හෘද රෝග යනු අපගේ සමාජය ගිලගෙන ඇති තවත් එක් භිතිකාවකි. බයිපාස් සැත්කමක් යනු දැන් දැන් සාමාන්‍ය ප්‍රතිකාරයක් බවට පත් වී ඇත. මාංශ අනුභවය නිසා හෘද රෝග හට ගන්නා බව පිරිසක් ප්‍රචාරයක් ගෙන යයි. වුන්ගේ අභිප්‍රාය රෝගියාව බේරා ගැනීමට වඩා සතාව මරණයෙන් බේරා ගැනීමය. නමුත් වක්‍රාකාරව රෝගියාද බේරේවි කියා ඔවුන් සිතයි.
එසේ නම් ඉන්දියාවේ සිටින විශාල පිරිසක් වන එළවලූ පමණක් ආහාරයට ගන්නා අය අතරද හෘද රෝග පැවතීමට හේතුව කුමක්ද? මෙයට හේතුව අනෙකක්ම විය යුතුය. හෘද රෝග අඩුම රට වන්නේ ප්රංශයයි. ඔවුන් එළවඑ පමණක් කන ජාතියක් නොවේ. ව්‍යායාම නොමැති වීම නිසා හෘද රෝග හට ගන්නා බව සමහර පිරිස් පවසයි. එසේ පවසන්නේ ද ව්‍යායාම කරන අය තමන් නිරෝගී බව අන් අයට පෙන්වීම යටි අරමුණ ඇතිවය. ව්‍යායාම කිරීමේ ඇති වරදක් නොමැත. අප එය ප්‍රතික්ෂේප නොකරමු. එහෙත් අපගේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ අතිවිශිෂ්ඨ ක්‍රීඩකයෙකු වූ ශාරීරික යොග්‍ය තාවය අතින් ඉහලම සිටි අයෙක් දැනට වසර කිහිපයකට පෙර බයිපාස් සැත්කමක් සිදු කරන ලදී. එයට හේතුවද අනෙකක්ම විය යුතුය. කෙලෙස්ටරෝල් වැඩි වීම නිසා හෘද රෝග ඇතිවන බව තවත් අය පවසයි. නමුත් කොලෙස්ටරෝල් රුධරයේ අඩු අයද හෘද රෝග නිසා මිය යයි. එහෙත් එය ප්‍රසිද්ධියට පත් නොවේ. මේ නිසා කොලෙස්ටරෝල් නිසා හෘද රෝග හට ගන්නා බව දැන් සියලූම දෙනා අදහයි. එය එසේ නොවන බව අපි ඔබට පසක් කරමු. පහත ඇති කොලෙස්ටරෝල් ගැන සඳහන් දැන්වීම ක්ලික් කර එහි ඇතිි පොත කියවා බැලිය හැකිනම් මේ පිළිබඳව වැඩි විස්තර විද්‍යානුකූලව ඔබට දැන ගැනීමට හැකිය.
හෘද රෝග සඳහා ඇති විකල්ප වන්නේ ස්ටෙන්ට් සහ බයිපාස් සැත්කම් වේ. වෙච්චි දේට මක් කොරන්නද කියන්නා වාගේ හැමෝම මෙවැනි සැත්කම් සඳහා යොමු වීම පිනිස පෝලිමේ සිටී. මෙවැනි සැත්කම් අවසන් වූ පසු වෛද්‍ය වරයා රෝගියාට දෙන අවවාද පෙලක් ඇත. ඔබ මින්පසු ආහාර වලින් ප්‍රවේෂම් විය යුතුයි. ව්‍යායාම කල යුතුයි. වැනි යහපත් ක්‍රියා කලාපයක් ඔබට කියා දෙනු ඇත. නමුත් මෙවැනි ශල්‍යකර්ම වලට භාජනය වන අයගෙන් වැඩි පිරිසක් දෙවැන් තුන්වැනි සැත්කම් සිදු කර ගැනීමට නැවතත් රෝහල් ගත වේ. මෙයට හේතු වන කරුණු වලින් ප්‍රධාන වන කරුණු කිහිපයක් මෙම ලිපියේ සාකච්ඡා. විවේකීව මෙම ලිපිය කියවා අදාල ලින්ක් ඔස්සේ ගොස් තවත් දැනුම ලබාගෙන ඔබගේම හදවත රැකගන්න. වීඩියෝ නරඹා තම දැනුම තවතවත් වර්ධනය කරගන්න.
හෘද රෝග ඇතිවීමට හේතුවන ප්‍රධාන කාරණා 9 ක් පමණ ක් ඇත. මෙම කාරණා ගැන එකිනෙක කියවා බලන්න. එය ඔබගේ හෘදයේ හිතසුව පිනිස වන නිසා ඔබ මෙතෙක් විශ්වාස කල මාරාන්තික මිත්‍යා විශ්වාසයන්ගෙන්ද මිදිය හැකය. ඔබගේ හෘදයට විණ කරන සතුරන් පහත අයුරින් වේ.
දුම් පානය.
රුධිරයේ හෝමෝසිස්ටීන් වැඩි වීම.
කොපර් ඌණතාව.
රුධිරයේ යකඩ වැඩි වීම.
කෙලෙස්ටරෝල් ඔක්සිකරණය වීම.
හෘදයට සපයන විද්‍යුත් සංඥාවල ඇති වන වෙනස්කම් හේතුවෙන් හෘද ස්ඵන්දනය අස්වාභාවික වීම.
කැල්සියම් සහ මැග්නීසියම් ඌණතාවය.
ඔමේගා 3,6,9 ඌණතාවය.
ව්‍යායාම අඩු වීම.
ඉහත කාරණා අපි වෙන වෙනම සලකා බලමු.
දුම්පානය සහ හෘද රෝග.
දුම් පානය දෙයාකාරයකින් හෘදරෝග ඇති කිරීමට බලපායි. මින් ප්‍රධාන ආකරය ලෙස නිකටින් සහ කාබන් මොනොක්සයිඞ් යන විෂ රසායනික මගින් ධමනි බිත්ති වල ඇතුලත පඨක වලට හානි කිරීම ගත හැකිය. මෙම විෂ නිසා ධමනි බිත්ති සිදුරු වීමේ අවදානමක් ඇති වන අතර එම ස්ථානය හරහා ඇතිවිය හැකි අභ්‍යන්තර රුධිර ගලණයක් ඇති වී රෝගියා මරණයට පත් වීමේ විශාල අවධානමක් ඇතිවේ. මෙය හඳුනා ගන්නා අපගේ මොළය එය නවතා ගැනීම සඳහා ක්‍රියාත්මක වන ලෙස අක්මාවට දැනුම දෙයි. අක්මාව මගින් LDL නම්න් හැඳින්වෙන කොලෙස්ටරෝල් වර්ගයක් නිපදවා රුධිර සංසරණ පද්ධතියට මුදා හරී. මෙම කොලෙස්ටරෝල් ධමණි ඔස්සේ අදාල හානි වූ ස්ථානයට ගොස් පැලැස්තරයක් සේ වසා ගනී. මේ නිසා රෝගියා විශාල ජීවිත තර්ජනයකින් බේරෙයි. යම් අවස්ථාවක මෙම අවදානම ඉවත් වුවහොත් එම තත්වයද මොළය හඳුනා ගනී. දැන් සිදු කල යුත්තේ අදාල කොලෙස්ටරෝල් තට්ටුව එම ස්ථානයෙන් ඉවත් කිරීමයි. මෙම තත්වය නැවත අක්මාව වෙත දැනුම් දෙනු ලබයි. මෙම සංඥාව තේරුම් ගන්නා අක්මාව HDL කොලෙස්ටරෝල් නොහොත් හොඳ කොලෙස්ටරෝල් යැයි සම්මත කොලෙස්ටරෝල් වර්ගය නිපදවා රුධිර සංසරණ පද්ධතියට මුදා හරී. HDLකොලෙස්ටරෝල් අදාල ස්ථානයට ගොස් එහි එක් රැස්වී ඇති LDL කොලෙස්ටරෝල් නැවත අක්මාව වෙත රැගෙන යයි. මේ අනුව ධමණි අවහිර වීමක් නොමැතිව නැවතත් රුධිර සංසරණය සිදු කිරීමට අවකාශ ලැබේ. නමුත් දුම් පානය කරන්නන් එය දිගින් දිගටම සිදු කරන නිසා LDL කොලෙස්ටරෝල් අදාල ස්ථානයේ තව තවත් එක් රැස්වේ. මේ හේතුව නිසා ධමණි අවහිර වීම සිදුවේ. කිරීටක ධමණියක් තුල මෙම තත්වය ඇති වීම නිසා හාර්ට් ඇටෑක් එකක් ඇති වීමේ ප්‍රවණතාවය ඉතාමත් ඉහල මට්ටමක පවතී.
එසේම නිකට්න් සහ වෙනත් විෂ ද්‍රව්‍ය රුධිරයේ සංසරණය වීම නිසා රුධිර පට්ඨිකා ඒකරාශී විමක් සිදුවේ. මෙම තත්වය නිසා රුධිර නාල ඇතුලත රුධිරය කැටි ගැසීමට පටන් ගනී. රුධිර කැටි හිරවීම නිසාද හාර්ට් ඇටෑක් තත්වයක් ඇතිවේ. එපමණක් නොව මෙම තත්වය මොළයට රුධිරය සපයන නාලයක් තුල ඇතිවීම නිසා ස්ට්‍රෝක් නැමති තත්වය ඇතිවිය හැකිය.
අප ඉහත සඳහන් කල විෂ රසායන රුධීරය හරහා ගමන් කරන අතරතුර අපගේ වකුගඩු වල ඉහලින් පහිටා ඇති ඇඞ්රිනලීන් ග්‍රන්ථි උත්තේජනය වීමට පටන් ගනී. මෙම තත්වය නිසා රුධිරයට epinephrine නම් රාසායනිකය මුදා හරීග මෙම රසායනිකය අපගේ රුධිර පීඩණය වැඩි කරයි. මෙය දුම් පානය නිසා හටගන්නා දෙවැනි අයහපත් තත්වයයි. ඉහත දැක්වූ තත්ව දෙකම එකට ගත් විට දුම් පානය කරන අය විශාල හෘද රෝග වැළඳීමේ අවධානමක සිටින බව කිව යුතුය. දුම් පානය නවතා ගන්නේ කෙසේද යන්නට අපගේ වෙබ් අඩවිය තුල ලිපියක් පලකොට ඇත. ඒ ගැන ඔබගේ අවධානය යොමු කරන්නට කැමැත්තෙමි. පහත ඇති වීඩියෝ මගින් මෙම තත්වය මනාව වටහා ගතහැකි වනු ඇත. : වීඩියෝ වලට පහලින් ඉතිරි හේතූන් වෙන වෙනම විග්රහ කොට ඇත *
රුධිරයේ හෝමෝ සිස්ටීන් වැඩි වීම.
