වේදනා නාශක අක්මාව විනාශ කරන අයුරු.
වේදනා නාශක යනු අද අපගේ පාසල් යන දුවා දරුවාගේද පොත් බෑගයෙන් සොයා ගත හැකි සාමාන්‍ය ඔසුවකි. නමුත් මෙම ඖෂධය කෙතරම් ඔබගේ සිරුරට හානි කරනවාද යන බව ඔබ නිකමටවත් සිතුවාද? මෙය ඔබගේ නිසොල්මන් මාරයා බව ඔබ ඔබ සිහිනෙන් වත් සිතුවේ නෑ නේද? අද අපි කථා කරන්නට සැරසෙන්නේ මෙම සිරුරට අහිතකර එත් නැතිවම බැරි වේදනා නාශක ගැනය.
මෙම ලිපිය මගින් කිසිදු ඖෂධ වෙළඳ සමාගමකට පහර එල්ල කිරීමක් හෝ කිසිදු වෛද්‍යවරයෙකුට අපහාස කිරීමක් හෝ අප විසින් සිදු කිරීමට බලාපොරොත්තු නොවන අතර, අප මෙම ලිපිය මගින් ගෙන හැර දක්වන්නට වෙර දරන්නේ පහත ඇති වීඩියෝ වල ඇති තොරතුරු ජනතාව අතරට සිංහලමාධ්‍ය යෙන් ගෙන හැර දැක්වීමටය.
වේදනා නාශක සිරුරට ඇතුළු කිරීම නිසා අපගේ ජීවිතයට වෙන හානිය ඔබ දන්නවා නම් ඔබ කිසි දිනක ඔබගේ ආදරණීයයන්ට මෙම අහිතකර ඔසු භාවිතයට ඉඩ නොදෙනු ඇත. Acetaminophen නැමති වේදනා නාශකය අප විසින් දෛනිකව භාවිතා කරන වේදනා නාශක වන පැරසිටමෝල් වර්ගයේ ඖෂද වල ඇති අතර එම රසායනිකය මගින් අපගේ අක්මාව ඉතාමත් භයානක ලෙස රෝගී තත්වයකට පත් කරන බව ඔබ දන්නවා නම් ඔබද කිසි දිනක මෙම ඔසු භාවිතා නොකරනු ඇත. වේදනාව දරාගෙනම සිටිනු ඇත. දරුවෙක් ප‍්‍රසූත කිරීමේදි ඇතිවෙන වේදනාව තරම් වේදනාවක් අපි කිසිවෙකු විඳින්නේ නැත. එහෙත් එම වේදනාව විඳි කාන්තාවන් සුලූ හිසේ කැක්කමටද වේදනා නාශක ගිල දමන්නේ අප මෙහිදී සඳහන් කල අක්මාවට ඇතිවන මහා විනාශය නොදන්නා නිසා විය යුතුය. අප පහත දක්වා ඇති විඩියෝ නරඹා මේ ගැන හොඳින් දැනුවත් වන්න.
වෙළඳපොලේ ඇති පැරසිටමෝල් වර්ගයේ සියලූම වේදනා නාශක වල ඇත්තේ ඇසිටමිනොෆින් ( ACETAMINOPHEN ) නැමති ෙවිදනා නාශකයයි. මෙම වේදනා නාශකය අක්මාවට ඉතා අහිතකර වන අතර අක්මාවට සිදුවන හානිය අවම කර ගැනීම සඳහා එක් පෙත්කට හෝ එක් බෙහෙත් කරලකට මිලි ග‍්‍රෑම් 325 කට වඩා ඇතුලත් නොකරන ලෙසට 2011 වසරේදී ඇමෙරිකාවේ FDA (Food and Drug Administration) ආයතනය ඖෂධ නිශ්පාදකයන්ට දන්වා ඇත. පහත දක්වා ඇති වීඩියෝව නැරඹුවහොත් එම නිවේදනය වෛද්‍ය වරුන්ටද දන්වා ඇති නමුත් මේ වන විටත් දිනකට මිළිග‍්‍රෑම් 4000 ක් ශරීර ගත කිරීම ආබාද රහිත බව පැවසීමට සමහර වෙළඳ සමාගම් වෙර දරන බව අපි හොඳින්ම දනිමු. මේ ගැන නොදන්නා පිරිස් දිනකට මිළිග‍්‍රෑම් 8000 කටත් වැඩියෙන් ශරීර ගත කරන බවද අපි දනිමු. මෙම අයහපත් පුරුද්ද නිසා අක්මාව ඉතාමත් දුර්වල තත්වයකට පත්වේ. අවසානයේ මරණයට පත්වන්නට සිදුවේ.
