මේ දවස් ටිකේ ස්ථූලතාවය ගැන කතා කරන නිසා ඒ වෙනුවෙන් නිශ්පාදනය වන සප්ලිමන්ට් ගැනත් ටිකක් දැනුවත් කලානම් හොදයි කියලා හිතුනා.
මම පැහැදිලිවම කිව්වා පසුගිය ලිපියකින් ස්ථූලතාවය පාලනය කරගත හැක්කේ නිසි පෝෂණය ගැනීමෙන් පමණක් බව. ඒත් වෙළදපොලේ ඕනි තරම් ස්ලිම් සප්ලිමන්ට් තියෙනවා. මේවා ගැන යම් දැනුමක් තිබීම වැදගත් යැයි මා සිතනවා.
මේවායින් ප්‍රධානම එකක් තමයි ගාසීනියා කම්බෝදියා. මේ මොනවා වත් නෙවෙයි ගොරකා.. දැන් ගොරකා කෑල්ලක් කාල බලන්න ඇඹුල් රහ නැහැ. මේ ඇඹුලට මොකද වුනේ. දැන් මේවා එන්නේ ඉන්දියාවෙන්. ඉනිදියාවේදී මේ ගොරකා වල ඇඹුල ඉවත් කරගන්නවා. ඒ ඇඹුලේ තමයි රහස තියෙන්නේ. ගොරකා වල තියෙනවා hydroxycitric acid (HCA) කියලා අම්ලයක්. මේ අම්ලයට හැකියි අපට ඇතිවන බඩගින්න තරමක් දුරට මග හරින්න. අනෙක් කාරණය තමයි ග්ලූකෝස් මේදය බවට පත් කරන එක නතර කරන්න. දැන් බලන්න මේ කාරනා දෙක නිසා.
අපි හිතමු බඩගින්න ඇතිවෙන එක නතර වෙන එක හොදයි කියලා. ඒත් ග්ලූකෝස් මේදය බවට පත්වෙන එක නතර කරන එක හොදයිද? දියවැඩියාව තියෙන කෙනෙකුට මේ තත්වය කෙසේ බලපායිද? මේ අයගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම තවත් වැඩිවෙන්නට මෙය හේතු විය නොහැකිද? ඔබගේම නුවණින් විමසා බලන්න.
ගාසීනියා යම් කෙනෙක් සප්ලිමන්ට් වශයෙන් ගන්නවා නම් අනිවාර්‍යෙයන් සියළුම අත්‍යවශ්‍ය පෝෂ්‍ය කොටස් සිරුරට ලබා දෙන ගමන් ගත යුතුය. එවිට සිරුරේ ඇති මේදය තරමක් ඉක්මනින් අඩු කරගත හැකි වේවි. නමුත් එසේ අදාල පෝෂණය නැතිව කෙනෙක් මෙම සප්ලිමන්ට ගන්නවා නම් සිදුවන්නේ අනර්ථයක්මය.
කෙසේ වෙතත වැඩි පුර ගාසිනියා සප්ලිමන්ට් ගැනීම නම් අනුමත කල නොහැකිය. ගෙදර පිසින ආහාර වලට ගැලපෙන පරිදි ගමේ ගොරකා එකතු කලා නම් මෙම අම්ලය අපිට ලැබෙනවා. එවිට වෙනම සප්ලිමන්ට් අවශ්‍ය වෙන්නේත් නැහැ.
අනෙක් කාරණය තමයි භයානකම එක. වෙලද පොලේ 2010 දක්වා තිබිලා තහනම් කල රසායනිකයක් තියෙනවා Sibutramine කියලා. මෙය කාලයක් ස්ථූලතාවය අඩු කරන්නට ගන්නා සප්ලිමන්ට වල ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එක ලෙසට යොදාගත්තා. එය අති සාර්ථක ඔසුවක් වුනා. නමුත් හෘදයාබාද, අක්මා ආසාදන, වකුගඩු ආසාදන නිසා මෙම ඔසුව බොහෝ රටවල තහනම් කරනු ලැබුවා. ඒත් තවමත් මේ Sibutramine නැමති තහනමු ඖෂධය එක් එක් ආකාරයට සමහර රටවල තියෙනවා. විශේෂයෙන් මෙම ඔසුව තේකොල වලට මිශ්‍රකරන්නට චීනයේ ව්‍යාපාරිකයන් කටයුතු කරන බව දැනගන්නට තියෙනවා. මේ නිසා කෙට්ටු වෙන්න තේ බොන අය දෙවරක් සිතා තේ බොන එක හොදයි. ලේබලයේ Sibutramine නැති බව සටහන් කරලා තියෙනවා නම් ගැටලුවක් නැහැ.