හෝමෝ සිස්ටීන් යන වචනය සමහර විට ඔබට අලූත් වචනයක් වන්නට පුලූවන. නමුත් මෙය අප දැන ගත යුතුමය. එසේ නොමැති නම් හෝමෝ සිස්ටීන් අපගේ ජීවිතය බිලි ගනු නිසැකය. අපගේ ශරීරයේ ටි්රලියන ගනනක් වන සෛල වල ඉතාමත් අපූරු ක්‍රියා වලියක් සිදුවේ. ගැහැණියක් සහ පිරිමියෙක් ලිංගිකව එක් වීමන් පසුව මවගේ ගර්භාෂය තුල එක් සෛලක් හට ගනී. මෙම ෙසෙලය විභේදනය වී සෛල ගුළියක් බවට පත්වේ. සම්පූර්ණ සෛල ගණන 100 ක් පමණ වන විට මෙම ෙසෙල ගුළිය තව දුරටත් ගුළියක් ලෙස වැඞීමට නොහැකි තත්වයක් ඇති වේ. ස්වභාව ධර්මයාගේ අපූර්වත්වය මෙතනින් ඇරඹේ. එක් එක් සෛල තමාට ආවේනික වූ සෛල ප්‍රතිනිර්මාණය කිරීමට පටන් ගනී. අදාල ෙසෙල වල ලක්ෂණ ලියා තිබුනේ මව සහ පියාගෙන් ලැබුනු ශුක්‍ර සහ ඩිම්බ ෙසෙල වල තිබූ වර්ණදේහ වල අන්තර් ගත වූ DNA වලය. DNA වල ඇති යම් යම් සංඥා දැන් නිශ්කී‍්‍රය කල යුතුය. එසේ නොමැතිවුව හොත් අදාල නොවන තැන් වල අදාල නොවන ෙසෙල නිර්මාණය වේ. මෙම dna නිශ්කී‍්‍රය කිරීමේ යාන්ත්‍රනය මෙතලේෂන් (Methelation) ලෙස හඳුන්වයි. මෙම මෙතලේෂන් ක්‍රියාවලිය සිදු කිරීමට අපගේ ආහාර වලට මෙතනීන් නැමති ඇමයිනෝ අම්ලයක් ඇතුලත් ව තිබිය යුතුවේ. අදාල ඇමයිනෝ අම්ල මවගෙන් ශරීර යෙන් ලා ගන්නා කලලයල මාස නමය හමාරක් වැනි කාලයක් තුල සම්පූර්ණ දරුවෙකු ලෙස මෙලොවට බිහිවේ. දරුවා සර්ව සම්පූර්ණව මෙලොවට බිහිවීමට මවගේ යහපත් මානසික ශක්තියද අවශ්‍ය බව මෙහිදී මතක් කල යුතුවේ.
අපගේ අනු මාතෘකාව වන හෝමෝසිස්ටීන් යනු මෙම මෙතලේෂන් ක්‍රියාවලියේ අතුරු ඵලයකි. මෙම අතුරු ඵලය නැවත ප්‍රති චක්‍රීකරණය කල හැකි බව පහත ඇති වීඩියෝ නරඹන ඔබට වැටහෙනු ඇත. මෙම ක්‍රයාවලිය මගින් සිදු කරන්නේ කුමක්ද යන්න ඔබ හරි හැටි තේරුම් ගතහොත් පිළිකාව යන තවත් මාරාන්තික රෝගයට හේතුවද මේකම තමයි නේද යන්න ඔබට තේරුම් යනු ඇත. ඒ නිසා කිහිප වරක් මෙම වීඩියෝ පට නරඹා මෙම ලිපි කියවා තේරුම් ගන්න. එය ඔබේත් ඔබගේ හිතෛෂීන් ගේත් හිතසුව පිනිස වනු ඇත.
අප ඉහතින් සඳහන් කල පරිදි එකම එක ෙසෙලයකින් ආරම්භ කරන මිනිස් දේහය ටිකෙන් ටික බෙදෙන්නට පටන් ගනී. මෙසේ බෙදෙන විට සෑම ෙසෙලයක් ඇතුලතම ඇත්තේ එකම DNA ව්‍යූහයක් බව ඔබට තේරුම් ගත හැකියග නමුත් මොළයේ ෙසෙල වෙනත් ආකාරයකටත් ඇසේ ෙසෙල වෙනත් ආකාරයකටත් මාංශපේෂි ෙසෙල වෙනත් ආකාරයකටත් කෙස් සහ නිය වෙනම ආකාර වලටත් නිර්මානය වි ඇති බව ඔබට පෙනෙනවා ඇත. එකම DNA සංයුතියක් ඇති වර්ණදේහ යුගල 23 ක් සහිත මෙම ෙසෙල මෙසේ වෙන් වෙන් ආකාරයට විද්‍යාමාන වූයේ කෙසේද? මෙතලේෂන් යනු ඒ ආශ්චර්යමත් ක්‍රියාවලියයි. යම් හෙයකින් මෙම ක්‍රියාවලිය වෙනස් වුවහොත් ශරීයේ යම් තැනක නොගැලපෙන ෙසෙල වල වර්ධනයක් ඇතිවේ. එය පිලිකාවයි. පිළිකාවක් ඇතිවන ආකාරය ගැන වෙනමම ලිපියක් අපගේ වෙබ් අඩවියේ ඇති බැවින් මේ අවස්ථාවේදී පිළිකා ගැන විග්රහයක නොයෙදෙමි. අප මෙම ලිපියෙන් ගෙන එන්නේ හෘද රෝග ගැන නිසා ඊට අදාල වන හෝමෝ සිස්ටීන් ගැන සොයා බලමු.
