ඊයේ දිනය තුල උණ්ඩුක පුච්ඡය ගැන අපි යම් සංවාදයක් කලා. කිහිප දෙනෙක් ඊට සාර්ථක ලෙස සහභාගි වෙලා අපි කාටත් වැදගත් වන ලෙසට කරුණු ගෙන හැර දැක්වූවා. අදාල සාමාජිකයන්ට මාගේ ප්‍රනාම්‍ය මුලින්ම පදුකර සිටිනවා.
මීට දින කිහිපයකට කලින් මා ඉදිරිපත් කල පැණයක් වෙත යොමුවන්න හොඳ වෙලාව කියලා හිතුනා. ප්‍රශ්නය වුනේ කෑම කාපු ගමන් වැසිකිලි යන්නට වෙන්නේ ඇයි කියන එකයි. එම පැණයට හොඳ පිලිතුරු ලැබී තිබුනා. මම තව ටිකක් ඒ ගැන විග්‍රහ කරන්නම්.
මා මේ කියන කරුණු සමහර බටහිර වෛද්‍ය විද්‍යා මතයන්ට විරුද්ධ වෙන්න පුලුවන්. ඒ නිසා එම මත දරන අය මේ ලිපිය කියවන එකෙන් පලක් නැහැ. ඔබගේ සිතේ තියෙන දේ මම කතා කරන්නේ නැහැ කියලා සිත් තැවුල් ඇති කරගන්නවාට වඩා එය උචිත යැයි සිතනවා.
අපි මුලින්ම දැනගත යුතු කාරණා කිහිපයක් තියෙනවා. අපි උදේට මල පහ කරන්නට පුරුදු වී සිටිනවා. නමුත් තිරිසන් සතුන් එහෙම නැහැ. උන්ට ඕනෑම තැනක ඕනෑ වෙලාවක මළ පහ කල හැකියි. ඒවාට කිසි බාධාවක් නැහැ. නමුත් බල්ලන් වැනි මිනිසුන් ආශ්‍රය කරන සතුන් හටද මෙම වේලාව සහ තැන පුරුදු කල හැකියි.
අපි උදේට තේ එකක් බිව්වම තමයි බොහෝ විට මළ පහ කරන්නට අවශ්‍ය තාවය එන්නේ. එතෙක් කිසිදු අවශ්‍යතාවයක් නොදැණුනත් යම් පානයක් ගත් විගස අවශ්‍යතාවය එනවා. සමහර විට වතුර එකක් වෙන්නට පුලුවන්. තවත් අයට සිගරට් එකක් බිව්වම තමයි ටොයිලට් එකට යන්නට හැකිවන්නේ.
මේ කරුණු සලකා බලන විට අපිට තේරුම් ගන්න පුලුවන් කරුණු දෙකක් තියෙනවා. පලවැනි එක තමයි මුඛයෙන් යමක් ආහාර මාර්ගයට ඇතුළු කරන විටම යම් සංඥාවක් ගුද මාර්ගය දක්වා ගමන් කරන බව. අනෙක් කාරණය තමයි අපි මානසිකව මේ ක්‍රියාවලිය ප්‍රෝග්රෑම් කර ඇති බව.එසේ නම් මුලින්ම අපි දැනගත යුතුයි අපි යම් දෙයක් ආහාරයට ගන්නා විට මළ පහ කිරීමේ අවශ්‍ය තාවයක්ද ඇතිවිය හැකි බව. නමුත් අපි එය පුරුද්දක් ලෙස ගත හොත් එයද නතර කරගන්නට බැරි වෙනවා.
තවත් එක් උදාහරණයක් කියන්නම්. අපි ගමණක් යන්නට ඇඳුම් ඇඳලා ඉවර වුනාට පස්සේ ආපහු ඒවා ගලවලා වැසිකිලි යන සිරිතක් තියෙනවා. එසේ වන්නේ අපේ මනසින් කියනවා දැන් ඔබට මෙපමණ කාලයක් වැසිකිලියකට යන්නට වෙන්නේ නැහැ. ඒ නිසා ඉතිරි ටිකත් පහ කරලම යන්න කියලා. එහි වරදකුත් නැහැ. ප්‍රශ්නය වන්නේ ඇදුම් අදින්නට පෙර මේ සිග්නල් එක එන්නේ නැත්තේ ඇයි කියන එකයි. කෙසේ වෙතත් එයත් මානසිකයි.
මේ සියලුම කාරණා අතර මෙය රෝගී තත්වයක් ලෙසත් පැවතිය හැකියි. අපි අපේ සිත යොමු කල යුත්තේ ඒ දෙසයි. මට මේවැනි රෝගීන් කිහිප දෙනෙක් මුණ ගැහිලා තියෙනවා. එක් අයෙක් වයස 30 ක පමණ තරුණ පිරිමි කෙනෙක්. ඔහුට දිනකට 50 වතාවක් පමණ වැසිකිලි යනවා. ඇදුමක් ඇදගෙන ඉන්නට වත් බැරි ඉතාමත් අසීරු තත්වයක්. ඔහු පිලියන්දල සම්පත් මහත්මයා ගාවට ආවා බෙහෙත් ගන්න. මුල සිටම මා සමග කතා බහ කරපු නිසා මට ඒ පද්ගලයාව හොදට මතකයි. කොහෙම හරි මාස 4ක් විතර යනකම් කිසිම අඩුවක් නැහැ. ඒත් මෙතනින් මට හොදකරගන්නට හැකි වේය යන විශ්වාසය නිසාම ඔහු දිගටම බෙහෙත් ගන්නට ආවා. රැකියාවත් නැති නිසා හරිම අමාරුවෙන් තමයි බෙහෙත් ගත්තේ. මාස 6ක් විතර යනවිට මේ පුද්ගලයාට සෑහෙන්න සුව වුනා. ඔහු සමග පැමිණි ඔහුගේ යාළුවෙකුට දිනක් වෙදමහත්තයා කතා කරලා කිව්වා මේ දේ මෙයාට කියන්න එපා. ඔහුට තිබුනේ මහ බඩ වැලේ පිලිකාවක්. නමුත් දැන් 75% ක් හොදයි. ඉතිරි ටිකත් සුව කරලාම කියමු. ඒක සුව වුනාට පස්සේ මේ වැඩි වාර ගණනක් ටොයිලට් යන එක නවතිනවා කියලා පැවසුවා. කී ලෙසටම තව මාස දෙකක් විතර යනවිට සාමාන්‍ය අතට හැරුනා. දැන් හොදටම හොදයි. ඉන් පසුව තමයි රෝගය කුමක්ද යන්න අර පුද්ගලයාට කිව්වේ. කාඩ් එකේ ලියලා තියෙන බෙහෙත් පෙන්වලා කියලා දුන්නා මෙන්න මේ බෙහෙත් දෙන්නේ පිලිකාවට. මුල ඉදලම ඒ බෙහෙත් දීලා තියෙනවා. එතුමා ඒ ගැන ලෙඩාට කිව්වා නම් වෙන දේ එතුමා දැන සිටි නිසා තමයි නොකියාම රෝගය සුව කලේ.
දැන් මේ කතා කලේ පිලිකාවක් හේතුවෙන් මෙසේ අසාමාන්‍ය ලෙස වැසිකිලි යන වාරගණන වැඩි විය හැකි බවයි. ඊට අමතවර තවත් හේතු තියෙනවා. අපගේ අවධානය ඒ වෙතට යොමු කරමු.
අපි මුඛයෙන් ගන්නා ආහාර ආමාශයට යන්නේ ක්‍රමාංකුන්චනය කියන ක්‍රමයට අනුවයි. ආහාර මාර්ගය සංකෝචනය සහ ඉහිල් වීම යන අනිච්ඡානුග ක්‍රියාවලියට අනුවයි ආහාර මුඛයේ සිට ගුද මාර්ගය දක්වා ගමන් කරන්නේ. සාමාන්‍ය යෙන් මුඛයෙන් ගන්නා ආහාර සම්පූර්ණ ආහාර ජීරණ මාර්ගය පුරා ගමන් කර ගුදමාර්ගයෙන් ඉවත් වීමට පැය 20 කට වැඩි කාලයක් ගත වෙනවා. ඔබට මෙම කාලය බලා ගැනීමට කුඩා පරීක්ෂනයක් කියන්නම්.
පිපිඥ්ඥා ගෙඩියක් ගෙන පොත්ත හැර ඇටත් සමග අමුවෙන් ආහාරයට ගන්න. මෙම ඇට අපගේ ආහාර ජීරණ පද්ධතියේදී ජීරණය වෙන්නේ නැහැ. ඒවා පිටවෙනවා. දැන් බලන්න ආහාරයට ගත් වෙලාව සහ පිපිඥ්ඥා ඇට මළ සමග පිටවෙන වෙලාව. මේ අනුව ඔබට යම් ආසන්න වේලාවක් දැනගත හැකියි. එවිට ඔබට එක දෙයක් තේරුම් ගත හැකියි. එනම් අපි ඒ වෙලාවේ කන දේවල් නෙවෙයි මේ පිටවෙන්නේ ඊට පෙර කාපුවා කියලා. මේ අනුව අපිට එක් මානසික ගැටලුවක් විසඳ ගැනීමට මග පෑදෙනවා.
දැන් අපි බලමු උණ්ඩුපුච්ඡයේ කාර්‍ය භාරය ගැන. මෙම කුඩා ඉන්ද්‍රිය පිහිටා තියෙන්නෙ මහ බඩවැල සහ කුඩා බඩවැල එකතු වන තැන පහලින්. ඇයි මෙතන මේ වගේ අවයවයක් පිහිටලා තියෙන්න්. මෙම ස්ථානයට හරියට අපේ මහ බඩඩවැලේ ආරක්ෂිත කපොල්ලක් වගේ. ලැබ් එකක් කිව්වත් කමක් නැහැ කියලා හිතෙනවා. අපි ආහාරයට ගන්නා සියළු ආහාර එකට අඹරා කුඩා කැබලි වලට කඩා ආහාර ජීරණ පද්ධතිය ඔස්සේ ඉදිරියට ගමන් කරන අතර අංගුලිකා විසින් සිරුරට අවශ්‍ය පෝෂ්‍ය කොටස් සහ ජලය යම් කොටසක් අවශෝෂනය කරගනී. ඉතිරි සියලු කොටස් මහා බඩවැලට මුදා හරී. මේ බඩවැල් දෙක අතර තියෙන කපාටය එක් අතකට විතරක් වැඩ කරන නිසා ඉදිරියට යන ආහාර ද්‍රාවණයට ආපසු එන්නට නොහැකිය. දැන් ඇත්තේ ඉතිරි ජලය අවශෝෂනය කරගැනීම සහ වෙනත් ඉතිරි මිනරල් වර්ග ඇත්නම් ඒවා අවශෝෂණය කරගැනීමයි. මේ නිසාම ආහාර මහ බඩවැල තුල වැඩි වේලාවක් තබා ගනී. ඉතාමත් සෙමෙන් මෙහි ක්‍රමාංකුංචන ක්‍රියාවලිය සිදු වන නිසා ආහාර වැඩි වේලාවක් රදවාගැනීමට හැකිවේ. ඒ නිසාම ආහාර වල ඇති ජලය වැඩියෙන් අවශෝෂනය කරගන්නට හැකිවේ. අවසානයේ ශරිරයෙන් බැහැර කරන්නට අවශ්‍ය ඝණත්වයට පත් කොට ගුද මාර්ගය දෙසට යොමු කරයි.
මෙයටම සම්බන්ධ තවත් කාරනයක් කතා කල යුතුයි. ඒ තමයි පේෂි වල සංකෝචනය සහ ඉහිල් වීමේ ක්‍රියාවලිය. අප සිරුරේ ඕනෑම පේෂියක් සංකෝචනය කරන්නට කැල්සියම් අවශ්‍ය වේ. එසේම හැකුළුණු පේෂියක් ඉහිල් කරන්නට මැග්නීසියම් අවශ්‍ය වේ. මේ නිසා ක්‍රමාංකුන්චන ක්‍රියාවලිය නිසි ආකාරයෙන් සිදු කරන්නට කැල්සියම් සහ මැග්නීසියම් යන මිනරල් දෙවර්ගය අපගේ සිරුරේ තිබීම අනිවාර්‍ය වේ. යම් හෙයකින් කැලිසියම් අඩු වුව හොත් කුමක් වේවිද? දිගහැරුණු පේශිය හකුලා ගන්නට විශාල වෙහෙසක් දරන්නට වේවි. බඩවැල් වල මේ තත්වය ඇති වනු විට ජීරණය වූ ආහාර ඉදිරියට තල්ලු කරන්නට අපහසු වේ. මේ නිසා අවශ්‍ය කාලයට වැඩියෙන් කාලයක් මහ බඩවැල තුල ආහාර ගමන් කරයි. මේ නිසාම අවශේෂ ආහාර වල ඇති ජලය වැඩියෙන් අවශෝෂනය වේ. මේ හේතුව නිසා මළ බද්ධය හටගනී. බඩ වැල් වල මළ හිරවී දැඩි වේදනා ගෙනදේ. එසේම මෙම