ඔක්සිජන් වායුව තමයි අපගේ ජීවිතය රැක දෙන්නේ. ඔක්සිජන් නැතිව අපිට විනාඩි කිහිපයකට වඩා ඉන්න බැහැ. අපේ රුධිරයේ ඇති රතු රුධිරාණු මගින් මේ ඔක්ෂිජන් අපගේ සිරුරේ ඇති සියළුම සෛල වලට ගෙනියනවා. යම් විදිහකට අපගේ සිරුරේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වුනොත් මොනවා වෙයිද? අපගේ සිරුර එහෙම පිටින්ම අඩපන වෙනවා. ඔක්සිජන් අඩු වෙන්න බලපාන කාරණා තුනක් ගැන තමයි මේ කතා කරන්නට යන්නේ.
පලමු කාරණාව තමයි ශරීරයේ ආම්ලිකතාවය වැඩිවීම.
ආම්ලිකතාවය වැඩිවන විට රුධීරයේ පැවතිය යූතුවන භාෂ්මිකතාව නැතිවීයනවා. ටිකක් හෝ භාෂ්මිකතාව අඩුවුවහොත් ශරීරය නිසි ලෙස ක්‍රියා කරන්නේ නැහැ. කෙණ්ඩා පෙරලෙනවා, තෙහෙට්ටුව දැනෙවනවා. නිදිමතයි. මේ වාගේ බොහෝම රෝග ලක්ෂණ පහල වෙනවා. අපි මේ වෙලාවට මොකද කරන්නට වෙන්නේ. භාෂ්මික ආහාර ගන්න ඕනි. විශේෂයෙන් කැල්සියම් සහ මැග්නීසියම් බහුල ආහාර. චීස්, වට්ටක්කා ඇට, කේල් (කාපිරි ගෝවා) මේවගේ ආහාර ගන්න ඕනි. නැතිනම් ස්වභාවික සප්ලිමන්ට් එකක් ගන්න වෙනවා. හරියට දැනගෙන මෙම සප්ලිමන්ට් ගන්න ඕනි. නැත්නම් මුදල් නාස්තියක් විතරයි වෙන්නේ. මොකද කෘතිම සප්ලිමන්ට් වලින් නිසි ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. වෙළදපලේ තියෙන සප්ලිමන්ට් වලින් 95% ක් කෘතිම ඒවා.
සිරුරේ ආම්ලිකතාව වැඩි වූ විට සිදුවන තවත් එක් අභාග්‍ය සම්පන්න කාරණයක් තමයි ප්‍රතිශක්තිය දුර්වල වීම. මෙම තත්වය වෛරස් බැක්ටීරියා ආසාදන වල සිට පිලිකා ඇතිවීම දක්වා පරාසයක අපගේ සිරුරට හානිකර වෙනවා. මේ නිසා සිරුරේ ආම්ලික තාවය පාලනය කරගැනීම ඉතාම වැදගත් වෙනවා.
දෙවැන්න තමයි විටමින් C ඌණතාවය.
විටමින් C ඌණතාවය නිසාත් ඔක්ෂීජන් අඩුවෙනවා. විටමින් C නැති වුනාම යකඩ අවශෝෂනය වෙන්නේ නැහැ. මේ නිසා ක්‍රම ක්‍රමයෙන් යකඩ ඌණතාවයක් ඇති වෙනවා. ඉතිං හිමෝග්ලොබින් අඩුවෙනවා. මේ නිසා රුධීරයේ ඔක්සිජන් අඩුවීමක් සිදුවෙනවා. කෑම සමග විටමින් C සහිත ආහාරයක් ගැනීම ඉතාමත් සුදුසුයි. එසේ වුවහොත් ආහාරයේ ඇති යකඩ හොදින් අවශෝෂනය වෙලා ඔක්ෂිජන් මට්ටම නිසිලෙස තබා ගන්නට හැකි වෙනවා. විටමින් C ගබඩා කර තබන්නේ ඇඩ්රිනල් ග්‍රන්ථි වලයි. ඇඩ්රිනල් ග්‍රන්ථි දුර්වල වීම නිසාද විටමින් C ඌණතාවය එනවා. ඒ සදහා වෙනම ප්‍රතිකාර කල යුතුයි.
විටමින් C දෙහි, ලෙමන්, බෙල්පෙපර් වගේ ආහාර සහ පලතුරු වර්ග වල තියෙනවා. මේවා දෛනිකව ආහාරයට ගත යුතුයි.
තුන් වැන්න තමයි විටමින් E
විටමින් E ඔක්සිජන් අවශෝෂනය කරන්නට ඉතාමත් වැදගත් වෙනවා. විටමින් E වැඩිවශයෙන් කදු නගින අය භාවිතා කරන්නේ මේනිසා. මුහුදු මට්ටමෙන් ඉහලට යන විට ඔක්ෂිජන් ප්‍රමාණය අඩුවෙනවා. මේ නිසා වැඩිපුර ඔක්ෂිජන් පෙණහලු වලින් අවශෝෂනය කල යුතු වෙනවා. මේ නිසා තමයි කදු නගින අය විටමින් ඊ වැඩි වශයෙන් ගන්නේ. විටමින් E ඇට වර්ග, එළවලු, අලිගැටපේර වල තියෙනවා. මේවා දිනපතා ආහාරයට ගැනීමෙන් විටමින් E ඌණතාවයෙන් මිදෙන්නට පුලුවන්.
මේ තුන් ආකාරයේ පෝෂණය ගැන සැලකිලිමත් වෙනවා නම් හිමෝ්ග්ලොබින් අඩුවීම අවම කරගන්නට හැකිවේවි. තවද ඇදුම, හතිය, තෙහෙට්ටුව, හෘදයේ වේදනාව, අලස කම වැනි තත්වයන්ද අවම කරගන්නට පුලුවන් ඉහත දැක්වූ පෝෂ්‍ය කොටස් ලබා ගැනීම මගින්.
ඔබගේ සිරුරේ හිමොග්ලොබින් මට්ටම දැනගැනීමටත්, අඩුවක් ඇත්නම් ඊට හේතුවද ලේ වල යකඩ වැඩිනම් හෝ අඩුනම් ඊට හේතුවද දැනගන්නට පුලුවන් බයෝරෙසොනන්ස් පරීක්ෂාවක් කලානම්. මෙම පරීක්ෂාව කරන්නට කැමති අය පහත අංකයකින් අප හා සම්බන්ධ වන්න. තමන්ගේ සුව නොවන රෝග ඇත්නම් රෝග මූලය සොයාගන්නට මෙම තාක්ෂණය උපයෝගී කරගන්නට පුලුවන්.
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +947135034
මෙත් සිතිනි.පෝෂණ වේදී.නයන තේනුවර.
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්අංක 205බටකැත්තර, මඩපාත පාර, පිලියන්දල.071 350 3 450 / 0701902220 / 0112 603 707