අප ඉහත දැක්වූ ලෙසම මෙතලේෂන් ක්‍රියාවලිය සඳහා මෙතලීන් නැමති ඇමයිනෝ අම්ල විශේෂය අප ආහාරයට ගත යුතුය. එම ඇමයිනෝ අම්ලය අප විසින් දෛනිකව ආහාරයට ගන්නා ආහාර වල, ( විශේෂයෙන් මාංශ වල) මෙම ඇමයිනෝ අම්ලය වැඩි වශයෙන් ඇත. අනෙක් ආහාර වලද අඩු වැඩි වශයෙන් ඇත. මස් වර්ග වල ග්‍රෑම් 100 ක සාමාන්‍යයෙන් මිලි ග්‍රෑම් 800 කට වඩා වැඩි අගයකින් මෙතනින් අන්තර්ගත වන අතර එළවලූ වල මෙම තත්වය මිළි ග්‍රෑම් 200 ත් පමණ වේ. මිනිස් සිරුරට දිනකට අවශ්‍ය මෙතනින් ප්‍රමාණය සාමාණ්‍යයෙන් මිලිග්‍රෑම් 700 ක් පමණ වේ. මෙතනින් වැඩි වීම නිසා රතු රුධිරාණු අඩු වීමේ තත්වයන්ද ෆෑටි ලිවර් වැනි තත්වයන්ද හටගන්නා බව පර්යේෂණ වලින් සොයාගෙන ඇත. කෙසේ වුවත් ඔනෑම දෙයක් සිරුරට වැඩිපුර ලබා දීම යම් සංකූලතාවයක් ඇතිවීමට හේතු විය හැකි බව අපි දැනගත යුතුය. මෙතනින් අඩුවීමෙන් ඇතිවන තත්වය මීට වඩා භයංකාර විය හැකිය. ඒම තත්වය නම් මෙතලේෂන් ක්‍රියාවලිය සිදු නොවීමයි. නව ෙසෙලයක් නිපද වන විට එහි අනවශ්‍ය DNA ක්‍රයා විරහිත නොකර තිබුණහොත් පිළිකා තත්වයක් හටගන්නා බව අපි ඉහත සඳහන් කලෙමු. මේ තත්වය මග හැරීම සඳහා අවශ්‍ය වන මෙතනින් ප්‍රමාණය අපි කෙසේ හෝ අපගේ ආහාර සමග ලබා ගත යුතුය. මාංශ අනුභව කරන අයගේ රුධිරයේ හෝමෝ සිස්ටීන් ප්‍රමාණය වැඩි විය හැකිය. එසේ වන්නේ අප හත දක්වා ඇති පෝෂ්‍ය කොටස් ආහාරයට නොගෙන සිටීම නිසාය. ඒ ගැන ඔබගේ අවධානය යොමු කල යුතුව ඇත. මෙතනින් අඩංගු ආහාර ලැයිස්තුවක් මේම ලිපිය අවසානයේ ඇතුලත් කොට ඇත.
හෝමෝ සිස්ටීන් වැඩි වීම නිසා රුධිරය ඝණ වන බවත් හෝමෝ සිස්ටීන් වැඩි වන්නට ප්‍රධානම හේතුවක් ලෙස මාංශ අනුභවයත් අපි ඉහත දැක්වූවෙමු. නමුත් එළවලූ පමණක් ආහාරයට ගන්නා අයගේද හෝමෝ සිස්ටීන් මට්ටම වැඩි වන අවස්ථා ඇත. ඔවුන්ද හෘද රෝගී තත්වයටන්ට පත්වේ. මීට ප්‍රධානම හේතුව වන්නේ අප ඉහත සඳහන් කල හෝමෝ සිස්ටීන් නැවත ප්‍රතිචක්‍රීය කරණය කිරීමට අවශ්‍ය වන පෝෂ්‍ය කොටස් වල ඇති ඌණ තාවයයි. මේ හේතුව නිසා වෙජිටේරියන් අයටත් හෘද රෝග ඇති වන බව දත යුතුය. මාංශ අනුභව කරන අයට හෘද රෝග වැළඳෙන බවට මතයක් ඇතිවී තිබෙන්නේ මේනිසාය. නමුත් මේ අය විසින් අදාල හොමෝ සිස්ටීන් නැවත ප්රතිචක්රී කරණයට අවශ්‍ය පෝෂ්‍ය කොටස් දෛනිකව සිරුරට ලබා දේනම් හෘදයාබාද ඇතිවීමට මාංශ අනුභවය බාදාවක් නොවේ.
කොලෙස්ටරෝල් ඔක්සිකරණය වීම.
ඉහත ඇති වීඩියෝ නැරඹුවානම් දැන් ඔබට හෘද රෝග ගැන යම් වැටහීමක් තිබිය යුතුය. දැන් අපි තුන් වන කාරණය සලකා බලමු.
තුන්වන කාරණය ලෙස අපි සඳහන් කර ඇත්තේ කොලෙස්ටරෝල් ඔක්සිකරණය වීමයි. ඔක්සිකරණය වන්නට කොලෙස්ටරෝල් රුධිරයේ තිබිය යුතුය. එසේම ඔක්ෂිජන් තිබිය යුතුය. ඔක්ෂිජන් පරිවහනය වන්නේ ධමණි වලය. නමුත් කොලෙස්ටරෝල් ධමණි සහ ශිරා යන රුධීර වාහිණී දෙවර්ගයේම පවතී. ධමණි බිත්ති වල පමණක් කොලෙස්ටරෝල් තැන්පත් වන්නේ ධමණි වල ඔක්ෂිජන් ප්‍රමාණය වැඩි නිසාය. මේ ගැන දිර්ඝ ලිපියක් කොලෙස්ටරෝල් මිත්‍යාව ජයගනිමු යන ලිපිය හරහා ඔබ වෙත ගෙනවිත් ඇත. මේ වන විටත් ලක්ෂ 4කට වැඩි පිරිසක් මෙම ලිපිය කියවා ඇති අතර ඔබද මෙම ලින්ක් එක මත ක්ලික් කර එම ලිපිය කියවා කොලෙස්ටරෝල් නිසා හෘදය රෝග ඇතිවන ආකාරය හොඳින් අවබෝධ කර ගන්න. පහත ඇති වීඩියෝවෙන් මෙම තත්වය තරමක් දුරට දැනගත හැකිය.
කොපර් ඌණතාවය සහ යකඩ අධිප්‍රමාණය වීමග
හතරවන සහ පස්වන හේතු ලෙස අපට දැක්විය හැක්කේ කොපර් (තඹ) නැමති ඛණිජ ලවණය ඌණතාවය සහ රුධිරයේ යකඩ වැඩි වීමයි.. කොපර් රතු රුධිරාණු නිවදවීම සඳහා අත්‍යවශය වන ඛණිජ ලවණයකි. යකඩ සමග එක්ව රතු රුධිරාණු නිපදවිම ට කොපර් උදව් කරයි. සිරුරේ යකඩ ප්‍රමාණය වැඩි වුව හොත් රුධිරයේ ඝණත්වය වැඩි වන බවත් හෘද රෝග ඇතිවීමට මෙම තත්වය බලපාන බවත් බොහෝ දෙනෙකු දන්නා කරුණකි. නමුත් කොපර් අඩු වීම නිසා රක්තානු නිපදවීම ඇණහිටින බව ඔවුන් නොදනී. කොපර් නොමැතිව අපි ආහාර සමග යකඩ සිරුරට එක් කලද එමගින් රක්තානු නිපදවීමක් සිදුවන්නේ කොපර්ද එම ආහාර සමග අපි දෛනිකව එක් කලහොත් පමණි. එසේ නොවුන හොත් සිදු වන්නේ අතිරේක යකඩ මගින් රුධිරයේ ඝණත්වය වැඩි කිරීම නිසා එම තත්වය හෘදරෝගයක් කරා වර්ධනය වීමයි.
එසේම කොපර් යනු සිරුරේ රුධීර නාල වල නම්‍යතාවය පවත්වා ගැනීමට උපකාරී වන ඛණිජ ලවණයයි. අපගේ වෙබ් අඩවියේ ඇති අධිරුධිර පීඩණය ගැන ලියා ඇති ලිපිය කියවා බලන්න. කොපර් අඩු විම නිසා අධිරුධිර පීඩ ණය ඇති වන හැටි මනාව පැහැදිලි කොට ඇත. අධිරුධිර පීඩණය හෘද රෝග සඳහා කෙලින්ම බලපාන සාධකයකි. රුධිර පීඩණය වැඩිවීම නිසා හාර්ට් ඇටෑක් තත්වයන් මෙන්ම ස්ට්‍රෝක් තත්වයන්ද ඇතිවිය හැකිය.
පහත වීඩියෝව නරඹා කොපර් අප සිරුරට කෙතරම් අත්‍යවශ්‍ය සාධකයක්ද බව වටහා ගන්න.
හෘද ස්ඵන්දනය අස්වාභාවික වීම.
හෘද රෝගයක් ඇති වීමට බලපාන තවත් එක් සාධකයක් ලෙස හෘදය වස්තුවේ ස්ඵන්දන වාර ගණන අසාමාන්‍ය ලෙස වෙනස් වීම ගත හැකිය. යම් රෝගියෙකුගේ හෘදයේ ස්ඵන්ධනය අසාමාන්‍ය ලෙස වැඩි වුවහොත් වෛද්‍ය වරුන් විසින් සිදු කරනු ලබන්නේ මෙම ස්වභාවික ක්‍රියාවලිය සඳහා කෘති‍්‍රම ක්‍රමවේදයක් මගින් හෘදය ස්ඵන්දනය පාලනය කල හැකි පේස් මේකර් නමින් හඳුන් වන විද්‍යුත් යන්ත්‍රයක් පපුවේ සමට යටින් සවි කිරීමයි. මෙම යන්ත්‍රය බැටරි මගින් ක්‍රියාත්මක වන අතර බැටිරිය බැස ගිය හොත් අලූත් බැටරියක් සවි කල යුතුය. මේ අනුව මෙම යන්ත්‍රය සවි කල දා පටන් මෙම රෝගියාගේ ජීවිතය රඳා පවතින්නේ මෙම බැටරිය මත බව කිව යුතු නොවේ. පහත ඇති වීඩියෝව නරඹා මින් ඉදිරියට මෙම ලිපිය කියවීම සුදුසු බව මම සිතමි.
ඔබ ඉහත වීඩියෝව නැරඹුවා නම් එක් දෙයක් තේරුම් ගත යුතුය. ඒ හෘදයේ ස්ඵන්දනය සිදු වන්නේ අපගේ සුසුම්නාවේ මුල් කොටසේ ඇති හෘද ස්ඵන්දනය පාලනය කිරිමේ මද්යස්ථානයක් ඇති බවත් හෘද ස්ඵන්දන වාර ගනණ එම ස්නායුව මගින් ගෙන එන සංඥාවක් මගින් පාලනය වන බවත් එම වීඩියෝවේ කථා කරන බව ඔබට ඇසෙන්නට ඇති. මෙම ස්නායු සුෂුම්නාවෙන් එලියට පැමිණෙන්නේ කශේරුකා අතර ඇති කුඩා සිදුරු දෙකකින් බව සමහර විට ඔබ දන්නවා ඇති. මෙම කශේරුකා අතර ඇති කොට්ටයක් වැනි කාටිලේජ ස්ථරය ගැනද ඔබ දන්නවා ඇතැයි සිතමි. යම් හෙයකින් මෙම කාටිලේජ දුර්වල වුවහොත් කුමක් සිදු විය හැකිද? කාටිලේජ දුර්වල වීම නිසා අදාල සංඥා ගෙනයන ස්නායුව මත යම් පීඩණයක් ඇති වන බව ඔබට සිතා ගත හැකිද? : රූප සටහන බලන්න * මෙම පීඩණය නිසා හෘදය කෙරෙහි ගෙන යන සංඥාව වෙනස් වන්නට හැකි බව ඔබට සිතිය හැකිද? මා මේ කියන්නට යන්නේ කුමක් දැයි දැන් ඔබට තේරුම් ගොස් ඇති. ආතරයිටීස් යන රෝගයට ප්‍රධානම හේතුව වන්නේ කාටිලේජ දුර්වල වීමයි. කාටිලේජ දුර්වල විමට හේතුව වන්නේ අපගේ දෛනික ආහාර වේල නිසි පෝෂණයෙන් අනූන නොවිමයි. එපමණක් නොව අප විසින් දෛනිකව ආහාරයට ගන්නා විෂ සහිත ආහාරද මෙම තත්වයට බලපායි. අපගේ බෙල්ල ප්‍රදේශයේ ඇති ස්නායු වලට ඇතිවන තෙරපීමක් නිසා හෘද ස්ඵන්දනය වැඩි වන බව ඉහත ඇති වීඩියෝව නරඹන ඔබට තේරුම් යනු ඇතග කාටිලේජ දුර්වල විම හේතුවෙන් ස්නායු මත ඇතිවන තෙරපීම නිරන්තරයෙන් ඇතිවන නිසා එය රෝගයක් ලෙස කෙනෙකුට පෙනෙන්නට හැකිය. මෙම තත්වය නවත්වා ගැනීමට ඔබ කල යුතු වන්නේ ග්ලූකොසමින් සල්ෆේට්, මේද අම්ල, සෙලෙනියම් සහිත පෝෂණයත් ශරීරයේ ඇති මුක්ත ඛණ්ඩක නැති කර ගැනීම සඳහා අවශ්‍ය වන ප්‍රතිඔක්සිකාරක දෛනිකව ආහාර සමග ලබා දීමත්ය. එපමණක් නොව ශරීරයට විෂ ඇතුල් කිරීමේ ආහාර දාමයෙන් මිදිය යුතු වේ. අපගේ වෙබ් අඩවියේ ඇති අත්හල යුතු ආහාර ගැන සඳහන් ලිපිය කියවා ඒ ගැන දැනුවත් වන්න. මේ අනුව කාටිලේජ නැවත නිපදවන අතර අදාල ස්ථානයේ ඇති තෙරපීම නැතිවී යයි. ඒ අනුව හෘදයට ලැබෙන සංඥා වල නිවැරදිතාවය පවත්වා ගත හැකිය. පේස් මේකර් වල අවශයතාවයක් ඇති නොවේ.
මෙම තත්වයෙන් මිදීමට ඇති සුදුසුම මගක් ලෙස අපි පහත පෝෂඛ අතිරේක ඔබට නිර්දේශ කරමු.
Vitae Gene PPARs
Osteo FX
EFA Plus
Gluco Gel
Tangy Tangerine
මෙම පෝෂණ අතිරේක ලොව ඇති අංක එකේ ස්වභාවික පෝෂණ අතිරේක වන අතර සිංගප්පූරුව, ඇමෙරිකාව, එංගලන්තය වැනි රටවලින් මිළදී ගත හැකිය. එසේ නැතිනම් අන්තර්ජාලය ඔස්සේ මිලදී ගත හැකිය. විශ්වාසවන්තව මෙම පෝෂන අතිරේක ගෙන්වා ගැනීමට පහත අංකයකින් අප හා සම්බන්ධ වන්න.
කැල්සියම් සහ මැග්නීසියම් ඌණතාවය.
කැල්සියම් යනු අපගේ ශරීරයට අත්‍යවශ්‍යම ඛණිජ ලවන වර්ගයි. මැග්නීසියම් වල අවශ්‍යතාවය දෙවැනි වන්නේ කැල්සියම් වලට පමණි. අපගේ සිරුරේ ඇති ඕනෑම මාංශ පේශියක් සංකෝචනය වීම සඳහා කැල්සියම් අවශ්‍ය වන අතර අදාල මාංශ පේශිය ඉහිල් වීම සඳහා මැග්නීසියම් අවශ්‍ය වේ. අප මව් කුස තුල සිටින කාලයේ සිටම අපගේ එක් මාංශ පේෂී විශේෂයක් මරණය දක්වා එක දිගටම සංකෝචනය සහ ඉහිල් වීම සිදුවේ. ඒ හෘදය වස්තුවේ මාංශ පේශි වේ. යම් හෙයකින් අපගේ සිරුරේ කැල්සියම් අඩු වුවහොත් හෘදය සංකෝචනය වන ශක්තිය දුර්වල වේ. මේ නිසාම හෘදයෙන් රුධිරය පොම්ප කරන පීඩණය අඩුවේ. මේ අනුව රුධිර පීඩණය අඩු වීමේ තත්වයක් ඇතිවේ. අපි කෙතරම් බෙහෙත් බිව්වත් මෙවැනි තත්වයක් නැවත යථා තත්වයට පත් කල හැකිදැයි ඔබ ඔබගේම නුවණින් අසා දැනගන්න. සිදු කල යුතු වන්නේ අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය නිසි ලෙස ලබා දීම නොවේද? ඔබ දිනකට කැල්සියම් මිලිග්‍රෑම් 1200 ක පමණ ප්‍රමාණයක් ආහාර සමග ලබා දෙන්නේ නම් ඔබට අඩු රුධිර පීඩණය ඇතිවීමට හේතුවන ප්‍රධානම හේතුව ඔබ නැති කර ගත්තා වේ.
ෆාමසි වල අලෙවි කරන්නට තියෙන කැල්සියම් පෙති වල ඇත්තේ කැල්සියම් කාබනේට් වේ. මේවාද නිපදවා ඇත්තේ කෘත්රීමවය. මෙම පෙති වලින් 70% ක් ඇත්තේ කාබනේට්ය. කැල්සියම් ඇත්තේ 30% පමණි. මෙයින්ද අපගේ සිරුරට අවශෝෂණය කරගත හැකිවන්නේ 50% ක් පමණි. ඔබගේ කුඩාන්ත්රය නිරෝගී නැතිනම් මෙම තත්වය තවත් භයානක වෙයි. ඔබ ග්ලූටන් සහිත ආහාර අනුභව කරන පුද්ගලයෙකුනම් අවශෝෂණය කර ගත හැකි කැල්සියම් වලින්ද 15% කට අඩු ප්‍රමාණයක් අවශෝෂණය වේ. මේ අනුව අවසානයේ අපට මිළි ග්‍රෑම් 500 ක කැල්සියම් පෙත්තකින් අවශෝෂණය කර ගත හැකි වන්නේ මිලිග්‍රෑම් 22.5 ක පමණ ප්රමාණයකි. මේ අනුව ඔබට දෛනිකව අවශ්‍ය වන කැල්සියම් ප්‍රමාණය සිරුරට ලබා දීමට නම් දිනකට මෙවැනි පෙති 53 ක් වත් ගිළ දැමිය යුතුය. මේ ගැන ඔබගේ අවධානය යොමු කරන්නට කැමැත්තෙමි.
