මොකක්ද මේ බයෝ රෙසොනන්ස් තාක්ෂණය කියන්නේ
මොකක්ද මේ බයෝ රෙසොනන්ස් තාක්ෂණය කියන්නේබොහෝ දෙනෙකුට මෙය ප්‍රෙහේලිකාවක්. මෙම තාක්ෂණය රුසියානු විද්‍යාඥයින් විසින් මිට වසර 25 කට පමණ පෙර ලෝකයට හදුන්වා දුන්නා. මෙම තාක්ෂණය මගින් සිදු කරන්නේ මිනිස් සිරුරේ ඇති ශක්තිය මැණ බැලීමයි. රුසියානුවන් ඔවුන්ගේ ගගණ ගාමීන්ගේ සෞඛ්‍ය තත්වය මැණ බැලීමට මෙම තාක්ෂණය උපයෝගී කරගෙන තියෙනවා. මීට වසර 5කට පමණ පෙර ජර්මනිය, එංගලන්තය, සිංගප්පූරුව වැනි රටවල මෙම තාක්ෂණය ප්‍රචලිත වූවා. මෙම තාක්ෂණය මගින් සිදු කරන්නේ අපගේ ශරීරයේ එක් එක් සෛල වල ඇති ශක්තිය මැණ බැලීම මගින් එම ස්ථාන වල ශක්තිය අඩු හෝ වැඩි වීමට හේතුව සොයා ගැනීමයි. මේ නිසා යමෙක් රෝගී වන අවස්ථාවක අදාල රෝගියාගේ සිරුරේ සෛල වල ශක්තිය මැණ බැලීම තුලින් අදාල රෝගය වැළදීමට හේතුව සොයාගන්නට හැකි වෙනවා.
රෝගයක් ඇතිවීමට හේතුව
රෝගයක් ඇතිවීමට හේතුව සොයාගන්නට හැකිනම් එය කෙතරම් වාසියක්ද? හේතුව නිරුද්ධ කිරීමෙන් ඵලය නිරුද්ධ වන බව අපි කවුරුත් දන්නා කාරණාවක්. පෙර සිටි ඍෂි වරුන් අපගේ සිරුරේ ඇති ශක්තිය මැණ බලන ක්‍රම තිබුනා. ඉන් එකක් තමයි නාඩි බලා රෝග මූලය සොයා ගන්නා ක්‍රමය. ආයුර්වේදයට අනුව රෝගියාගේ නාඩි පරීක්ෂා කර රෝගියා වාතය කුපුණු කෙනෙක්ද? පිත කුපුණු කෙනෙක්ද? සෙම කිපුණු කෙනෙක්ද යන වග සොයා ගනනවා. ඉන් පසු රෝගියාගේ ප්‍රකෘතියට අනුව වා, පිත්, සෙම් සමණය කරන එකයි ව්‍යෛ වරයා සිදු කරන්නේ. වා, පිත්, සෙම් සමණය කරනවිට රෝගය සුව වෙනවා. මේ අනුව ආයුර්වේදයට අනුව සියළුම රෝග මෙසේ සුව කල හැකියි.
හෙළ වෙදකම
හෙළ වෙදකම ප්‍රගුණ කරන දේශීය වෛද්‍ය වරු නාඩි බලා සිරුරේ ඇති කොටස් වල තත්වය සහ ක්‍රියාකාරීත්වය විග්‍රහ කරනවා. ඔවුන් රෝගියාගේ කය තුල ඇති සියළු ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වන ආකාරයට සිත යොමා රෝග මූලය සොයාගන්නවා. මෙසේ රෝග මූලය දැනගැනීමෙන් පසු රෝගය සුවකරන්නට අවශ්‍ය ඔසු නියම කරනවා. කෙසේ හෝ මේ ආකාරයෙන් රෝග මූලය සොයාගන්නට මෙම වෛද්‍ය වරුන් දක්ෂයි.
පාරම්පරික චීන වෛද්‍ය ක්‍රමය
පාරම්පරික චීන වෛද්‍ය වරුන් නාඩි අල්ලා බලා සිරුරේ ඇති චී යනුවෙන් හදුන්වන ශක්ති ධාරාවක ඇතිවන වෙනස් කම් හදුනාගන්නවා. මේ ආකාරයෙන් රෝගයට හේතුව හදුනාගන්නවා. දැන් රෝග මූලය නසන්නට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා දෙනවා. කෙසේ හෝ මේ තුන් ආකාරයෙන්ම සිදු කලේ සිරුරේ ඇතිවන වෙනස් කමක් දැනගැනීමයි. ප්‍රකෘති තත්වයට වෙනස් වන යම් වෙනසක් සිරුර තුල ඇත්නම් මේ තත්වය සමනය කිරීමෙන් රෝග සුව කිරීමට මෙම වෛද්‍ය ක්‍රම වලට හැකියාව ලැබෙනවා.
සිරුරින් විහිදෙන බයෝ ෆෝටෝන
රුසියානු විද්‍යාඥයින් සොයා ගන්නවා මිනිස් සිරුරේ ඇති සියළුම කොටස් වලින් යම් ආලෝකයක් විහිදෙන බව. මෙම ආලෝකයට බයෝ ෆෝටොන කියා කියනවා. මෙම ෆෝටෝන අපගේ සිරුරෙන් පමණක් නොව මුළු විශ්වයේ ඇති සියළුම අංශු වලින් විහිදෙනවා. මේ ෆෝටෝන වල යම් නිශ්චිත සංඛ්‍යාතයකට අනුව කම්පණය වෙනවා. මෙම කම්පනයේ සංඛ්‍යාතය එක් එක් අංශුවට වෙනස් අගයක් ගන්නවා. උදාහරණයක් ලෙස කැලිසියම් පරමාණුවෙන් නිකුත් වන ෆෝටෝනයේ සංඛ්‍යාතය යකඩ පරමාණුවෙන් නිකුත් වෙන සංඛ්‍යාතයට වඩා වෙනස්. මේ අනුව මෙම තාක්ෂණයට හැකි වෙනවා ඉතා නිවැරදි දත්ත ලබා දෙන්න. මේ අනුව මෙම විද්‍යාඥයින් විසින් සිදුකල පරීක්ෂණ වල ප්‍රතිඵලයක් ලෙසට අපගේ සිරුරට සම්බන්ධ සියළුම සෛල වලින් නිකුත් වන මෙම ෆෝටෝන වල සංඛ්‍යාතය මැණ බැලීම මගින් මේ එක් එක් සෛල වලින් නිකුත් වන ෆෝටෝන වල සංඛ්‍යාතය වෙනස් බව හදුනා ගන්නවා. එක් සෛලවර්ගයකින් නිකුත් වන ෆෝටෝන වල ඇත්තේ එක හා සමාන කම්පන සංඛ්‍යාතයක්. එසේම එක් වෛසයකයට, බැක්ටීරියාවකට, දිලිරයකට, ඇත්තේද ඊට ආවේනික කම්පන සංඛ්‍යාතයකින් සමන්විත ෆෝටෝන. මේ අනුව අප සිරුරේ ඇති සියළුම සෛල සහ අපගේ සිරුරට බලපාන සියළුම ජිවී අජීවී කොටස් වලින් නිකුත් වන ෆෝටෝන වල කම්පන සංඛ්‍යාත මැණ බලා අවසානයට එම දත්තයන් පරිඝණක ගත කොට රෝගියෙකුගේ සිරුර තුල මෙම පරපෝෂිතයන් ඇත්දැයි දැනගැනීමට පවා මෙම තාක්ෂණය උපයෝගී වෙනවා. එසේම යම් සෛලයක ඩී එන් ඒ වෙනස් වීමක් සිදුවේ නම් එයද කල්තියා දැනගැනීමට මෙම තාක්ෂණයට හැකියාව තිබෙනවා. මේ නිසාම රෝගයක් කල්තියා දැනගෙන සුවපත් කරගන්නට හැකිවෙනවා.
මිනිසා රෝගී වන්නට හේතු
යමෙක් රෝගී වන්නට හේතු වන ප්‍රධාන සාධක කිහිපයක් තියෙනවා. ප්‍රතිශක්තිය දුර්වල වීම, හෝමෝන අසමතුලිත තාවය, පෝෂණ ඌණතාවය, අවශෝෂණය අවම වීම, ජීරණ දුර්වලතා, අන්ත්‍රවල සිටින බැක්ටීරියාවන්ගේ ඇතිවන විෂමතා, වසවිස ශරීරගත වීම, පරිවෘතීය ක්‍රියා දුර්වල වීම, එන්සයිම නිශ්පාදනය දුර්වල වීම. නියුරෝ ට්‍රාන්ස් මීටර් වල දුර්වලතා, පරපෝෂිත ආක්‍රමණ, මානසික ආතතිය ඇතුළු වෙනත් මානසික ගැටළු වැනි හේතු තමයි රෝග මූලය ලෙසට බොහෝ විට හමුවන්නේ. බයෝ රෙසොනන්ස් තාක්ෂණයට හැකියි මේ ඕනෑම දුර්වලතාවයක් පැයක් වැනි කාලයක් ඇතුලත සොයා ගන්නට. මෙසේ රෝග මූලය සොයාගත් පසු ඊට අවශ්‍ය ප්‍රතිකාරයක් නියම කලහැකියි. ඒ වාගේම සමහර අවට ප්‍රේත දෝෂ, අණවින බන්ධණ වැනි අදෘෂ්‍යමාන බලවේග නිසාද රෝගී වෙනවා. මෙම තත්වයන් පවා යම්තාක් දුරකට මෙම තාක්ෂණය ඔස්සේ දැකගත හැකියි. මෙවැනි බලපෑම් ඇති අයගේ චක්‍රා වල ශක්ති නිරීක්ෂණය මගින් සහ ඕරා එක පරීක්ෂා කිරීම මගින් හැකිවෙනවා යම් තරමකට හෝ රෝග මූලයට මේ අදෘෂ්‍යමාන හේතු බලපානවාද කියා දැනගන්නට.
මේ අකාරයට කය මනස සහ කර්මය යන තුන් ආකාරයෙන්ම රෝග මූලය සොයාගත හැකි ක්‍රමයක් තමයි බයෝ රෙසොනන්ස් තාක්ෂණය කියන්නේ. මෙසේ රෝග මූලය සොයාගත් පසු අපට හැකියි අප දන්නා ඕනෑම වෛද්‍ය ක්‍රමයකින් රෝගයට අවශ්‍ය ප්‍රතිකාර සිදුකරගන්නට.
කේන්ද්‍ර සටහන පරීක්ෂා කර බලා රෝග මූලය සොයාගත හැකියි.
මෙම පරීක්ෂණය සිදු කරන්නට සහ රෝගය ගැන පැහැදිලි කරන්නට පැය 1 හමාරක පමණ කාලයක් ගත වෙනවා. මෙම කාලය තුල රෝගියාගේ මානසිකත්වයද ධනාත්මක කිරිමට අප උත්සාහ දරනවා. මේ නිසාම රෝගියා අප ආයතනයෙන් පිටව යන්නේ පැමිණියාට වඩා ධනාත්මක මනසකින් යුක්තවයි. මාසිකත්වය ධණාත්මක වීම නිසාම රෝගියා සුව වන්නට ඇති සම්භාවිතාව විශාල ලෙසට වැඩි වෙනවා. එසේම අවශ්‍ය නම් අප විසින් රෝගියාගේ කේන්ද්‍ර සටහනද පරීක්ෂා කිරීමටද පියවර ගන්නවා. ඒ අනුව යම් කර්මයක් ඵල දීමට ඇත්නම් ඒවාටද ප්‍රතිකර්ම කියා දෙන්නට අප වෙර දරනවා.
ආහාර රටාව සහ ජීවන රටාව රෝග සුව වන්නට බලපානවා.
මෙම තාක්ෂණය සදහා යොදාගන්නේ අපගේ සිරුරෙන් නිකුත් කරන ෆෝටේන වල කම්පන සංඛ්‍යාතය බව මා මුලින්ම පැවසුවා. යමෙකුගේ සිරුරෙන් නිකතුවන ෆෝටෝන වල කම්පන සංඛ්‍යාතය අප ඉහත දැක්වූ හේතුන් නිසා වෙනස් වෙනවා. යමෙකුගේ සිරුරෙන් නිකුත් වෙන ෆෝටොන් වල දුර්වල කම්පන සංඛ්‍යාතයක් පෙන්නුම් කරනවා නම් ඊට හේතුව කුමක්ද යන්නත් අපට පරිඝණකය විසින් දන්වා සිටිනවා. එසේම අපට හැකියි මෙම තාක්ෂණය හරහාම සමහර සංඛ්‍යාතයන් නිවැරදි කරන්නට. එහෙත් මේ පුද්ගලයාගේ මේ වන විට ඇති පෝෂණ මට්ටම සහ මානසික මට්ටම ඊට බලපානවා. ඉතිං අපි මුලින්ම මේ මට්ටම් ප්‍රසස්ථ මට්ටමකට ගත යුතු වෙනවා. මේ නිසාම අපි රෝගියාට ආහාර රටාවක් සහ අත්හල යුතුවන ආහාර ගැන මෙම පරීක්ෂනය අවසානයේ කියා දෙනවා. මේ නිසාම රෝගියාට තවත් නිරෝගී වීමට හේතුවක්ඇති වෙනවා.
බයෝ රෙසොනන්ස් තාක්ෂණය භාවිතා වන අන්දම
දැන් ඔබ කල්පනා කරනවා ඇති කොහොමද මේ කම්පන සංඛ්‍යාත ලබාගන්නේ කියලා. හෝලිස්ටික් වෛද්‍ය ක්‍රම අනුගමණය කරන වෛද්‍ය වරුන්ද සිදු කරන්නේ නාඩි ඔස්සේ අපගේ සිරුරේ ඇති කම්පන සංඛ්‍යාත වලට මනස යොමු කිරීමයි. මනස දියුණු කල වෛද්‍ය වරයෙකුට හැකියි මේ සංඛ්‍යාතය නිවැරදිව තේරුම් ගෙන නිසි ප්‍රතිකාරය සිදු කරන්නට. බයෝ රෙසොනන්ස් තාක්ෂණය මගින් සිදු කරන්නේද මේ වාගේම කාර්‍යයක්. මේ සදහා බයෝ ඉන්ඩිකේටර්ස් දෙකක් භාවිතා වෙනවා. එකක් හෙඩ් සෙට් එකක්. අනෙක් අතට දෙන රොඩ් එකක්. මේ දෙකෙන් තමයි අපගේ සිරුරෙන් නිකුත් වන බයෝ ෆෝටොන වල කම්පන සංඛ්‍යාතය මැනගන්නේ. රෝගියාගේ සිරුරෙන් නිකුත්වන සංඛ්‍යාතය නිරෝගී කෙනෙකුගේ තිබිය යුතු වන සංඛ්‍යාතය හා සන්සන්ධනය කරීමෙන් තමයි අදාල රෝගී තත්වය ගැන දැනගන්නේ. මෙම තාක්ෂණය මගින් යමේකුගේ මේ තාක් සොයාගැනීමට නොහැකිව ඇති රෝගී තත්වයට හේතුව සොයාගත හැකියි. සමහර අය තම රෝගය කුමක්ද යන්න නොදැන වසර 10, 15 බෙහෙත් ගන්නවා. නමුත් මේ ආකාරයට රෝගයට හේතුව සොයාගෙන අවශ්‍ය ප්‍රතිකාරය සිදු කිරීම මගින් අපට හැකියි සාර්ථකව රෝගී තත්වය සුවකරගන්නට. එසේම මෙම පරීක්ෂණය මගින් සිරුරට කිසිදු හානියක් සිදු වන්නේ නැහැ. අවුරුදු 1 ක් වයසැති කුඩා දරුවෙකුට වුවද මෙම තාක්ෂණය උපයෝගී කරගෙන රෝග මූලය සොයාගත හැකි වෙනවා. එසේම නිරෝගී අයෙකුට වුවත් තම සිරුරේ කිනම් රෝගී තත්ව වැඩි දියුණු වෙනවාද යන්න කල් තියා දැන ගන්නටත් මෙම ක්‍රමය උපකාරී වෙනවා.
ඔබටත් හැකියි බයෝ රෙසොනන්ස් පරීක්ෂාවක් සිදුකරගන්නට
ඔබටත් හැකියි බයෝ රෙසොනන්ස් පරීක්ෂාවක් සිදුකරගන්නටඔබත් කැමතිනම් බයෝ රෙසොනන්ස් තාක්ෂණය ඔස්සෙ පරීක්ෂාවකට යොමුවී තම රෝගී තත්වය ගැන සොයාගන්නට පහත ඇති පෝරමය පුරවා අප වෙත ලැබෙන්නට සලස්වන්න. අවශ්‍ය නම් පහත අංකයකින් අප හා සම්බන්ධ වන්න. වැඩි දුර විස්තර අවශ්‍ය නම් මෙම අංකයකින් අමතා දැනගත හැකියි.
පොරමය https://forms.gle/1wNVGwnwUrNiejjd8
SERENDIB HOLISTIC CENTRE pvt LtdNo 205, Sri Jinarathana Mawatha, Batakettara,PiliyandalaSri Lanka
+94 112603707 / +94 713503450 / Whatsapp 0701902220 / +65 83599913
වෙනත් ලිපි.මාරාන්තික විටමින් බීඅක්මාවේ තෙල් තැන්පත් වෙලාද?පිත්තාශයේ ගල් හැදිලද?