මාසයකට කිලෝ 8ක් බර වැඩි කරගත හැකි සප්ලිමන්ට් එකක් ගැන අපේ සහෘදයෙක් මට දැන්වූවා. මම හිතන්නේ අනිත් අයටත් මම ඔහුට දීපු පිලිතුර වැදගත් වෙයි. මේ ගණනය කර බලන්න.
මාසෙට කිලො 8ක් නම් දවසට ග්‍රෑම් 250 ක් වත් වැඩි වෙන්න ඕනි. මේදය ග්‍රෑම් 250 ක් කියන්නේ කැලරි 250 X 9 = 2250
දවසකට වැය වන කැලරි ගනන 2000.
අපි හිතුවොත් අපේ බඩවැල් වලින් 50% ක් අවශෝෂනය කරනවා කායලා අපි දවසකට කැලරි 8500 ක ආහාර ගත යුතුයි. බත් වලිං ගත්තොත් බත් ග්‍රෑම් 2125 ක තමයි මේ කැලරි ගණන තියෙන්නේ. දැන් ඔබගේම නුවනින් ගණනය කර බලන්න.
අපිට සප්ලිමන්ට් එකක් අරං මහත් වෙන්න බැහැ. අපි කෙට්ටු වෙන්න මූලික හේතුව බොහෝවිට ඇත්තේ බඩවැල් වලයි. ඒවා විශහරනය කල යුතුයි. ඊලගට අක්මාව. එය පිරිසිදු කරගන යුතුයි. දැන් අත්‍යවශ්‍ය පෝෂයපදාරථ ලබාදිය යුතුයි. එවිට ඔබගේම මොලය ආහාර ඉල්ලා සංඥා නිකුත් කරනවා. ටිකෙන් ටික ඔබට ජානවලින් උරුම මහත ලැබෙයි. ටික කලක් යනවා මේ ක්‍රයාවලියට.
යම් කෙනෙක් සප්ලිමන්ට් එකකින් පමණක් මහත් වෙන්න හදනවා නම් එය මිත්‍යාවක්. අනිවාර්‍යයෙන් ආහාර සමග ගන්නා කැලරි ගණන වැඩිකල යුතුයි. පෝෂනය නැතිව කැලරි වැඩි කිරීමද නිශ්ඵල ක්‍රියාවකි.
මෙත් සිතිනි…!!
මාසයකට කිලෝ 8ක් බර වැඩි කරගත හැකි සප්ලිමන්ට් එකක් ගැන අපේ සහෘදයෙක් මට දැන්වූවා. මම හිතන්නේ අනිත් අයටත් මම ඔහුට දීපු පිලිතුර වැදගත් වෙයි.
·
by