පිටි කිරිවලින් ලබා ගන්නා කැල්සියම් ගැනද අපට කිව හැකි වන්නේ මෙවැනිම කතාවක්ය. ඔබගේ ගෙදරට ගෙනෙන පිටි කිරි පැකට්ටුවේ ඇති කැල්සියම් ප්‍රමාණය කොපමණ දැයි කියවා බලන්න. ග්‍රෑම් 100 ක කැල්සියම් මිලි ග්‍රෑම් 900 ක් පමණ අඩංගු බව ප්‍රදර්ශනය කර ඇති බව ඔබට පෙනෙන්නට ඇත. ඔබ ග්ලූටන් වලින් තොර ආහාර රටාවකට හුරුවූ කෙනෙක් නම් ඔබට මෙම කැල්සියම් වලින් 80% ක් පමණ අවශෝෂණය කර ගත හැකිය. නමුත් ග්ලූටන් මගින් ඔබගේ කුඩාන්ත්රවල අංගුලිකා විනාශ කර ඇතිනම් මේ තත්වය හාත්පසින්ම වෙනස් වේ. සමහර විට 40% ක්වත් අවශෝෂණය කර ගැනීමට නොහැකි විය හැකිය. මේ අනුව ගණන් සාදා බැලූව හොත් ඔබට අවශ්‍ය දෛනික කැල්සියම් ප්‍රමාණය පිටි කිරි වලින් ලබා ගැනීමට නම් ඔබ විසින් දිනකට පිටිකිරි ග්‍රෑම් 330 ක්පමණ පානය කල යුතුය. මෙය කෙතරම් ප්‍රායෝගික දැයි සිතා බලන්න.
අලූත උපන් වසු පැටියා අම්මාගේ කිරි උරා බී තම සිරුරට අවශ්‍ය කැල්සියම් සහ වෙනත් පෝෂ්‍ය කොටස් උරාගනි. වසරක් පමණ ගත වූ පසු වසු පැටියා කිරිබීම නවතා දමයි. ඌ තම පෝෂණ අවශ්‍යතාවයන් පිරිමසා ගන්නේ තණකොල ආහාරයට ගැනීමෙන්ය. නමුත් දියුණු යැයි සම්මත මිනිසා තුල ගහ කොළ ගැන කිසිදු තැකීමක් නොමැත. ඔහු තවමත් එළදෙනගේ කිරි වලින් කැල්සියම් සොයාගන්නට වෙර දරයි. මේ වෙළඳ ප්‍රචාරණය නිසා ඔබ පැටලී ඇති තවත් මිත්‍යාවක් පමණි. කැල්සියම් කොළ වර්ගවල ඕනෑ තරම් ඇත. විශේෂයෙන්ම මුරුංගා කොල වල කැල්සියම් බහුලව ඇත. පිටිකිරි වල ඇති කැල්සියම් වල මෙන් 16 ගුණයක් කැල්සියම් වේලාගත් මුරුංගා කොළ කුඩු වල ඇත. මේ ගැන තව තවත් කියවා දැනුම ලබා ගන්නග ඔබගේ දැනුම අඩු වීම හේතුවෙන් වෙළඳ දැන්වීම් ඔබව ගොනාට අන්දා ඇති බව සිතට ගන්න.
මැග්නීසියම් යනු කැල්සියම් මෙන්ම අත්‍යවශ්‍ය වන ඛණිජ ලවණයකි. සංකෝචනය වූ මාංශ පේශියක් නැවත ඉහිල් විම සඳහා මැග්නීසියම් අවශ්‍ය වේ. යම් පුද්ගලයෙකුගේ සිරුරේ මැග්නීසියම් ඌණතාවයක් ඇතිවුවහොත් සිරුර පුරා විසිරී ඇති ශිරා වල ඇති රුධිරය නැවත හෘදය කරා ගෙන ඒමට අවශ්‍ය පීඩණය නැති වී යයි. මේ නිසා හෘදයට දුරින් පිහිටා ඇති ස්ථාන වල රුධිරය හෘදය කරා ගෙන ඒමට අපහසු වේ. කකුල් වල නහර ගැට ගැසී ඇති අයගේ මෙම තත්වය දැකිය හැකිය. රුධිරය නැවත හෘදය කරා ගෙන ඒමට අපහසු වන නිසා මෙම තතත්වය ඇතිවේ.
එසේම ධමණි වල ඉහිල් වීම සිදු වීමටද මැග්නීසියම් අවශ්‍යවේ. යම් හෙයකින් මැග්නීසියම් අඩු වුවහොත් සංකෝචනය වූ ධමණි ඉහිල් වීම සිදු වන්නේ ඉතාමත් සෙමින් වේ. මේ නිසා අඩු විශ්කම්භයක් ඇති තැනකින් වැඩි රුධිර ප්‍රමාණයක් ගමන් කිරීමට යෑම නිසා අධිරුධිර පීඩණය ඇතිවේ. මේ අනුව අධිරුධිර පීඩණය ඇතිවීමට මැග්නීසියම් ඌණතාවය බලපාන බව දැන ගත යුතුය. කොළපාට ආහාර වල ඇති හරිතප්රද වල මැග්නීසියම් බහුලව ඇත. මේ නිසා පලා වර්ග සහ කොළවර්ග වැඩියෙන් ආහාරයට ගැනීමෙන් මෙම තත්වය මගහරවා ගත හැකි වේ.
කැල්සියම් සහ මැග්නීසියම් යන ඛණිජ ලවන දෙක දෛනිකව නිසි අයුරින් ලබා නොදෙන කෙනෙකුගේ සිරුරේ දුර්වල හෘදයක් තිබීම මේ අනුව යතාර්ථයක් වනු ඇත. එදිනෙදා ආහාරයට ගන්නා ආහාර වලට නිසි පෝෂ්‍ය කොටස් එක් කර නොගැනීම තුල මෙම තත්වය හට ගන්නා බව දැන ගත යුතුය. දැන් වත් නිසි ආහාර රටාවකට හුරු වන්න.
අපගේ රුධිර නාල විස්තාණය වීමට ප්රොස්ටගැලැන්ඩිංස් නම් හෝමෝනයක් අවශ්‍ය වේ. මේවා නිපදවීමට ඔමේගා 3,6,9 අවශ්‍ය වේ. මේ නිසා අධි රුධිර පීඩණයෙන් වැලකීමට ඔමේගා නිතර භාවිතය ඉතා වැදගත්වේ. තල තෙල් සහ ෆ්ලෙක්ස් සීඞ් ඔයිල් 5 ට 1 අනුපාතයෙන් කලවම් කර දිනපතා මිලි ලීටර් 10 ක්පමණ පානය කිරීම මගින් මෙම මේද අම්ල අපගේ සිරුරට ලබා දිය හැකිය. ඒවා ස්වභාවික නිසා කිසිදු සංකූලතාවයක් ඇති නොවේ.
මෙම රෝගි තත්වය සාර්ථකව ජය ගැනීම සඳහා සිංගප්පූරුවේ අනර්ඝ ඔසුවක් නිපදවා ඇත. අප එම ඔසුව ගැන ඔබව දැනුවත් කරන්නේ එහි ඇති අනර්ඝත්වය නිසාමය. ඒ අනර්ඝ පෝෂණ අතිරේකය Vitae Gene PPARs ලෙස නම් කර ඇත. හෘද රෝගීන්ට මෙය දිව ඔසුවක් ලෙස සැලකිය හැකිය.
සිංගප්පූරුවේ හෝ වෙනත් රටක අය සඳහා අදාල වෙබ් අඩවියේ ඇති අංකයකින් විස්තර දැනගන්න. vitaegene.com
හෘද රෝග වලක්වා ගැනීම සඳහා අප විසින් පිලිපැදිය යුතු වන ක්‍රයාමාර්ග
දුම්පානයෙන් වැලකීම.
හෝමෝ සිස්ටීන් නිශ්පාදනය අඩු කර ගැනීම සඳහා අවශ්‍ය වන ආහාර ගැනීම.
ldl කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩුකර ගැනීම සඳහාත් hdl කෝලස්ටරෝල් ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහාත් අවශ්‍ය වන ප්‍රධානම සංඝටකය වන ප්‍රථි ඔක්සිකාරක අපගේ ආහාර සමග සිරුරට ලබා දීම.
යකඩ සහ කොපර් අවශ්‍ය පමණට ආහාරයට එක් කර ගැනීම.
කාටිලේජ නිපදවීම සඳහා අවශ්‍ය වන ග්ලූකොසමින් සල්ෆේට් සහ අනෙකුත් පෝෂණ කොටස් සිරුරට ලබා දීම.
ඔමේගා 3, 6, 9, යන මේද අම්ල සහිත ආහාර ලබා ගැනීම.
කැල්සියම් සහ මැග්නීසියම් නිසි ලෙස ආහාර සමග සිරුරට ලබා දීම.
හෘදයට යම් ව්‍යායාමක් ලැබෙන ලෙසට හෘද ස්ඵන්දනය වැඩි වන තෙක් ව්‍යායාම කිරීම ( ඔබ ව්‍යායාම සඳහා යොමු වන්නේ නම් නිසි පෝෂණය ලබා දිය යුතුමයග අත් වල සහ කකුල් වල ඇති මාංශපේෂි වැඩි වශයෙන් චලනය වීම නිසා වැඩි ප්‍රමාණයක් කැල්සියම් සහ මැග්නීසියම් වැය වන අතර ඒවා අඩු වීම අහිතකර ලෙසට හදවත කෙරෙහි බලපාන නිසා මෙසේ සඳහන් කලෙමි.)
හෘද රෝගයක් යනු හේතු ගණනාවක් නිසා හටගන්නා රෝගී තත්වයකි. මේ නිසා රෝග මූලය සොයාගැනීම ඉතාමත් වැදගත්ය. බයෝරෙසොනන්ස් තාක්ෂණය මගින් රෝග මූලය නිසි ලෙස හදුනාගත හැකි වේ. ඔබලාටද හැකියි මෙම තාක්ෂණය මගින් ඔබගේ හෘදයේ නීරෝගීතාව මැණ ගන්නට.
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
මෙත් සිතිනි.
පෝෂණ වේදී.
නයන තේනුවර.
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්
අංක 205,
මඩපාත පාර
බටකැත්තර
පිලියන්දල
0713503450 / 0701902220 / 0112603707
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්‍රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana
Nittaa.com DISCLAIMER: This web site is designed to provide nutritional information on selected herbal combinations. It is not intended for diagnosing ailments or prescribing remedies in any way. It is not meant to be a substitute for professional medical help because there is always a risk involved. The publisher and author are not responsible for any adverse consequences or effects resulting from the use of any of the information, or suggestions contained in this web site. If you are unwilling to assume the risk, please do not use this web site and the contain.
වගකීමෙන් යුතුව ඔබ බෙත ඉදිරිපත් කරන මෙම වෙබ් අඩවිය තෝරාගත් ශාක සාර සංයෝජන මත ගොඩ නැගුණු පෝෂණ තොරතුරු සැපයීම සඳහා පමණක් සැලසුම් කර තිබේ. එය කිසිදු ආකාරයකින් රෝග නිවාරණයට හො සුව කිරීම සඳහා වන පිළියම් ලෙස ඉදිරිපත් කර නොමැත. මෙහි සඳහන් කිසිදු ආහාරයක් හෝ නිශ්පාදන භාණ්ඩයක් හෝ පෝෂණ මය ඔසුවක් වෘත්තීය වෛද්‍ය උපදෙස් සඳහා ආදේශකයක් ලෙස අදහස් නොවේ. යම් රෝගියෙකුගේ හෝ රෝගයක වගකීම බාරගත නොහැකි බැවින් මෙ වෙබ් අඩවියේ ඇතුලත් ක්‍රමවේද භාවිතා කිරීම හෝ නොකිරීම පාඨකයාට බාර ක්‍රියාවක් වේ. අදාල රෝගියාගේ අවදානම අප ආයතනය හෝ මෙම ලිපි ඉදිරිපත් කරන කතු වරයා නොදරන බැවින් ඔබලා හට මෙම අවදානම ගත නොහැකිනම් මෙම වෙබ් අඩවියේ ඇති කිසිදු තොරතුරක් භාවිතා නොකල යුතු බවට මෙයින් ප්‍රකාශ කර සිටිමු.