මිනිස් සිරුර ලෙඩ කරවන ප්‍රධානම හේතුව. interstitium


අද වන විට මිනිසා ලෙඩ රෝග වලින් ගහණ සත්වයෙකු බවට පත්වී ඇත. මෙයට හේතුව කුමක්ද? හේතුව සොයනවාට වඩා හැදුන ලෙඩේ සුව කරගන්නට වෙර දරණ රෝගීන් සහ රෝග කළමණාකරනය කරන්නට වෙර දරණ වෛද්‍ය වරුන් අපට දැකගන්නට ලැබෙන බව නම් නොරහසකි. පෙරකල වෙද මහත්තයෙකු හමුවට යන රෝගියාට මුල්ම ප්‍රතිකාරය ලෙස බඩ විරේක කරන සිරිතක් හෙළ වෙදකමේ පැවතුනා. නමුත් දැන් විරේක කිරීම ශරීර සෞඛ්‍යයට අහිතකර ප්‍රතිකාරයක් ලෙසට ප්‍රචාරය කිරීම නිසා මෙම ප්‍රතිකාරය සමාජයෙන් ඉවත් වෙමින් පවතී. එහි ඇති වැදගත් කම මෙම ලිපියෙන් ගෙන ඒමට බලාපොරොත්තු වන අතර එමගින් ලැබෙන ප්‍රතිලාභය ගැන ඔබ විමතියට පත්වන බව මා නිසැකවම දනිමි. දැනට ඔබට ඇති රෝග වලට මේ ලිපියේ ඇති කාරණය ඍජුවම සම්බන්ධ බව මා තරයේ ප්‍රකාශ කර සිටිමි.

මීට වසර 15 කට පමණ පෙර වහරක අභය රතනාලංකාර ස්වාමීන් වහන්සේ දේශනා කලා හරි අපූරු දෙයක්. උන්වහන්සේ පැවසුව අපේ සිරුරේ සෑම තැනකම තියෙන පටලයක් තියෙනවා මේ පටලය මගින් තමයි අපේ සිරුරේ එකතු වන වස විස එකතු කරලා මහා බඩවැල හරහා සිරුරෙන් ඉවත් කරන්නේ කියලා. මේ පටලයේ මැද ඇති ද්‍රව තට්ටුවක ආධාරයෙන් අප ගන්නා ආහාර වල ඇති වස විෂ සේම සිරුරේ නිපදවන සිරුරට අහිතකර වන ද්‍රව්‍ය මහා බඩවැල් වෙත ගෙනගොස් ඉවත් කරන බව උන්වහන්සේ වදාල. කාරණා දෙකක් නිසා මෙම ගමන් මාර්ගය වැසෙන බවද උන් වහන්සේ වදාල. ඒ කාරණා දෙක තමයි අපි ගන්නා ආහාර වල ඇති වස විස අධික වීම සහ විණ බන්ධන. විණ බන්ධන කිව්වම සමහර අයට මේ ලිපිය මෙතනින් එහාට කියවන්නට ඇති උවමනාව නැති වුනා නේද? දැන් එහෙම හිතුනේ නැති අය ඉදිරියට කියවන්න.

මේ පටලය සහිත මාර්ගය අපගේ තවත් එක් බහිශ්‍රාවීය පද්ධතියක්. නමුත් එය නවීන විද්‍යාවට හමු වෙලා නැහැ. ඒත් 2018 වර්ශයේ විද්‍යාඥයින් මේ පටලය සොයා ගන්නවා. මේ තාක් අපගේ සිරුරේ ඇති විශාලම අවයවය ලෙසට තිබුනේ සමයි. නමුත් මේ පටලය සොයාගැනීමත් සමග එම මතය බිඳ වැටුනා. හම සිරුරේ ඇති අවයව වලින් 16% ක් වන අතර මේ අලුතෙන් සොයාගත් මෙම අපූරු පටලය 20% ක් වෙනවා. ඉතින් දැන් අප සිරුරේ ඇති විශාලම අවයවය මේ අලුතෙන් සොයාගත් පටලයයි. ඒ කියන්නේ නවීන විද්‍යාවට අප සිරුරේ තිබෙන විශාලම අවයවය මේ වන තෙක් මගහැරිලා තිබිලා තියෙන්නේ. නමුත් මේ වන තෙක් මේ පටලය නැත්නම් අප ස්වාමීන් වහන්සේගේ වචන වලින් කියනවා නම් සිවිය, අපේ අධ්‍යාපනයට එක් වෙලා නැහැ. ඉතිං මේ ගැන තවම අපි කවුරුවත් දැනුවත් නැහැ.

විද්‍යාඥයින් තවමත් සොයනවා මේ නව අවයවයෙන් මොනවාද කරන්නේ කියලා. වහරක ස්වාමීන් වහන්සේ මේ ගැන මීට වසර 15 කට පෙර දේශනා කර තිබුනත් පරීක්ෂණය නිරීක්ෂණය නිගමණය කියන විද්‍යාවට ඔප්පු කරගැනීමට හැකිවන තෙක් මෙය අධ්‍යයන මට්ටමේ තිබෙන කාරණාවක් පමණයි. කොහොම හරි අපි උන්වහන්සේගේ දේශනාව තුල තිබෙන කාරණා විග්‍රහ කර බලා යමක් තේරුම් ගනිමු. අපි ගන්නා ආහාර අපගේ සිරුරට අවශෝෂණය කරගෙන අපශේෂ කොටස් අපගේ සිරුරින් බැහැර කරනවා. එසේ බැහැර කරන්නේ පඨවි, අපෝ, තේජෝ, වායෝ නැමති සතර මහා භූත ලෙසයි. අපෝ ධාතුව කියන්නේ වැගිරෙන දේවල්. මෙවැනි වැගිරෙන ද්‍රව අපගේ සිරුරෙන් ප්‍රධාන වශයෙන්ම ඉවත් කරන්නේ වකුගඩු සහ ස්වේද ග්‍රන්ථි වලින්. ඒ කියන්නේ අපගේ සිරුරට අනවශ්‍ය ද්‍රව වකුගඩු නැතිනම් මුත්‍ර මාර්ගයෙනුත් දහදිය මාර්ගයෙනුත් සිරුරෙන් බැහැර කරනවා කියන එකයි. අපගේ සිරුරට අනවශ්‍ය වායු කොටස් පෙනහලු හරහා බැහැර කරනවා. ඒ වගේම සිරුරේ උෂ්ණත්වය පාලනය කරන්නේ සම හරහා. දැන් ඉතිරි වෙලා තියෙන්නේ පඨවි කොටස් සිරුරෙන් බැහැර කරන්නේ කොහෙන්ද කියන එකයි. කෙනෙකුට හිතෙන්න පුලුවන් ආහාර ජීරණ පද්ධතියෙන් ඉවත් කරන්නේ පඨවි නැතිනම් තද ගතිය ඇති අවශේෂ කොටස් නේද කියලා. ඒත් බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව ආහාර ජීරණ පද්ධතිය බහිශ්‍රාවීය පද්ධතියක් නොවෙයි. ඊට හේතුව ලෙස දක්වන්නේ ආහාර ජීරණ පද්ධතියෙන් පිටකර්නනේ සිරුරට අවශෝෂණය කරගත නොහැකි වූ අවශේෂ කොටස් පමණක් බවයි. ඉතිං මේ පඨවි ධාතුව සිරුරෙන් පිට කරන්නට තැනක් තිබිය යුතුයි නේද? ඔබගේ ඇගිල්ලට කවදා හරි මිටියකින් පහරක් වැදිලා තියෙනවාද? එසේ මිටි පහර වැදුන තැන ලේ කැටි ගැසිලා සති දෙක තුනක් තිබෙනවා ඔබ දැක තියෙනවාද? මේ ස්ථානයේ ඇති වන ලේ කැටිය නැවතත් රුධිර සංසරණ පද්ධතියට එක් කර ගන්නේ නැහැ. ඒවා එතනම තියෙනවා. නමුත් සමට යටින් ඇති මම පෙර පැවසූ පටලයේ මැද ඇති දියර තට්ටුවට මෙම කැටි ගැසුන ලේ අවශෝෂණය කරගන්නවා. එසේ අවශෝෂණය කරගෙන මහා බඩ වැල කර ගෙන යනවා. එසේ ගෙන ගොස් මහා බඩ වැල් වලින් ඉවත් කරනවා. මේ විිදිහට ටිකෙන් ටික තමයි මේ කාර්‍යය කරන්නේ. ඒ නිසා තමයි මේ කාර්‍යයට ටිකක් කල් ගත වෙන්නේ. දැන් ඔබට පැහැදිලියි මේ පටලයෙන් කරන කාර්‍යයය. අපි දැන් බලමු අපගේ සිරුරේ ඇති පඨවි ධාතුවට අයිති කොටස් මොනවාද කියලා. විශේෂයෙන් වස විස වැඩි ප්‍රමාණයක් ඇත්තේ පඨවි ධාතුව ලෙසයි. ආසනික්, ලෙඩ්, රසදිය වැනි විෂ වර්ග මේ ඝණයට ගැනෙනවා. අපි හිතමු යම් හේතුවක් නිසා මෙම පටලය මහා බඩවැලට විවර වන ස්ථාන අවහිර වුවා කියා. දැන් කුමක් සිදු වේද? අර ඉවත් කිරීමට ඇති පඨවි කොටස් වෙනත් මාර්ගයක් සොයන්නට ගන්නවා. ඉතිං මේවා වකුගඩු, සම, පෙනහලු, අක්මාව, පිත්තාශය, අග්න්‍යාෂය, තෛරොයිඩ් ග්‍රන්ථිය, මහා බඩවැලේ වෙනත් ස්ථාන, කුඩා බඩවැල, ආමාශය, කණ, ඇස, වාගේ නොයෙක් ස්ථාන කරා ගමන් කරනවා. දැන් හිතලා බලන්න ආපෝ ධාතුව සිරුරෙන් බැහැර කරන්නට ඇති වකු ගඩු වලින් පඨවි ධාතුව පිට කරන්නට වෙර දරන විට කුමක් සිදු විය හැකිද? අපේ ගෙදර උළුඅස්සෙන් අලියෙක් ඇතුල් වන්නට වෙර දරන විට කුමක් සිදුවන්නේද අන්න ඒ දේ තමයි සිදු වන්නේ. ඉතිං අපේ වකුගඩු වල ඇති ඉතාම ක්ෂද්‍ර ඉන්ද්‍රියයක් වන ගුච්ඡිකා පෙරණ මෙසේ විනාශ වෙනවා. ඉතිං මෙම ස්ථාන වලින් ප්‍රෝටීන් වැනි විශාල අණු මෙම ගුච්ඡිකා පෙරණ වලින් පිටවෙන්නට පටන් ගන්නවා. මේ විදිහට ටිකෙන් ටික වකුගඩුව නරක් වෙනවා. දැන් ඉතිං වකුගඩුවක් බද්ධ කරන්නට කෝටි ගණන් සල්ලි හොයනවා. මේ ආකාරයට අපගේ සිරුරේ ඕනෑම කොටසක් දුර්වල වන්නට හැකියි. පිළිකා නිර්මාණය වන්නටද හැකියි. නමුත් මේ ගැන නොදැනීම නිසාම බොහෝ දෙනෙක් ලෙඩදුක් නිසා දුක් විඳිනවා. ජීවිතාන්තය දක්වා බෙහෙත් බොනවා. ඒත් කිසිම කෙනෙකුට සුවයක් ඇති වන්නේ නැහැ. මොකද මෙවැනි රෝග වල රෝග මූලය ඇත්තේ වෙනත් තැනක නිසා. මෙම පටලයට බටහිර වෛද්‍ය ක්‍රමයේ ඉන්ටර්ස්ටිෂම් (Interstitum) නමින් හැඳින්වෙනවා. අපි සිංහලෙන් මෙයට විෂ හරන පටලය කියලා කියමු. මෙම පටලය මගින් අපගේ සිරුරේ සැම තැනම ඇති වස විෂ මහා බඩවැල වෙත ගෙන එනවා. එසේ ගෙන ඇවිත් බඩවැල් වල ඇති මෙම විෂ ඉවත් කරන සිදුරු හරහා සිරුරෙන් බැහැර කරනවා. නමුත් යම් යම් හේතු නිසා මෙම සිදුරු වැසී යනවා. ප්‍රධානම හේතුව තමයි විණ බන්ධන කියලා කියන කෑම බීම හරහා සිදු කරන විණ කර්ම. මේවා නිසා අර පෙර කියපු සිදුරු වැසී යනවා. ඉතිං අපගේ සිරුරෙන් ඉවත් කරන්නට ඇති වස විස නැවතත් ශරීරය අභ්‍යන්තරයට ගෙන යනවා. මෙසේ වස විෂ වැඩි වූ විට මෙම පටලය සමට යටින් ඇති නිසා සම දුර් වර්ණ වෙනවා. සමහර විට ඔබ දැක ඇති කෙනෙක් රෝගී වෙනකොට සම දුර්වර්ණ වෙනවා. ඒ මෙම පටලයේ ඇති විෂ වැඩි වීම නිසයි. මෙම පටලය විවර වන මහ බඩවැලේ ඇති සිදුරු විවර කිරීමට කෂාය වර්ග තියෙනවා. එම කෂාය වර්ග පානය කිරීමෙන් ඔබට මෙම තත්වයෙන් අත්මිදිය හැකියි. රෝගීයා පරීක්ෂා නොකර මෙම කෂාය වර්ග වල නම් ප්‍රකාෂ කිරීම සුදුසු නොවන නිසා මෙම ලිපිය ඔස්සේ ඒ ගැන නොකියා සිටින්නම්. අප විසින් සිදු කරන බයෝ රෙසොනන්ස් පරීක්ෂාව මගින් හැකියි මෙම පටලයේ තත්වය දැකගන්නට. අප වෙත පැමිණෙන රෝගීන් ගෙන් බොහොමයකගේ මෙම පටලයේ අවහිර තා ඇති බව අපි දැක තිබෙනවා. එවැනි අයව අපි යම් කෂාය වර්ග ලබා දීමට හැකි වෙද මහතුන් කරා යොමු කරනවා. මෙම කෂාය ගැන දන්නේ පරම් පරාවෙන් මෙම වෛද්‍ය වෘතියේ දැනුම ලබාගත් අයයි. දක්ෂ ජ්‍යෝතිර්වේදියෙකුට වුවත් හැකියි මෙම තත්වය උපන් වේලාව පරීක්ෂා කර දැනගන්නට. කෙසේ හෝ මෙම විෂ හරණය කිරීමේ පටලයේ තත්වය ගැන හරියට දැනගැනීම රෝග බොහෝ ගණනකින් වැලකීමට හේතු සාධක වනු ඇති. ඔටත් යම් රෝගී තත්වයක් ඇත්නම් මෙම පටලයේ තත්වය පරීක්ෂා කර බලා එම පටලයේ ඇති ද්‍රවයේ විෂ හරණය කර ගැනීම වඩා වැදගත් වේවි.

ඔබටද හැකියි බයෝ රෙසොනන්ස් පරීක්ෂණයක් සිදු කර මෙම පටලයේ තත්වය ගැන සොයා ගන්නට. පහත අංකයකින් අප හා සම්බන්ධ වී වේලාවක් වෙන්කරගෙන බයෝ රෙසොනන්ස් පරීක්ෂණයක් සිදු කරගන්න. බයෝ රෙසොනන්ස් පරීක්ෂාව (Bio-Resonance Test)

පෝෂණවේදීනයන තේනුවර.

සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර් පුද් සමාගමඅංක 22, උන්දුරුගෙඩ පොල්ගස් ඕවිට. කහතුඩුව

0713503450 /0701902220 / 0112618502

[email protected]