පැහැදිලි කිරීමක් කරමු.
අක්මාව කියන්නේ වාහනයක ඔයිල් ෆිල්ටර් එක වගේ එක වෙලාවකට. ඔයිල් ෆිල්ටර් එක හරියට නැත්නම් වාහනය දුවන්නේ නැහැ. ඉතිං අපි යම් දුරක් දුවල අවසන් වුනාම අළුත් ෆිල්ටරයක් දානවා. අක්මාවත් මේ ටිකම කරනවා. අපේ රුධිරය ආහාර ජීරණ මාර්ගයෙන් පෝෂණය උරාගෙන මුලින්ම යන්නේ අක්මාවට. අක්මාවෙන් මේ එන සියල්ල සම්පූර්ණ පරීක්ෂාවකට ලක් කරලා ඉන් පාස් වෙන කොටස් වලට පමණයි රුධිර ධාරාවට එක් වන්නට ඉඩ දෙන්නේ. මේ විදිහට රුධිරයට පිටතින් යම් විෂක් එක් වී ඇත්ද යන්න සොයා බලා එසේ යම් විෂක් එකතු වී ඇත්නම් ඒවාද රුධිරයෙන් ඉවත් කරන්නට අක්මාවට හැකියි.
විෂහරණය
මුලින්ම අක්මාව බලනවා පැමිණි විෂ වතුරේ දියවෙන විෂක්ද එසේ නැතිනම් මෙිදයේ දියවෙන විෂක් ද වග. ජලයේ දියවෙනවා නම් ගැටලුවක් නැහැ. ඉකිමනින්ම සිරුරෙන් බැහැර කරන්නට අවශ්‍ය පියවර අකමාව අරගන්නවා. ඒත් අපි ගන්නා ආහාර වල ඇති වස විෂ, වාහන වල පිටවන දුම්, පාන වර්ග වල ඇති කලරිං, රස කාරක, කල්තබා ගන්නට ගන්නා රසායනික පමණක් නොව අපි ගන්නා බෙහෙත් වල ඇති විෂද තෙල් වල දියවන ඒවා වීම දෛවයේ සරදමක් වැනිය. තෙල් වල දියවෙන නැත්නම් තෛලෝදකරණය වෙන විෂ මුලින්ම ජලයේ දියවෙන තත්වයට පත් කරන්නට අක්මාවට සිදුවෙනවා. මෙය අදියර දෙකකින් අක්මාව විසින් ඉටු කරනවා. පහත තුන්වන රෑපයෙන් මේගැන යම් දැනුමක් ලබා ගත හැකියි. නමුත් මේ කාර්යය කිරීමට පෝෂ්‍ය කොටස් වගයක් අවශ්‍ය බව එම රෑප සටහනේම දැක්වෙනවා නේද? අපි එම පෝෂණ කොටස් වල ඌණතාවයකින් පෙලෙනවා නම් මෙම විශ හරණ ක්‍රියාවලිය ඉදිරියට පවත් වාගෙන යන්නට බැරි වෙනවා කියලා හිතෙන්නේ නැද්ද?
විශ හරණ ක්‍රියාවලියේ පලමු අදියරයේදී මේදයේ දියවෙන විෂ ජලයේ දියවෙන විෂ තෙක් පරිවර්ථනය කරන විට අතුරු ඵලයක් ලෙසට මුක්ථ ඛණ්ඩක (Free Radical) නිදහස් වෙනවා. ඉතිං මේවා නිශ්ක්‍රිය කරන්නට වෙනවා. ඒ සදහා ප්‍රතිඔක්සිකාරක (Antioxidants) සහ විටමින් වර්ග අවශ්‍ය වෙනවා. දැන් මේ දෙවර්ගය නැති වුවහොත් මොකද වෙන්නේ. අර මුක්ත ඛණ්ඩක නැතිනම් ෆ්‍රී රැඩිකල් විසින් අක්මා සෛල වලට හානි කරනවා.
අපි කොලෙස්ටරෝල් වලට බොන ස්ටැටින් ඖෂධ නිසා අක්මාවේ කොලෙස්ටරෝල් නිපදවීම අඩාල කරන අතර විශාල ප්‍රදාහයක් ඇති කරයි. අපි මුලින්ම කිව්වා හෙපටයිටිස් කියන්නේ අක්මාවේ ප්‍රදාහය කියලා. දැන් කොලෙස්ටරෝල් වලට බොන බෙහෙත නිසාද අක්මාවේ ප්‍රදාහය ඇති වන බව දැනගත යුතුය. මෙම තත්වය නිසා අක්මාවේ තෙල් ඇතිවන බවද ඔබට පසුව වැටහේවි.
මා විසින් මීට ටිකකලකට පෙර කොලෙස්ටරෝල් මිත්‍යාව ගැන ලියපු ලිපිය කියවා බැලුවා නම් මින් ඉදිරියට ඇති කොටස තේරුම් ගන්නට ලේසියි. ඒ ලිපියේ ලින්ක් එක පහත තියෙනවා. එයද කියවා බලන්න. මිත්‍යා මත බිදින්නට හැකිවේවි.
කොලෙස්ටරෝල් ධමණි වල තැන්පත් වන්නේ ධමණියේ ඇතුල් බිත්ති ෆ්‍රී රැඩිකල් මගින් ඔක්සිකරණය වීම නිසා බව මා එම ලිපියේ ගෙන හැර දැක්වූවා. එසේ සිදුවන ඔකිසිකරණය නිසා ඇතිවන හානිය අවම කරන්නට අක්මාව විසින් LDL / VLDL වැන් කොලෙස්ටරෝල් නිපදවන බවත් ඉන් මිදෙන්නට නම් ඔක්සිකරණය නැවැත්විය යුතු බවත් ඔක්සිකරණය නවත් වන්නට නම් ෆ්‍රී රැඩිකල් නිශ්ක්‍රීය කල හැකි ප්‍රතිඔක්සිකාරක සහිත ආහාර ලබාගත යුතු බවත්. එසේ ලබාගැනීම මගින් LDL / VLDL නිපදවීම නැවැත්විය හැකි බවත් HDL නිපදවිම වැඩිකල හැකි බවත් වැඩි දුරටත් ගෙන හැර දැක්වූවා. දීර්ග ලිපියක් ඉතාමත් කෙටියෙන් කිව්වේ. එය අනිවාර්යෙයන්ම කියවා බලන්න.
දැන් අක්මාවේ ඇතුලේම විෂ හරණය කරන්නට ගොස් ෆරීරැඩිකල් හැදිලා නේද? ඒ කියන්නේ ධමණි බිත්ති වල සේම දැන් අක්මාව ඇතුලතත් සෛල වලට හානි වෙන්න පටන් ගන්නවා. මෙම හානිය අවම කරන්නට තමයි අදාල හානිය වූ තැනට මේදය එකතු වෙන්නේ.
කොලෙස්ටරෝල් ධමණි වල බැඳෙනවා වාගේම තමයි. වෙනසක් නැහැ. අපි ධමණි වල කොලෙස්ටරෝල් බැඳෙන එක නවත්වන්නට පිලියම් ලෙසට කලේ අපි ගන්නා ආහාර වල ප්‍රතිඔක්සිකාරක වැඩි කිරීමයි. නමුත් අක්මාවේදී මෙම ක්‍රියාවලිය සංකීර්ණයි.
අපි පෝෂණ කොටස් බොහෝමයක් විෂ හරණ ක්‍රියාවලිය සදහා ලබා දිය යුතු වෙනවා. එසේ නොවුන හොත් අක්මාව අදාල විෂ වැඩි කාලයක් රඳවා තබා ගැනීම නිසා හානි වෙනවා. එසේ හානි වුවොත් සිදු වන්නේ හානි වූ තැනට මේදය තැන්පත් වෙලා අක්මාවේ ඉතිරි කොටස් ආරක්ෂා කරගන්නට පාර සකස් කිරීමයි.
මේ විදිහට දිගින් දිගටම හානිය සහ මේදය එක් රැස් වීම නිසා තමයි අක්මාවේ මේදය තැන්පත් වෙලා කියන තත්වය ඇතිවෙන්නේ.
අක්මාවේ විශ හරණය සදහා අවශ්‍ය පෝෂ්‍ය කොටස් කිහිපයක් පහත දක්වන්නම්.
Vitamin B
Folic Acid
Glutathione
Antioxidants
Carotenoids
Vitamin E
Vitamin C
Selenium (සුදු පාට බත් කන එක නවත්වලා රතු පාට හාල් කන්න පුරුදු වෙන්න. දවසට අවශ්‍ය සෙලේසියම් එමගින් ගන්න පුලුවන්.)
Amino acids
Sulphur
මේ පෝෂය කොටස් වලින් එකක් හෝ කිහිපයක් අප සිරුරේ අඩු නම් අකිමාවේ විෂ හරණය කරගන්නට වෙන්නේ නැහැ. මේ නිසා අක්මා සෛල දිගින් දිගටම විනාශ වෙනවා. ඉතිං අපිට අක්මාවේ තෙල් තැන්පත් වෙන්නට මගක් ඉන් විවර වෙනවා.
අක්මාවේ තෙල් තැන්පත් වීම කියන වචනයට වඩා අක්මා සෛල විනාශ වීම කියලා යොදා ගත්තා නම් මේ රෝගය මීට වඩා පැහැදිලි වෙනවා. එවිට රෝග මූලය සොයා ගන්නට ලේසියි. බටහිර වෛද්‍ය විද්‍යාව දකින්නේ ඵලය මිස හේතුව නොවෙයි. ඉන්පසු ඵලය නැති කරන්නට අවශ්‍ය පියවර ගන්නවා. හේතුව ගැන සොයන්නේ නැහැ. ටිකක් හිතලා බලන්න. ඔබටත් වැටහේවි.
මධ්‍යසාර අක්මාවට කෙසේ බලපායිද?
අපි මෙ තාක් කතා නොකල මද්‍යසාර මේකට බලපාන්නේ කෙසේද?
මද්‍යසාර වලද ඇත්තේ ස්නායු වලට බලපෑම් කල හැකි විෂකි. අක්මාව හැකි තාක් මේ විෂද තමා තුලම තබා ගන්නට ක්‍රියාත්මක වෙනවා. එසේම ඒ කාලය තුල අර විෂ හරණය කරන්නට බලනවා. නමුත් ඒ අවස්ථාවේදි අක්මාවට හානි විය හැකියි. මෙම තත්වය බලපාන්නේ දිගින් දිගටම මත්පැන් පානය කරන අයටයි. ඇබ්බැහි වූවන් හට මෙම තත්වය ඉති තදින් බලපායි.
මත් පැන් වලටත් වඩා දරුණු දෙයක් අපි දෛනිකව භාවිතා කරන බව ඔබ දන්නේ නැතිව ඇති. ඒ තමයි වේදනා නාශක. වෙිදනා නාශක වල තියෙනවා ඇසිටමිනොෆින් කියලා රසායනිකයක්. මේකත් ෆ්‍රී රැඩිකල් එකක්. එය ඉතාමත් දරුණු ලෙසට අක්මාවට හාණි කරනවා. ඉතිං අර කියපු විදිහටම හානිය අවම කරන්නට මේදය එනවා. ඉතිං අක්මාවේ මේදය තැන්පත් වෙනවා.
ඔබ දන්නවාද ඇමෙරිකාවේ හදිසි අනතුරු නිසා රෝහල් ගත වන අයගෙන් වැඩි පිරිසක් මධ්‍යසාර පානය කර වේදනා නාශක එකවිට ගත්ත අය බව. ඒ අයගේ අක්මාවට තමයි මේ තත්වය බලපාල තියෙන්නේ. රාත්‍රීයට අරක්කු බීලා උදේම හිසේ කැක්කුමයි කියලා වේදනා නාශක ගහන අය තමන්ගේ අක්මාව ගැන සැලකිලිමත් වන්න.
සිරෝසිස්….
මෙම රෝගී තත්වය පහත අයුරින් ටිකෙන් ටික විකාශනය වෙනවා.
Fatty liver
Liver Fibrosis
Cirrhosis
අපි මෙම රෝග තත්වයන් ගැන ඉදිරියේදී වෙනම කතා කරමු.
නන් ඇල්කොහෝලික් සිරෝසිස් කියලා ලෙඩක් ඇති වෙන්නට හේතුව දැන් පැහැදිලි ඇතැයි සිතනවා. දවසට වේදනා නාශක පෙති කීයක් ගිලදානවාද කියලා මතක් කරලා බලන්න. මහත්තයාට අරක්කු බොනවා කියලා බණින බිරිඳ දවසට වේදනා නාශක කොපමණ බොනවාද?
මේ දෙකම එකයි. දෙකම එකවර කලා නම් තත්වය අති භයානකයි. වේදනා නාශක පෙති සියයක් පමණ එකවර ගිලදැමුව හොත් කුමක්ද වන්නේ කියලා දැන් ඔබට තේරෙනවා ඇති.
