මාගේ ජීවිත කාලය තුල වැඩියෙන්ම ප්‍රතිශක්තිය කියන වචනය ඇහුණු කාලයක් ඇත්නම් ඒ මේකාලයයි. ප්‍රතිශක්තිය වැඩි කරගන්නට ලොව නව ඔසු නිපදවමින් සිිටී. සමහරු එන්නතක් අද එයි හෙට එයි යනුවෙන් බලා සිටි. එන්නතක් සෙවීමට ඖෂධ සමාගම් වෙහෙසෙන්නේ ලෝක ප්‍රජාව ගැන මහා දයානුකම්පාවෙනි.
ඔබ දන්නවාද මේ වන විට කොරෝනා වෛරසයට ප්‍රතිශක්තිය නිපදවා ඇති බව. මෙම සත්‍යය වසන් කිරීමට බොහෝ දෙනෙක් වෙහෙසෙන බව. එම ප්‍රතිශක්තිකරණය ඔබගෙන් දුරස් කරන්නට නානාප්‍රකාර උපක්‍රම යොදන බව. කොහෙද මේ ප්‍රතිශක්තිය ඇත්තේ. ඒ ඔබ තුලමයි. ඔබ තුල ඇති ප්‍රතිශක්තිය දුරස්කරවන ජීවන රටා වලට ඔබව ඇබ්බැහිකරවන්නේ අද කොරෝනා ගැන ප්‍රතිඵල ගෙන එන මාධ්‍ය ආයතනමයි. ඔබගේ සිරුරේ ප්‍රතිශක්තිය දුර්වල කරවන ආහාර පාන ගැන වන දැනවීම් කොපමණ ඔබගේ ආලින්දයේ රූප පෙට්ටියේ දිගහැරෙනවාද?
පසුගිය වසර 50 තුල ලෝකයේ ඒකපුද්ගල සීනි පරිභෝජනය 500% කින් වැඩි වී ඇති බව ඔබ දන්නවාද? දියවැඩියාව ගැන මේ ලිපිය කියවන ඔබ තුලද ඇත්තේ බියක් බව මා දන්නවා. ඉතිං අද අපි කතා කරන්න යන්නේ රුධිරයේ ඇති සීනි ප්‍රමාණය ප්‍රතිශක්තියට බලපාන්නේ කොහොමද කියලා.
ඔබ දන්නවාද අපගේ සිරුරේ තියෙන පද්ධති වලින් ඉතාමත් සංකීර්ණම පද්ධතිය තමයි ප්‍රතිශක්ති කරණ පද්ධතිය. අපගේ සිරුරට බැකිටීරියාවක් හෝ වෛරසයක් හෝ වෙනත් සිරුරට අහිතකර කොටසක් සිරුරට ඇතුල්වුවහොත් මුලින්ම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉදිරියට ඇවිත් මේ ආගන්තුකයාව නවත්වන්න හදනවා. ඒත් විනාශකාරී වෛරස් බැක්ටීරියා වගේ අය සිරුරට ඇතුල්වෙලා අපේ ශරිරයේ පඨක වලින් පෝෂණය අරගෙන තම ගහණය වැඩිකරගන්නවා. මේ නිසා මුලින්ම අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය කරන්නේ මේ ආගන්තුකයන්ට වැඩෙන්නට බැරිවන ලෙසට සිරුරේ උෂ්ණත්වය වැඩිකරනවා. අපි උණගන්නවා කියන්නේ මේකට.
දැන් ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් ප්‍රතිදේහ කියලා අර ආපු ආගන්තුකයන්ව අල්ලගන්න පුුලුවන් ආකාරයේ ආයුධයක් හදනවා. ඒ ආයුධයෙන් අල්ලන්න පුුලුවන් අදාල ආගන්තුකයා විතරයි. තව කෙනෙක් ආවොත් එයාට අලුත් ආයුධයක් හදන්න වෙනවා. මේ ආයුධයට පුළුවන් අර ආගන්තුක විනාශකාරීන්ව අඩපණ කරන්න. දැන් අපේ ලේවල තියෙන සිදුරුධිරානු කොටසක් වන මැක්රෝෆේජස් කියන විශාල සෛල ඇවිල්ලා මෙයාලව ගිළලා දානවා. එහෙම කරලා තමයි අර විනාශකාරීන්ව දුරුකරන්නේ.
දැන් සීනිවල ප්‍රශ්නය මොකක්ද? වැඩේ මේකයි. අර කියපු මැක්රෝෆේජස් වලට තම වැඩේ කරන්නනම් රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කරගත යුතුයි. රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වුනාම මැක්රෝෆේජස්ලා නිදා ගන්නවා. ඉතිං වැඩේ කරන්න වෙන්නේ නැහැ.
ඔබ දන්නවාද නව කොරෝනා වෛරසය අපගේ උගුර ප්‍රදේශයේ දින තුනක් ඉන්නවා කියලා. මෙයාලට අපගේ උගුර ප්‍රදේශයේ ඇති ප්‍රතිශක්තිකරණ මුරකරුවන් ගෙන් ගැලවිලා යන්න බැහැ. ඉතාමත් ක්ෂුද්‍ර වෛරසයක් වුවත් මෙයාලගෙන් ගැලවිලා යන්නට බැහැ. හරියට කාන්දමකට ඇදෙන යකඩ කුඩු වගේ ඕනිම විෂබීජයක් මෙතනට යන්න ඕනි. උගුරේ තියෙන ටොන්සිල් ග්‍රන්ථි තමයි මේ කියපු ආරක්ෂකයන්. හරියට දේශ සීමා ආරක්ෂකයන් වගේ. මෙයාලගෙන් ගැලවෙන්න බැහැ. මම කිව්වේ අර දවස් තුනක් විතර යනවා කියලා ප්‍රතිදේහ හදාගන්න. ටොන්සිල් වලට පුලුවන් මේ වෛරසය දින තුනක් මෙතන තියාගෙන ඉන්න. ඉතිං මේ වෙලාවේ මැක්රෝෆේජස් වලට පුලුවන් වෙනවා මෙයාලව විනාශ කරන්න. ඒත් අපි රුධිරයේ සිනි ප්‍රමාණය වැඩිකරගෙන නම් මේ වැඩේ කෙරෙන්නේ නැහැ. මොකද එයාල නිදා ගන්නවා. ඉතිං දින තුනක් ඇතුලත මේ වෛරස් එක විනාශ කරගන්නට බැරි වුනොත් එයාල පෙණහළු වලට යනවා. එතන තමයි එයාලගේ තිඹිරි ගෙය. ඉතිං ඊට පස්සේ ටිකක් කරදරයි.
දැන් මොකද කරන්න තියෙන්නේ. අපි හැමෝම සීනි පරිභෝජනය අඩු කරන්න ඕනි. දියවැඩියාව හේතුවන ජීවන රටා වෙනස් කරන්න වෙනවා. ව්‍යායාම කරනවා නම් එය රුධිරයේ සීනිමට්ටම අඩු කරගන්නට හේතුවක් වෙනවා. කාබෝ හයිඩ්රේට අඩු ආහාර ගන්න එක හොදයි. ග්ලයිසිමික් ඉන්ඩෙක්ස් එක අඩු ආහාර ගන්න එක හොදයි.
මේ වගේ ප්‍රතිශක්තිය අඩුවෙන්නට හේතු සදහන් ලිපි කිහිපයක් මේ දින වල ලියන්නම්. වැඩි විස්තර දැනගන්නට ඕනි නම් මගේ විස්තර පහත තියෙනවා.
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
මෙත් සිතිනි.
‘පෝෂණ වේදී.
නයන තේනුවර.
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්අංක 140 1/1ගාලුපාර ගල්කිස්ස.0713503450 / 0701902220 / 0112719000 / 0112735621‘
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana