දියවැඩියාව හඳුනා ගනිමු.


දියවැඩියාව යන වචනයට පසුව ඊලඟට ඇසෙන වචනය වන්නේ ඉනිසියුලීන් යන වචනයයි. සාමාන්‍ය ජනතාව හොඳින්ම හඳුනන අපගේ ශරීරයේ නිපදවන හෝමෝනය වන්නේ ඉන්සියුලීන් හෝමෝනයයි. එසේම අග්න්‍යාශයේ මෙම හෝමෝනය නිපදවන බවත් බොහෝ දෙනා දනී. මෙම හෝමෝනය මගින් රුධිරයේ සීනි පාලනය කරන බවත් ඔවුන් දනී. නමුත් ඉන් සියුලීන් අපගේ ශරීරයේ ක‍්‍රියාත්මක වෙන ආකාරය බොහෝ දෙනෙකු නොදනී. එම ක‍්‍රියා කාරීත්වය දන්නා කෙනෙකුට තම රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කර ගැනීම ඉතාම පහසු ක‍්‍රියාවකි. මේ නිසා අප ප‍්‍රථමයෙන් ඉන්සියුලීන් නම් හෝමෝන අපගේ ශරීරයේ ක‍්‍රියාත්මක වෙන ආකාරය සොයා බලමු.
ඉන්සියුලින් යනු අපගේ ආමාශයට යටින් ඇති අග්න්‍යාශය නම් ග‍්‍රන්ථියක් මගින් ශ‍්‍රාවය කරන හෝමෝන වර්ගයකි. මේවා නිපදවන්නේ අග්න්‍යාශයේ ඇති බීටා ෙසෙල නම් විශේෂිත ෙසෙල වර්ගයකිනි. ආමාශයේදී ජීර්ණ ක‍්‍රියාවලිය සිදු කිරීමෙන් පසුව ආමා‍ශයෙන් පහලට එම ආහාර තල්ලූ‍ කර එවනු ලබයි. එම ආහාර වල ඇති ‍විශාල සංඝඨක මේ වන විට කුඩා අංශු බවට පත්වී ඇත. කුඩාන්ත‍්‍රය තුලදී මෙම කුඩා අනු ග්ලූකෝස් ෆ්රුක්ටෝස් වැනි ඉතාම සරල අණු බවට පත්වේ. මෙම ග්ලූකෝස් දැන් කුඩා බඩවැල තුල ඇති බිත්තියේ ඇති අංගුලිකා හරහා රුධිරයට එක් විය යුතුවේ. ආමාශයෙන් පහලට ජීර්ණය වූ පෝෂ්‍ය කොටස් ගලාගෙන එනවාත් සමගම අග්න්‍යාශයෙන් ඉන්සියුලින් රුධිර නාල තුලට මුදා හරිනු ලබයි.
මෙම ග්ලූකෝස් අණු සමගම ඉන්සියුලින් අණුද ධමනි ඔස්සේ ඉදිරියට ගමන් කරයිග ග්ලූකෝස් යනු අධි ශක්ති ප‍්‍රභවයකි. සීනි උණු කරන විට ඇතිවන තාපය සහ වතුර උණු කරන විට ඇතිවන තාපය සසඳා බැළුව හොත් මෙම ශක්තිය ගැන ඔබටම සිතා ගත හැකි වනු ඇතග මේ හේතුවෙන් රුධිර නාල තුල ග්ලූකෝස් වැඩි වේලාවක් තබා ගත නොහැකියග ශරීරය විවිධාකාර පද්ධති සමූහයකින් යුක්ත වූවද අවසාන වශයෙන් මෙම ග්ලූකෝස් භාවිතා කරන්නේ ශරීරයේ ඇති ටි‍්‍රලියන යක් පමණ වන දේහ ෙසෙලයි. මෙම ෙසෙල ඇතුලත ග්ලූකෝස් දහනය කොට අවශ්‍ය ශක්තිය ලබා ගනී. අප දෛනිකව ලබා ගන්නා ආහාර වල ඇති පෝෂ්‍ය කොටස් වලින් වැඩි කොටසක් භාවිතා කරන්නේ මෙම ශක්තිය ජනණය සඳහාය. අප වාහනයකින් ගමනක් යන්නට පිටත් වන විට මුලින්ම බලන්නේ ඇති තරමට ඉන්ධන ඇත්ද යන්නයි. අවශ්‍ය ඉන්ධන තැන්පත් කරගැනීමට වාහනයක ඉන්ධන ගබඩා කරන ටැංකියක් ඇත. එම ටැංකියේ ඇති ධාරිතාවය අනුව කෙතරම් දුරක් දිවිය හැකිදැයි අපි දනිමු. අපගේ ශරීරයේ මෙවැනි ටැංකි බිලියන ගනනක් ඇත. ඒ අපගේ ශරීරයේ ඇති මාංශ පේෂි ෙසෙල සහ රතු රුධිර ෙසෙලයි. මේ සෑම ෙසෙලයක්ම ඉන්ධන ගබඩාවකි. මෙම ෙසෙල තුල සහ මීට අමතරව අක්මාවේද ග්ලූකෝස් තැන්පත් කල හැකයග රුධිර ධාරාව දිගේ ඇදී යන ග්ලූකෝස් අනුල නිරන්තරයෙන් අදාල ෙසෙල ඇතුලත තැන්පත් කරනු ලබයි. මේ හේතුවෙන් නිරෝගී පුද්ගලයෙකුගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඩෙසි ලීටරයක අංශු 100 ක පමණ ප‍්‍රමාණයක තබා ගැනීමට ශරීරය සමත් වේ. මෙම ග්ලූකෝස් ප‍්‍රමාණය රුධිර නාල තුලදී පාලනය කර ගැනීමට අපගේ සිරුර ශක්තිමත්ය.
රුධිර නාල ඔස්සේ ගමන් කරන මෙම ග්ලූකෝස් සෙල තුලට ඇතුල් කිරීමට නම් ෙසෙල පටලයේ ඇති විශේෂිත වූ දොරටුවක් විවර විය යුතුය. ග්ලූකෝස් අනු ෙසෙලය ලඟට පැමිණියද අදාල ග්ලූකෝස් අණු වලට ෙසෙල ඇතුලට ඇතුල් වීමට මෙම දොරටු විවර කිරීම සිදු නොවේ. ඒ සඳහා තවත් සහයකයෙකු ගේ විශේෂ සහයක් අවශ්‍යවේ. එම සහය ලබා දෙන්නේ ඉන්සියුලීන් නම් ඔබ හොඳින් හඳුනන හෝමෝනයයි. අප ඉහත සදහන් කල දොරේ යතුර ඇත්තේ ඉන්සියුලින් ලඟය. ඉන්සියුලින් අදාල යතුර ෙසෙලයේ ඇති අගුලට දමනවාත් සමගම ග්ලූකෝස් අණු ඇතුළු කර ගැනීම පිනිස වන දොර විවර වේ. මෙසේ රුධිර නාල ඔස්සේ ගමන් ගත් ග්ලූකෝස්ල ෙසෙල ඇතුලත ගබඩා කරයි. ෙසෙල ඇතුලත මෙවැනි අධි ශක්ති ප‍්‍රභවයක් ගබඩා කර තැබීම හරියට දග කරන ලමයි ගොඩක් පාලිකාවක් නොමැති කාමරයකට දැම්මා වගේ වැඩකි. ඔවුන්ව මෙල්ල කර ගැනීම ඉතාමත් අසීරු වනු ඇත. ෙසෙල වලටද මේ ප‍්‍රශ්නයම ඇත. ෙසෙල විසින් ඇතුලට එන මෙම ග්ලූකෝස් අනු එකිනෙකට බැඳ දමනු ලබයි. මෙසේ බැඳ තබන ග්ලූකෝස් අනු දාමයන් ග්ලයිකෝජන් නම් වේ. දැන් අප පෙර කී ප‍්‍රශ්නය ෙසෙල වලට බල නොපායි. ග්ලූකෝස් අවශ්‍ය වන විට අදාල බැමි බිඳ දමා නැවත ග්ලූකෝස් ලෙසටම ශක්තිය ජනිත කරවීම පිනිස භාවිතා කරනු ලබයි.
දියවැඩියා රෝගීන් ගෙන් සියයට 10 ත් 20 ත් අතර ප‍්‍රමාණයකගේ අප විසි්න් ඉහත දැක් වූ ඉන්සියුලීන් නිශ්පාදනය හරිහැටි සිදු නොවේ. මෙම තත්වය පලමු වර්ගයේ දියවැඩියාව ( Type 1 Diabetes ) ලෙස හඳුන්වයි. සියයට 80 කගේ පමණ ග්ලූකෝස් අනු ෙසෙල ඇතුලට ගැනීම ප‍්‍රතික්ෂේප කරයි. මෙම තත්වය දෙවන වර්ගයේ දියවැඩියාව ( Type 2 Diabetes ) ලෙස හඳුන්වයිග මීට අමතරව ගරභණී අවදියේදීද දියවැඩියා තත්වයක් හටගනී. එසේ වන්නේ ශරීරයේ ඇතිවන හෝමෝන වෙනස් විම නිසාය. එය තාවකාලික දියවැඩියා තත්වයකි. පහත ඇති වීඩියෝ මගින් මෙම ක‍්‍රියාවලිය හොඳින් අවබෝධ කර ගත හැකිය.
 

 
ඉහත ඇති වීඩියෝ ඔබ නැරඹුවානම් දියවැඩියාව ගැන යම් තරමක දැනුමක් තිබිය යුතු වේ. ඉන්සියුලින් සිදු කරනු ලබන ක‍්‍රියවලිය ගැනද ඔබට යම් දැනුමක් ලැබී ඇතැයි සිතමු. පසුගිය වසර 50 ක කාලය තුල ලෝකයේ ජනගහනය ගෙනල ඒක පුද්ගල සිනි පරිභෝජනය සසඳා බැලූවහෝත් මේ වසර පනහ තුල එම සංඛ්‍යාව සියයට 150 කින් වර්ධනය වී ඇති බව පෙනී යයි. දියවැඩියාව වර්ධනය වී ඇති ප‍්‍රතිශතයද මෙයටම සමානය.
සීනි යනු සත්වයාගේ පැවැත්මට නැතිවම බැරි පදාර්ථ විශේෂයකි. සියලූම සත්වයන්ගේ ෙසෙල වල ශක්ති ප‍්‍රභවය සීනි වේ. එය ග්ලූකෝස් හෝ ෆෘක්ටෝස් වැනි වෙනත් සීනි වර්ගයක් විය හැකිය. සීනි යනු අපගේ ශරීරයට අවශ්‍ය ඉන්ධනය වේග මේ නිසා සීනි නැතිව අපට ජීවත් විය නොහැකිය. එසේම අපගේ ශරීරයේ ඇති ෘභ් අණු සෑදී ඇත්තේද සීනි වලිනි. එසේනම් අපගේ සිරුරට ඉතාම අවශ්‍ය අංගයක් ලෙස සීනි දැක්විය හැකිය. නමුත් අද දියවැඩියා රෝගීන් සිතා සිට්න්නේ සීනි යනු මාරයා ලෙසය. ඇත්තෙන්ම දියවැඩියා රෝගීන් හට මෙම අවාසනාවන්ත ඉරණම ඇති කරවන්නේ කවරෙක්ද? පහත ඇති ඡේදය කියවා බලා මේ ගැනද දැනුවත් වන්න.
මාරයා හඳුනාගන්න.

 
දියවැඩියාව යනු රුධිරයේ ඇති ග්ලූකෝස් ප‍්‍රමාණය වැඩි වීම හෝ අඩු වීම බව අපි දැන් දනිමු. දෙවන වර්ගයේ දියවැඩියාවෙන් පෙලෙන රෝගීන්ගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩිවීමට ප‍්‍රධානම හේතුව වී ඇත්තේ ඉන්සියුලින් මගින් ෙසෙල පටල වල ඇති උත්තේජක මත උත්තේජනය කලද ග්ලූකොස් ඇතුලූ වීම සඳහා වන ද්වාර විවර නොවීමයි. ග්ලූකෝස් ෙසෙල තුලට ඇතුල් කර ගැනීම ප‍්‍රතික්ෂේප කල නිසා එම ග්ලූකෝස් දැන් රුධිර ධාරාව තුලම පැවතිය යුතුය. මේ හේතුවෙන් රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහල යන අතර එසේ ඉහල යන විට අග්න්‍යාශය තවතවත් ඉන්සියුලින් නිශ්පාදනය කරනු ලබයි. ඉන්සියුලින් මට්ටම ශරීරයේ වැඩි වීම හේතුවෙන් අක්මාව තව තවත් රුධිරයට ග්ලූකෝස් නිපදවා මුදා හරීල මෙය ඉතාම භයානක තත්වයකි. දැරිය නොහැකි ඉනිසියුලින් ප‍්‍රමාණයක් සහ ග්ලූකෝස් ප‍්‍රමාණයක් රුධිරෙයේ පවතින විට ෙසෙල පටලයේ ඇති අප ඉහතින් දැක්වූ උත්තේජක මත ඉන්සියුලින් මගින් ඇති කරන අධික තෙරපීම නිසා ෙසෙල පටල දුර්වල වේ. මේ හේතුව නිසා ෙසෙල වැඩි වශයෙන් විනාශ වේ. අපගේ ශරීරයේ ඇති අවයව වල ෙසෙල මේ ආකාරයට මරණයට පත්වීම නිසා රෝගියා ඉතාමත් අසාධ්‍ය තත්වයකට පත්වේ.
අපගේ සිරුරේ ඇති ඉතාමත් වටිනාම අවයව වන මොළයල ශෘදය වස්තුව වැනි අවයව පිහිටා ඇත්තේ සිරුරේ ඉහල කොටසේය. මේ හේතුවෙන් දියවැඩියා රෝගියෙකුගේ රුධිරයේ වැඩි වශයෙන් ඉන්සියුලින් වැඩි වන විට මොළය මගින් රෝගියාට සිදුවන හානිය අවම කරගැනීම සඳහා මෙම ඉන්සියුලින් ශරීරයේ පහත කොටසට තල්ලූ කර හරී. මේ නිසාම දිය වැඩියා රෝගියෙකුගේ කකුල් වල තුවාල ඇති වේ. එසේ තුවාල ඇති වන්නේ බැක්ටීරියා ආසාදනයක් හෝ වෙන ආසාදනයක් නිසා නොව අප ඉහත දැක්වූ ඉන්සියුලින් වලින් ඇතිවන අතුරු ආබාධයක් නිසායග අප ඉහත සඳහන් කල උත්තේජක මත නිරන්තරයෙන්ම ඇතිවන අධික තෙරපීම නිසා ෙසෙල මරණයට පත්වේ. මෙසේ මරණයට පත් වන ෙසෙල ශරීරයෙන් ඉවත් කිරීම කකුලේ ඇතිවන තුවාල මගින් මනාව පෙන්නුම් කරයි.
ඇත්තටම ඔබට විශලම අනතුර ඇති කරන්නේ රධිරයේ ඇති සීනි වලින් නොව රුධිරයේ ඇති ඉනිසියුලීන් වලින් වේ. ඔබ රුධිරයේ ඇති සීනි ප‍්‍රමාණය ගැන ඉතාමත් පරික්ෂාකාරී වුවත් රුධිරයේ ඇති ඉනිසියුලීන් ගැන එතරම් තැකීමක් නැත. ඉන්සියුලීන් එන්නත් කර ගැනීම තමා විසින්ම සිදු කරගනු ලබන නිසා තමාට හිතේ හැටියට එන්නත් කර ගැනීම සිදුකරන පුද්ගලයන්ද අප දැක ඇත. අප රටේ සුප‍්‍රකට වයලීන් වාදකයෙකුට අත්වූ ඉරණමටද හේතුව වූයේ තමා සිතැඟි ආකාරයට ඉන්සියුලින් එන්නත් කර ගැනීමයි. මේවායින් ඔබද පාඩම් ඉගෙන ගත යුතුය. නැතිනම් අත්වන ඉරණම ඉතාමත් ඛේදජනක විය හැකිය.
තම ශරීරයේ ඉන්සියුලින් වැඩි බව වටහා ගැනීමට එක් කුඩා උපක‍්‍රමයක් ඇත. ඔබ කාබෝ හයිඞ්රේට් හෝ සීනි සහිත ආහාර වේලක් ගත් පසු ඉක්මනින් ඔබට නිදිමත ගතියක් ඇති වේ නම් එය ඔබගේ රුධිරයේ ඉනිසියුලින් මට්ටම වැඩි බවට ඉඟියකි. එසේම රාත‍්‍රියට නිනිදට ගොස් පැය තුනක ට පමණ පසු නින්දෙන් අවදි වී ආපසු නින්ද නොයයි නම් එය ඔබගේ රුධිරයේ ඉන්සියුලින් මට්ටම වැඩි බවට තවත් එක් සාධකයකි. මෙවැනි ලක්ෂණ ඇත්නම් ඔබ දියවැඩියාව ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. අප විසින් මෙම වෙබ් අඩවියේ දක්වා ඇති ආහාර භාවිතා කොට ඔබගේ නිරෝගී ජීවිතය ශක්තිමත් කර ගන්න.
දියවැඩියා රෝගීන් සඳහා එන්නත් කරන ඉන්සියුලින් සඳහා රෝගීන් විසින් වසරකට වියදම් කරන මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 18 කි. Type 2 දියවැඩියාව සහිත රෝගීන් හට ඉන්සියුලින් එන්නත් කිරීම අවශ්‍ය නොවේ. මේ නිසා මෙම වියදම දැරිය යුත්තේ Type 1 දියවැඩියාව වැළඳී ඇති අයයි. ( දෙවන වර්ගයේ දියවැඩියාව සහිත රෝගකීන්ද දැන් ඉන්සියුලින් එන්නත් කර ගනී. ) මිලියන 382 ක් පමණ වන ලෝක දියවැඩියා රෝගීන්ගෙන් සියයට 10 ක් පමණ Type 1 දියවැඩියාව වැලඳී ඇති රෝගීන් ලෙස සලකයි. මේ අනුව ගත් කල Type 1 දියවැඩියාව වැළඳී ඇති රෝගීන් සංඛ්‍යාව මිලියන 38 ක් පමණ වේ. පහත ඇති දත්තයන් ගැන ඔබගේ නෙත් යොමා බලන්න. ඔබත් මෙම සංඛ්‍යා අතර එක් පුද්ගලයෙකු විය හැකිය. ඔබ ලෙඩ වන තුරු බලා සිටින කිහිප දෙනෙකු ඩෙලර් බිලියන 548 ක් ඔ ඔබ සේම ඔවුන් විසින් රෝගීන් කරන ලද අයගෙන් උපයමින් සිටී. ඔබ දැනටමත් ප‍්‍රමාද වැඩිය. ඔවුන් ඔබව නාසය ලඟටම දියේ ගිල්වා ඇත. අහුවෙන දෙයක එල්ලෙන එක පමණක් ඔබ දැනට කරමින් සිටින බව ඉතාමත් සංවේග ජනකව ප‍්‍රකාශ කරමි. මේ නිසා මෙම තත්වයෙන් මිදීමටනම් ඔබට මහත් වූ ප‍්‍රයත්නයක් දරන්නට සිදුවනු ඇත. එය ලේසි පහසු කටයුත්තක්ද නොවන බව පසක්කරන්නට කැමැත්තෙමි.

Globally, 382 million people (8.3% of the adult population) had diabetes in 2013.
Of these, 175 million (46%) were undiagnosed.
Diabetes was responsible for 11% of the total global adult health expenditure (USD $548 billion) and 5.1 million deaths.
17% percent of all live births were associated with hyperglycaemia in pregnancy.
 80% of people with diabetes live in low- and middle-income countries.
592 million people (10% of adults) will have diabetes by 2035

වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්අංක 140 1/1ගාලුපාර ගල්කිස්ස.0713503450 / 0701902220 / 0112719000 / 0112735621
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana
දියවැඩියාව ගැන කථා කරන විට සථූලතාවය ගැන කථා නොකරම බැරිය. මේ නිසා පහත වීඩියෝවද නැරඹීම සුදුසු වේ. කිහිප වතාවක් නරඹා අපට වැරදී ඇති තැන් නිවැරදි කර ගන්න. ස්වාධීන වන්නග තම ජීවිතය ගැන තමා විසින්ම නිවැරදිව තීරණ ගන්න.
 

ඉහත සඳහන් වීඩියෝව ඔබගේ ඇස් විවර කරන්නට ඇතැයි සිතමි. ඉන්සියුලීන් වැඩිවීම තුල අපට මුහුණ දෙන්නට සිදුවන අවාසනාවන්ත තත්වය ගැනත් දශක ගනණාවක් තිස්සේ අප විඳින දුක ගැනත් සිතන්නට මෙය කාලයයි. දිය වැඩියාව සුව කරගන්නට ඇති හොඳම විසඳුම ලෙස මෙම වෛද්‍ය වරිය ගෙන හැර දක්වන්නේ කබෝහයිඞ්රේට ආහාර අඩු කර මේදය සහිත ආහාර වැඩි කරන ලෙසයි. මේ අනුව අපගේ ශරීරයේ ඉන්සියුලින් මට්ටම අඩු කර ගත හැකි අතරම දියවැඩියාවද සුව කර ගත හැකි ආකාරය ඇය ඉතා හොඳින් පහදා දෙයි. මෙය තරමක් විවාදයට තුඩු දෙන කාරණාවක් වුවත් ඔබගේ මනසට යොමු කර නැවත නැවත සිතා බලන්න. නියම පෝෂණය ඇති ආහාර අප විසින් ලබා ගන්නේ නම් අපට මෙතරම් රෝග සංඛ්‍යාවකට මුහුණ දෙන්නට සිදු නොවනු ඇත. ලිපිඩ සහිත ආහාර පරිභෝජනයට බිය වී ඇත්තේ කෙලෙස්ටරෝල් නිසා බව අපි දනිමු. මෙම ලිපිය අවසානයේ ඇති කෙලෙස්ටරෝල් ගැන ලියා ඇති ලිපියද කියවා ඒ ගැනත් දැනුවත් වන්න. කොලෙස්ටරෝල් පිළිබඳව ඇති හුඹස් බියද තුරන් කර ගන්න.
තවත් එක් කාරණාවක් ගැන ඔබගේ සිත යොමු කිරීමට කැමැත්තෙමි. ඒ ඇමෙරිකාව තුල දියවැඩියා රෝගියෙකු වියදම් කරන මුදලත් වසරකට මුලූ ඇමෙරිකාව වියදම් කරන මුදලත් ගැනය. දියවැඩියා රෝගියෙකු වසරකට වියදම් කරන මුදල ඩොලර් ලක්ෂ දෙකක් පමණ වේ. මෙය ඇදහිය හැකිද? එසේම වසරකට ඇමරිකාව තුල ඩොලර් බිලියන 250 ක් මේ සඳහා වියදම් කරන බව ඇය පවසයි. මෙම තොරතුරු ඔබට අන්තර්ජාලය හරහා සෙයා ගත හැකිය. කාලය වැය කොට ඒ ගැනත් සෙයා බලන්න. එය ඔබ වැනි දහස් කනනකට සේවය සැලසීමට මගක් විය හැකිය. අද මා මෙම ලිපිය ඔබ වෙත ගෙන එන්නේ මෙම දැනුවත් වීම සහ අදාල රෝග වලින් මිදීම නිසාය. හෙට මෙම කාර්්‍යය ඔබට බාර වෙනු ඇත. මා පවසන්නේ කුමක්දැයි ඔබට වැටහෙනු ඇතැයි සිතමි.
දියවැඩියාව සහ ජාන අතර සම්බන්ධයක් ඇත්ද?
ඉහත දැක්වූ වීඩියෝ දර්ශන ඔබ හොඳින් නැරඹුවා නම් දියවැඩියාවත් සමග කියවෙන තවත් එක් වචනයක් ඇසෙන්නට ඇති. ඒ ජෙනටික් යන වචනයයි. පරම්පරාවෙන් ජාන මගින් එන රෝගයක් ලෙස දියවැඩියාව මෙම වීඩියෝ වල ගෙන හැර දැක්වීමට උත්සාහ කරයි. අප මෙහිදී එක් නිදර්ශනයක් ගෙන හැර දක්වමු. අප එසේ කරන්නේ කිසිවෙකු අපහසු තාවයකට පත් කිරීමේ අදහසකින් නොවන අතර මෙය කියවන පාඨකයාගේ දැන ගැනීම පිනිසමය.
දිය වැඩියාව සෑදීමට හේතුව ජාන වල බලපෑමක් නම් ඇමෙරිකාවේ සිටින කළු ජාතිකයන්ටත් ඔවුන්ගේ නියම නිජ භූමිය වන නයිජීරියාවේ වෙසෙන කළු ජාතිකයන්ටත් එක සමාන ලෙස දියවැඩියාව තිබිය යුතුය. අදාල රටවල් දෙකෙහි 2014 වසරේ දියවැඩියා රෝගීන්ගේ ප‍්‍රමාණය අදාල ජනගහනයේ ප‍්‍රතිශතයක් ලෙස පහත දැක්වේ.

නියිජීරියානු ජාතිකයන් ගේ දියවැඩියා වැලඳුන රෝගීන්ගේ ප‍්‍රතිශතය 4.6‍%
ඇමෙරිකාණු කළු ජාතිකයන් ගේ දියවැඩියා වැලඳුන රෝගීන්ගේ ප‍්‍රතිශතය 13.2‍%

එපමණක්ද නොව ඇමෙරිකානු කළු ජාතිකයන්ගේ දියවැඩියාව වර්ධනය වීමේ ප‍්‍රවණතාවය ඇමෙරිකානු සුදු ජාතිකයන්ගේ දියවැඩියාව වර්ධනය වීමේ ප‍්‍රවණතාවය මෙන් 1.7 ගුණයකි. මෙය දෙගුණයකට ඉතාමත් ආසන්න ගණනකි. මේ ගැන වැඩිදුර සිතා බැලීම ඔබට බාර කරමිග මා මෙහිදී ඔබට ඒත්තු ගැන්වීමට උත්සාහ කලේ දියවැඩියාව යනු ජාන මය බලපෑමක් නිසාම පමණක් හට ගන්නා රෝගයක් නොවන බවයි.
දියවැඩියාව නැමති භයානක බෝ නොවන එහෙත් සුලබ රෝගී තත්වය ඇතිවීමට ප‍්‍රදානම හේතුව වන්නේ පෝෂණ ඌණතාවයයි. අප විසින් ඉහත දැක්වූ නානාවිධ කාර්්‍යයන් සිදු කිරීම පිනිස විවිධ පෝෂණ කොටස් අවශ්‍ය වේ. මෙම පෝෂ්‍ය කොටස් ශරීරය තුල නිපදවන්නේ නැත. එසේ හෙයින් අදාල පෝෂ්‍ය කොටස් අප ආහාර සමග ශරීරයට ඇතුළු කල යුතු වේ. අපගේ ආහාර වේල තුල යම් පෝෂ්‍ය කොටසක් ඌණ වුවහොත් අදාල පෝෂ්‍ය කොටස මගින් ශරීරයේ සිදු කරන කාර්්‍ය භාරය සිදු කිරීමට නොහැකි වේ. මේ නිසා අදාල පුද්ගලයා රෝගියෙකු වේ. අපි ඉහත දැක්වූ එක් එක් ක‍්‍රියාව සඳහා අවශ්‍ය වන පෝෂ්‍ය කොටස් මොනවාදැයි වෙන වෙනම ගෙන බලමු.
විශේෂයෙන්ම ග්ලූකෝස් පරිවෘතීය ක‍්‍රියාවලියේදී කාබෝ හයිඞ්රේට ග්ලූකෝස් බවට හෝ සුක්රෝස් ග්ලූකෝස් බවට හෝ පත් වීම දක්වා සිදු වන ක‍්‍රියා වලිය ගැන සොයා බැලිය යුතු වේ. මෙම ක‍්‍රියා වලිය සඳහා විටමින් බී සහ ඛණිජ ලවණ සැලකිය යුතු ප‍්‍රමාණයක් අවශ්‍ය වේ. යම් හෙයකින් මෙම ක‍්‍රියාවලිය සිදු කිරීම පිනිස වන මෙම පෝෂ්‍ය කොටස් ශරීරයේ හිඟ වුවහොත් ශරීරයේ රුධිරයේ ඇති ග්ලූකෝස් ප‍්‍රමාණය අඩු වීමට හේතු විය හැකිය. නමුත් මෙම තත්වය ගැන අප අතර එතරම් සැලකිල්ලක් නොමැත. මේ නිසා අදාල පෝෂ්‍ය කොටස් සහිත ආහාර ගැනීම ඉතාමත් වැදගත් වේ.

( ඉන්සියුලින් අනුවේ අනුරූපය )
ඉහත රූපයෙන් දැක්වෙන්නේ ඉන්සියුලින් අනුවක අනුරූපයකි. එහි මැද ඇති දම් පැහැති කුඩා කොටස සෑදී ඇත්තේ සින්ක් වලිනි. සින්ක් යනු අපගේ සිරුරට අත්‍යවශ්‍ය ඛණිජ ලවනයක් වන ඇතර අපි විසින් මෙම සින්ක් ආහාර සමග ශරීරයට ලබා දිය යුතුය. එසේ බලන කල යම් කෙනෙකුගේ ශරීරයේ සින්ක් ඌණතාවයක් ඇති වුවහොත් සිදු වන්නේ අග්න්‍යාශය තුල ඉන්සියුලින් නිපදවීම ඇන හිටීමයි. මෙය පලමු වර්ගයේ දියවැඩියාව ඇති වීමට ප‍්‍රධාන හේතුවක් වේ. එපමණක් නොව දරුවෙක් ලැබීමට සිටින මවක් තම ආහාරවේලට සින්ක් ඇතුලත් කර නොගත හොත් කුස තුල සිටින දරුවා මෙම ඛණිජ ලවණ ඌණතාවයෙන් පෙලෙනු ඇත. මේ හේතුව නිසා කුඩා වයසේ සිටම මෙම දරුවා දියවැඩියාවෙන් පෙලෙයි. බැලූ බැල්මට මෙය මවගෙන් දරුවාට පේ‍්‍රරණය වූ රෝගී තත්වයකි. ජාන වල ඇති අඩුවක් නිසා මෙය සිදුවී ඇති බව සිතීමට ඕනෑ තරම් අවකාශ ඇතග නමුත් ඇත්ත තත්වයනම් මවගේ ශරීරයේ ඇති සින්ක් ඌණතාවයයි.
එසේම අප විසින් සඳහන් කල ඉහත වීඩියෝ දර්ශන වලින් පෙන්වන ලද ආකාරයට ඉන්සියුලින් ෙසෙල මත ඇති සංවේදක හා සම්බන්ධ වනවාත් සමග තවත් තැනකින් ග්ලූකෝස් අණු ඇතුල් කර ගැනීම සඳහා වන ද්වාරයක් විවර කල යුතුව ඇත. නමුත් මෙම ද්වාරය විවර නොවීම නිසා දෙවැනි වර්ගයේ දියවැඞීයාව නම් රෝගය සෑදේග අදාල ඉන්සියුලින් සංවේදක හා සම්බන්ධ වනවාත් සමගම අදාල සංවේදකයේ සිට න්‍යෂ්ඨිය කරා සංඥාවක් ගමන් කල යුතුයග මෙය හරියට ගෙදර දොර අසල සවි කර ඇති සීණුව නාද කලා වැනිය. ස්විච් එක එබුවද සීනුව නාද වන්නට නම් අදාල වයර් හෝ පද්ධතිය නිසි අයුරින් තිබිය යුතුය. ෙසෙල වලද මේ ආකාරයේම වේග ෙසෙල ඇතුලට මෙම සංඥාව ගෙන යන්නේ ක්රෝමියම් මගිනි. ඔබ මෙම අත්‍යවශ්‍ය පෝෂ්‍ය කොටස් වල යම් ඌණතාවයකින් පෙලෙන්නේ නම් ග්ලූකෝස් ඇතුලූ කර ගැනීමට අවශ්‍ය වන දොර විවර වන්නට එය බාදාවක් වේ. මෙය දෙවන වර්ගයේ දියවැඩියාව ලෙස හැඳින්වේ. මේ සඳහා වැනේඩියම් නැමති ඛණිජ ලවනයද අවශ්‍ය වේග ඒවාද අප ගන්නා ආහාර වල ඇත. 1957 වසරේ ඇමෙරිකානු විද්‍යාඥයෙක් දෙවන වර්ගයේ දියවැඩියාව සුව කර ගැනීම සඳහා ඇමෙරිකානු ජනතාවට ක්‍රෝමියම් ආහාර සමග ලබා දිය යුතු බවට නිර්දේශ කොට ඇතග නමුත් එදා එසේ වූවානම් අද ඖෂධ සමාගම් විසින් ලබන ඩොලර් බිලියන ගනනක ලාබය නැතිවන්නට ඉඩ තිබින. එම විද්‍යඥයාගේ නිගමණය කුණු කූඩයට දමන්නට ඇත්තේ කවුරුන් විසින්දැයි මා විග‍්‍රහ කල යුතු නොවේ. අද ඔබගේ සාක්කුව දෙස ඇස් යොමාගෙන සිටින මෙම කාක්කන්ගෙන් ඔබ ගැලවෙන්නේ කවදාද? ඔබට ගැලවෙන්නට වුවමනාවක් ඇත්ද? දෙනෙත් විවර කර බලන්නග මෙම රෝග ඔබ වෙත බලෙන් පැටවූ රෝග වේග නවීන විද්‍යාවල රූපවාහිනීල අන්තර්ජාලය සහ වෙනත් සන්නිවේදන ක‍්‍රමෝපායන් භාවිතා කොට එදා ඇමෙරිකානු විද්‍යාඥයා විසින් නිගමණය කල රෝගය නැති කල හැකි ක‍්‍රමවේදය කුණු කූඩයට දැමූ අයම අද ඔබව රෝගාතුර කරමින් සිටී. නමුත් ඔබද ඇස් අඳ මිනිසුන් සේ ඔවුන්ගේ න්‍යාය පත‍්‍රයම ක‍්‍රියාත්මක කරමින් සිටී. ඔබ ඔබගේ අම්මා තාත්තාල ආච්චී සීයා උදාහරණයට ගෙන බලන්නග ඔවුන් නීරෝගීව සිටියේ කෙසේද? ඔවුන්ව අනුගමනය කරන්නග පැරණි ආහාර රටාව නැවත හුරු කර ගන්න.
ඔබ වසින් ශරීරයට දිනපතා පෝෂණ කොටස් 90 ක් ලබා දිය යුතු වන අතර අදාල පෝෂණ කොටස් ඇතුලත් ආහාර ලැයිස්තුවක් මෙම වේබ් අඩවියේ ඇතල ලිපිය කියවා අවසානයේ ඇති ලින්ක් භාවිතා කොට කියවා දැනුවත් වන්න.
අප ඉහත සඳහන් කල ග්ලයිකෝජන් ඔබට මතක ඇතැයි සිතමි. ග්ලයිකෝජන් යනු එකිනෙකට බැඳ දැමූ ග්ලූකෝස් අනු විශාල සංඛ්‍යාවකින් සැදුනු අණු වේ. මෙම අනු බැඳ තබන්නේ පොටෑසියම් වලිනි. ඔබ යම් හෙයකින් පොටෑසියම් ඌණ තාවයකින් පෙලූණහොත් ඇතිවන තත්වය ඔබට සිතා ගත හැකියැයි සිතමි. ග්ලූකෝස් අවශ්‍ය පමණට සහ අවශ්‍ය වේලාවට පමණක් ෙසෙල තුලට ඇතුලත් කර ගැනීමේ ක‍්‍රියාවලිකයකට මේ හේතුව නිසා ෙසෙල හුරුවේ. කෙනෙකු ව්‍යායාම කරන වේලාවකදී සිදුවන්නේ ෙසෙල වල ඇති ග්ලූකෝස් දහනය කොට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමයි. මෙම ශක්තිය නැවත ලබා ගැනීමට නම් ෙසෙල තුලට ග්ලූකෝස් ඇතුලත් කර ගත යුතු වේ. මේ නිසා ෙසෙල වල ඇති ග්ලූකෝස් ඇතුලූ කරණ ද්වාර විවර කර ග්ලූකෝස් ෙසෙල වලට ඇතුලූ කර ගනීග දැන් රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු වේ. මෙය තාවකාලික වුවද යහපත් ක‍්‍රයාවලයකි.
ඉන්සියුලින් ග්‍රෝත් ෆැක්ටර් IGF( Insulin like Growth factor ) රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කරන්නේ ඉන්සියුලින් පමණක් නොවේ. ඉන්සියුලින් මගින් කෙරෙන කාර්‍යය මෙන් 100 ගුණයක කාර්්‍යයක් ඉන්සියුලින් ග්‍රෝත් ෆැක්ටර් ෂඨත්‍ නම් අක්මාවේ නිපදවෙන හෝමෝනය මගින් සිදු කරයි. ඉන්සියුලින් ක‍්‍රියාත්මක වන්නේ අප ආහාර ගන්නා විටයග නමුත් IGF ක‍්‍රියාත්මක වන්නේ අප ආහාර නොගන්නා අවස්ථාවලදීය. අක්මාව නිරෝගීව තබා ගැනීම මගින් අග්න්‍යාශය මත ඇති කරන තෙරපුම විශාල වශයෙන් අඩුකර ගත හැකිය. එසේම අප පරිභෝජනය කරන කාබෝහයිඞ්රේට ප‍්‍රාමාණය අවම කිරීමත් ලිපිඩ ප‍්‍රමාණය වැඩි කිරීමත් මගින් ශරීරයේ අති ඉන්සියුලින් මට්ටම පාලනය කර ගත හැකි ආකාරය පහත වීඩියෝ නැරඹීමෙන් මනාව අවබෝධ කර ගතහැකිය.
 

වැඩිදුර විස්තර සඳහා.
ඔබ ඉහත ඇති වීඩියෝ දෙක නැරඹුවාද? රුධිරයේ සීනි පාලනය කිරීම සඳහා අක්මාව කෙතරම් කාර්‍යභාරයක් ඉටුකරන බව ඔබ තේරුම් ගත්තාද? ඉන්සියුලින් කෙරෙහිම විශ්වාසය තබා ඇති ඔබට යම් අස්වැසිල්ලක් ලබා ගැනීමට ඉහත වීඩියෝ දෙක උපයෝගී වන්නට ඇතැයි සිතමි. ඇමෙරිකාව තුල දිය වැඩියා ඖෂධ අලෙවි කිරීමේ එක් උපක‍්‍රමයක් ලෙස කාබෝ හයිඩ්‍රේට් පරිභෝජනය වැඩි කිරීමේ උපක‍්‍රමයක්ද මෙම වීඩියෝ නරඹන ඔබට දැකගන්නට ලැබෙන්නට ඇතැයි සිතමි.
කෙසේ වෙතත් අක්මාවේ නිශ්පාදනය කෙරෙන ඉන්සියුලින් ග්‍රෝත් ෆැක්ටර් නැමති හෝමෝනය මගින්ද රුධිරයේ සීනි පාලනය කරන බව ඔබ දැන ගැනීම වඩාත් උචිතයග ඉන්සියුලින් වලට වඩා 100 ගුණයක ඵලදායී තාවයකින් මෙම IGF හෝමෝනය ක‍්‍රියාත්මක වේ. දියවැඩියා රෝගියෙකු විසින් තම අක්මාවේ ක‍්‍රියාකාරීත්වය නිසියාකාරව පවත්වා ගැනීම මගින් රුධිරයේ සීනි ප‍්‍රමාණය පාලනය කර ගත හැකිය. විශේෂයෙන් අක්මාවය අනවශ්‍ය පීඩණයක් එල්ල කරන ඇල්කොහොල්ල බැර ලෝහ සහ අනෙකුත් විෂ ද්‍රව්‍ය ඇතුල් කිරීමෙන් වැලකී සිටීම මගින් ද ලපොටෑසියම් සහ සල්ෆර් සහිත ආහාර පරිභෝජනය මගින්ද අක්මාවට අවශ්‍ය ශක්තිය ලබා දිය හැකිය. දියවැඩියා රෝගියෙකු ගේ පොටෑසියම් ඌණතාවය හේතුවෙන් ග්ලූකෝස් ග්ලයිකෝජන් බවය පත් කිරීමේ හැකියාව නොමැති වීම නිසා රුධිරයේ ඇති අමතර ග්ලූකෝස් ලිපිඩ ලෙස ශරිරයේ තැන්පත් වීමට පටන් ගනීග දියවැඩියා රෝගියෙකුගේ ඇති වන ස්ථූල තාවයට හේතුව වන්නේ මෙම අමතර ලිපිඩ වේ. එය සිදු කරන්නේද රුධිරයේ ඇති අමතර ග්ලූකෝස් ඉවත් කිරීමේ ක‍්‍රමවේදයක් ලෙසය.අපගේ ශරීරයේ ඇති විශාලම සහ කාර්‍යක්ෂම ග‍්‍රන්ථිය අක්මාවයි. අක්මාව යනු අප ගේ ශරීරයට ඇතුලූ වන විවිධාකාර වූ විෂ අපද්‍රව්‍ය ශරීරයේ වෙනත් අවයව වලට යා නොදී පෙරා වෙන් කරන පෙරහනද වේ. මේ කරුණු නිසා අක්මාව නිරෝගීව පවත්වා ගැනීම සඳහා වසරකට එක් වතාවක් වත් වෙහෙස වීම අප විසින් සිදු කල යුතුය. අක්මාවේ විෂ හරණ ක‍්‍රියාවලිය පහසුවෙන් සිදු කරගත හැකි අකාරයක් පහත දක්වා ඇත.
ශරීරගත විෂ හරණය සඳහා ක‍්‍රමවේදයක්.

 
ඉහත ලෝක සිතියම දෙස හොඳින් බලන්න. විද්‍යාවේ දියුණුව ගැන ඉතාමත් උජාරුවෙන් කථාකරන යුගයක රෝගයක් මර්ධනය කරගැනීමට වෙර දරනවා වෙනුවට ඉදිරියේදී රෝගය වැළඳෙන ප‍්‍රමාණය ගැනත් ඔවුන්ට අලෙවි කිරීම සඳහා බෙහෙත් නිශ්පාදනය කිරීම ගැනත් ගනන් සදමින් සිටී. මේවා දැක දැකත් ඔබ තවමත් බටහිර ඖෂධ මතම විශ්වාසය තබනවාද? ඇස් අරින්නග ඔබගේ දෙමව්පියන් සහ වැඩිහිටියන් නිරෝගීව සිටියේ කෙසේදැයි සොයා බලන්න. දැනටමත් ඔබ මරණයට කැපවූ ගවයෙක් වැනිය. කවුරුන් හෝ මරණයෙන් මුදවා ගනීයැයි සිතිය හැකිද? මෙවැනි වදන් භාවිතා කිරීම ගැන මා ඔබගෙන් සමාව අයැද සිටිමි. නමුත් සමාජය ගිළගෙන ඇති මේ රුදුරු ව්‍යසනය කවුරුන් හෝ පෙන්වා දිය යුතුයග පිළිකා වැනි මාරාන්තික රෝග පවා සුව කල හැකි උදාර වෛද්‍ය ක‍්‍රම වලට තෝතැන්නක් වූ ශ‍්‍රී ලංකාවේ ඉපිද සිටින ඔබට අන් හැම දෙයක් සේම පිටතින් පැමිණි බෙහෙත ලොකු විය. මෙම බෙහෙත් දැන් ඔබට එකම පිලිසරන ඔවුන් වී ඇත. තමාගේ ආහාර වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ ගැන යම් දැනුමක් සහිතව ආහාර ගන්නේ නම් තරමක් දුරට හෝ මේ තත්වයෙන් ගැලවී යන්නට ඉඩකඩ තිබින.නමුත් කාගේ හෝ වුවමනාවකට පාසලේද මෙම විශයන් හරිහැටි උගන්වන්නේ නැත. සියල්ලම එකට ගැට ගැසී ඇති සේය. මෙය කියවන ඔබවත් හැකි තාක් දැනුවත් වන්න.
ඔබ මෙම ලිපිය හොඳින් කියවා බැලූවා නම් ඔබට හැඟෙන යම යම් කරුණු කාරණා තිබෙන්නට පුලූවන. ඔබ අද බොන බෙහෙත් වලින් රෝගය සුව නොවන බව වෛද්‍ය වරයා ඔබට පුන පුණා පැවසුවත් එය පාලනය කර ගැනීමේ පරමාර්ථයෙන් ඔබ බෙහෙත් ගනී. බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැලකෙන හිපොක‍්‍රටීස් පවසා ඇත්තේ තම ආහාරය ඖෂධය ලෙස භාවිතා කරන ලෙසයි. නමුත් අද මෙය ඔහුගේ දරුවන්ට අමතක වී ඇත. එයද සාමාන්‍ය සංසිද්ධියකි. අසරණ පියාට වඩා පුතා උගත් වූ පසු ඔහුගේ කිසිදු ආභාෂයක් ලබා ගැනීමට උගත් යැයි සැලකෙන අය මැලි වෙයි. මෙම තත්වයද එහිම එක් අංගයක් ලෙස ද දැකිය හැකිය. එහෙත් ඊට එහා ගිය මුදලට යටවූ ලෝකයක ජීවත් වන වෙළඳ පැලැන්තියකට ඔබ සහ අප යටවී ඇති බව සිතා ගත යුතුය. මෙහිදී විලෝපිතයා සහ ගොදුර වෙන්කර හඳුනා ගත හැකි නම් ඔබගේ ජීවිතය ගලවා ගත හැකි යැයි සිතමි.
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94 713503450
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්අංක 140 1/1ගාලුපාර ගල්කිස්ස.0713503450 / 0701902220 / 0112719000 / 0112735621
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana
දියවැඩියාව සුව කර ගන්නේ කෙසේද?
බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව දියවැඩියාව යනු සුවකල නොහැකි රෝගයකි. සිදු කල හැක්කේ පාලනය කිරීම පමණිග පාලනය කරන්නේ මොනවාද? රුධිරයේ ඇති සීනි මට්ටමයි. උදාහරණයක් ලෙස මෙට්ෆොමින් නැමති බටහිර ඔසුව ගෙන බැලිය හැකිය. එමගින් සිදු කරන්නේ ග්ලූකෝස් ශරීරයට අවශෝෂණය කර ගැනීම අවහිර කිරීමකි. මෙම ඔසුව දිනපතා භාවිතා කරන අයගේ ශරීරයට අවශ්‍ය ශක්තිය කෙසේ ලබා දෙන්නද? ඒ සඳහාද යම් විකල්පයක් තිබුනානම් මෙම ඔසුවෙන් සිදුවන අයහපත යම් දුරකට අඩු කරගත හැකි වනු ඇත.
බටහිර වෛද්‍ය විද්‍යාවට මෙම රෝගයට විසඳුම් නොමැති වූවාට ලෝකයේ ඇති අන් සියලූම වෛද්‍ය ක‍්‍රම වලට අනුව දියවැඩියාව යනු සුව කල හැකි පෝෂණ ඌණතාවයක් නිසා හට ගන්නා බෝ නොවන රෝගයකි. බෙහෙත් පෙත්තකට තම ජීවිතය බාර නොදී හැකි ඉක්මනින් තම ආහාර වේල සකසා ගන්න. ඒත් මේ වන විට ඔබගේ වැරදි ප‍්‍රතිපදා නිසා ශරීරයේ ඇති අභ්‍යන්තර පද්ධති වල යම් යම් සංකූලතා හට ගෙන තිබෙන්නට ඇති ඉඩකට ඉතාම ඉහලය. මේ නිසා මේවායින් මිදීමට අවශ්‍ය පියවර ගත යුතුය.
මෙම රෝගය සුව කර ගැනීම සඳහා සාර්ථකම ක‍්‍රම වේදයක් මා පළමුවෙන් කියා දෙන්නම්. ඔබ ඉරිදා දිනක වහරක ගෝනගල් දෙනිය ප‍්‍රදේශයේ ඇති අරිය චිත්තාශ‍්‍රම විහාරස්ථානයේ පවත්වා ගෙන යන වෛද්‍ය සායනයකට සහභාගී වී තමාට ඇති රෝගී තත්වයන් අදාල වෛද්‍ය වරුන්නට පහදා දෙන්නග ඔබට නිසි පිලිතුරු ලැබෙනු ඇත. දැනටමත් දිනකට 600 පමණ පිරිසක් මෙම ස්ථානයෙන් ප‍්‍රතිකාර ලබන නිසා ඔබගේ වාරය පැමිණෙන තුරු ඉවසිලිවන්තව සිටිමට සිදුවේ.එසේ එම ස්ථානයට යෑමට ඔබට නොහැකි නම් අප සතුව තවත් ක‍්‍රම කිහිපයක් ඇත. ඒත් එක් වරක් හෝ එම ස්ථානයට ගොස් ඔබගේ සර්වාංග ෙසෞඛ්‍යය ගැනම යම් අවබෝධයක් ලබා ගැනීම වැදගත් යැයි සිතමි. වරකා ගහේ මුළ සහ සුදු හඳුන් වලින් සාදන බෙහෙතක් මාර්ගයෙන්ද දියවැඩියාව සුව කල හැකිය. කෙසේ වෙතත් මේ වන විට ඔබගේ ෙසෞඛ්‍ය තත්වය ගැන හරි ආකාර වැටහීමක් ලබා ගැනීම වැදගත්ය.
පහත ඇති අංකය අමතා වැඩිදුර විස්තර ලබා ගත හැකිය.
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්අංක 140 1/1ගාලුපාර ගල්කිස්ස.0713503450 / 0701902220 / 0112719000 / 0112735621
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana
වහරක අරිය චිත්තාශ‍්‍රම විහාරස්ථානයට යන මාර්ග සිතියම සහ ලඟාවීමට හැකි බස් වල විස්ත්තරයක් ද පහත දක්වා ඇත.
 

 
වැදගත්ම කාරණය.
ඔබට යම් ඖෂධයක් මාර්ගයෙන් දියවැඩියාව සුව කර ගත්තා යැයි සිතමු. වසර 30 පමණ කාලයක් තිස්සේ පවත් වාගෙන ගිය අයහපත් පෝෂණ පුරුදු නිසා ඔබගේ ශරීරය මෙවැන් බෝ නොවන රෝගයකට ගොදුරු වූ බව ඔබ තවමත් නොදන්නේ නම් නැවතත් දියවැඩියාව පමණක් නොව පිළිකා හෘද රෝග වැනි දහසකුත් එකක් බෝ නොවන රෝග ඔබට අත වනන බව දැන ගන්නග ඔබගේ කාලය අවසන් වන්නට පුලූවන. නමුත් අසරණ දරුවන් ඒ තත්වයට ඇද දමන්නට එපාග නිරෝගී දරුවන් බිහිකරන්නට සිටින මවිවරුන් ඒ තත්වයට ඇද දමන්නට එපා. පෝෂ්‍යදායි ආහාර ඔවුන්ට ලබා දෙන්න. අඩු ගානේ මීලඟ පරම්පරාව වත් නිරෝගීව තබන්නට හැකි දෙයක් කරන්න.පහත ඇති ලිපි කියවා දැනුම ලබා ගෙන ජීවිතය ජය ගන්න.
දියවැඩියාව සුව කර ගන්නට පෙර ඔබ විසින් අත්හල යුතු ආහාර
දියවැඩියාව සුව කර ගන්නට ඔබ විසින් අහාර වේලට එක් කර ගත යුතු වන ආහාර.⦁ පොටෑසියම් සහිත ආහාර⦁ මැග්නීසියම් සහිත ආහාර⦁ කැල්සියම් සහිත ආහාර⦁ ක්‍රෝමියම් සහිත ආහාර⦁ සින්ක් සහිත ආහාර⦁ වැනේඩියම් සහිත ආහාර
කොලෙස්ටරෝල් වලින් මිදෙන ආකාරය.
පිළිකා වලින් මිදෙන ආකාරය.
දෛනිකව ආහාර සමග ශරීරයට ලබා දිය යුතු අත්‍යවශය පෝෂණ කොටස් 90 ක්.
අක්මාව නිරෝගීව පවත්වාගෙන දියවැඩියාව සුව කර ගන්න.
දියවැඩියාව සුව කර ගැනීමට හෙළ ඔසුවක් සාදා ගන්නා අකාරය.
වහරක අරිය චිත්තාශ‍්‍රම විහාරස්ථානයට යන මාර්ග සිතියම

වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
‍මෙත් සිතිනි.පෝෂණ වේදී.නයන තේනුවර.
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්අංක 140 1/1ගාලුපාර ගල්කිස්ස.0713503450 / 0701902220 / 0112719000 / 0112735621
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana
Nittaa.com DISCLAIMER: This web site is designed to provide nutritional information on selected herbal combinations. It is not intended for diagnosing ailments or prescribing remedies in any way. It is not meant to be a substitute for professional medical help because there is always a risk involved. The publisher and author are not responsible for any adverse consequences or effects resulting from the use of any of the information, or suggestions contained in this web site. If you are unwilling to assume the risk, please do not use this web site and the contain.
වගකීමෙන් යුතුව ඔබ බෙත ඉදිරිපත් කරන මෙම වෙබ් අඩවිය තෝරාගත් ශාක සාර සංයෝජන මත ගොඩ නැගුණු පෝෂණ තොරතුරු සැපයීම සඳහා පමණක් සැලසුම් කර තිබේ. එය කිසිදු ආකාරයකින් රෝග නිවාරණයට හො සුව කිරීම සඳහා වන පිළියම් ලෙස ඉදිරිපත් කර නොමැත. මෙහි සඳහන් කිසිදු ආහාරයක් හෝ නිශ්පාදන භාණ්ඩයක් හෝ පෝෂණ මය ඔසුවක් වෘත්තීය වෛද්‍ය උපදෙස් සඳහා ආදේශකයක් ලෙස අදහස් නොවේ. යම් රෝගියෙකුගේ හෝ රෝගයක වගකීම බාරගත නොහැකි බැවින් මෙ වෙබ් අඩවියේ ඇතුලත් ක්‍රමවේද භාවිතා කිරීම හෝ නොකිරීම පාඨකයාට බාර ක‍්‍රියාවක් වේ. අදාල රෝගියාගේ අවදානම අප ආයතනය හෝ මෙම ලිපි ඉදිරිපත් කරන කතු වරයා නොදරන බැවින් ඔබලා හට මෙම අවදානම ගත නොහැකිනම් මෙම වෙබ් අඩවියේ ඇති කිසිදු තොරතුරක් භාවිතා නොකල යුතු බවට මෙයින් ප‍්‍රකාශ කර සිටිමු.

Tags: Diabetes type 1 type 2