ඔබ යම් ප්‍රතිකාරයක් සඳහා යම් වෛද්‍ය වරයෙක් වෙත යොමුවෙනවා නම් අදාල වෛද්‍ය වරයා හෝ අදාල ප්‍රතිකාරය කෙරෙහි ඇති විශ්වාසය තම රෝගය සුව වීමට බලපානු ඇත. මේ නිසා ඔබ යම් වෛද්‍ය වරයෙක් හෝ ප්‍රතිකාර ක්‍රමයක් වෙත යොමුවෙනවා නම් හොඳින් සොයා බලා තමන්ට විශ්වාසවන්තව තම රෝගය සුව කරගන්නට යම් ප්‍රතිකාරයක් ලැබේය යන විශ්වාසය මත පිහිටා අදාල ප්‍රතිකාරය වෙත යොමු වෙන්න. එසේ නොවුනහොත් සිදු වන්නේ ඔබට අතීතයේ ඇති අත්දැකීීීම් නිසා හෝ වෙනත් අය කියන දේවල් නිසා තම සිතද දෙගිඩියාවකට පත්වීමයි. එසේ වීමෙන් සිදුවන්නේ ලෝකයේ තියෙන හොඳම බෙහෙත ලැබුනත් එයින් තමන්ගේ රෝගය සුව නොවීමයි.
ඔබගේ රෝගයක් සුව වීමට බලපාන කාරණා 3ක් ඇත.
මනස
කර්මය
කය
මේ තුනෙන් එකක් හෝ ආපස්සට අදිනවා නම් ඔබට රෝගයක් සුව වන්නට ඇති පාරවල් වැසේ. මේ නිසා මනස ධනාත්මකව තබා ගැනීම ඉතාමත් වැදගත් වේ. කර්මය සකස් කරගැනීමට ඔබ නිරතුරුව වෙහෙසිය යුතුය. ඒ සඳහා ඔබගේ ගුණවත් කම ඉතාමත් වැදගත් වේ. මේ නිසා. අන් අයගේ දොස් දකින්නේ නැතිව ගුණයම දකින්නට පුරුදු වෙන්න. ඔබට නිරෝගී ජීවිතයක් ගත කරන්නට හැකි වේවි.
මෙත් සිතිනි…!!