ACETAMINOPHEN අක්මාව තුලදී ක‍්‍රියා කරන්නේ මුක්ත ඛණ්ඩකයක් ආකාරයෙනි. මේ නිසා අක්මා ෙසෙල වල බිත්ති වල ඇති ෙසෙල පටලයේ ඇති මේද කොටස් වලින් ඉලෙක්ට්‍රෝන ගලවා ගනී. මේ නිසා අදාල මේද අණුද තමා අසල ඇති මේද අණු වලින් ඉලෙක්ට්‍රෝන ගලවා ගනී. මේ අනුව දිගින් දිගටම මෙම ඔක්සිකරණ ක‍්‍රියාවලිය සිදුවන්නට පටන් ගනී. මේ හේතුව නිසා අක්මා ෙසෙල විනාශ වේ. එසේම ඔක්සිකරණය වූ මේදය අක්මාවේ තැන්පත්වේ. මේ නිසා සිරෝසිස් වැනි රෝගද වෙනත් අක්මාව සම්බන්ධ රෝගද වැළදෙන්නට පටන් ගනී. විශේෂයෙන් දියවැඩියාව සහ බෝනොවන රෝග ඇති වන්නට පටන් ගනී. මේ නිසා අක්මාවේ නිරෝගී භාවය ඉතාමත් වැදගත් බව සිතට ගත යුතුය.
https://en.wikipedia.org/wiki/Paracetamol_toxicity
මෙම තත්වයට වගකිව යුතු වන්නේ ඔබමය. මෙම බෙහෙත් ගැන කිසිදු දැනුවත් වීමක් නොමැති වීම මීට හේතුව වේ. එය දැන ගැනීමට අවශ්‍යතාවයක් වත් නැති බව පහත ඇති වීඩියෝ නරඹා ඇති අය ගණන පරීක්ෂා කිරීමේන් මනාව පසක් කර ගත හැකිය. අප මේ තරමටම අනුවණ දැයි වරෙක සිතේ. ඒත් කරන්නට දෙයක් නොමැත. වේදනාවක් දැනුනු විගස එය සමණය කර ගනු විනා නොපෙනෙන අක්මාව ගැන වදවීමට අපට දැන් කාලයක් නැත. නමුත් ජීවිතයේ සැඳෑ සමය ලෙඩ ඇඳකට වීල තම දරුවන්ට බරක් වීල තමා සන්තකයේ ඇති තුට්ටු දෙක රෝහල් වලට පූජා කර කර කාලය ගත කරන්නට නම් අපිට කාලය වැය කරන්නට සිදු වන බව සක් සුදක් සේ පැහැදිලිය. ඒ සඳහා සුපිරි රෝහල් පද්ධතියක් මේ වනවිටත් අපගේ රටට පැමිණ ඇත. අපි දියණු වි ඇති සේය. කෙතරම් සතුටුද? අපගේ අම්මලාට තාත්තලාට මේ වගේ රෝහල් වලින් බෙහෙත් ගන්නටල නේවාසිකව ප‍්‍රතිකාර ගන්නට තරම් වාසනාවක් නොතිබින. නමුත් ඒ වාසනාව අපිට දැන් අත වනමින් සිටී. ඔබටද ඉතා උජාරුවෙන් අර රෝහලේ මගේ ලිවර් එක ට‍්‍රාන්ස්ප්ලාන්ට් කලේ කියලා කියන්නට හැකි වනු ඇත. ඒ සතුට විඳ ගැනීමට ඇති වාසානාව මා වලකා ලීමට මෙම ලිපිය මගින් වෙර නොදරමි.
තවත් මෙවැනි රැවටිලි වලට ඔබ හසු වෙනවාද? දැන්වත් ඇස් ඇර බලන්න. ඇගේ වේදනාවක් පැමිණි විට අපගේ මුතුන් මිත්තන් බාංවැල් ගැට හෝ ගොණිකා කොල තම්බා බොන්නට වියග මේවාද වේදනා නාශකයන් නේද? නමුත් මෙම වර්ග දෙකම අක්මාව ආරක්ෂා කරන ලදී. අප විසින් පැය 6 න් 6 ට ගිල දමන වේදනා නාශක අපගේ අක්මාව අකර්මණ්‍ය කරන්නේ කිසිදු අනුකම්පාවකින් තොරවය. අනේ දරුවනේ පහත ඇති වීඩියෝ නරඹා දැනුම ලැබගන්න. Acetaminophen ඔබගේ අක්මාවේ මේදය තැන්පත් වීමටද ( Fatty Liver ) ප‍්‍රධානම හේතුවක් වන බව ඔබට වැටහේවී.
තාවකාලික සුවයක් පතා සදාකාලික රෝගී සිරුරක් උරුම කර ගැනීම කෙතරම් අණුවන කමක්ද? වේදනා නාශක යනු පේන් කිලර් ( pain killer ) යන ඉංග‍්‍රීසි වදනට යොදන ලද සිංහල වචනය වේ. ඇත්තටම යෙදිය යුතුව තිබුනේ කිලර් යන පදය සිංහලයට පෙරලාය. ඔබත් මෙවැනි වේදනා නාශක භාවිතා කරණවා නම් මාත‍්‍ර‍්‍රාව ඉතාම වැදගත් බව දැනගන්න. ඒ ඔබගේ මරණය තරමක් පමා කර ගැනීම සඳහාය. ඔබ මද්‍යසාර භාවිතා කරන අයෙක් නම් ඔබට ලබා ගත හැකි වන්නේ සාමාන්‍ය මාත‍්‍රාවෙන් අඩක් පමණි. ඊට වඩා ගැනීම අක්මා ඉතා ඉක්මනින් අකර්මණ්‍ය කිරීමට හේතු වන බව තරයේ සිතට ගන්න.
මේ වන විටත් ඔබගේ අක්මාව යම් අකර්මණය වීමකට ගොදුරු වී ඇතිනම් ඔබ විසින් සිදු කල යුතු වන්නේ අක්මාව නැවත යතා තත්වයකට පත් කර ගැනීම සඳහා අවශ්‍ය අක්මා විශ හරණ වැඩ පිළිවෙලක් සිදු කොට අක්මාව ශක්තිමත් කල හැකි වැඩ පිළිවෙලක් පටන් ගැනීමයි. ඒ ගැන ලිපියක් අපගේ වෙබ් අඩවියේ ඇත. විශේෂයෙන් තිත්ත සහිත සහ කොළපාට සහිත ආහාර නිතර තම ආහාරයට එක් කරගන්න. පෝෂණය සහිත ආහාර දෛනිකව ලබා ගන්න. මේ අනුව ඔබගේ සිරුර නිරෝගී වන අතර අක්මාව ශක්තිමත් වේ. මේ නිසා සිරුරද නිරන්තරයෙන් නිරෝගී වීමට හේතු වේ. අක්මා ෙසෙල ඔක්සිකරණය වීම මැඩ පවත් වා ගැනීමට ග්ලූටතයොන් නිපදීම සඳහා අවශ්‍ය ආහාරද ප‍්‍රති ඔක්සිකාරක සහිත ආහාරද අපගේ දෛනික ආහාර වේලට එක් කර ගත යුතු වේ. මේ ගැන ලිපියක් මුක්ත කණ්ඩක සහ පිලිකා නම්න් අපගේ වෙබ් අඩවියේ ඇත. ඒවා කියවා තම දැනුම වර්ධනය කරගන්න. නිරෝගීව වාසය කරන්න.
පහත ඇති වීඩියෝ නරඹා ඔබටත් අක්මාවේ මේදය තැන්පත් වීමේ හෝ සිරෝසිස් වැනි රෝග ඇත්නම් පහත ඇති ලින්ක් එක මත ක්ලික් කර එහි ඇති පෝරමය පුරවා අපවෙත ලැබෙන්නට සලස්වන්න. අපගේ ආයතනයෙන් ඔබ වෙත දුරකථනයෙන් අමතා හැකි උපකාරයක් සිදු කරනු ඇත. විශේෂයෙන් රෝග ගැන නිසි දැනුමක් ලබා ගැනීමට අපි ඔබව දැනුවත් කරන්නේමු. එපමණක් නොව ඔබගේ රෝගය යම් කර්මගත සම්බන්ධයක් ඇත්නම් ඊටද සිදු කල හැකි යම් යම් කරුණු අපි ඔබ වෙත දැනුම් දෙන්නට කටයුතු කරන්නේමු.
ඔබත් අධික ලෙස වේදනා නාශක භාවිතා කරන අයෙක් නම් හෝ ඔබගේ අක්මාවේද මේදය තැන්පත් වී ඇති බව ඔබ දන්නේ නම් මේ මත ක්ලික් කර පෝරමය පුරවා අපවෙත ලැබෙන්නට සල්සවන්නග ඔබට සාර්ථක පිලිතුරක් ලැබෙනු ඇත.
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
මෙත් සිතිනි.
පෝෂණ වේදී.
නයන තේනුවර.
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්
අංක 140 1/1
ගාලුපාර ගල්කිස්ස.
0713503450 / 0701902220 / 0112719000 / 0112735621
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana
https://youtu.be/JV9bORHbSZU
http://www.medicinenet.com/acetaminophen-oral/article.htm
https://en.wikipedia.org/wiki/Paracetamol_toxicity
Nittaa.com DISCLAIMER: This web site is designed to provide nutritional information on selected herbal combinations. It is not intended for diagnosing ailments or prescribing remedies in any way. It is not meant to be a substitute for professional medical help because there is always a risk involved. The publisher and author are not responsible for any adverse consequences or effects resulting from the use of any of the information, or suggestions contained in this web site. If you are unwilling to assume the risk, please do not use this web site and the contain.
වගකීමෙන් යුතුව ඔබ බෙත ඉදිරිපත් කරන මෙම වෙබ් අඩවිය තෝරාගත් ශාක සාර සංයෝජන මත ගොඩ නැගුණු පෝෂණ තොරතුරු සැපයීම සඳහා පමණක් සැලසුම් කර තිබේ. එය කිසිදු ආකාරයකින් රෝග නිවාරණයට හො සුව කිරීම සඳහා වන පිළියම් ලෙස ඉදිරිපත් කර නොමැත. මෙහි සඳහන් කිසිදු ආහාරයක් හෝ නිශ්පාදන භාණ්ඩයක් හෝ පෝෂණ මය ඔසුවක් වෘත්තීය වෛද්‍ය උපදෙස් සඳහා ආදේශකයක් ලෙස අදහස් නොවේ. යම් රෝගියෙකුගේ හෝ රෝගයක වගකීම බාරගත නොහැකි බැවින් මෙ වෙබ් අඩවියේ ඇතුලත් ක‍්‍රමවේද භාවිතා කිරීම හෝ නොකිරීම පාඨකයාට බාර ක‍්‍රියාවක් වේ. අදාල රෝගියාගේ අවදානම අප ආයතනය හෝ මෙම ලිපි ඉදිරිපත් කරන කතු වරයා නොදරන බැවින් ඔබලා හට මෙම අවදානම ගත නොහැකිනම් මෙම වෙබ් අඩවියේ ඇති කිසිදු තොරතුරක් භාවිතා නොකල යුතු බවට මෙයින් ප‍්‍රකාශ කර සිටිමු.