හිසේ කැක්කුමට බෙහෙත්.


ගොඩක් අය දරා්ගන්න බැරි හිසේ රදයක් නිසා මහා දුකක් විදිනවා. ඇතතටම මේකට බෙහෙත් නැති බවයි පවසන්නේ. බෙහෙත් නැති වුනාට මේවා හොදකරන්නට හැකි ආහාරනම් තියෙනවා. 
ඉරුවා රදය ඇති අය බොහො විට සිතන්නේ තමන්ගේ මොළයේ යම් ගැටළුවක් ඇති බවයි. මුලින්ම මේ මතය ඉවත් කරගත යුතුය. මොළයේ වේදනා සංවේදක නියුරෝන නෑ. මේ නිසා තමයි මොලයේ ගෙඩියක් ආවත් වේදනාවක් දැනෙන්නේ නැත්තේ. එය දැනගන්නට වෙන්නේ අදාල කොටසින් වැඩකරන යම් අවයවයක් අඩපන වූ විටයි. මේ නිසා මුළින්ම මෙය මොළයට සම්බන්ද වේදනාවක් නොවන බව සිහියට ගන්න.
මම මෙහිදී පැහැදිලි කරන්නේ මිග්‍රේන් තත්වයට බලපාන පෝෂණ ගැටළු කිහිපයකි. එය හෙළ වෙදකම හෝ වෙනත් වෙදකමකට ගැටළුවක් විය නොහැකිය.  හේතුව සොයාගෙන ඊට පිළියම් යෙදීම තමයි හෝලිස්ටික් වෛද්‍ය ක්‍රමයේ හරය. අපි ඊට අනුරූපව මෙම ගැටලුවට විසදුම් සොයමු.
මේ ගැන කතා කරන්නට පෙර රුධිර පීඩණය ගැන දැනගත යුතුය. ධමණි ඇතුලත ගමන් කරන රුධිරයේ පීඩණය ගණනය කර එය 80 / 120 සීමාවේ තිබිය යුතු බවට ගනන් බලා ඇත. මෙය කෙතරම් දුරට සාර්ථක නිර්නායකයක්ද කියන එක වෙනමම කතා කල යුතු පැත්තකි. ශරීරයේ ප්‍රමාණය අනුව මෙම අගය වෙනස් විය යුතු නැද්ද?  අපි ඒ ගැන කතා නොකර ඉමු එක්කො.
එක හා සමාන විශ්කම්භය ඇති රබර් හෝස් එකක් සහ පීවීසි බටයක් ගෙන මීටරයක් දිග කෑලි දෙකක් කපාගෙන එකම පීඩණයකින් වතුර එන කරාම දෙකකට සවි කර එක කෙලින් තිරස්ව තැබුව හොත් කුමන බටයේ වතුර වැඩි දුරකට යයිද? මම හිතනවා ඔබගේ පිළිතුර පීවිසී බටය යැයි කියන බව. හේතුව තමයි වතුරේ ප්‍රමානයට අනුව පීවිසි බටය ප්‍රසාරනය වෙන්නේ නෑ. මේ හේතු නිසා පී වී සී බටයේ ඇතුලත පීඩණය වැඩියි. මේ නිසා එහි වතුර පාර වැඩි දුරකට යනවා. නමුත් රබර් හෝස් එක ටිකක් ප්‍රසාරණය වෙලා පීඩණය අඩු කරගන්නවා. මේ නිසා වතුරපාර ලග වැටෙනවා.. අපි රබර් හෝස් එක අගින් මිරිකල ඇල්ලුවොත් මොකක් වෙයිද,? පීඩණය වැඩි වෙනවා නේද? දැන් මේ බට දෙක ඇතුලෙන් ඝණත්වය වැඩි ද්‍රාවනයක් ඉස්සෙල්ලා සේම යැව්වොත් අර තරම් ඉදිරියට යන්නේ නෑ. අදාල තැනට යවන්න නම් කරාමය ඇර පීඩණය වැඩි කරන්න වෙනවා.
අපගේ රුධිර නාලද මේ අකාරයෙන්මයි. යම් හේතුවක් නිසා දැඩි වූවාද ඒ ඇතුලත පීඩණය වැඩියි. මෙම පීඩණය වැඩි වීම මොළයට එතරම් සුබදායක නැත. යම් විදිහකට මේ නහරයක් පිපිරුනොත් විශෘල විනාශයක් වන බව මොළය දනී. මේනිසා මෙවැනි අවස්ථාවක් ආ විගස ධමණි බිත්ති වලට පිටින් ඇති වේදනා සංවේදක නියුරෝන සක්‍රීය වේ. දැන් මේක ඉවසිය නොහැකි වේදනාවකි. මොළය‍ේ‍ මොන පැතතේ රුධිර නාල වලද මේ වෙනස තියෙන්නෙ අන්න ඒ පැත්තේ වේදනාව හටගන්නවා. අපි මේ වේදනාව ගැන සිතනවා මිසක් හේතුව ගැන සිතන්නේ නෑ. හේතුව නැති කලානම් ඵලයත් නෑ. මේ නිසා අපි මෙම තත්වයට හේතුව සොයමු.
අපගේ ධමණි නිතැතින්ම සංකෝචනයට සහ ඉහිල් විමට ලක්වෙනවා. මෙම වාර ගණන හෘදයේ ස්ඵන්දන වාර ගනනට සමානයි. මෙම සංකෝචනයෙන් සිදු කරන්නේ රුධිරය ඉදිරියට තල්ලු කිරීමයි. මම මීට පෙරද සදහන් කලා මෙවැන් පේෂී සංකෝචනය කිරීම සදහා කැල්සියම් අවශ්‍ය බව. එසේම නැවත ඉහිල් වීමට මැග්නීසියම් අවශ්‍ය බව. යම් කෙනෙකුගේ සිරුරේ මැග්නීසියම් අඩුනම් හැකිළුණු ධමණිය නැවත දිග හැරීමට නොහැකි වෙනවා. මේ නිසා හරියට හෝස් එක අගින් අල්ලගෙන හිටියා වගේ පීඩණය වැඩි වෙනවා. ඉතිං අධිරුධිර පීඩණය. මැග්නීසියම් සහිත ආහාර වැඩිපුර ගැනීමෙන් මෙම තත්වය මග හැර ගන්නට හැකියි.
ඒත් මේ එක කාරණයක් විතරයි. යමෙකුගේ කැල්සියම් සහ මැග්නීසියම් දෙකම තිබෙන්න පුළුවන් ඒත් කොපර් නැතිනම් තඹ කියන ඛණිජ ලවනය ඌණතාවයක් ආවොත් අපගේ සිරුරේ පඨක වල ඉලාස්ටි සිටි එක නැතිවෙලා යනවා. නැතිනම්නම්‍යශීලී තාවය නැතිවෙනවා. මේ හේතුව  නිසාද රුධිර පීඩණය වැඩි වනෙවා.
එසේම තවත් එක් කාරණයක් තමයි. අපගේ ධමණි බිත්තියේ ඇතුල් තියෙනවා එන්ඩොතීලියම් කියලා සෛල ස්ථරයක් .මේම සෛල වලට පුළුවන් අවශ්‍ය විටකදී නයිට්රික් ඔක්සයිඩ් නිකුත් කරන්න. මෙම නයිට්රික් ඔක්සයිඩ් නාඩ් තුන් පාරක් පමණ වැටෙන වේලාවක් රුධීරයේ පවතිනවා. මෙම ක්‍රියාවලිය සිදු වන්නේ ධමණියක් ඇතුලතින් හෝ පිටතින් තෙරපීමක් ඇතිවූ විටයි.මෙම නයිට්රික් ඔක්සයිඩ ධමණිය පුම්බා රුධිරයට යන්නට පාර සදා දෙයි. මේ නිසා ස්ට්‍රොක් තත්වයෙන් අපි ස්වභාවයෙන්ම බේරෙයි. මේ ගැන වෙනමම කතා කරමු.
තවත් එක් සාධකයක් තමයි අපි කන ආහාර වල ඔමේගා 3/6/9 කියන මේද අම්ල නොමැති වීම. මෙම මේද අම්ල වලින් හදනවා ප්‍රොස්ටග්ලැන්ඩිිංස් කියලා හෝමෝනයක්. මේ හෝමෝනය මගින් ධමණි විස්ථාරනය කරලා රුධිර පීඩණව අඩු කරනවා. මේ නිසා හෘද රෝග වලින් මිදෙන්නට කදිම අතිරේක පෝෂක කොටස් තමයි ඔමේගා 3.6..9. කියන්නේ. 
තවත් කාරණයක් නම් රුධිරයේ ඝණත්වය වැඩි වීමයි. රුධිරයේ ඝණත්වය වැඩි වීමට ප්‍රධාන කාරණා කිහිපයක්ම තිබෙනවා.

දුම්පානය.
රුධිරයේ හෝමෝ සිස්ටීන් වැඩිවීම.
හිමොග්ලොබින් වැඩි වීම.
කොපර් මදි වීම වැනි කරුණු වේ.

මෙම කරුණු ගැන වෙනමම සාකච්ඡා කල යුතුය.
කෙසේ වෙතත් ඉහත දැන්වූ කරුණු කාරනා විශේෂයෙන්ම රුධීර පීඩණය කෙරේ බලපායි. 
මෙහිදි ප්‍රධානම කාරණයක් වන්නේ අපගේ මොළය ඉතාමත් සංවේදී අවයවයකි. අපගේ මොළය වටේටම විශාල රුධිර නාල ප්‍රමාණයක් ඇත. හිරු මුදුන් වෙන වෙලාවට හිස් කබල රත් වෙනවා. මේත් එක්කම මොලයද රත්වෙනවා. මේක නවතා ගන්නට මොළය දෙසට වැඩි රුධිර ප්‍රමාණයක් ගමන් කරනවා. මේ වෙලාවට මම ඉහත කියපු හෝමෝනය ඉදිරිපත් වී ධමණිටික පුම්බා අර රුධිර ධාරාවට යන්නට හරිනවා. එසේ නොවුන හොත් රුධිර පීඩණය වැඩි වෙනවා. මෙම පීඩණය වේදනා සංවේදක නියුරෝන වලට දැනෙනවා. මේ නිසා හිසේ කැක්කුම හටගන්නවා. අපි කල යුතු වන්නේ අර කියන හෝමෝනය නැවත නිපදවිය හැකි වන සේ පෝෂනය ලබා දීමයි.  
පහත දැක්වෙන ආහාර වල අප ඉහත දැක්වූ පෝෂ්‍ය කොටස් තියෙනවා. හිසේ කැක්කුම වැඩිනම් අතිරේක පෝෂණය ලබා දිය යුතු වෙනවා. මේ පෝෂ්‍ය කොටස් ස්වභාවිකව ඇති පෝෂණ අතිරේක කිහිපයක් පහතින් දක්වන්නම්.

කැල්සියම් ( කුඩා මාළු, මුරුංගා කොළ, )
මැග්නීසියම් ( වට්ටක්කා ඇට, කොළ පාට පලා වර්ග )
කොපර් ( පීකුදු / කළුතල )
ඔමේගා 3/6/9 ( මාලු වර්ග සහ ඇල්ගී වර්ග. අලිගැටපේර )

මෙම පෝෂ්‍ය කොටස් නිසි ලෙස ලබා දිය හැකිනම් ඉරුවාරදය අනිවර්‍යෙයන් තුරන් වනු ඇත. මේවා සොයා ගැනීමට අපහසු දේවල් නොවේ.
හිසේ රදය ඇත්නම් අපට හැකියි බයෝරෙසොනන්ස් පරීක්ෂාවක් සිදුකර ඊට හේතුව සොයාගන්න. ඉන්පසු පුලුවන් අදාල පෝෂණ ගැටලුවක් ඇත්නම් ඊට අවශ්‍ය පෝෂ්‍ය කොටස් ලබාදෙන්නට. පෝෂණ අතිරේකයක් ගන්නවා නම් අපි මුලින්ම සිදුකල යුතු වන්නේ අදාල පෝෂණ අතිරේකය ස්වභාවිකද යන්න සොයා බැලීමයි. ලොව ඇති පෝෂණ අතිරේක වලින් 95% ක්ම කෘතිම ඒවා විම අභාග්‍යයට කරුණකි. මේ නිසා ස්වභාවික ඒවා සොයා ගත යූතුය.
මෙම පෝෂණ කොටස් ලබා ගතහැකි පෝෂණ අතිරේක තුනක් සදහන් කරන්නම්
Vitae Gene PPARs
Beyond Osteo FX
Ultimate Selenium
ඔබට කල් පවතින හිසේ කැක්කමක් අත්නම් එය නිට්ටාවට සුව කලහැකිය. ප්‍රථමයෙන් ඉහත දැක්වූ ආහාර ටික ගන්න. මාසයක් පමණ යන විට වේදනාව සමනය වනු ඇත. මේ සදහා ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය යැයි සිතේ නම් පහත අංකයට කතා කර අවශ්‍ය උපදෙස් ලබා ගන්න. නැත්නම් ඉන්බොක්ස් එකෙ පණීවිඩයක් තබන්න. 
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
0713503450 / 0701902220 / 0112719000 / 0112603707
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana
තමන්ගේ හිසේ කැක්කුම වගේ ම අන් අයගේද වේදනාව දැනේ නම් මේ ලිපිය ෂෙයාර් කර ඒ අයටත් සෙතක් සලසන්න අතදෙන්න.
අහල තිබුන ප්‍රශ්න වලට දීපු පිලිතුරු.
මානසික ආතතිය හිසරදයට බලපානවද?
මානසික ආතතිය සමග කෝටිසෝල් හෝමෝනය වැඩිවෙනවා. කෝටිසෝල් රුධිරයේ ඇති අවස්ථාවක අපගේ ඇටමිදුළු වල ස්ටෙම් සෛල නිපදවීම නවතිනවා. මේ නිසා අප සිරුරේ යම් තැනක යම් හානි වූ සෛලයක් ඇත්නම් එය ඉවත් කර නව සෛල යක් නිපදවීමට අවශ්‍ය ස්ටෙම් සෛලෙ ප්‍රමාණය නොමැති වේ. මේ නිසා හිසේ රුධිර නාල වල යම් හානියක් ඇත්නම් එය නැවරදි කර ගැනීමේ අපහසුතාවයක් ඇතිවේ.
විශේෂයෙන් මෙය පිළිකා රොගීන්ට බලපායි. මොවුන් ගේ සෛලනිපදවීම නිසි ආකාරයෙන් සිදු කරගතනොහැකි වී ඇත්තේ මෙම ස්ටෙම් සෛල්ස් වලට ඇති බලපෑම නිසාය. රාත්‍රී නින්දට පෙර බලන ටෙලි නාට්‍ය ටිකේ ඇති චරිත අපගේ ආතතිය කොහොමත් වැඩි කරනවා. මේ නිසා රාත්‍රෙය්දී අළුත්වැඩියා කිරීමට ඇති යාන්ත්‍රනය අක්‍රීය වෙනවා. නොදැනුවත්ව කරන මේ අපරාදය දැන් මුළුලංකාවම ගිළගෙන ඇත. කතාව බැළුවේ නැතිනම් නින්ද යන්නේද නැත. අවසානයේ කතාව ඔබව රෝගියෙක් කර ඇත.
අප ශරීරයේ ඕනිම රෝගි තත්වයක් සමග මෙම ආතතිය බැදී පවතිනවා. ඒකට හේතුව තමයි ශරීරයේ යම් රෝගී තත්වය් ඇතිවිට ඩොපමින් කියන හෝමෝනය අඩුවෙන් නිපදවීම. මෙම තත්වයනිසා හිතේ සතුට කියන එක නැතිවෙන්න බලනවා. මේ සමගම කෝටිසෝල් කියන හොමෝනයත් ශ්‍රාවය වුනොත් ආතතිය තවත් වැඩි වෙනවා. මේ නිසා තමයි සමහරු මේ වගේ ආතතිය ඇති අවස්ථාවල බීමට ඇබ්බැහි වෙන්නේ. අරක්කු වලට සිගරට් වලට පුළුවන් ඩොපමින් වැඩි කරන්න. නමුත් ශරිරයට අහිතකර විශාල විශ ප්‍රමාණයක්ද සමග. මේ අනුව අර මුලින් තිබුනු ආතතිය නතර වෙනවා.
අපි මෙම තත්වය ගැන වෙනම මාතෘකාවකින් කතා කරමු.
මිග්රේන් යනු මෙම හිස රදයට කියන නම නොවන බව යමෙක් පවසා තිබුනා.
හසේ කැක්කුමට නමක් සොයනවාට වඩා එය සුව කර ගන්න එක තමයි වටින්නේ මම කියපු පෝෂ්‍ය කොටස්ටික දිනපතා ගන්නවා නම් අනිවාර්‍යෙයන් මෙම රෝගය සුව වන බව මම දන්නවා. මමත් මේ වේදනාව වසර 20 ක් විතර තිබුනා. ඒත් දැන් නැහැ. මම අදටත් දිනපතා අත්‍යවශ්‍ය පෝෂණ කොටස් සප්ලිම්න්ට් මාර්ගයෙන් ලබා ගන්නවා. ඒවා ගැන මම මෙහි සටහන් කරන්නට කැමති නෑ. මොකද ඒක වෙළද දැන්වීමක් වන නිසා. මම නිකන් බැනුම් අහන්න අවශ්‍ය නැතිනිසා. ඒ ගැන මෙහි පල නොකලාට සමා වෙන්න. යම් ගැටළුවක් ඇත්නම් අහන්න.
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
‍මෙත් සිතිනි.
පෝෂණ වේදී.
නයන තේනුවර.
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්
අංක 140 1/1
ගාලුපාර ගල්කිස්ස.
0713503450 / 0701902220 / 0112719000 / 0112603707
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana