නිවසේදීම දෛනිකව ඔබගේ බඩවැල් වල තත්වය නොමිලේ පරීක්ෂා කරගන්නට පහසු ක්‍රමයක්.


පහුගිය දවස් ටිකේ ස්ථුලතාවය සහ සිරුර කෘෂ වීම ගැන කතා කල නිසා ඒකටම සම්බන්ධ තවත් එක අංගයක් කතා කරන්න හිතුනා. ටිකක් අප්‍රසන්න මාතෘකාවක් තමයි කතාකරන්න යන්නේ. ඒත් වැදගත් වෙයි. විවේකීව කියවන්න.
අපි අද කතාකරන්න හදන්නේ අපගේ බඩවැල් වල ඇති නිරෝගී භාවය ගැන. අපේ බඩවැල් වල තත්වය අපිට දිනපතා පරීක්ෂාකරගන්න පුලුවන්. මේ ක්‍රමය ඔබට නිරෝගී දිවියක් ගත කරන්නට මග සලසනවා. මම මීට පෙර මේ ගැන කෙටියෙන් කතා කලා මට මතක හැටියට. ඒත් අළුත් අය ගොඩක් ඉන්න නිසා නැවතත් කතා කරන්නට හිතුනා.
අපි ලෝකයේ තියෙන රසවත්ම ආහාරය මුඛයෙන් ඇතුලට දාගත්තත් අවසානයේ දුර්ගන්ධයක් සමගින් තමයි පිට වන්නේ. ඒක ලෝක ධර්මතාවයක්. අපිට ඒක වෙනස් කරන්නට බැහැ. තායිලන්තයේ තියෙනවා එක් ආශ්‍රමයක්. එහි සිටින එක් තායි මෑණියන් කෙනෙක් අපූරු රෝග නිර්ණයක් කරනවා. එතනට යන අය දවස් 10 ක් විතර රුදිලා ඉන්න ඕනි. එතනින් දෙන කෑම විතරයි කන්න පුලුවන්. සෑම දිනකම එතනින් දෙන බේසමට තමයි මළපහ කරන්න ඕනි. ඒ මළ උදෑසනම අර මෑණියන්ට පෙන්වන්න ඕනි.දැන් ඉතින් මේ රෝගීන් පෝලිමේ මළ බාස්කට් අරගෙන ඉන්නවා. එක් එක් කෙනා මැණියන් ගාවට ගිහින් තමන්ගේ මළ පහ කරපු ටික පෙන්වන්න ඕනි. මෑනීයන් මුඛ වැස්මක්ද සහිතව මේ සියළුම දෙනාගේ මළ පරීක්ෂා කරනවා. කෝටු කෑල්ලකින් පාදනවත් එක්ක. ( ඇයි නිකං මූණ ඇඹුල් වුනේ ) ඊටපස්සේ ලෙඩාට තියෙන ලෙඩේ කියනවා. ඔයාට මේ ස්ථෘනයේ කැන්සර් එකක්. ඔයාගේ ලිවර් එකේ තෙල්, ඔයාගේ වකුගඩු වල ගල්. ඔයාගේ පිත්තාෂයේ ගල් තියෙනවා, ඔයාගේ ප්‍රොස්ටේට් එකේ තත්වය හොද නැහැ වගේ දේවල් කියනවා. අපූරුයි නේද? මේ විදිහට රෝග සටහන් කල පසු බෙහෙත් නියම කරනවා. මේ බෙහෙත් දින 10 ක් විතර පුරාවට ගන්න ඕනි. අවසානයේ රෝගියාට පවසනවා නැවතත් එන්න අවශ්‍යද නැත්නම් දැන් රෝගය සුවයිද කියලා. මේ ලෙසට කිසිම ශාරීරක පරීක්ෂණයකින් තොරව රෝගයත් විනිශ්චය කරලා, බෙහෙතුත් දීලා, රෝගයත් සුව කරලා මිනිසුන්ට මහා සෙතක් මේ මෑණියන් සිදු කරනවා. චීන, සිංගප්පූරු අය හරියට මෙතනය යනවා. යම් මුදලක්ද අයකරනවා. ඒත් ලෙඩේ සුව වෙනවා මා දන්නා ආකාරයට.
‍මේ රෝග නිර්ණය අපිට කරන්න අමාරු වෙන්න පුලුවන්. ඒත් අපිට යම්තාක් දුරට මේ කාර්‍ය්‍ය කරන්නට හැකි යැයි මා සිතනවා. ඒ නිසා ඒගැනයි අද මම කතා කරන්නට යන්නේ.
අපට ඇති රෝග වලින් 80% වැඩි ප්‍රමාණයකට හේතුව බඩවැල් බව අද සියළුම වෛද්‍ය ක්‍රම පිලිගන්නවා. ඒත් බෙහෙත් කරන විට ඒක අමතක වෙන එකයි වරද ලෙසට මම දකින්නේ. අපි මුඛයෙන් ගන්නා ආහාාර තරමක් දුරට මුඛයේදී ජීරණය කරනවා. ආමාශයේදී විශාල ජීරණ ක්‍රියාවලියක් සිදු වන අතර ග්‍රහණියේදීද මෙම කාර්‍යය තවත් තීව්ර කරනවා. අන්ත්‍රවලදී මේ ජීරණ කරන ලද ආහාර පෝෂ්‍ය කොටස් ලෙසට අවශෝෂණය වෙනවා. කාබෝහයිඩ්රේට් ග්ලූකෝස් ලෙසටද, ලපිඩ මේද අම්ල ලෙසටද, ප්‍රෝටීන ඇමයිනෝ අම්ල ලෙසටද අවශෙෘ්ෂනය වන අතර මෙම ආහාර වල තිබු විටමින් සහ මිනරල් ඒ මට්ටම් වලින් අවශෝෂනය වෙනවා. කෙසේ හෝ සිරුර වපවත්වාගන්නට අවශ්‍ය පෝෂණය පිටතට යා නොදී අවශෙෘ්ෂණය කරගන්න එකයි අන්ත්‍රවල කාර්‍යය.
අපි මෙසේ අවශෝෂනය කරන ආහාර වල අවශේෂ කොටස් මළපහ ලෙසට පිට වෙනවා. මේ පිට වන මළ වල ඉතිරිව ඇති කොටස් වලට අනුව මළ වල සිදුවන වෙනස් කම් කිහිපයක් තියෙනවා. මේ වෙනස් කම් අපිට නිරීක්ෂණය කරන්නට හැකිනම් අපගේ බඩවැල් නිරෝගීද කියලා දැනගන්නට හැකියි. අපි මේ මළ වර්ග කරගනිමු.
යම් අයට තියෙනවා. ඝණ වූ මළ බද්ධය ඇති වූ විට පහවන මළ.තවත් අයට තියෙනවා බඩ බුරුල් කරල යන ගතියක්.තවත් අයට නිතර මළපහ කරන්නට වෙනවාතවත් අයගේ මළ කොමෝඩ් එකේ වතුරේ ගිලෙනවා.තවත් කෙනෙක්ගේ මළ කොමෝඩ් එකේ වතුරේ පාවෙනවා.තවත් අයගේ මළ ඇලෙන සුළුයි.තවත් අයකුගේ මළ තද පාටයි.තවත් කෙනෙකුගේ මළ කහ පාටයිතවත් කෙනෙකුගේ මළ කෙසෙල් ගෙඩියක හැඩය ගන්නවා.තයත් අයෙකුගේ කිසිදු හැඩයක් නැහැ.තවක් අයෙකුගේ මළ මහා දුර්ඝන්ධයක් හමනවා. එවැනි අය වැසිකිලියකට ගිය පසු විනාඩි 10 ක් විතර යන කම් වෙන කෙනෙකුට යන්න බැහැ.තවත් අය ඉන්නවා පැය බාගයක් විතර වැසිකිලියේ කාලය ගත කරනවා.තවත් අය ඉන්නවා විනාඩි දෙක තුනකින් තම කාර්‍ය්‍ය ඉටු කරලා එලියට එන.සමහර අයගේ මළ සමග ලේ පිට වෙනවා. ‍මේ අතර සමහර අය ඉන්නවා කෑමක් කාපු ගමන් වැසිකිලියට දුවන්නට වෙන.අපූරු වර්ගී කරණයක් නේද? මේ සියළු දේටම හේතු තියෙනවා. අපි මේ එකින් එක අරං බලන්නයි යන්නේ.මුලින්ම බලමු මළ බද්ධය, බඩ බුරුල් කර යෑම, සහ නිතර නිතර වැසිකිලි යෑමට සිදුවීම යන කාරණා.
අපේ ආහාර ජීරණ පද්ධතිය මුඛයෙන් පටන් ගෙන ගුදයෙන් අවසන් වෙනවා. මේ මාර්ගය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ ක්‍රමාංකුංචනය කියන ක්‍රියාවලිය මගින්. ක්‍රමාංකුංචනයේදී ආහාර ජීරණ පද්ධතියේ ඇති සියළුම පේි ඉහල් වීම සහ හැකිලීම රටාවකට සිදු විය යුතුයි. මේ අනුව ආහාර ජීරණයත් අවශෝෂනයත් සමගම ආහර ටික ඉදිරියට තල්ලු කර හරිනවා. මෙසේ තල්ලු කර හරින්නට අපිට අවශ්‍ය වන ඛණිජ ලවන කිහිපයක් තියෙනවා.

  1. කැල්සියම්. – කැල්සියම් වලින් තමයි අපේ සිරුරේ සියළු පේෂීන් සංකෝචනයට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නේ. මේ නිසා යම් හෙයකින් රෝගියා කැල්සියම් ඌණතාවයකින් පෙලුනහොත් ආහාර ඉදිරියට තල්ලු කරන්නට බැරි වෙනවා. මේ නිසා වැඩි වෙලාවක් බඩවැල් වල රැදෙනවා. ඒ නිසා වැඩි ජලය ප්‍රමාණයක් අවහෝෂණය කරගන්නවා. මේ අනුව මල බද්ධයට පාර හැදෙනවා. මෙය දිගින් දිගටම සිදුවීම අනතරු දායකයි. මහ බඩ වැල තුල වැඩි වේලාවක් අවශෝෂණය නොවු ආහාර තිබීම නිසා එම ආහාර වල ඇති විශ නැවත ශරීරගත වීමේ අවදානමක් මේ නිසා හටගන්නවා. මෙම තත්වය දිගින් දිගට සිදුවීම අක්මාවටත් වකුගඩු වලටත් බලපෑමක් ඇතිවිය හැකියි.
  2. මැග්නීසියම් – මැග්නිසියම් තමයි අර හැකුළුණු පේශිය දිගහරින්නට උපකාර කරන්නේ. මේ නිසා ආහාර ජීරණ පද්ධතියේ මාරගය ඉඩ සලසා දීමේ යාන්ත්‍රනය නතර වෙනවා. කැල්සියම් නිසා ඉදිරියට තල්ලු කලත් අන්ත්‍ර ඉහිල් වී අවශ්‍ය තරම් වේලාවක් රදවා තබා ගැනීමට නොහැකි වෙනවා. දැන් ජලය අවශෝෂනය කරගන්නටත් පෙර ගුදමාර්ගය හරහාපිටව යනවා. මේ ලෙසට බඩ බුරුල් කර යන්නට හේතු හැදෙනවා.
  3. කොපර්. – කොපර් කියන්නේ තඹ. තඹ කියන ඛණිජ ලවනය නැත්නම් අපගේ සිරුරේ පඨක වල නම්‍යතාවය පවත්වාගන්නට බැහැ. මේ නිසා ඉහිල් වීම හෝ සංකෝචනයට බාදා පැමිණෙනවා. මේ අනුව බඩ බුරුල් කර යෑම හෝ මළ බද්ධය ඇතිවිය හැකියි.
    තවත් හේතුවක් නිසා බඩ බුරුල් කර යනවා. අපි හිතමු අපි යම් ජීරණය කල නොහැකි දෙයක් කෑව කියලා. මේ ආහාරට අපගේ සිරුරෙන් ඉවත් වනකම් අපිට බඩඑලිය යනවා. මෙයට හේතුව අපි දැනගැනීම ඉතාමත් වැදගත්. අපි ගන්නා ආහාර වල පෝෂ්‍ය කොටස් පමණයි කුඩාන්ත්‍රෙය්දි අවශෝෂනය කරන්නේ. ජලය සහ වෙනත් ද්‍රව්‍ය මහ බඩවැලෙන් තමයි අවශෝෂනය කරන්නේ. මේ අන්ත්‍ර දෙක එක් වන ස්ථානයේ තියෙනවා සෙන්සර් එකක්. මේ සෙන්සර් එකට දැනගන්නට පුලුවන් යම් විසක් මේ ආහාර සමග එනවාද කියලා. එසේ යම් විශක් ඇත්නම් ඉතාමත් ඉක්මනින් මේ ආහාර ටික එලියට දාන්නට අවශ්‍ය සිග්නල් එක මේ සෙන්සර් එක මගින් ලබා දෙනවා. මේ සෙන්සර් එක තමයි උණ්ඩුකපුච්ඡය. ඔබට උණ්ඩුක පුච්ඡය ගැන මම මේ වෙලාවේ වෙන කිසිවක් පවසන්නේ නැහැ. ඔබගේ මනස දැන් ඒ කාරණාවට යොමු වෙලා අවසන් නිසා.
    අපි කතා කලා සමහරුන්ට කෑම කාපු ගමන් වැසිකිලි යන්න වෙනවා කියලා. එක අතකින් මේක මානසිකයි කියලා අපිට කියන්න පුලුවන්. ඒත් මේකේ කායික පැත්තකුත් තියෙනවා. අපි කෑම කනවිටම අපගේ ආහාර ජීරණ පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. මේ නිසා දැනට මහාන්ත්‍රය තුල ඇති අවශේෂ කොටස් එලියට දාන්නට වෙර දරනවා. මොකද දැන් ආහාර ආපහු එන නිසා. එසේ ආහාර තලුලු කරලා හරින්නට යනවිට අන්ත්‍ර වල පේශී තද කරගෙන ඉන්නට අවශ්‍ය කැල්සියම් රෝගියා සතු නොවේ නම් අර තල්ලුවට සියළුම අවශේෂ කොටස් ගුදමාර්ගය දක්වා තල්ලු වී යනවා. කැල්සියම් ඌණතාවය වඩාත් දරුණු නම් ගුදමාර්ගයේ ඇති මළ කොටස්ද එලියට තල්ලු කරන්නට වෙර දරනවා. මේ නිසා තමයි මේ තත්වය ඇතිවෙන්නේ. අවසානයේ එයත් මිනරල් ඌනතාවයක්. ( මෙයට අමතරව වෙනත් රෝගී තත්වයන්ද මෙම තත්වයට බලපාන බව කරුණාවෙන් සලකන්න. )
    අපි ග්ලූටන් සහිත ආහාර ගත්තහම කුඩාන්ත්‍රෙය් ඇති අංගුලිකා විනාශ වෙනවා කියලා මම බොහෝ විට මගේ ලිපි වලින් කියා තියෙනවා. එසේ විනාශ වීම නිසා පෝෂණය අවශෝෂණය වන්නේ නැති බව අපි තේරුම් ගත යුතුයි. දැන් මේ පෝෂණය සහිත ආහාර තමයි බඩවැල දිගේ පහලට යන්නේ. මෙසේ පහලට ගොස් කොමෝඩ් එකට වැටුනම පෝෂණය සහිතනම් එහි ඇති බර නිසා මළ වතුරේ ගිලෙනවා.. හොද අවශෝෂනයක් සිදු වී ඇත්නම් වතුරේ පාවෙනවා. දැන් මේ කාරණාව දන්න කෙනෙකුට තමන්ගේ බඩවැල් වල තත්වය තරමක් දුරට දැනගන්නට හැකියි.
    තවත් ක්‍රමයක් තමයි මළ වල ඇති ඇලෙන සුලු බව. ඇලෙන්නට ප්‍රධානම හේතුව තමයි පාන් පිටි වල ඇති ග්ලූටන්. පාන් පිට වලින් ඉවත් වන කෙනෙකු ඉහත කොටස් දෙකම පාලනය කරගන්නට හැකි වෙනවා. එයින් විශාල වාසි ගනනක් සිරුරට ලැබෙනවා.
    ඊලග කාරණය තමයි අධික දුර්ගන්ධය. මෙයට හේතුව අපි ගන්නා ආහාර වල ඇති විශ සහිත බව. වැඩි විශ ප්‍රමාණයක් ඇත්නම් දුර්ගන්ධයද වැඩි වෙනවා. ඒ වගේමයි අයහපත් බැක්ටීරියා වල වර්ධනය. මේ නිසාද දුර්ගන්ධය වැඩි වෙනවා. තවත් හේතුවක් තමයි අන්ත්‍ර වල ආම්ලික තාවය වැඩිවිම.බඩවැල් වල පණුවන් සිටින නිසාද මෙම තත්වය ඇති වෙනවා. මේ කාරණා නිසා මෙවැනි අය වැසිකිලි ගිය පසු නැවතත් වෙන කෙනෙකුට යන්නට අපහසු තරම් දුර්ගන්ධයක් එනවා.
    ඊලග කාරනය තමයි වර්ණය. වර්ණයත් බොහෝවිට විසට සම්බන්ධයි. එසේම බඩවැලේ මුල් හරියේ තුවාල වෙලා ඒවායින් ලේ එනවානම් එම ලේ බොහෝ දුරට එන නිසා මළ සමග මිශ්‍රවී පිටවෙනවා. මෙම ලේ කළු පාටට තමයි පිට වෙන්නේ. විශ වැඩිනම් ඒත් පාට තද වෙනවා. මේ කිසිම රෝගී තත්වයක් නැතිව තියෙනවා නම් අළ වල වර්ණ කහ පාටයි. අවුරුදු දෙකේ තුනේ ලමයින්ගේ මළ වල පාට දැකලා තියෙනවා නම් සිතාගත හැකියි. මේ අනුවත් අපේ බඩවැල්වල තත්වය දැනගත හැකියි.
    සමහර අයට රතුපාටට ලේ පිටවෙනවා. මේ තත්වය ඇති අය දැනගත යුතුයි මේ ලේ පිට වෙන තැන තියෙන්නේ ගුදමාර්ගය ආසන්නයේමයි කියලා. මොකද නැත්නම් රතුපාටින් පිට වෙන්නේ නැහැ. ලේ පිට වෙන්නට බොහෝ හේතු තියෙනවා. අපි මෙතනදී ඒවා ගැන කතා කරන්නේ නැහැ ලිපිය දිග වැඩි වෙන නිසා.
    අනෙක් කාරණය තමයි හැඩය. අපේ අන්ත්‍ර නිරෝගී නම්. අපි පහකරන මළ වල වර්ණය කහ පාට වනවා සේම කෙසෙල් ගෙඩියක හැඩය ගන්නවා. මේ අනුව හැඩයෙන්ද අපිට බොහෝ කාරණා තේරුම් ගත හැකියි.
    ඉතිරි කාරණය තමයි කාලය. වැසිකිලියට ගිහින් බොහෝ වේලාවක් ගන්නවා නම් ඔබගේ ආහාර ජීරණ පද්ධතිය නිසි ක්‍රමයකට සකස් වෙලා නැති නිසා. බඩ වැලේ ඉදිරියට තල්ලු කරලා හරින්නට කැල්සියම් අඩු වීමම තමයි මේකටත් හේතුව. මේ නිසා අමාරුවෙන් බොහෝ වේලාවක් තල්ලු කරගෙන එන්නවෙනවා. ඒ ගතවන වෙලාව තමයි මේ පැය බාගක් වෙන්නේ.
    ‍දෙපාරක් යන්න වෙන්න ප්‍රධානම හේතුවනම් මානසික ගැටලුවක්. අනෙක්කාරණය නම් ඒත් කැල්සියම් අඩු වීම නිසා ඔබගේ මොලයට සිග්නල් එකක් යනවා මෙතනට මළ එවන්න එපා මට අල්ලං ඉන්න බැහැ කියලා. ඉතිං කැල්සියම් ඌනතාවයෙන් මිදුනම ගැටලුව අවසන්.
    ටිකක් අප්‍රසන්න මාතෘකාවක් වුනත් යමක් තේරුම් ගන්නට ඇති කියා හිතනවා. තවත් කෙනෙකුට දැනගන්නට සලස්වන්නට සිත් වී නම් ෂෙයාර් කරන්න. ලික් දාහකට වඩා එක ෂෙයාර් එකක් වටිනවා. තවත් කෙනෙකුට මම උපකාර කලා කියලා හිතෙන නිසා.
    ඔබලාගේ බඩවැල් වල යම් ගැටලුවක් ඇත්නම් බයෝරෙසොනන්ස් තාක්ෂණය උපයෝගී කරගෙන එහි රෝග මූලය සෙයාගත හැකියි. මෙම තාක්ෂණය මිනිස් සිරුරට කිසිදු අනතුරක් නොමැති වන අතර රුසියානු විද්‍යාඥයන් විසින් නිපදවන ලද්දකි.  අපගේ අංකයකට අමතා වැඩි විස්තර දැනගන්න. 
    ‍මෙත් සිතිනි…!!
    පෝෂණ වේදී
    නයන තේනුවර.

සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්අංක 140 1/1ගාලුපාර ගල්කිස්ස.0713503450 / 0701902220 / 0112719000 / 0112603707
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් ඉහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana