බෝ නොවන රෝග දැන් දැන් බෝ වෙන රෝග සේ වැඩිවෙමින් පවතී. මෙම තත්වයට හේතු වන ප්‍රධානම ගැටලුවක් ගැනයි මේ කතා කරන්නට සූදානම් වෙන්නේ. ඒ තමයි DNA විකෘති වීම. මොනවාද මේ DNA කියන්නේ ඔබ සහ මම දෙදෙනාම මවු කුසට පැමිණියේ මවගෙන් සහ පියාගෙන් ලැබුණු සෛල භාග දෙකක් එක් වීමෙන් ඇතිවුන එක් සෛලයක් විකාශණය වීම හේතුවෙන්. මුලින්ම ඇතිවූ සෛලය නැතිනම් යුක්තානුව අපේ මොළයේ සෛලයක්ද? අක්මාවේ සෛලයක්ද? හෘදය වස්තුවේ සෛලයක්ද? යන්න කළලය නිර්මාණය වන තුරුම තීරණය වෙන්නේ නැහැ. ඒ මූලික සෛල කිසිම හැඩයක් නැති කිසිම කාර්යයක් සදහා තවමත් හැඩගැසී නැති නිකම්ම නිකං සෛල විශේෂයක් පමණක් මෙසේ ගුණනය වෙමින් විකාශණය වෙනවා.සංසේචනය වී සති දෙකක් පමණ යනවිට එක වරම මෙම සෛල එක් එක් කාර්යයන් සදහා විභේදනය වෙන්නට පටන් ගන්නවා. මෙසේ විභේදනය වන්නේ සෛල තුල ඇති යම් සාධකයක් වෙනස් වීමෙන්. මේ සාධකය තමයි DNA කියලා කියන්නේ. මේ වෙනස් වීම් වලට අනුව මවු කුස තුල කලළයක් නිර්මාණය වෙනවා. දැන් කළලයට අත් කකුල් හිස මොළය, අක්මාව වැනි ඉන්ද්රියයන් තියෙනවා. මේ සියල්ල තීරණය කරන්නේ සෛල අභ්‍යන්තරයේ න්‍යෂ්ඨිය තුල ඇති DNA වල සංයුතිය වෙනස් කිරීමෙන්.
අපගේ එක් එක් දේහ සෛල වල න්‍යෂ්ඨියේ වර්ණ දේහ යුගල් 23 බැගින් තියෙනවා. මේවා නිර්මාණය වී ඇත්තේ DNA වලින්. මෙම DNA එකක් විශාල කර බැලුවහොත් අපිට හරියට පෙනෙන්නේ කැරකුණු ඉණිමගක් වගේ. මේවායින් එක් DNA එකක් ගෙන දිග හැරියහොත් එම DNA එකේ දිග සෙන්ටිමීටර් 10ක් පමණ වෙනවා. ඉතිං මේ එක DNA එකක ස්විචස් මිලියන 4ක් පමණ තියෙනවා. මේ ස්විචස් එකින් එක ඔන් ඕෆ් කරන්නට කෙනෙක් ඉන්නවා. ඒ තමයි අපේ හදවත. මේ ස්විචස් මිලියන 4න් අදාල ස්ථානයට අවශ්‍යවන, එම ස්ථානයේ සෛල වලින් සිදුකරන කාර්යයන්ට අවශ්‍ය වන සෛල වලට අදාල වන ගුණාංග වලට අවශ්‍ය වන ස්විචස් පමණක් ඔන් වෙලා තියෙන්නට හැර ඉතිරි සියළු ස්විචස් ඕෆ් කරන්නට හදවත කටයුතු කරනවා. මේ අනුව සෛලයක ඇති සියළුම DNA වල අනවශ්‍ය ස්විචස් ඕෆ් කරන්නට මෙම ක්‍රියාවලිය මගින් හදවත කටයුතු කරනවා. ඔබ හිතන ආකාරයට අපගේ සිරුරේ ඇති DNA වල දිග කොපමණ වෙයිද? අප සිරුරේ ඇති සියළුම සෛල වල ඇති DNA දිග හැර එකිනෙකට ගැට ගැසුව හොත් ඒවායේ දිග මේ පෘතුවියේ සිට බ්‍රහස්පති ග්‍රහයා ගාවට ගොස් නැවත පැමිණෙන්නට යන දුර වාගේ දුරක් කිව්වොත් ඔබ පිලිගන්නවාද? එසේනම් අපගේ හෘදය වස්තුව සිදුකරන මේ ඔන් ඕෆ් ක්‍රියාවලිය සුලුපටු එකක් නොවන බව ඔබ තේරුම් ගත යුතුය. හෘදය වස්තුවේ යම් දුර්වලතාවයක් වුවහොත් මෙම DNA නිසි අයුරින් පවත්වාගෙන යෑමට නොහැකිවීමට හේතු විය හැකි බව තේරුම් ගත යුතුය. මොනයම් හෝ කාරණයක් නිසා මෙම DNA වල ඕෆ් කල යුතු ස්විච් එකක් හෝ කිහිපයක් ඕන් කරලා තිබුනොත් මෙම DNA සංයුතිය ඇති සෛලය අදාල ස්ථානයට නුසුදුසු සෛලයක් වෙන බව ඔබට තේරෙනවා ඇති. ඒ කියන්නේ අක්මාව තුල වකුගඩුවක තිබිය යුතු වන සෛලයක් නිර්මාණය වී ඇත්නම් අක්මාවේ පිළිකාවක් ඇතිවී ඇති බව නේද? එසේ සිදු වූ අවස්ථාවක මෙම තත්වය සමණයකට පත් කිරීම සදහා අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සූදානමින් සිටී. ප්‍රතිශක්තිකරණ පද්ධතියට හැකියි එසේ නොගැලපෙන සෛලයක් යම් තැනක වර්ධනය වුවහොත් විනාශ කර දමන්නට. නමුත් ඔබේ ප්‍රතිශක්තිය දුර්වලයිනම්, කුමක් කරන්නද? අදාල සෛලය වර්ධනය වෙන්නට හරිනවා හැරෙන්නට. ඉතිං පිලිකාව වර්ධනය වෙනවා. පිලිකාව වර්ධනය වෙනඑක නවත්වන්නට අපි මොනවාද කරන්නේ. අපි කරන්නේ පිළිකාව විනාශ කරන්නට වෙර දරණ එකයි. පිළිකා සෛල යනුද අපගේ සිරුරේම ඇති සෛල විශේෂයක්. අපගේ සිරුරේ ඇති සෛල බොහෝමයක් මාස තුනක් වැනි කාලයක් ඇතුලත මරණයට පත්වෙනවා. ඉන් පසු නැවතත් අලුත් සෛල නිර්මාණය වෙනවා . ඒ කියන්නේ පිලිකා සෛලත් මාස තුනක් ඇතුලත විනාශ වෙනවා කියන එක නේද? එහෙනම් ඇයි අපි මේ මාස තුනක් ඇතුලත මරණයට පත්වන සෛල විනාශ කරන්නට හදන්නේ. පිළිකා සෛල සදාකාලික නිසාද? නැහැ, එම ස්ථානයේ නැවත හටගන්නා සෛල පිළිකා සෛලම වන නිසා. ඒ කියන්නේ විකෘති වූ DNA නිසා ඇතිවන සෛල විකෘති සෛලම වන නිසා.
අප දැන් කල යුත්තේ මැරෙන්නට නියමිත සෛල මර මරා ඉන්න එකද නැත්නම් මේ පිලිකා සෛල හදන්නට හේතු වන විකෘති වූ DNA නැවතත් ප්‍රකෘතිමත් කරන එකද? තීරණය ඔබට බාරයි. අප මේ ලිපියෙන් ඔබට ගෙන එන්නේ එසේ විකෘති වූ DNA ප්‍රකෘති තත්වයට පත් කල හැකි ක්‍රමවේදයක් ගැනයි. ඒ තමයි අප මාතෘකාවේ සදහන් කල PPARs (peroxisome proliferator-activated receptors) ආධාරයෙන් විකෘති වූ DNA ප්‍රකෘතිමත් කරන ආකාරය ගැන පැහැදිලි කිරීම.
PPARs (peroxisome proliferator-activated receptors) යනු මොනවාද?
PPARs (peroxisome proliferator-activated receptors) යනු සිරුරේ පරිවෘත්තීය හා ප්‍රදාහය නියාමනය කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන න්‍යෂ්ටික ප්‍රතිග්‍රාහක විශේෂයකි. ඒවා මේද අම්ල, දිග දාම මේද අම්ල සහ කෘතිම ප්‍රතිග්‍රාහක (agonists) ඇතුළු විවිධ ligands (වෙනත් අණුවකට බන්ධනය වන අණු) මගින් ක්‍රියාත්මක වේ.
PPARs හි උප වර්ග තුනක් ඇත: PPARα, PPARβ/δ, සහ PPARγ. සෑම උප වර්ගයකටම අද්විතීය පටක ව්‍යාප්තියක් ඇති අතර ජාන සටහන් කේතයන් ක්‍රියාවන් දක්වා නියාමනය කිරීමේදී නිශ්චිත කාර්යභාරයක් ඉටු කරයි. මේ නිසා ජාණ ප්‍රකෘතිමත් කිරීම මෙම PPARs වර්ග තුන මගින් ඉටු කරයි. මේ හේතුවෙන් සෛල වල ඇති නිද්‍රාගත ජාන නැවත වතාවක් ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් සෛල වල න්‍යෂ්ඨියට ඇතිවේ.
PPARα ප්‍රධාන වශයෙන් අක්මා සෛල ඇතුලත ක්‍රියාත්මක වන අතර එහිදී එය මේද අම්ල පරිවෘත්තීය සහ ලිපිඩ පරිවෘතීය ක්‍රියා නියාමනය කරයි. එය සෛල තුල ඇති ප්‍රදාහය සහ ඔක්සිකාරක ආතතිය නියාමනය කිරීමට ද සම්බන්ධ වේ. මේ හේතුවෙන් ෆැටි ලිවර් සහ සිරෝසිස් තත්වයන් පාලනය කිරීමට PPARs ඉතා වැදගත් වේ. මෙවැනි රෝගීන්හට PPARs ලබා දීමෙන් සුවය ඉක්මන් වන බව දැකගත හැකිය.
PPARβ/δ අස්ථි, පේශි, මේද පටක සහ හදවත ඇතුළු බොහෝ පටක වල ක්‍රියාත්මක වේ. එය මේද අම්ල පරිවෘත්තිය, ග්ලූකෝස් අවශෝෂණය සහ මයිටොකොන්ඩ්‍රිය ක්‍රියාකාරිත්වය නියාමනය කිරීමේ කාර්යභාරයක් ඉටු කරයි. මේ නිසා සිරුරේ ඇතිවන රෝගී තත්වයන් බොහෝමයක් පාලනය කරගැනීමට PPARs වලට හැකියාව ඇත.
PPARγ ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන්නේ මේද පටක වල වන අතර, එය adipogenesis සහ ලිපිඩ ගබඩා කිරීම නියාමනය කිරීමේදී ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. එය ග්ලූකෝස් හෝමියස්ටැසිස් සහ ප්‍රදාහය නියාමනය කිරීමට ද සම්බන්ධ වේ. මේ කාරණා නිසාම අධික ස්ථූලතාවය පාලනය කිරීමට PPARs ඉතා වැදගත් වේ.
සමස්තයක් වශයෙන්, PPARs පරිවෘත්තීය හා ප්‍රදාහය පිළිබඳ වැදගත් නියාමකයින් වන අතර, ඒවා දියවැඩියාව, තරබාරුකම සහ හෘද වාහිනී රෝග ඇතුළු විවිධ රෝග සඳහා සම්බන්ධ වී ඇත. PPAR agonists මෙම තත්වයන් සඳහා චිකිත්සක ක්‍රමයක් ලෙස භාවිතා කරයි.
PPARs මගින් DNA අලුත්වැඩියා කරන්නේ කෙසේද යන්න පිළිබඳව අපි සලකා බලමු.
සෛල වල න්‍යෂ්ඨියේ ඇති DNA අළුත්වැඩියා කිරීමේදී PPAR වල කාර්යභාරය විමර්ශනය කරන අධ්‍යයන කිහිපයක් පහත දක්වා ඇත. මෙම අධ්‍යයනයන් හොදින් පරිශීලනය කලහොත් PPARs මගින් රෝග සුව කිරීමේ හැකියාව ගැන යම් අවබෝධයක් ලබා ගත හැකිය.
- 2003 දී journal Molecular and Cellular Biology සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් පෙන්නුම් කළේ PPARα හට DNA පොලිමරේස් β, මූලික ඡේදනය අලුත්වැඩියාවට සම්බන්ධ ප්‍රධාන එන්සයිමය වැඩි දියුණු කළ හැකි බවයි. PPARα-අඩුපාඩු සහිත සෛල රසායනික කාරකයක් මගින් ඇතිවන DNA හානිවලට වඩා සංවේදී බව අධ්‍යයනයෙන් සොයාගෙන ඇති අතර, DNA හානිවලින් සෛල ආරක්ෂා කිරීමේදී PPARα සඳහා සුවිශේෂී භූමිකාවක් ඇති බව සොයා ගෙන ඇත.
- 2010 දී journal Free Radical Biology and Medicine සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද තවත් අධ්‍යයනයකින් පෙන්නුම් කළේ PPARγ සක්‍රිය කිරීමෙන් සෛල වල න්‍යෂ්ඨියේ ඇතිවන මුක්ත ඛණ්ඩක ප්‍රහාර නිසා ඇතිවන DNA හානිවලින් ආරක්ෂා කළ හැකි බවයි. PPARγ සක්‍රීය කිරීම මගින්DNA අළුත්වැඩියා එන්සයිමවල ප්‍රසස්ථ භාවය වැඩි කරන අතර DNA හානි ඇති කළ හැකි ප්‍රතික්‍රියාශීලී මුක්ත ඛණ්ඩක විශේෂවල මට්ටම් අඩු කරන බව අධ්‍යයනයෙන් සොයාගෙන ඇත.
- 2014 දී journal Antioxidants and Redox Signaling සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් පෙන්නුම් කළේ PPARβ/δ මගින් UV විකිරණ මගින් ඇතිවන DNA හානිවලින් සෛල ආරක්ෂා කළ හැකි බවයි. PPARβ/δ සක්‍රිය කිරීම DNA අලුත්වැඩියා එන්සයිමවල තීව්‍රතාව වැඩි කරන අතර සෛල ඔක්සිකාරක ආතතියේ මට්ටම අඩු කරන බව අධ්‍යයනයෙන් සොයාගෙන ඇත.
- 2020 දී journal Cancer Research සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද වඩාත් මෑත අධ්‍යයනයක් මගින් මහා බඩවැලේ පිළිකා සෛල තුළ DNA අලුත්වැඩියා කිරීමේදී PPARδ හි කාර්යභාරය විමර්ශනය කරන ලදී. PPARδ සක්‍රීය කිරීම DNA අළුත්වැඩියා එන්සයිමවල ක්‍රියාකාරීත්වය වැඩි කරන අතර විකිරණ මගින් ප්‍රේරණය වන DNA හානි මට්ටම් අඩු කරන බව අධ්‍යයනයෙන් සොයාගෙන ඇත.
PPARδ සක්‍රීය කිරීම පිළිකා සෛල විකිරණ ප්‍රතිකාර සඳහා සංවේදී කරන බව අධ්‍යයනයෙන් ද සොයා ගන්නා ලදී.
මේ නිසා කිමෝ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් හට එම රසායනික මගින් සිරුරට වන හානය අවම කරගැනීම සඳහා PPARs භාවිතා කල හැකිය.
සමස්තයක් වශයෙන්, මෙම අධ්‍යයනවලින් පෙනී යන්නේ DNA අළුත්වැඩියා කිරීම සහ ජානමය ස්ථායීතාවය පවත්වා ගැනීම සඳහා PPAR වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවයි. කෙසේ හෝ මිනිස් සිරුරට වැලදෙන රෝගාබාද වලින් බොහෝමයකට පිළියමක් ලෙසට PPARs භාවිතා කල හැකිය.
ශ්‍රීලංකාව තුල PPARs රෝග නිවාරණය සඳහා භාවිතය ඉතාම අවම නමුත් වෙනත් රටවල මෙම අනර්ඝ ඔසුව රෝග නිවාරණය සඳහා බහුල වශයෙන් යොදා ගනී. නමුත් මේ වන විට ඇමෙරිකාවේ දියවැඩියාව සහ කොලෙස්ටරෝල් පාලනය කිරීම සදහා කෘතීමව නශ්පාදනය කල PPARs යොදාගෙන ඖෂධයක් නිපදවා ඇත. තව නොබෝ කලකින් එම ඔසුව ලොව පුරා ප්‍රචලිත වේවි.
PPARs අපගේ සිරුරට ලැබෙන්නේ එළවලු මාර්ගයෙනි. නමුත් තායිවානයේ වගා කරන ක්ලොරෙල්ලා සොරොකිනියානා නම් ඇල්ගී වර්ගයේ මෙම PPARs ප්‍රතිශතය ඉතා ඉහල බව සොයා ගෙන ඇත. එසේම මෙම ඇල්ගී වර්ගයේ ග්‍රෑම් එකක් තුල කාබණික එලවලු කිලෝ එකක අඩංගු වන පෝෂණ මට්ටමක් ඇති බව සොයා ගෙන ඇත. මේ නිසාම නාසා ආයතනය මගින් අභ්‍යවකාශ ගාමීන්ට ආහාරයක් ලෙසට මෙම ඇල්ගී වර්ගය තෝරාගෙන ඇති අතර අනාගතයේදී අභ්‍යව කාශයේ වගා කිරීමටද කටයුතු සූදානම් කර ඇත.
තායිවානයේ වගා කරන මෙම ක්ලොරෙල්ලා සොරොකිනියානා නම් ඇල්ගී වර්ගය සතු වන PPARs වෙනම නිස්සාරණය කර ඖෂධයක් ලෙසට වෙළද පොලට ඉදිරිපත් කර ඇති අතර මේවා භාවිතා කර රෝග සුව කරගැනීමට දැන් ලෝකයේ බොහෝ රටවල ජනතාව ඉදිරිපත්ව සිටී.
ශ්‍රී ලංකාව තුල PPARs අඩංගු ක්ලොරෙල්ලා සොරොකිනියානා වලින් නශ්පාදනය කල එකම පෝෂණ අතිරේකය අප විසින් සිංගප්පූරුවෙන් ගෙන්වා බෙදා හරින බව ඉතා සතුටින් දන්වා සිටිමු. මෙම පෝෂණ අතිරේකය ශ්‍රීලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති අතර මෙමගින් පසුගිය වසර 5ක පමණ කාලයක් තුල බොහෝ රෝගීන් ඵල ලබා ගෙන ඇත. ඔබටද මෙම අනර්ඝ ඔසුවේ ඵල නෙලාගත හැකි අතර ඔබගේ රෝගය ගැන වැඩිදුර දැනුමක් ලබා ගැනිමට අප හා එක්වන්න.
මෙම අනර්ඝ ඔසුව ගැන දැන ගන්නට අවශ්‍ය නම් පහත අංකයකින් අප හා සම්බන්ධ වන්න.