මෙම රසායනිකය ඇත්දැයි පරික්ෂා කරන්නට ලැබ් එකක් සිංගප්පූරුවේ වත් නැහැ. තායිවානයේ තියෙනවා. මැලේසියාවෙත් විශ්වවිද්‍යාලයක තියෙනවා. අනෙක් කාරණය මෙය පරික්ෂා කිරීමට සාමාන්‍ය යෙන් ඩොලර් 600 ක විතර වියදමක්ද දරන්න වෙනවා. මේ නිසා සාමාන්‍ය ජනතාව මේවා පරීක්ෂා කර කර ඉන්නේ නැහැ.
ඔබට කෙට්ටු වෙන්න අවශ්‍ය නම් ඔබ කල යුත්තේ පෝෂනය අවශ්‍ය ප්‍රමාණයට ලබා දී ස්ථූලතාවය අඩු කිරීමේ වගකිම සිරුරට බාර දීමයි. එය ඉතාමත් සාර්ථක ක්‍රමයක් බව මා අත්දැකීමෙන්ම දනිමි. මේ සදහා පෝෂන කොටස් 91 ක් අවශ්‍ය බව මා පෙර ලිපියෙන් දැක්වූවා. ඒ 91 දෛනිකව ලැබෙනවා නම් අප සිරුර පිටතින් ආහාර ගන්නඑක නතර කරනවා. අවශ්‍ය ශක්තිය මේදය දහනය කර ලබා ගන්නවා.
තවත් එක් ක්‍රමයක් තමයි ආලේප මගින් සමට යටින් ඇති මේද තට්ටුව දිය කර හැරිම. මෙයත් එක් සාරථක ක්‍රමයක්. මෙයද සමහර රටවල සිදු කරනවා. ලංකාවෙත් දැන් ක්‍රීම් වර්ගයක් අලෙවියට තියෙනවා. මෙය පාවිච්චි කරන එක දැනගෙන කල යුතුයි. අපි මේදය වැඩිපුර තැන්පත් වි ඇත්තේ බඩ ප්‍රෙද්ශයේ කියමු. මේ ක්‍රීම් වර්ගය බඩේ ගාලා සම්මාහලය කල යුතුයි. ඊට පස්සේ බඩට එක්සයිස් එකක් කල යුතු වෙනවා.මෙසේ කරන විට අර මේදය ඒ විදිහටම ලේ වලට එක්වීමක් තමයි සිදුවෙන්නේ. මොකද මේ අවස්ථාවේ ග්ලූකෝස් වලට පරිවර්ථනය වෙන්නේ නැහැ. නමුත් මේ මේදය සිරුරේ වෙනත් තැනක තැන්පත් වෙනවා. අපිට අවශ්‍ය නම් අදාල තැනද තීරණය කරන්නට හැකියි. ඒ සදහාද වෙනම ක්‍රීම් එකක් හදලා තියෙනවා. අදාල ක්‍රීම් එක මහත් වෙන්න අවශ්‍ය තැනක් ඇත්නම් එතන ගාලා අර ගමන්කරන මේදය තැන්පත් කරගන්න පුලුවන්. ඒකත් අපූරු වැඩක් නේද? කෙසේ හෝ මෙවැනි ක්‍රම වේදත් තියෙනවා. මේ මොනවා තිබුනත් පෝෂ්‍යෙයන් තොරව ස්ථූලතාවයෙන් මිදිය නොහැකි බව මගේ මතයයි.
මේ සිතිනි…!!!