අක්මාව ඉතාමත් අපූරු ඉන්ද්‍රියයක්. මෙය හැදිලා තියෙන්නේ මාංශ පේෂි වලින් නෙවෙයි. එය නිර්මාණය වෙලා තියෙන්නේ ලේ වලින්. මේ නිසාම ඉතාමත් ඉක්මනින් අක්මාවට යම් හානියක් වුවහොත් යතා තත්වයට පත් වෙන්නට පුලුවන්.
ඔබ දන්නවාද වේදනා නාශක පැය අටෙන් අටට ගන්න කියන්නේ ඇයි කියලා.
බොහෝ දෙනෙක් හිතන්නේ ඒ වේදනා නාශකය වැඩ කරන්නේ පැය අටක් විතරයි ඒ නිසා නැවත ගත යුතුයි කියලා. නමුත් ඇත්ත එය නොවෙයි මේ වේදනා නාශක වල තියෙන ඇසිටමිනොෆින් වලින් අක්මාවට කරන හානිය නැවත සකස් කරගන්නට අක්මාවට පැය හයක් පමණ යනවා. පැය හයකට පසු අක්මාව යතා තත්වයට පත් වෙලා නිසා නැවත හානි කලාට කමක් නැහැ කියන එකයි මේ පැය අටේ කතාවෙන් කියවෙන්නේ.
අක්මාවෙන් 25% ක් නිරෝගීව ඇත්නම් අක්මාවට පුලුවන් නැවතත් මාස තුනක් ඇතුලත 100% ක් දක්වා නිරෝගී සෛල නිපදවා යතා තත්වයට පත් වෙන්න. මොන තරම් ලාභයක්ද? එසේ හැකියාව තියෙද්දිත් අද අපි අක්මාවේ තෙල් ගැන කතා කරනවා. දහස්ගනන් ලක්ෂ ගණන් දෙනා කතා කරනවා. අක්මාව බද්ධ කරන්නට කතා කරනවා. ඇයි මේ. මොනවද වෙලා තියෙන්නේ. ටිකක් හිතලා බලන්න.
මේ තරම්ම ඉක්මණින් නැවත යතා තත්වයකට පත්වෙන එකම ඉන්ද්රිය අපිට රැකගන්නට බැරි වෙලා. හේතුව අපි කන වස විෂ. අරක්කු. දුම්පානය. පරිසර දූෂනය. බෙහෙත් වර්ග, වේදනා නාශක. මේවා අපි කිලෝ ගනං ශරීර ගත කරන නිසා තමයි අපිට මේ තරම් වටිනා ඉන්ද්‍රියක් ආරක්ෂා කරගන්නට බැරි වෙලා තියෙන්නේ.
තවත් විශේෂ කාරණයක් කියන්න ඕනි.
ෆැට් බර්නිං
අපි ෆැට් බර්න් කරන්න කියලා බොහෝ දේවල් කරනවා නේද? මේදය දහනය කරනවා කියන්නේත් අක්මාවේ විෂ හරණය කරන්නට මේදයේ දියවෙන දේවල් ජලයේ දියවෙන දේවල් බවට පත් කරනවා කියන එකමයි. මේ අවස්ථාවේදී ෆ්රීරැඩිකල් නිපදවීම වලක්වන්නට බැහැ. ඉතිං අපි මේවාගේ ෆැට්බර්නිං ක්‍රම භාවිතා කරනවා නම් ෆැටි ලිවර් ගැන සෙයා බැලුවාට කමක් නැහැ.
එසේ කරන අය අදාල ෆ්‍රී රැඩිකල් නිශ්ක්‍රීය කරන්නට අවශ්‍ය ප්‍රතිඔක්සිකාරක ප්රමාණ්ය දෛනිකව ලබා ගන්නවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ඊට උපදෙස් ලැබෙනවාද කියන එකයි ගැටලුව.
අපි මේ ඉතාමත් වටිනා ඉන්ද්රිය ආරක්ෂා කරගන්නේ කෙසේද කියලා ටිකක් සෙයා බලමු.
- අපි ඉහත දැක්වූ අක්මාවට හානි කරන වස විෂ ශරීරගත කරන එක නවතා දැමිය යුතුයි.
- අක්මාව විෂ හරන්ය කරන්නට අවශ්‍ය පෝෂ්‍ය කොටස් දෛනිකව ආහාර සමග ලබාගත යුතුයි.
- අක්මාව විෂ හරණය කරන්නේ අප නින්දට ගිය විටයි. මේ නිසා රාත්‍රී 11 සිට පාන්දර 2 දක්වා කාලය අපි ගැඹුුරු නින්දේ සිටිය යුතුය.
- අක්මාව ඉතාම කැමති සෙලේනියම් නැමති ඛණිජ ලවණය හැකිතාක් දෛනිකව ලබා දිය යුතුය.
- තිත්ත රසැති මැග්නීසියම් බහුල කොළ පාට කොළ වර්ග ආහාරයට ගත යුතුය.
- ප්‍රතිඔක්සිකාරක සහිත ආහාර දෛනික ආහාර වේලට එක් කර ගත යුතුය.
- ඔමේගා 3 සහ අනෙකුත් මේද අම්ල වර්ග දෛනික ආහාර වලට එකතු කර ගත යුතුය.
- වසරකට වරක් වත් අක්මාවේ තත්වය පරීක්ෂා කරගැනීම සුදුසු වන අතර දැනට සම්මත ගණනයන්ට වඩා අඩු තත්වයක ගණනයන් තමන්ගේ නිරෝගී මට්ටම ලෙසට දැනගත යුතුය. මේ ගැන අපි ඊලග කොටසින් කතා කරමු.
- විශ හරණයට අත්‍යවශ්‍ය වන සල්ෆර් අඩංගු ආහාර තම ආහාර වේලට එක් කර ගත යුතුය. සල්ෆර් අඩංගු එළවලු තමයි කුණු වෙනකොට ගොඩක් ගඳ එන්නේ. ගෝවා. රාබු, නෝකොල්, බ්‍රොකලි, වම්බටු වගේ ඒවා තමයි මේ ගණයට අයත් වෙන්නේ. මේ නිසා අපි වස විස සහිත ආහාර කනවා නම් මේ දේවල් අපේ ආහාර වේල තුල තියෙන්නම ඕනි. හිතලා බලන්න අපි මේවා ගෙදරට ගේනවාද කියලා.
- තවත් එක් වැදකත් කාරණයක් තමයි අපි නින්දට යනවිට මානසික ආතතියක් නැතිව නිදාගන්න එක. එසේ තිබුනහොත් කෝටිසෝල් නිසා අක්මාවේ ග්ලයිකෝජන් ග්ලූකොස් බවට පෙරලනවා.
ග්ලූකොස් වැඩි යෙන් තියෙන විට අග්න්‍යාෂය ඉන්සියුලින් නිකුත් කරනවා. ඉන්සියුලින් රුධිරයේ වැඩි පුර ඇති විට අක්මාව තම විෂ හරන ක්‍රියාවලිය සිදු කරන්නේ නැහැ. එයා බලාගෙන ඉන්නවා ලේවල ග්ලූකොස් මට්ටම අඩු වැඩි වන ආකාරය. මේ නිසාම තමයි රාත්‍රී ආහාර වේල කලින් ගන්න කියන්නෙත්.
රාත්‍රී රූපවාහිනී ටෙලි නාට්‍ය ටික නිසා තමන්ගේ මානසික ආතතිය කෙතරම් වැඩි වෙනවාද කියලා දැන් හිතලා බලන්න. අක්මාවේ තෙල් වලට මීඩියා සම්බන්ධයි කියලා හිතුවේ නැහැ නේද?
අක්මාවේ තෙල් ඇත්දැයි පරීක්ෂා කර ගත හැකියි බයෝ රෙසොනන්ස් තාක්ෂණය හරහා. තෙල් ඇතිවෙන්නට හේතුවද දැනගත හැකියි. ඔබටත් හැකියි මෙම පරීක්ෂාව කරගන්නට. පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වී වැඩි විස්තර දැනගන්න.
තවත් කෙනෙකුට නිරෝගි කම දායාද කරන්න ෂෙයාර් කරන්න. එය තවත් දහස් ගණනකට සේවයක් වෙයි.
නිරෝගීව සිටින්නට කැමති නම් නිරෝ්ගි කම දන් දෙන්න.
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94701902220
මෙත් සිතිනි.පෝෂණ වේදී.නයන තේනුවර.
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්අංක 205දම්පේ පාරබටකැත්තර.පිලියන්දල0713503450 / 0701902220 / 0112603707
කොලෙස්ටරෝල් මිත්‍යාව
පිත්තාශයේ ගල් ඇත්නම් කොලෙස්ටරෝල් වගකිව යුතුයි.
click to whatsapp