සුදු හාල් කියන්නේ අපිට මීට වසර 50කට පමන ඉහතදී හඳුන්වා දන් සහල් වර්ගයක්. සුද්දා මේවා අපට බෝ කලේ ආදරේට නෙවෙයි. වෙල්ලස්සේ හෙලයන් ගේ කැරැල්ල මර්ධනය කරන්න තෝරාගත් යුධ ක්‍රමෝපාය තමයි වෙල් පක්ෂයක් තිබුනු වෙල්ලස්ස මුඩු බිමක් වන තුරු වී වගාවට හානි කිරීම. අපේ රටේ මිනිසුන්ගේ බුද්ධිමට්ටම ඉහල මට්ටමක පැවතීම සුද්දාට තවත් ගැටලුවක් විය. එයටද සුසුදුම ප්‍රහාරය එල්ල කෙරින. පිට රටින් ගෙනෙන ඕනිම දෙයක් හොඳයි කියන මානසිකත්වය ගොඩනැගු සුද්දා අපේ හෙල සහල් වෙනුවට සුදුපාට කිසිදු ගුනයක් නැති හාල්ද, අපි කිපු අල බතල වෙනුවට අර්තාපල්ද හඳුන්වා දී පෝෂණය රහිත ආහාර වේලක් කරා අපිව දක්කාගෙන ආවා. අපිද කිසිදු වග විභාගයකින් තොරව රට හාල් කන්නට හුරු වුනා.
දැන් සිදුවීඇත්තේ ඊටත් වඩා විනාශයකි. ඒ හාල් කෘමීන්ගෙන් රැකගන්නට දැන් වස විෂ එක්කරන්නට සිදුවී ඇත. එදා කොහොඹකොලයෙන් කල දෑ අද පොලිඩෝල් යොදාගෙන කරන්නට සිදුවී ඇත. ඉතිරි හරිය මා කිව යුතු නැත.
නිසි පෝෂණයක් සහිත ඛණිජ ළවන වලින් අනූන බෝගයකට කෘමීන් එන්නේ නැත. ඒ වගේ හාලක් තමයි මම මේ කියන රතු හාල්. මේ කියන්නේ වතුරේ දියවෙන ඩයි දාපු රෝස පාට හාල් නෙවෙයි. කූරුලු තුඩ. මඩතවාලු වැනි ඉපැරනි හෙල සහල්ය.
එම හාල් දෙවර්ගය ගත් කල ඒවායේ ඇති මිනරල් වර්ග දෙකක ප්‍රමානය පහත දක්වන්නම්.
ග්‍රෑම් 100ක ඇති සෙලේනියම් ප්‍රමානය.
සුදු හාල් වල 10mg
රතුපාට ඉපැරනි හාල් වල 111 mg
ග්‍රෑම් 100ක ඇති තවත් පෝෂ්‍ය කොටස් කිහිපයක් පහත රූපයේ දැකිය හැකිය.
සෙලෙනියම් ගැන පැවසූවේ ඔබට වැඩිපුරම බිය උපදවන පිලිකාව වැළඳීමෙන් වලක්වා ගැනීමට ඊට හැකියාව ඇති නිසාය.
ඇමෙරිකාවේ නිශ්පාදනය කරන සියළු ලදරුආහාර වලට සෙලේනියම් එක් කල යුතු බව ඔබ දන්නවාද? ලංකාවේ පාරම්පරික සහල් වැඩි ප්‍රමානයක් ඇමෙරිකාවට අපනයනය කරන බව ඔබ දන්නවාද? ඔබට සහ මට පාන්පිටි කවා ඇමෙරිකාව පිලිකා වලින් මිදෙන මං සොයන්නේ අපේ පාරම්පරික සහල් මතින් කිව්වොත් පිලිගන්නවාද?
තවමත් යටත් විජිත මානසිකත්වයේ සිටින අයටනම් මේවා තේරෙන්නේ නැත. එක් අයෙක් හෝ තේරුම් ගනීවි කියලයි ටයිප් කලේ.
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
මෙත් සිතිනි.
පෝෂණ වේදී.
නයන තේනුවර.
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්
අංක 140 1/1
ගාලුපාර ගල්කිස්ස.
0713503450 / 0701902220 / 0112719000 / 0112735621
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්‍රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana