හෘද රෝග සහ වකුගඩු රෝග සුව කර ගන්නට ඉපැරණි බෙහෙතක්


ජීවිතයේ අනියත බව මොනවාට කියාපාන රෝගිි තත්වයකට සුදුසු හෙළ ඔසුවක් සාදාගන්නා ආකාරය ගැන ඔබව දැනුවත් කරන්නයි සූදානම. 
මෙම ඔසුව අප විසින් ඔබ වෙත ගෙන එන්නේ අප කල්‍යාණ මිත‍‍්‍ර වහරක අභයරතනාලංකාර තෙරුන් වහන්සේ විසින් මිනිසුන්ගේ හිත සුව පිනිස දේශනා කරන ලද නිසාවෙනි. එසේ හෙයින් උන් වහන්සේට අපි ප‍‍්‍රතමයෙන් පුණ්‍යානුමෝදනා කරමු.
අද දින අප විසින් ගෙන එන්නේ ඉතාමත් වැදගත් ඖෂධ දෙකකි. ඔසු දෙකක් එකම ලිපියකින් ගෙන එන්නට තීරණය කලේ පලමු බෙහෙත සිරුර තුල ක්‍රියාත්මක වීම නිසා ශරීරයෙන් ඉවත් වන අපද්‍රව්‍ය ඉවත් කිරීමට අවශ්‍ය මාර්ගය සලසා දීමටයි. මෙම අපද්‍රව්‍ය බැහැර විය යුතුව ඇත්තේ මුත‍‍්‍ර මාර්ගය හරහාය. මෙසේ බැහැර වන්නට පැමිණෙන කැල්සියම් කාබන් වැනි අපද්‍රව්‍ය වකුගඩු තුල එක්රැස් විය හැකි නිසා දෙවැනුව අප විසින් ලබාදෙන බෙහෙතද භාවිතා කල යුතුය. එමගින් වකුගඩු හොඳින් පිරිසිදු වේ.
මුලින්ම ඔබ වෙත ගෙන එන්නේ අද අප රටේ පමණක් නොව ලෝකයේ සෑම තැනකම මිනිස් ජීවිතටයට තර්ජනයක්ව පවතින සිරුරට අහිතකර කොලෙස්ටරෝල් ඉවත් කර හෘදය වස්තුවෙන් පොම්ප කරන රුධරය කිසිදු අවහිරයකින් තොරව ශරීරයේ අවයව කරා ඇදී යෑමට සැලැස්වීමට අවශ්‍ය ඉපැරණි හෙල ඔසුවකි. මෙ මගින් රුධිර නාල වල බැඳී ඇති අනවශ්‍ය මේදය ඉවත් කර රුධිර නාල තුල රුධිරයට රිසිසේ ගලා යෑමට ඉඩ සලසා දෙනු ඇත. එමගින් ඔබගේ ජිවිතයට මෙතෙක් තිබූ තර්ජනය ඉවත් වී යනු ඇත.
අවශ්‍ය ඖෂධ වර්ග.
පේර කොළ කිලෝ 1 යි.  : මෙහිදී සොයා ගත යුත්තේ ලංකාවේ වැවෙන පේරයි. ඇඹුල් පේර නැමති කුඩා පේර හෝ දෙමුහුන් පේර වලද පිටරවටලින් ගෙනැවිත් ජාන තාක්ෂණයෙන් වෙනස් කරන ලද පේරද නොගත යුතුයි. *
නා කොළ කිලෝ 1 යි.
හීන් උඳුපියලිය කිලෝ 1 යි.
වේලපු බෙහෙත් නෙල්ලි ග‍‍්‍රෑම් 400 යි. : දුම් ගසා වේලන ලද නෙල්ලි නම් හොඳින් සෝදා ගන්න *
සාදන ආකාරය.
වතුර බෝතල් දෙකක් මැටි මුට්ට්යකට දමා ලිපේ තබා තම්බා ගන්න. වතුර ප‍‍්‍රමාණය බෝතල් 1 1/2 ක් පමණ වන විට නෙල්ලි තැම්බූ වතුර ටික පෙරා ගන්න. මුට්ට්යේ අති නෙල්ලි ටික මුට්ටියේම තිබෙන්නට හරින්න. දැන් කොළ වර්ග තුන හොඳින් කපා ඉවත් කරගත් නෙල්ලි තැම්බූ වතුර මිශ‍‍්‍ර කරමින් වංගෙඩියක දමා කොටන්න. : මේ සඳහා බ්ලෙන්ඩරයක් පාවිච්චි කලාට වරදක් නැත * හොඳින් කොටා අවසන් වූ පසු පෙරණයක් ආධාරයෙන් ඉස්ම ටික පෙරා ගෙන ඉතිරිවන රොඕඩද හොඳින් මිරිකා ඉස්ම නැති බව සිතේ නම් ඉවත් කරන්න. දැන් මුට්ටියේ ඇති නෙල්ලි ගෙඩි ටික ඉවතට ගෙන ඇට ඇත්නම් ඉවත් කරන්න. දැන් නෙල්ලි ටිකද ඉහත සාදාගත් මිශ‍‍්‍රණය සමග හොඳින් අඹරා ගන්න. දැන් මෙම මිශ‍‍්‍රණයෙන් කුඩා කුඩා ප‍‍්‍රාමාණ අතට ගෙන කෝපි ගෙඩියක පමණ ප‍‍්‍රමාණය වන ලෙසට ගුලි කරගන්න. දැන් මෙම ගුලි ට්‍රේ එකක් මත අසුරා මද අව්ව වැටෙන තැනක තබා සතුන්ගෙන් ආරක්ෂා වන පරිදි වේලා ගන්න. හොඳින් වේළුන පසු බෝතලයක දමා තබා ගත හැකිය. කිසිවිටකත් අධික උෂ්ණත්වයක් යටතේ වේලා නොගත යුතුය. එසේ කලහොත් මෙහි ඖෂධ ගුණය නැසී යා හැකිය. අවන් එකක් භාවිතා කරන්නේ නම් අංශක 60 දක්වා පමණක් උෂ්ණත්වය සකසන්න.
පාවිච්චි කරන අකාරය.
ගුලි එක බැගින් දවසට තුන් වරක් කෑමට පෙර හෝ පසු තමන්ට පහසු ආකාරයකට ගත හැකිය.
මෙසේ මාස තුනක් පමණ පාවිච්චි කරන විට හදවතේ කපාට වල සහ නහර වල බැඳී ඇති කොලෙස්ටරෝල් ගැලවී ඉවත් වෙනවා. ඉන්පසු මෙම නාල යතා තත්වයට පත් වෙනවා.
මෙම ක්‍රියාවලිය නිසා මෙතෙක් කල් නහර වල බැඳී තිබූ කාබන් සහ කැල්සියම් අඩංගු අපද්‍රව්‍යද මේ බෙහෙත හේතුවෙන් ඉවත් වෙනවා. දැන් මේ අපද්‍රව්‍ය ශරීරයෙන් බැහැර කරන්නට අවශ්‍යයි. මෙම අපද්‍රව්‍ය වලි් වැඩි කොටසක් මුත‍‍්‍ර මාර්ගය හරහා ඉවත් කරනවා. මේ නිසා වකුගඩු වලට වැඩ වැඩි වෙනවා. එසේම ඝණ අපද්‍රව්‍යද බැහැර වීමට වකුගඩු වලට පැමිණෙන නිසා අපි වකුගඩු වල ක්‍රියාකාරීත්වය වැඩි කිරීමටද අවශ්‍ය ඖෂධ ලබා දිය යුතුයි.  අප පහතින් දක්වන්නේ එම ඖෂධ වට්ටෝරුවයි.
අවශ්‍ය ඖෂධ.
කරඹ කොළ හෝ ජැම්සන් කොළ කිලෝ 1 යි.
අක්කපාන කොළ කිලෝ 1 යි.
වේලපු බෙහෙත් නෙල්ලි හෝ කොත්තමල්ලි ග‍‍්‍රෑම් 400 යි.  : දුම් ගසා වේලන ලද නෙල්ලි නම් හොඳින් සෝදා ගන්න * මේ දෙවර්ගයෙන් එකක් පමණක් ගන්න.
සාදා ගන්නා ආකාරය.
ඉහත බෙහෙත සාදාගත් ආකාරයටම නෙල්ලි හෝ කොත්තමල්ලි වතුර බෝතල් දෙකක් ගෙන එකහමාරක් වන තෙක් උතුරවා ගන්න. දැන් පෙර සේම කොල වර්ග දෙක ගෙන කොටා ගන්න. දැන් ඉහත බෙහෙත සාදාගත් ආකාරයටම කොළ වර්ග කොටා ඉස්ම ගෙන නෙල්ලි හෝ කොත්තමල්ලිද අඹරා එම මිශ‍‍්‍රණයට එකතු කොට කෝපි ගෙඩි ප‍‍්‍රමාණයේ ගුලි සාදා ගන්නග ගුලි සෑදීමට අපහසු නම් මද අව්වේ දමා වේලාගෙන අවශ්‍ය පදමට පැමිණි පසු ගුලි කර ගත හැකිය. ඉන්පසු ගුලි පෙර සේම අව්වේ දමා වේලා ගන්න. අංශක 60ක උෂ්ණත්වයේ වේලාගැනීමද කල හැකිය. මේ සඳහා විදුලි උදුනක් භාවිතා කරන්නේ නම් අංශක 60 ට වඩා වැඩි නොකිරීමට වග බලා ගන්න. මෙම ගුලි ජල වාෂ්ප නොයන සේ භාජනයකට දමා වසා තබන්නග
පාවිච්චි කරන ආකාරය.
ඉහත සඳහන් ගුලි වැඩිපුර පාවිච්චි කරන්නේ නෑ. හෘදය වස්තුව පිරිසිදු කිරීම සඳහා ගන්නා ගුලි පාවිච්චි කර සතියකින් පමණ පසු මෙම දෙවැනුව සාදාගත් මුත‍‍්‍ර මාර්ගය පිරිසිදු කිරීම සඳහා වන ගුලි භාවිතා කරන්න පුළුවන්. දවසකට 1 ගුලියක් බොන්න. මෙමගින් වකුගඩු වල ඇති ඝණ අපද්‍රව්‍ය දියකර හරිනවා. මෙම ප‍‍්‍රතිකර්මය සතියක් පමණ සිදු කර නතර කරන්න. ඉන් පසු තමාගේ බඩේ කොර ගතියක් ඒ දැයි සැලකිලිමත් විය යුතුය. ඉන් කියවෙන්නේ තවත් අපද්‍රව්‍ය වකුගඩු වල ඇති බවයි. එසේ වුවහොත් එම කොරගතිය නැති වන තෙක් මෙම දෙවනුවට සාදාගත් ගුළි පාවිච්චි කරන්න. මුලින් සඳහන් කල ගුලි අදාල කාලය සම්පූර්ණ වන තෙක්ම ගන්න. එය නවත්වන්න එපා. එම බෙහෙත නිසා ඉවත්වන අප ද්‍රව්‍ය පිටකිරීමට මුත‍‍්‍ර මාර්ගය යොදා ගන්නා නිසයි.  මෙම ප‍‍්‍රතිකාර දෙක එකවර සිදු කරන්නේ මෙම රෝගය නිට්ටාවට සුව කිරීමටයි. පළමුව දැක්වූ ඖෂධය ඕනෑම කෙනෙකුට භාවිතා කල හැකිය. දෙවනුව සඳහන් කල බෙහෙත පමණක් අවශ්‍ය වුවහොත් පමණක් ගත යුතුය. දින තුනක් පමණ භාවිතා කිරීම සියළු දෙනාටම ගුණයි. ඉඳහිට හෝ මෙසේ මුත‍‍්‍රා මාර්ගය පිරිසිදු කරගැනීම සුදුසුය.
මේ ආකාරයට ඔබගේ හදවත් රෝග සහ වකුගඩු රෝග සුව කර ගත හැකිය. නමුත් ඔබ යම් අකුසල කර්ම යක් නිසා මෙම රෝගී තත්වයට පත් වී ඇත්නම් එම අකුසලය ඔබ වෙත ගෙන එන තමාගේම අතින් ඉහත ආත්ම භාවයකදී යම් අවැඩක් අසාධාරණයක් සිදුවීම නිසා අද දුගති ගාමීව සිටින තමාගේම ඥාතියෙකු තමා ලඟම සිටින නිසා ඔවුන් මෙම රෝගය සුව වීමට ඉඩ නොදෙයි. ඒ නිසා ඔබගේ රෝගය සුව නොවේ. එවන් අවස්ථාවකදී ප‍‍්‍රථමයෙන්ම තමාගේ ඥාතිවර්ගයාව දැනට ඉන්නා දුගතියෙන් ඉවත් කල හැකි වන සේ දානමය පින් කමක් සිදුකොට පින් අනුමෝදන් කල යුතුය. එවිට ඔවුන් ඔබගෙන් ඉවත්වන නිසා මෙම ප‍‍්‍රතිකර්මය නිසියාකාරව සිදුකරගත හැකිය.
තම සංසාරගත ඥාතීන් නිදහස් කරගැනීමේ ක්‍‍්‍රියාවලිය පහත ඇති ලින්ක් එක මාර්ගයෙන් දැනගත හැකිය. තවත් විස්තර අවශ්‍යනම් චැට් එකෙන් විමසන්න.
අනන්ත සාරගත ඥාති වර්ගයා නිදහස් කරගන්නා ආකාරය.
මෙත් සිතිනි
පෝෂණ වේදී
නයන තේනුවර
 
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න.වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94 71 350 3450
‍මෙත් සිතිනි.පෝෂණ වේදී.නයන තේනුවර.
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්අංක 140 1/1ගාලුපාර ගල්කිස්ස.0713503450 / 0701902220 / 0112719000 / 0112735621
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana