කොරෝනා නිසා ලොවම තැතිගෙන ඇති මොහොතක අපි හැමෝම එන්නතක් ගැන සිහින මවනවා. දැන් එකක් හදල කියලයි ආරංචි. දැන් අපි බලමු මොකක්ද මේ එන්නතක් කියන්නේ කියලා. එන්නතක් මගින් අපේ සිරුරට වෛරසයේ මැරුණු හෝ අර්ධලෙස ක්‍රියාවිරහිත කල වෛරසයක් ඇගට ඇතුල් කරනවා. දැන් අපගේ ශරීරයේ තියෙන ප්‍රතිශක්ති කරණ පද්ධතිය ක්‍රියාත්මක වෙලා සිරුරේ අදාල වෛරසයට විරුද්ධව ප්‍රතිදේහ නිපදවනවා. අන්තිමට අපේ සිරුරම තමයි මේ වැඩේ කරගෙන තියෙන්නේ.
අපි තවත් පැත්තකින් බලමු. අපිට මේ දින ටිකේ අහන්නට ලැබුණ කාරණා කිහිපයක් තමයි කෝවිඩ් 19 වෛරසය වෙනස් වෙලා, දැන් අළුත් වෛරස් එකක් තියෙන්නේ, ඒක ඉක්මනට පැතිරෙනවා වාගේ ඒ්වා. මේ රෛසය එසේ වෙනස් වෙනවා නම් එන්නතක් හදන්නේ කොයි ප්‍රබේධයටද? මොනවා හරි කමක් නැහැ ආණ්ඩුවෙන් දෙන නිසා විදගන්න වෙනවාද? ටිකක් හිතල බලන්න වෙනවාකියලා හිතෙන්නේ නැද්ද? එහෙම නැත්නම් කමක් නෑ. ඔහොම යං.
මාතෘකාව නම් ඒක නෙවෙයි. ප්‍රතිශක්තිය වර්ධනය කරගන්නට අපි මොනාද කන්න ඔිනි කියන එක.
ප්‍රතිශක්තිය දුර්වලයි කියන්නේ මොකක්ද? අපේ සිරුරට ඇතුල් වන යම් ක්ෂුද්‍ර ජීවියෙක් විනාශ කරන්නට අපගේ සිරුර අපොහොසත් නම්, ඒකියන්නේ අපේ ප්‍රතිශක්තිය දුර්වලයි. අපිට නිතර සෙම්ගෙඩි හැදෙනවා නම්, සෙම්ප්‍රතිශ්‍යාව හැදෙනවා නම් බොහෝ විට ප්‍රතිශක්තිය දුර්වලයි. සෙම්ප්‍රතිෂ්‍යාව ආසාත්මික තත්වයන් නිසාද හටගත හැකි නිසා ඒසේ කිව්වේ. නමුත් මේ කොරෝනා වෛරසය අපගේ සිරුරට ඇතුල් වූ පසු මුළින්ම අපගේ උගුරේ ඇති ටොන්සිල් ග්‍රන්ථි වල රැදෙනවා. මේ දින තුන ඇතුලත අපිට මේ වෛරසයට ප්‍රතිදේහ නිපදවා ගන්නට බැරිවුනොත් තමයි පෙණහලු කරා යන්නේ. ඊට පස්සේ ටිකක් භයානක තත්වයකට යන්න පූලුවන්. ඒ ගැන අපි බොහෝ දේවල් දැන් දන්නවා. අපි දන්නේ නැත්තේ ප්‍රතිශක්තිය ගැන තමයි.
ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් 75% ක වැඩකොටසක් කරන්නේ අපේ කුඩාන්ත්‍රයට පිටතින්ඇති වසාපද්ධතිය මගින්. මේ තැන තමයි අපේ සිරුරේ ඉමිග්රේෂන් එක තියෙන්නේ. ඉමියුනිටි / ඉමිග්රේෂන් දෙක පොඩ්ඩක් ගැලපෙනවා වගේ නේද? අපි මුඛයෙන් ගන්නා ආහාර සිරුරට උරාගන්නේ කුඩාන්ත්‍ර වලින්. මෙතනදී ඇතුල් වන දේවල් ගන්නවාද නැතිනම් විනාශ කරනවාද කියන එක තීරණය කරන්නේ මේ ඉමිග්රේෂන් නැතිනම් ආගමන විගමන නිලධාරීන්. මෙයාලගේ කාර්‍යය ටිකක් සංකීර්ණයි. එහෙම කෙනෙක් ආවම දින තුනක් විතර යනවා ඒ අදාල ආගන්තුකයාට හරියන භට පිරිස් සොයාගන්න. එක් කෙනෙකුට හදන භටයින් තවත් පිරිසකට හරියන්නේ නැහැ. ඉතිං මේකාලය යනවා. අපිඅර මුලින්ම කිව්වේ උගුර ආශ්‍රීත ග්‍රන්ථිවගයක් ගැන. අන්න එතන තමයි මේ ඉමිග්රේෂන් එකේ පලමු මුරපොල තියෙන්නේ. එතනට එන ආගන්තුක ක්ෂුද්‍රජීවීන්නට දින තුනක් මෙතන සිටිය හැකියි. අවසර ලැබුනොත් හතරවන දිනයේදී එතනින් පහලට යන්නපුලුවන්. අවසර ලැබුනා කියන්නේ ඉතිං අපි පරාදයි. ප්‍රතිශක්තිය ශක්තිමත් කෙනා අර කියපු භට පිරිස් නැත්නම් ප්‍රතිදේහ පලමු දින තුන තුලදී හදාගෙන අර ආපු ආගන්තුක ක්ෂුද්‍රජීවියාව විනාශ කරලා දානවා. ඒ්විතරක් නෙවෙයි, මීට පස්සේ එයාට ආපහු ඇවිල්ලා වැඩ දාන්න දෙන්නේ නැහැ. පලමු දවසේම ඉවරයක් කරලා දානවා. මොකද දන්නවාද? දැන් අර ඉස්සෙල්ලා පාර හදපු භට පිරිස් ඉන්නවා. එයාලගේ කොපි ගහගන්න යන කාලය විතරයි යන්නේ. හරි ශෝක් නේ්ද?
මේ පලමු දින තුනක කාලය තුල අර ආපු ක්ෂුද්‍රජීවියාට වැඩෙන්න බැරිවෙන්න සිරුරේඋෂ්ණත්වය වැඩි කරලා පවත්වාගෙන යනවා. ඒ අර භට පිරිස් හදාගන්නකම්. මේ තත්වයට තමයි අපි උණ ගන්නවා කියලා කියන්නේ. ඒ කියන්නේ උණ කියන්නේ අපිට අවශ්‍ය තත්වයක්. ඒත් අපි මොකද කරන්නේ, උණ ගත්ත ගමන් ගහනවා පෙති. ඉතිං උණ බහිනවා. මොකද දැන් ඉමිග්රේෂන් එක තමයි දුර්වල කරලා තියෙන්නේ. හරි නේද දැං.
ඔන්න දැං තමයි කතාව පටන් ගන්නේ. අපි ප්‍රතිශක්තිය වර්ධනය කරන්න නම් මොනවාද කන්න ඔිනි. මුලින්ම කියන්න කන්න හොද නැති කෑම ටිකක්. ඔබ ප්‍රතිශක්තිය වර්ධනය කරන්නට බලා පොරොත්තු වෙනවා නම් සීනි කන ඒක නවත්වන්න වෙනවා. තේ වලට පවා සීනි වෙනුවට කිතුල් හකුරු කෑල්ලක් ගන්නවා නම් හොදයි. ප්‍රතිශක්තියට අත්‍යවශ්‍ය මැක්රෝෆේජස් සෛල රුධිරයේ සීනි මට්ටම වැඩි වුනාම නිද්‍රාශීලී වෙනවා. ඒ නිසයි සීනි කන්න එපා කිව්වේ. ඊට අමතරව ග්ලූටන් තියෙන ආහාර විශේෂයෙන් පාන්පිටි කන්න එපා. ඒවා නිසා බඩවැල්වල තියෙන අංගුලිකා විනාශ වෙනවා. ඉතිං ලීකි ගට් කියන තත්වය ඇතිවෙනවා. මේ තැන්වලින් ප්‍රෝටීන් අංශුවක් ගියොත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය හිතන්නේ මේ ඇවිල්ලා තියෙන්නේ සතුරෙක් කියලා. ඉතිං එයාට විරුද්ධව හදනවා ප්‍රතිදේහ. දැන් මොකද වෙන්නේ. අර කෑම ජාතිය කාපු ගමන් සිරුරේ හිස්ටමීන් වැඩිවෙලා ඇලර්ජි තත්වයක් හටගන්නවා. මේඉල්ලගෙන තමයි කාල තියෙන්නේ. ඇලර්ජි ගැන මම වෙනම ලිපියක් ලියල ඇති මේ වෙබ්අඩවියේ. ඒක කියවන්න. පහල තියෙන සියළු ආහාර නවත්වන්.
තිරිගු. බාර්ලි. රයි. ඔීට්ස්. (මේතුනේම ග්ලුටන් තියෙනවා )
ගැඹුරු තෙලේ බැදපු ආහාර
බාබකියු වැනි කෙලෙන්ම ගින්දර වදින ආහාර
නයිට්රේට් සහිත ආහාර ( කල්තබාගත හැකි මස්වර්ග වල නයිට්රේට් තියෙනවා )
කෘතිම මස් වර්ග
කාබනේටඩ් බීම වර්ග
මාගරින්
හයි ෆෘක්ටෝස් කෝන් සිරප්යෙදු ආහාර. ( ලේබල් කියවලා බලන්න )
මේ ටික තමයි මූලිකවම කියන්න තියෙන්නේ.
දැන් බලමු මොනවද කන්න ඔීනි කියලා.
ප්‍රතිශක්තිකරණ පද්ධතියට අත්‍යවශයම පෝෂණ කොටස තමයි ප්‍රෝටීන්. ඔබ මාංශ අනුභව නොකරන්නේ නම් ප්‍රෝටීන් ලැබෙන මාර්ග අඩු වෙන්න පුලුවන්. ඒ අය විශේෂයෙන් මූං ඇට, කවුපි, කඩල වගේ ආහාර දෛනිකආහාර වේලට ගත යුතු වෙනවා. දිනකට ප්‍රෝටීන් ග්රෑම් 50 ක් වත්අපි ආහාරයට ගත යුතු වෙනවා. එහෙම වුනොත් අපිට ප්‍රතිශක්තිය වර්ධනය කරගන්න පුලුවන්.
(adsbygoogle = window.adsbygoogle || []).push({});
ප්‍රතිශක්තිය දුර්වල වෙන තවත් ප්‍රධාන හේතුවක් තමයි මානසික ආතතිය. දන්න සිංහලෙන් කියනවා නම් ස්ට්‍රෙස් එක. ස්ට්‍රෙස් තියෙන වෙලාවට සිරුරේ කෝටිසෝල් කියන හෝමෝනය වැඩි වෙනවා. ඉතිං සිරුරේ සම්පූර්ණ අවධානය යොමු වෙන්නේ ඒ පැත්තට. මේ නිසා ප්‍රතිශක්තිය අමතක වෙනවා. අනේ අර ආගන්තුක ක්ෂුද්‍රජීවියා අපව ආක්‍රමණය කරනවා කිසිම කරදරයක් නැතිව.
ඔබ මේරෝගයට ඇති බිය මේ වන විිිිිටත් ඔබව ආතතියට පත් කරලා ඇති. ඔබට කිසිවෙක් කීවේ නැහැනේද මේ රෝගයට බය වෙන්න කියලා. කියන කෙනෙක් කියන්නේ මේ වෛරසය ආසාදනය වන එකෙන් වලකින්නට අවශ්‍ය පියවර ගන්නයි. ඒ ටික කලානම් බව වෙන්න එපා. බිය අපිව කොරෝනා මාරයා වෙත ඉක්මනින් කැන්දං යනවා.
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
මෙත් සිතිනි.පෝෂණ වේදී.නයන තේනුවර.
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්අංක 140 1/1ගාලුපාර ගල්කිස්ස.0713503450 / 0701902220 / 0112719000 / 0112735621
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් ඉහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana