දියවැඩියාවේ තවත් පැත්තක්…


අපි බොහෝ විට දියවැඩියාව කියන රෝගයේදි බලන්නේ රුධිරගත ග්ලූකෝස් ප්‍රමාණය අඩු කරගන්න පැත්ත ගැනයි. නමුත් මේ දියවැඩියාවට බෙහෙත් ගන්න බොහෝ දෙනෙක් මරණයට පත්වෙනවා රුධිරයේ ග්ලූකෝස් අඩු වීම නිසා. අනෙක් කාරණය මේ අයට ශක්තිය බොහෝ අඩුයි. ඒ කියන්නේ සෛල වලට අවශ්‍ය ශක්තිය ලබාගන්නට ග්ලූකොස් මදි. අපි මේ ගැන පොඩ්ඩක් හිත යොමු කරලා බලමු.
අපේ රුධිරයේ ග්ලූකෝස් පාලනය කරන අවයව දෙකක් තියෙනවා. ඒ තමයි අග්න්‍යාෂය සහ අක්මාව. අක්මාව අග්න්‍යාෂයට වඩා සිය ගුණයක් වෙහෙසෙනවා රුධිර ගත ග්ලූකෝස් ප්‍රමාණය පාලනය කරන්නට. නමුත් අපිකිසිම විටක අක්මාව ගැන කතා කරන්නේ නැහැ.
අග්න්‍යාෂය මගින් කරන්නේ අපි ගන්නා ආහාර වල ඇති කාබෝහයිඩ්රේට් හෝ සීනි මගින් නිපදවන ග්ලූකෝස් රුධිරයට එක් වූ විට එම ග්ලූකෝස් සෛල ඇතුලට ඇතුල් කිරීමට උදව් කිරීමයි. ඒ සදහා තමයි ඉන්සියුලින් කියන හෝමෝනය අග්න්‍යාෂය මගින් නිකුත් කරන්නේ්. දැන් මේ කාර්‍ය්‍ය කෙරෙන්නේ අපි ආහාර අරං ටික වේලාවකින් පසුවයි.
නමුත් අපි නිරාහාරව ඉන්න වෙලාවට රුධිරයේ ඇති ග්ලූකෝස් පාලනය කරන්නේ කවුරුන් විසින්ද? එය සිදු කරන්නේ අක්මාව විසින්ය. අක්මාව මගින් IGF ( Insulin-Like Growth Factor ) හෝමෝනයක් නිපදවනවා. මෙම හෝමෝනය නිපදවන්නේ රුධිරයේ ග්ලූකෝස් අඩු වුනාමයි. ඉතිං යම් වෙලාවක රුධිරයේ ග්ලූකෝස් අදාල පුද්ගලයාගේ සිරුරට අවශ්‍ය වෙන මට්ටමේ නැතිනම් මෙම හෝමෝනය නිකුත් කර රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි කරනවා. ඉතිං අදාල පුද්ගලයාට පිටතින් ලේ සාම්පල් චෙක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අක්මාව අදාල කාර්‍යය නිරන්තරයෙන් කරන නිසා.
‍මේ කාර්‍යෙය්දී අක්මාව මගින් නිකුත් කරන IGF කියන හෝමෝනය නිකුත් කරන්නට ප්‍රිටියුටරි හෝමෝනයක් අවශ්‍ය වෙනවා. ඒ තමයි Growth Hormone කියන එක. මෙම හෝමෝනය මගින් අක්මාව උත්තේජනය කරනවා අදාල IGF නිකුත් කරන්නට. අපි වයසට යන්න යන්න Growth Hormone නිපදවීම අඩු වෙනවා. ඒ නිසා අක්මාවේ IGF නිපදවීමද අඩු වෙනවා. මේ නිසා වයසට යන්න යන්න ශරීරයේ ශක්තිය අඩු බවක් දැනෙන්නට ගන්නවා. මේ නිසා Growth Hormone නිපදවීමේ ක්‍රියාවලිය නිරෝගීව තබා ගැනීම ඉතාමත් වදගත් වෙනවා. ඒ සදහා පහත ක්‍රියාවලීන් භාවිතා කරන්නට පුලුවන්.

ස්ථූලතාවය අවම කරගැනීම.
යම් කාලයක් නිරාහාරව සිටීම. ( Fasting) තුන් දිනක් නිරාහාරව සිටිය හෝත් මෙම හෝමෝනය 300% කින් වර්ධණය වන බවත් සතියක් නිරාහාරව සිටීම මගින් එම හෝමෝනය 1200% ක වර්ධනයක් පෙන්වන බවත් සොයාගෙන ඇත. මේ නිසා අපට යම් පෝෂණ වැඩපිලිවෙලකට පසු යම් නිශ්චිත කාලයක් නිරාහාරව සිටීම කල හැකිනම් එය මේ සදහා වැදගත් වන බව කිව හැකියි.
arginine ඇමයිනෝ අම්ල සහිත ආහාර එක් කරගැනීම
 සීනි සහිත ආහාර අවම කිරීම.
රාත්‍රී නින්දට පැය තුනකට පෙර ආහාර ගැනීම නැවැත්වීම.
GABA ප්‍රෝටීනමය නොවන ඇමයිනෝ අම්ලය සහිත ආහාර ගැනීම.
CGF (Chlorella growth factor) ආහාර වලට එක් කරගැනීම. මෙය ශාඛ වල වර්ධනයට උපකාරීවන වර්ධක හෝමෝනයයි. එයද අපගේ අක්මාවේ IGF නිපදවීම උත්තේජනය කරන්නට සමත්ය. CGF (Chlorella growth factor) වැඩිම ශාඛ වර්ගය වන්නේ Chlorella නම් ඇල්ගී වර්ගයේයි. එයින්ද උපරිමය ඇත්තේ Chlorella Sorokiniana නම් ඇල්ගී වර්ගයේය. මේ නිසාම මෙම ඇල්ගී වර්ගය දිනකට හතරගුණයක් වර්ධනයක් පෙන්වයි. මේ නිසා මෙම ඇල්ගී වර්ගය දෛනිකව ආහාරයට ගැනීම ඉතාමත් නිරෝගී දිවියක් ගත කරන්නට හේතු වේ.
රාත්‍රී කාලයේ පැය 8 කවත් නින්දක් ලබා ගැනීම.
ව්‍යායාම වල නිරත වීම.
Melatonin වර්ධනය කරගත හැකි ආහාර ගැනීම.

මෙම ක්‍රම‍‍වේදයන් මගින් Growth Hormone නිශ්පාදනය වැඩි කරගත හැකි වන අතර ඊට අමතරව CGF සහිත ආහාර ගැනීම මගින් අක්මාවේ නිපදවන IGF හෝමෝනය ප්‍රසස්ථ මට්ටමක පවත්වාගත හැකි වනු ඇත. මේ මාර්ගයෙන් ඉන්සියුලින් පිටතින් ලබා ගන්නා ඔබගේ රුධිරයේ යම් වෙලාවක ග්ලූකෝස් මට්ටම අඩු වුවහොත් එය සමතුලිත කරීම පිනිස IGF රුධිරයට මුදා හැර සෛල වල තැන්පත් කර ඇති ග්ලූකෝස් පිටතට ගෙන ඒමය කටයුතු කරයි.
මින් පෙර ලියූ පොටෑසියම් සහ දියවැඩියාව අතර සම්බන්ධය සහිත ලිපියද කියවා ඒ දැනුමද මේ සමග එක් කරගන්න. තවත් කෙනෙකුට දැනගන්නට සැලැස්වූවානම් හොදයැයි සිතේ නම් ෂෙයාර් කරන්න. මාගේ පුද්ගලික ගෘප් එකට සම්බන්ධ වීමට පහත ලින්ක් එක භාවිතා කරන්න.
https://t.me/nayana
‍මෙත් සිතිනි…!!