බයෝ රෙසොනන්ස් පරීක්ෂණය ගැන කෙටි හැඳින්වීමක්.


බයෝරෙසොනන්ස් තාක්ෂණය ගැන බොහෝ දෙනෙක් අසන නිසා මෙම ලිපිය ලියන්නට හිතුනා. මෙම තාක්ෂණය මගින් අපි මොනවාද කරන්නේ. මිනිස් සිරුරේ සෛල වර්ග දෙසියයක් පමණ තියෙනවා. මේ සෑම සෛලයකින්ම යම් ආලෝකයක් නිකුත් වෙනවා. මේ ආලෝකය තමයි අපි ඔරා (Aura) එක කියලා දැකගන්නට හැකි වෙන්නේ. කෙනෙකුගේ මනස මෙම ආලෝකය වෙනස් කිරීමට විශාල බලපෑමක් සිදු කරනවා. මෙම ආලෝකයේ වෙනස් වීම මැණ බැලීම මගින් කෙනෙකුගේ ශරීරයේ ඇති රෝග වලට හේතුව සොයාගත හැකියි. මෙම හේතුව මානසික ප්‍රශ්නයක් වෙන්නට පූලුවන්. පෝෂණ ඌණතාවයක් වෙන්නට පුලුවන්, හෝමෝන සමතුලිත නොවීමක් වෙන්නට පුලුවන්. ප්‍රතිශක්තියේ දුර්වලකමක් වෙන්නට පුලුවන්, බැක්ටීරියා හෝ වෛරස් ආක්‍රමණයක් වෙන්නට පුලුවන්, පරපෝෂිත ආක්‍රමණයක් වෙන්නට පුලුවන්. මේ කිනම් ආකාරයක හේතුවක් වුවද දැනගැනීමේ හැකියාව මෙම තාක්ෂණය සතු වෙනවා. හේතුව දැනගැනීම මගින් ප්‍රතිකාරය සොයාගැනීම පහසු වෙනවා. මේ නිසා දැන් දැන් ලෝකයේ වෛද්‍ය ක්ෂේත්‍ර මෙම තාක්ෂණයට යොමුවී තිබෙනවා. බොහෝ රෝගීන් පරීක්ෂණ සදහා ලක්ෂ ගණන් වියදම් කරනවා. නමුත් රෝගයට හේතුව සොයාගන්නට බැහැ. බයෝ රෙසොනන්ස් තාක්ෂණය මගින් සිරුරේ ඕනෑම තැනක ඇති සෛල වල ශක්ති හීන වීමක් ගැන අපට විස්තර ගෙන හැරපානවා. මේ නිසා අපට හැකියි අනුමානයකින් තොරව රෝගයට හේතුව සොයාගන්නට. ඉන් අනතුරුව හැකියි වෙනත් ඕනෑම පරීක්ෂණයකින් මෙම තත්වය තහවුරු කරගන්නට.

මෙම තාක්ෂණය මීට වසර 20 කට පමණ පෙර රුසියානු විද්‍යඥයන් පිරිසක් විසින් එරටේ ගගණ ගාමීන්ගේ සෞඛ්‍ය තත්වය දැන ගැනීම සඳහා යොදා ගෙන ඇත. ඔවුන්ගේ සිරුර අභ්‍යන්තරයේ ඇතිවන වෙනස්කම් දිනපතා පරීක්ෂා කරගැනීම සඳහා මෙම යන්ත්‍රය මහත් පිටුවහලක් වී ඇත. යම් කෙනෙකුගේ සිරුරේ ඕනෑම කොටසක ඇතිවන වෙනස් වීමක් ඉතාමත් ඉක්මනින් මෙම තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇත. දැනට මෙම තාක්ෂණය රුසියාව, සිංගප්පූරුව, ජර්මණිය, එංගලන්තය වැනි රටවල භාවිතා වන අතර මෙම යන්ත්‍රය රුසියාව සහ ජර්මණිය ඇතුළු ඉතා සීමිත රටවල් ගණනාවක නිශ්පාදනය කරයි. කිනම් රටේ නිශ්පාදනය කලත් සියල්ලන්ම භාවිතා කරන්නේ රුසියාව විසින් නිපදවන ලද මෘදුකාංගයයි.

මෙම තාක්ෂණය මගින් සිදු කරන්නේ අපගේ ශරීරයේ සෛල වලින් නිකුත් කරන බයෝ ෆෝටොන් කිරණ වල කම්පණ සංඛ්‍යාතය මැන බලා නිරෝගී සිරුරක තිබිය යුතු වන කම්පන සංඛ්‍යාත සමග සන්සන්දනය කර පරිඝණක අනුසාරයෙන් දත්ත විශ්ලේශණය කර ලබා දීමයි. මෙමගින් අපගේ සිරුරේ සෛල වල ශක්තිය මැණ බැලීමක් සිදු කරනු ලබයි. නිරෝගී පුද්ගලයෙකුගේ ශරීරයෙන් නිකුත් කල යුතු වන බයෝ ෆෝටෝන කම්පන සංඛ්‍යාත දත්ත පරිඝණකයට ඇතුලත් කර ඇති අතර අදාල සංඛ්‍යාත වලට සමාන සංඛ්‍යාතයකින් යුතු ආලෝක තරංග ඔබට බයෝ ඉන්ඩිකේටරයක් ආධාරයෙන් කන හරහා මොළයට ලබා දේ. මෙම තරංග හදවත සමග සන්නිවේදන කර නැවත පරිඝණකයට යම් කම්පණ සංඛ්‍යාතයක තරංගයකින් පිලිතුරු ලබා දෙන අතර මෙහිදී අදාල දත්ත සංසන්ධනය කර අදාල සෛලයේ ශක්තිය මැණ බලනු ලබයි. මෙම දත්ත විශ්ලේෂණය කර බලා අවසාන ප්‍රතිඵල පරිඝණකය මගින් අපට ලබා දෙනු ඇත.

මෙහිදී කිසිම විකිරණයක් හෝ විද්‍යුත් චුම්භක තරංගයක් හෝ අවම වශයෙන් ශබ්ධ තරංගයක් වත් භාවිතා නොකරන අතර ආලෝක තරංග මගින් පමණක් මෙම තාක්ෂණය ක්‍රියාත්මක වේ. මේ නිසාම මෙම තාක්ෂණය 100% ක්ම ආරක්ෂිතය. කුඩා දරුවෙකු හට වුවද මෙම තාක්ෂණය භාවිතා කල හැකිය.

මෙම තාක්ෂණය රෝග විනිශ්චය කිරීමට හෝ වෛද්‍ය වරයෙකුගේ තීරණ ගැනීම සඳහා වන විකල්පයක් ලෙස භාවිතා නොකරන අතර ශරීරයේ සෛල වල ශක්ති මට්ටම මැණ බැලීම සඳහා පමණක් භාවිතා වේ. නමුත් යම් කෙනෙකුට සෙයාගත නොහැකි රෝගී තත්වයක් ඇත්නම් එම තත්වය ගැන යම් හෝඩුවාවක් දැනගැනීමට මෙම තාක්ෂණය මහෝපකාරී වේ. උදාහරණයක් ලෙස යම්කෙනෙකුගේ බ‌‌ඩේ අමාරුවක් තියෙනවා කියලා සිතමු. මෙම තත්වය දැනගැනීමට මෙම තාක්ෂණයට ගතවනන්නේ පැය බාගයක පමණ වේලාවක් පමණයි. සමහර විට අන්ත්‍ර වල බැක්ටීරියා සමතුලිත නොවීම තමයි හේතුව. මෙම තත්වය ගැන අපට පරිඝණකය විසින් දත්ත ලබා දේ. දැන් අපිට ආහාර වෙනස්කිරීම මගින් මෙම තත්වයෙන් මිදෙන්නට හැකිය. තත්වය උග්‍රනම් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවිය හැකිය. කෙසේ හෝ රෝග නිධානය සොයා ගැනීමට මෙම බයෝරෙසොනන්ස් තාක්ෂණය මහෝපකාරීවේ. සෛල වල ශක්ති මට්ටම මැණ බැලීම තුලින් ශරීරගතව ඇති යම් වස විසක් ඇත්නම් ඒවාද, යම් ආහාරයකට ඔබ ආසාත්මික නම් ඒවාද මෙම තාක්ෂණය මගින් දැනගත හැකිය. මේ හේතුව නිසා ඔබට වෛද්‍ය උපදෙස් ලබා ගැනීමේදී සහ ආහාර සකසා ගැනීමේදී මෙම තාක්ෂණය මගින් ලැබෙන උපදෙස් ඉතා වැදගත් වේ. මෙහිදී වැදගත්ම කාරණාව වන්නේ අපි යම් රෝගයකට යම් ප්‍රතිකාරයක් කරනවා නම් කිසිදු අනුමාන කිරීමකින් තොරව අදාල රෝගය හදුනාගෙන නියම ප්‍රතිකාරය සිදු කිරීමට හැකියාව තිබීමයි.

උදාහරණයක් ලෙසට හිසේ කැක්කුමට වසර ගණනාවක් බෙහෙත් ගන්නා කෙනෙකුට ඊට හේතුව සොයාගත හැකිනම් එම තත්වයෙන් මිදෙන්නට යන්නේ ඉතාමත් සුළු කාලයකි. වසර ගණනාවක් උදරාබාදයකින් පෙලෙන කෙනෙකුට ඉන් මිදෙන්නට යන්නේ ඉතාම සුළු කාලයකි. මේ සියල්ල රදාපවතින්නේ ඔබගේ සිරුරේ සෛල වල ඇති ශක්තිය අනුවය. එසේම මෙම තාක්ෂණය මගින් දරුවන් පිළිසිද නොගැනීමටද හේතුව සොයාගත හැකිය. මේ සදහා මව සහ පියා යන දෙදෙනාම පරීක්ෂණයට සහභාගි විය යුතුය. මෙම පරීක්ෂණය සදහා පැය එකහමාරක පමණ කාලයක් ගත වන අතර කලින් වේලාවක් වෙන්කරගත යුතුය. පහත පෝරමය පුරවා අප හා එක්වන්න.https://forms.gle/8EDLwoBTCzF6YkhU9

මෙම තාක්ෂණය ගැන වැඩිදුර දැනගැනීමට කැමති නම් පහත අංකයකින් අප හා සම්බන්ධ වන්න.

මෙත් සිතිනි.

පෝෂණ වේදී. නයන තේනුවර.

සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර් 205 ශ්‍රී ජිනරතන මාවතබටකැත්තර

පිළියන්දල

email: nayana.aurum@nayana-aurumgmail-com
Whats app : 0713503450
Tel: 0713503450 / 0701902220 / 0112603707