ඔබටත් පිත්තාශයේ ගල් තියෙනවා පිත්තාශය ඉවත් කල යුතුයි කියලා කවදා හරි වෛද්‍ය වරයෙක් කියලා තියෙනවාද?
කොහොමද පිත්තාශයේ ගල් හැදෙන්නේ. මේවා කැල්සියම් තැන්පත්වීම නිසා ඇතිවන ගල්ද? පිත්තාශය ඉවත් කිරීම සුදුසුද? වාගේ ප්‍රශ්න ඔබට පැණ නැගී ඇතිද? අද අපි මේ සැකය පහකර ගනිමු. ලිපිය සම්පූර්ණයෙන් කියවන්න. ඔබගේ ජීවිතය ජයගන්නට මිත්‍යාවන් බොහෝමයක් බිඳදමා ඇත. ඔබගේ ණුවනැස විවර කර බලන්නටත් නිරෝගීව ඉන්නටත් මේ ලිපිය ඔබට මග විවර කරදේවි.
පිත්තාශය සහ පිත…
පිත කියන්නේ අපගේ ආහාරයේ ඇති මේදය ජීරණය කරන්නට අපගේ අක්මාව මගින් නිපදවන ඉතා භාශ්මික වූ ද්‍රාවනයක්. මෙහි pH අගය 8.2 ක් පමණ වෙනවා. පිත්තාශය කියන්නේ පිත ගබඩා කරන කුඩා පැසක්. අක්මාවේ මැදට වන්නට යටි පැත්තේ පිත්තාශය පිහිටා තිබෙනවා. පිත වර්ණයෙන් කොළ පැහැයක් ගන්නවා. දිනපතා අක්මාවේ නිපදවන පිත 20 ගුණයක් සාන්ද්‍රනය වැඩි කර පිත්තාශයේ ගබඩා කරනවා. ඒ පසුව භාවිතයට ගන්නටයි. මෙම සාන්ද්‍රනය නිසාම පිත හදන්නට උපකාර කරන නැත්නම් පිතේ මව පිත්තාශය තුල ගල් වීම තමයි මේ පිත්තාශයේ ගල් කියලා කියන්නේ.
පිත නිපදවන්නේ මොනවා ගෙන්ද?
ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. පිත හදනන්නේ මොනවාගෙන්ද? පිත හදන්නේ කොලෙස්ටරෝල් වලින්. කොලෙස්ටරෝල් ඉතාම කුඩා අංශු වලට කඩනවා අක්මාවේදී. මෙයට කියනවා කැටබොලයිස් කරනවා කියලා. මේ ඉතාම කුඩා අංශු වලට කැඩුන කොලෙස්ටරෝල් අපගේ සිරුරට අවශ්‍ය අවශ්‍ය අකාරයට පරිවර්ථනය කරන්නට අක්මාව දන්නවා. විටමින් ඩී, සෛල පටලය, හෝමෝන් වර්ග, පිත මේ කොලෙස්ටරෝල් අංශු වලින් නිපදවනවා. මේ කොලෙස්ටරෝල්ද අක්මාව විසින් නිපදවන ලද්දක්. අපගේ සිරුරේ තිබෙන කොලෙස්ටරෝල් වලින් 75% ක් නිපදවන්නේ අක්මාවේ. 25% ක් පමණ ආහාර මාර්ගයෙන් අපගේ සිරුරට ලැබෙනවා. ඉතිං මෙම කොලෙස්ටරෝල්ම බිඳ හෙලා පිතද නිපදවනවා. සාමාන්‍යයෙන් දිනකට පිත ලීටර් 1 – 1.5 ක්පමණ ප්‍රමානයක් අක්මාව මගින් නිශ්පාදනය කරනවා. මෙම පිත මගින් තමයි අපගේ ආහාරයේ තිබෙන මේදය ජීරණය කර අපගේ සිරුරට අවශෝෂණය කරගත හැකි ආකාරයට සකස් කරන්නේ. ආමාශයේ ඇත්තේ ආම්ලික පරිසරයක්. මේ නිසා මේදය ආමාශයේදී ජීරණය වෙන්නේ නැහැ. නමුත් ග්රහණියට පිත පැමිණෙන නිසා මෙහි භාශ්මික මාධ්‍යයක් නිර්මානය වෙනවා. මේ නිසාම මේදය ජීරණය කරන්නට ග්‍රහණියේදී හැකිවෙනවා. කුඩාන්ත්ර වලදීද මෙම ජීරණ ක්‍රියාවලිය සිදුවෙනවා. කොහොම හරි පිත කියන්නේ ඉතා වැදගත් රසායනිකයක් බව දැන් ඔබට පැහැදිලි ඇති.
ඒත් මොනවද මේ ගල්…
ඔබට මතක ඇති මා මුලින්ම පැවසුව අක්මාවේ නිපදවන පිත පිත්තාශයේ ගබඩා කරනවා කියලා. මෙම පිත අක්මාවේ නිපදවන පිතට වඩා 20 ගුණයක් සාන්ද්‍රනයෙන් යුක්තයි. මේ නිසාම කැටි ගැසෙන්නට බලනවා. කැටි ගැසෙන්නේ පිත ලෙසට නොව පිත හදන්නට උපකාර කල කොලෙස්ටරෝල් ලෙසයි. මේ අනුව පිත්තාශ්ය තුල නිරන්තරයෙන් කොලෙස්ටරෝල් ඝණ වීමක් සිදු වෙනවා. ඒත් ගැටලුවක් නැහැ මොකද අක්මාවේ නිපදවන පිත මගින් ඒ ඝණ වූ කොලෙස්ටරෝල් නැවතත් කුඩා අංශු වලට බිඳ හෙලනවා. ඉතිං ගැටලුවක් නැහැ. ඒත් අක්මාවේ නිපදවන පිතේ අඩුවීමක් සිදු වුවහොත් කුමක් සිදුවේවිද? පිත්තාශ්ය තුල ඝණ වූ කොලෙස්ටරෝල් තවත් ඝණවීම වැලැක්විය හැකි වේවිද? මම හිතන්නේ ඔබට යමක් තේරුණා. දැන් ගැටලුව ඇත්තේ අක්මාවේ පිත නිපදවීම ගැනයි. පිත නිපදවන්නට කොලෙස්ටරෝල් අවශ්‍ය වෙනවා. ඒ කොලෙස්ටරෝල් අක්මාවේම නිපදවනවා. නමුත් ඔබ කොලෙස්ටරෝල් නාශක ස්ටැටින් වර්ගයේ ඖෂධ භාවිතා කරනවා නම් කුමක් සිදු විය හැකිද? ඔබ කොලෙස්ටරෝල් ඌණතාවයකින් පෙලෙන්නට හැකියි. මේ නිසාම පිත නිශ්පාදනයට බාධා පැමිණෙන්නට හැකියි. ඉතිං පිත නිපදවීම දුර්වල වෙනවා කියන්නේ පිත්තාශය තුල කොලෙස්ටරෝල් ඝණ වෙනවා කියන එකයි. මේ ඝණ වීම ඉතා තද ස්පඨික දක්වා ඝන වෙනවා. මේවා නිසා පිත්තාශය ප්‍රදාහයට ලක්වෙනවා. ඉදිමෙනවා. සමහර විට පිත්ත ප්‍රනාල අවහිර වීම නිසා ඉතා වේදනා කාරී අත්දැකීම් වලට මුහුන දෙන්නට සිදු වෙනවා. ඉතිං අල්ට්රා සවුන්ඩ් ස්කෑන් එකක් කලාම මේ ගල් තියෙන බව දැනගන්නට හැකි වෙනවා. අවසානයේ වෛද්‍ය වරයා නිගමනය කරනවා පිත්තාශය ඉවත් කල යුතුයි කියා. ඊට ඔබ එකග වෙනවා. එයයි සිදුවන්නේ. වේදනාව නිසාම පිත්තාශය ඉවත් කර හෝ ඉන් මිදෙන්නට ඔබටද සිතෙනවා.
පිත්තාශයේ ගල් ඇති බව දැනගන්නේ කෙසේද?
පිත්තාශය පිහිටලා තියෙන්නේ අක්මාවේ මැද හරියේ යටි පැත්තේ. මේක හරියට මල්ලක් වාගේ. ඒ නිසා තමයි පිත්ත ආශය නැත්නම් පිත්තාශ්ය කියලා කියන්නේ. ආශය කියන්නේ මල්ල කියන එකටනේ. ඉතං මේ පිත්තාශයේ ගල් ඇතිවන විට පිත්තාශය ඉදිමෙනවා. මේ ඉදිමීම නිසා අක්මාවට තෙරපීමක් එනවා. අක්මාව ඇත්තේ මහා ප්‍රාචීරයට යටින් ඊට හේත්තු වෙලයි. මේ නිසා අර තෙරපීම මහා ප්රාචීරයටද දැනෙනවා. ඉතිං මහා ප්‍රාචීරයට යන ස්නායුද මේ හේතුව නිසාම තෙරපීමකට ලක්වෙනවා. අපගේ බෙල්ල ප්‍රදේශයේ කෂේරුකා අතරින් විහිදෙන ශුෂුම්නා ස්නායු කිහිපයක් එක්වී මහාප්රාචීරයට අවශ්‍ය සන්නිවේදන කාර්යයන් සිදු කෙරෙනවා. අපි හුස්ම ගන්නේ සහ පිටකරන්නේ මේ මහා ප්‍රාචීරය උස් පහත් වන නිසයි. ඉතිං මේ මහා ප්‍රාචීරයට යම් තෙරපීමක් ආවා කියන්නේ අර ස්නායුද තෙරපීමකට ලක්වෙනවා. මේ තෙරපීම බෙල්ල ප්‍රදේශය දක්වා විහිදෙනවා. C3, C5 කියන ශුෂුම්නා ස්නායු වලින් තමයි මහා ප්‍රාචීරයට අවශ්‍ය සන්නිවේදන කාර්යයන් සිදු කරන්නේ. මේ ස්නායුවට Phrenic nerve යන නාමය යෙදෙනවා. මෙම ස්නායුව තෙරපීමට ලක්වීම නිසා ඔබගේ දකුණු බාහුවේ, දකුණු උරහිසේ යම් වේදනාවක් ඇතිවෙන්නට පුලුවන්. මේ රෝගී තත්වය ඇති කෙනෙකුට සැක කරන්නට හැකියි තමන්ගේ පිත්තාශයේ ගල් ඇති බවට. සමහර අය මෙය ෆ්රෝෂන් ශෝල්ඩර් ලෙසට වැරදියට වටහාගෙන ඊට වෙදකම් කලත් එයින් පලක් ඇති වෙන්නේ නැහැ. වේදනාව දිගටම පවතිනවා.
ඒ වාගේම ඔබගේ ඉලඇට කූඩුවේ දකුණු පස පහලම තැන සිට අගල් දෙකක් පමණ පහලින් වේදනාවක් දැනෙනවා නම් එයින්ද දැනගත හැකියි පිත්තාශයේ ගල් ඇති බවට. මෙම වේදනාව තාවකාලිකව සමනය කරගන්නට පුලුවන් ඔබගේ වම් අත පැත්තේ ඉලඇට කූඩුවේ පහලම තැන සිට අගල් දෙකකට පහතින් ඇගිලි වලින් තෙරපීමකට ලක් කිරීම මගින්. මෙය වේදනාව සමනය කරගන්නට පමණයි.
පිත්තාශයේ ගල් ඇති වන්නට හේතු වන වෙනත් කාරණා මොනවාද?
කොලෙස්ටරෝ්ල් ඝණ වීමට බලපාන තවත් සාධක තියෙනවා.
අග්න්‍යාෂයේ අධික ඉන්සියුලින් නිශ්පාදනය
මළ බද්ධය
අක්මාවේ නිපදවීම දුර්වල වීම
මේද ආහාර අඩුවෙන් ගැනීම
කාබෝහයිඩ්රේට භාවිතය වැඩි වීම.
ස්ටැටින් වර්ගයේ ඖෂධ දීර්ඝ කාලයක් භාවිතාව
මෙම කාරණාද පිත්තාශයේ ගල් ඇතිවීමට හේතු වෙනවා. වෙනත් ආකාරයකින් කියනවා නම් පිත්තාශයේ කොලෙස්ටරෝල් ස්ඵඨික සෑදීමට හේතු වෙනවා.
පිතෙන් කරන වෙනත් කාර්යයන් මොනවාද?
පිතෙන් කෙරෙන ප්‍රධානම කාර්යය තමයි අපි මුලින්ම සාකච්ඡා කල මේදය ජීරණය කිරීමේ ක්‍රියාවලිය. ඊට අමතරව පිත මගින් කොලෙස්ටරෝල් බිඳ හෙළනවා. මෙහිදී කොලෙස්ටරෝල් ප්රතිචක්රී කරණයට භාජනය වෙනවා. අපගේ සිරුරේ ඇති LDL කොලෙස්ටරෝල් බිඳහෙලා HDL කොලෙස්ටරෝල් නිපදවීමටද මෙහිදී පිත මගින් සහය ලබා දෙනවා. නමුත් කොලෙස්ටරෝල් විනාශ කරන්නට අප දරන වෙහෙස නිසාම ස්වභාවිකව සිදුවන්නට තියෙන ක්‍රියාවලියක් වන LDL කොලෙස්ටරෝල් බිඳහෙලා HDL කොලෙස්ටරෝල් නිපදවීම සිදු කරන්නට බැරි වෙනවා.
ඒ වාගේම අපගේ ශරීරයේ රුධීරය තරමක් භාශ්මික විය යුතුයි. මෙම භාශ්මිකතාව රැකගන්නටද පිත උදව් වෙනවා. ඒ වාගේම අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සක්‍රිය වන්නේ භාශ්මික මාද්යයක් තුලදී බව අප මතක තබා ගත යුතුයි. පිලිකාවක් ඇති අයෙකුගේ රුධිිරය ආම්ලික වෙන්නට බලනවා. ඛේඨය ආම්ලිකයි. මේ නිසාම ප්‍රතිශක්තිය දුර්වල වෙනවා. පිලිකා සෛල විනාශකරන්නට සිරුරට ඇති හකියාව මේ නිසා නැතිව යනවා. බලන්න පිත්තාශය අපට මොනතරම් වැදගත්ද කියලා. මේ කිසිවක් සිතන්නේ නැතිව පිත්තාශය ඉවත් කරන්නට තීරණය කිරීම මොනතරම් අණුවන කමක්ද?
පිත්තාශයේ ගල් ඇතිනම් ඉවත් කරගත හැකිද?
පිත් ගල් ඉවත් කරන්නට හැකියි. මෙයට දේශීය වෛද්‍ය ක්රමයේ ප්‍රතිකාර තියෙනවා. අපට ඒවාට යොමු විය හැකියි. මෙහිදී වැදගත්ම කාර්යය වන්නේ පිත්තාශයේ ගල් හැදෙන්නට පෙර ඝණ වූ කොලෙස්ටරෝල් ඇත්දැයි සොයා ගැනීමයි. අපට මෙම කාර්යය ඉතා සාර්ථක ලෙසට සිදුකල හැකියි බයෝ රෙසොනන්ස් තාක්ෂණය මගින්. මෙම තාක්ෂණය මගින් සිරුරේ ඇති සියළුම කොටස් වල තත්වය ගැන වාර්ථාවක් ලබා දෙන අතර ඔබට ඉදිරියේදී වැලදෙන්නට හැකි ලෙඩ රෝග ගැන පවා පුරෝකථනයක් ලබා දෙනවා. ඔබ කල යුතු වන්නේ වසරකට වරක් මෙම පරීක්ෂණය සිදු කරගැනීම පමණයි. මෙම තාක්ෂණය රුසියාවේ නිශ්පාදනයක් වන අතර සිරුරට කිසිදු හානියක් නැතිව සිදු කල හැකි ඉතාම සරල සහ නිරවද්‍යතාව ඉතා ඉහල පර්යේෂණ ක්රමයකි. මෙම පරීක්ෂණයට භාජනය වීමට ඔබත් කැමති නම් පහත අංකයකින් අපගේ ආයතනය හා සම්බන්ධ වන්න.
බයෝ රෙසොනන්ස් පරීක්ෂාවක් සිදු කිරීමට අවශ්‍ය නම් පහත පෝරමය පුරවා අප වෙත ලැබෙන්නට සලස්වන්න. https://forms.gle/1wNVGwnwUrNiejjd8
SERENDIB HOLISTIC CENTREPiliyandala
+94 112603707 / +94 713503450 / Whatsapp 0701902220
වෙනත් ලිපි.මාරාන්තික විටමින් බීඅක්මාවේ තෙල් තැන්පත් වෙලාද?