මළ ඉදිරියට තල්ලු කරගන්නට සංකෝචනය කරගන්නට නොහැකි නිසා තව තවත් අපහසු තාවයට පත්වේ. හේතුව කැලිසියම් නොමැතිවීම බව කිසිවෙකු සිතන්නේ නැත. නමුත් කැල්සියම් වැඩියෙන් ගත්තොත් බඩ බුරුල් කර යන බව නම් අන්තර්ජාලය තුලින් වුවද ඔබට සොයා ගත හැකිය. මිනරල් වැඩියෙන් ගත්තහම වෙන දේ අන්තර්ජාලය තුලින් සොයාගත හැකි වුවත් අඩුවෙන් ගත්තාම මළ බද්ධය හැදෙන බවනම් සොයා ගැනීම අපහසු විය හැකිය. එයද මිනිසුන්ව අත්‍යවශ්‍ය මිනරල් වලින් දුරස් කරන්නට ගත් වෑයමක් විය හැකිය. ඒ ගැනත් සොයා බලන්න.
එසේම කැල්සියම් තිබියදී මැග්නීසියම් අඩු වුවහොත් සිදුවන්නේ බඩ බුරුලෙන් යෑමයි. එම තත්වය ඔබට දැන් තේරුම් ගත හැකි නිසා විග්‍රහයක් නොකරමි.
අපි ගන්නා ආහාර වල ඇති වස විස ගැන අපි අවශ්‍ය පමණට වඩා තරම් කතා කර ඇත. එහෙත් ඒවාට මොනාවද වෙන්නේ කියන එක අපි දන්නේ නැත. උණ්ඩුක පුච්ඡය අවශ්‍ය වෙන්නේ මේ කාරණාවටයි. අපි ගන්නා ආහාර වල ඇති පෝෂ්‍ය කොටස් වලින් බෙහොමයක් කුඩාන්ත්‍රෙයන් අවශෝෂනය වන අතර ඉතිරි කොටස් මහාන්ත්‍රයට තල්ලු කර හරිනවා. මහාන්ත්‍රෙය් දී අදාල අවශේෂ ආහාර වල ඇති ජලය අවශෝෂනය කරන බවයි, අපි අහල තියෙන්නේ. එය සත්‍යයකි. නමුත් මේ ජලය සමගම අපි හැමදාම කතා කරන වස විෂ අවශෝෂණය වන බව අපි කතා කරන්නේ නැත. එම වස විස නිසා ඇතිවන තත්වය ගැන අපි වෙනම කතා කල යුතු අතර ග්ලයිෆොසේ්ට් නිසා ඔටිසම් තත්වය ඇතිවන බව මා මීට පෙර ලිපි දෙකක් මාර්ගයෙන් ඔබව දැනුවත් කලා මතක ඇති. කෙසේ හෝ මහාන්ත්‍රය හරහා අපි ගන්නා ආහාර වල ඇති වස විස අවශෝෂනය විය හැකි බව දැනගැනීම වැදගත්ය.
මුලින්ම මාහාන්ත්‍රයේ උණුඩුක පුච්ඡය ඇති තැනට තමයි ආහාර ටික ඇවිල්ලා වැටෙන්නේ. එයින් යම් සාම්පලයක් උන්ඩුක පුච්ඡය ඇතුලේදී පරීක්ෂනයකට ලක්වෙනවා. එහි ඇතිවන රසායනික විපර්යාසයන් නිසා මහා බඩවැලේ බිත්ති වලට යම් සංඥාවක් ලබා දෙනවා. මෙහි යම් විශ දෙයක් තියෙනවා ඒ නිසා අවශෝෂනය නවත්වා වහාම මේ අය පිටකරලා හරින්න කියලා. මේ නිසා ඉතාමත් ඉක්මනින් බඩවැල් සංකෝචනය කර අර ආහාර ටික ඉවත් කරනවා. ජලය අවශෝෂනය වී නැති නිසා දියරයක් ලෙසට තමයි සිරුරෙන් බැහැර වෙන්නේ. මේ ගැන අපි සියලු දෙනාටම ඇතිතරම් අත් දැකීම් තියෙනවා. අපි අජීරණයක් කියලා නේ කියන්නේ. මහා වේදනාවක් සමග මළ පහ කරන්නට වෙන්නේ මේ උණ්ඩුක පුච්ඡයෙන් නිකුත් කරන සංඥාවන් නිසයි. ජීරණය නතර කලේ උණ්ඩුක පුච්ඡයයි. මේ නිසා සිරුරට අවශෝෂනය වන්නට තිබුනු විෂක් සිරුරෙන් ඉවත් කරන්නට හැකි වුනා. කෙතරම් දියුණුද අපේ ශරීරය. එය නොදන්නා බටහිර වෛද්‍ය විද්‍යාව උණ්ඩුක පුච්ඡය ඉවත් කරනවා.
තවත් කාරණයක් තමයි මහ බඩවැලේ තුවාල තිබීම. එසේ වුව හොත් ආහාර වල ඇති විශ කෙලින්ම රුධිරයට එක්වීමේ අවදානමක් ඇතිනිසා ඉකිමනින් ආහාර ඉදිරියට තල්ලු කර හරිනවා. එසේ වන විට ජලය ප්‍රති අවශෙෘ්ෂනය අඩාල වෙනවා. බඩවැල් වල මෙැවැනි තත්ව අපි ඕනෑ තරම් දැක තිබනවා. කරන්නට ඇත්තේ වස විස කන එක සහ පාන්පිටි වගේ ග්ලූටන් සහිත ආහාර ගන්න එක නතර කිරීමයි. අපි ආහාරයට ගන්නා ග්ලූටන් මහ බඩවැල තුල වැඩි වේලාවක් පවතින නිසා මහ බඩවැලේ ඇති අවශෝෂන විනාශ වී තුවල වෙනවා.ඉතින් මේ කියන තත්වයට පාන් පිටි ප්‍රධානම හේතුවක් වෙනවා. පිටිකිරි තවත් එක් සාධකයක් ලෙසට සැලකෙනවා.
උණ්ඩුක පුච්ඡයේ ගල් වැලි නියපොතු තියෙන බවට මතයක් පවතිනවා. එම ද්‍රව්‍ය නිසා උණ්ඩුක පුච්ඡය ආසාධනය වන බවයි කියවෙන්නේ. අපි වසරකට වරක්වත් බඩ විරේකයක් කරනවා නම් උණ්ඩුක පුච්ඡයද සුද්ධ වෙනවා. වෙන කරන්නට කිසි දෙයක් නැහැ. එය නතර කිරීම නිසා තමයි මෙවැනි ආබාධ දිනෙන් දින වැඩි වෙන්නේ.
සාරාංශයක් ලෙස ගත හොත් පහත දැක්වෙන ආහාර රටා සහ ජීවන රටා මගින් උණ්ඩුක පුච්ඡය නිරෝගීව තබා ගැනීමට පමණක් නොව මුලු සිරුරේම නිරෝගි තාව රැක ගත හැකි වනු ඇත.
කැල්සියම්, මැග්නීසියම් ඇතුලු අප විසින් දෛනිකව ලබාගත යුතු වන පෝෂ්‍ය කොටස් නිසි ලෙස ආහාරයට එක් කර ගැනීම.
වස විසෙන් තොර ආහාරවලට හුරු වීම.
පාන් පිටි ඇතුළු ග්ලූටන් සහිත ආහාර වලින් මිදීම.
වසරකට වරක් වත් බඩ විරේකයක් සිදු කිරීම.
ජලය අවශ්‍ය ප්‍රමාණය දෛනිකව ලබා ගැනීම.
මෙම ක්‍රියා මගින් ඔබට නිරෝගී දිවියක් අත් කරගත හැකි වනු ඇත.
මහ බඩ වැල තුල ඇති බැක්ටිරියාවන්ගේ ක්‍රියාවලිය ගැන වෙනම ලිපියකින් කතා කරමු. එයත් ඉතාමත් වැදගත් මාතෘකාවක්.
තවත්කෙනෙකුට සෙතක් සලසන්නට සිතෙනවා නම ෂෙයාර්කරන්න.
කියවන අය ඔබට නිරෝගී සුව පතාවි.
මෙත් සිතිනි…!!