නියපොතු යනු අපගේ සිරුරේ ඇති පෝෂණ ඌණතා මැනගත හැකි ඉතාම පහසු කොටසක්. යම් යම් පෝෂණ ඌණතාවයන් නිසා නියපොතු වල ස්වභාවය වෙනස් වෙනවා. අපි එක් එක් විටමින් වර්ග සහ මිනරල් වර්ග නිසා නියපොතු වල ඇතිවන වෙනස්කම් ගැන සොයා බලමු.
ඔබ දැක ඇති සමහර අයගේ නියපොතු සුදු පැහැගන්නවා. මේ කියන්නේ තැනින් තැන සුදු වෙන එක නෙවෙයි. තැනින් තැන සුදුවන්නේ සින්ක් නැමති ඛණිජ ලවනය ඌණතා ඇති අයගේ. සම්පූර්ණ නියපොත්ත සුදු පැහැ ගැන්වෙන එකයි මේ කියන්නේ. ඒ වගේම ඔබ දැක ඇති නියපොතු වල තිරස් අතට ඉරි ඇදිලා වගේ තියෙනවා. මේසේ සිදු වන්නේ විටමින් B1 (Thiamine) ඌණතාවය නිසයි.
විටමින් B1 නැතිනම් තයමින් ඌණතාවය නිසා රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය නිසි ලෙස පවත්වාගැනීමට නොහැකි වන අතර ශක්තිය නිපදවන්නට නොහැකිවීම නිසා අධික විඩාගතිය, කම්මිලි ගතිය, ස්නායු වේදනා වැනි තත්වයන් හටගන්නවා. මස්පිඩු වල වේදනාද ඇතිවිය හැකියි. විශේෂයෙන් විටමින් B1 (Thiamine) ඌණතාවය නිසා නිතරම සංකෝචනය වන ඉහිල්වන අපගේ හෘදයේ ක්‍රියාකාරීත්වයට බාධා ඇතිවෙනවා. මේ නිසා හදවතට වැඩිමහන්සියක් දැරීමට සිදුවීම නිසා හෘදය විශාල වීම සිදුවනවා. (Heart Enlarge) තවත් විශේෂ රෝගයක් තමයි ඇසේ ඇතිවන වපරය. මෙය සිදුවන්නේ ඇසට සම්බන්ධ මාංශ පේශි වල ක්‍රියාකාරීත්වය දුර්වල වීමනිසා ඇස් එක පැත්තකට තදින් ඇදීම. මේ නිසා තමයි ඇස් දෙකේ වපර භාවය ඇතිවෙන්නේ. මේ තත්වයටද විටමින් B1 (Thiamine) ඌණතාවය බලපානවා. එසේම මහා ප්‍රාචීරය අවශ්‍ය ශක්තිය අඩු වීම නිසා හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවෙනවා. එසේම බඩවැල් නිසි ලෙසට සංකෝචනය නොවන නිසා වැඩි වේලාවක් මල කොටස් අපගේ මහ බඩවැලේ රැදවීම හේතුවෙන් ජලය වැඩිපුර අවශෝෂනය වී මළ බද්ධය ඇතිවන්නටද හේතු වෙනවා. මේ සියල්ලට හේතුව විටමින් B1 (Thiamine) ඌණතාවය විය හැකි අතර නියපොතු වල ස්වභාවය මගින් එය ස්ථිරව දැනගත හැකිය.
විටමින් B1 (Thiamine) අපට ලබාගත හැකි ආහාර මොනවාද?
බොහෝ දෙනෙක් විටමින් ලබා ගන්නේ ෆාමසියෙන්. එහෙත් ඔබ සොයා බලන්නේ නැහැ තමන් ලබා ගන්නේ ස්වභාවික මාධයයකින් ලබාගත් විටමින්ද නැතිනම් කෘතිමව නිපදවන ලද විටමින්ද කියලා. කෘතිමව නිපදවන ලද විටමින් නම් එය අපගේ ශරීරයට ලබා දීමෙන් නිසි ප්‍රතිඵළ ලබාගන්නට බැහැ. මේ නිසා ස්වභාවික මාධයයක් දැයි සොයා බලා විටමින් ඌණතාවන් සපුරා ගන්න.
අප ගන්නා ආහාර වල මෙම විටමින් වර්ග තිබෙනවා. විශේෂයෙන් නිව්ඩු සහල්, දැන් දැන් හාල් එන්නේ පොලිෂ් කරලා. ඉතින් විටමින් ටික යන්නේ කකුලන්ට. අපි සුදු පාටට තියෙන හාල් වලින් හදල බත් බඩ පිරෙන්න කනවා. ඉතිං B1 (Thiamine) ඌණතාවය ඇතිවෙනවා. පාන් පිටි කන අයටද විටමින් B1 (Thiamine) ඌණතාවයට මුහුන දෙන්නට වෙනවා. ඊස්ට් වලත් විටමින් බී තියෙනවා. ඒ නිසා ඊස්ට් මගින් නිපදවන ආහාර හො අතිරේක ආහාර ගැනීම සුදුසුයි. එසේම මස් වර්ග වලත් විටමින් B1 (Thiamine) තියෙනවා. විශේෂයෙන් පිරිපහදු කරන ලද පිටි, සීනි භාවිතය නතර කලයුතුයි.
කාන්තාවන් විශේෂයෙන් තම නියපොතු ගැන සිතුවත් නියපොතු බාහිරව යම් අලේප ගැල්වීමෙන් හෝ වෙන ක්‍රමයකින් රෝග ලක්ෂණ වසා ගන්නවා විනා තම සිරුර ඇතුලත ඇති පෝෂණ ඌණතාවය ගැන සිතා බලන්නේ නැහැ. රූපලාවන්‍ය සිරුර ඇතුලතින් එලියට පැමිණිය යුතු දෙයක් නමුත් දැන් දැන් බාහිර ආටෝපයට රෑප ලාවන්‍යය යැයි පවසයි. එය ඇත්තටම කණගාටුවට කරුණකි. අපි මේ ලිපි වලින් ඒ ගැනද කතා කරන්නට බලා පොරොත්තු වෙමු.
මී ලග ලිපියෙන් කොණ්ඩය තුනීවීම සහ ගැලවීයෘම. නියපොතු කැඩීයාම, වැනි තත්වයන්ට හේතු වන විටමින් ඌණතාවය ගැන කතා කරමු.
මේ පිලිබද වැඩිදුර විස්තර දැනගන්නට අවශ්‍ය නම් පහත අංකයකින් අප හා එක්වන්න. ලිපි ෂෙයාර් කර තවත් කෙනෙක් නිරෝගීව තබන්නට උපකාර කරන්න. තමන් දෙන දේ තමන්ට නැවත ලැබෙන ධර්මතාවයට අනුව එය ඔබගේ සිරුරේ නිරෝගීතාවයට හේතු වෙනු නිසැකය.
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න.
වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94 71 350 3450
මෙත් සිතිනි.
පෝෂණ වේදී.
නයන තේනුවර.
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්
අංක 140 1/1
ගාලුපාර ගල්කිස්ස.
0713503450 / 0701902220 / 0112719000 / 0112735621
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්‍රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana