තරබාරු කම නැතහොත් ස්ථූලතාවය යනු අද සමාජයේ බහුල වශයෙන් ඇති රෝගී තත්වයකි. මෙය අධිපෝෂණය යනුවෙන්ද හඳුන්වා ගනු ලබයි. ඇත්තටම සිදු වී ඇති දේ ගැන අපි මෙම ලිපියෙන් විස්තරාත්මකව සහ තර්කානු කූලව සොයා බලමු. මේ වන විට සමාජ ගත වී ඇති ඇතැම් මත වලට මෙම ලිපිය මගින් යම් පහරක් එල්ල වන්නේ නම් ඒ මත දරන අයගේ සිත් තුල ඇති වන විරුද්ධ මත වලට අපි කිසිදු විරෝධයක් පල නොකරන අතර සිත් රිදීමක් ඇති වූවා නම් ඒ ගැන අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කොට සිටිමු.
ස්ථූල තාවය ගැන කථා කරන විට අපට මුලින්ම සිහි වන්නේ අධික ලෙස ආහාර ගැනීමයි. දෙවැනුව සිහි වන්නේ අලස කමයි. මේ දෙකම අධිකව ඇති තැනැත්තා ස්ථූල තාවයෙන් පෙලෙන බව අපි දන්නා කරුණවේ. මීට අමතරව තවත් කරුණක් ඇත. ඒ ඔබ තරබාරු කම නැති කර ගැනීමට මානසිකව සූදානම් නොවීමයි. අපි මේ කරුණු ගැන වෙන වෙනම ගෙන බලමු.
බඩ ගින්න යනු අපගේ ආමාශයේ ඇති වන හිස් බවක් නිසා හටගන්නා දාහයක් ලෙස අපි දනිමු. අප විසින් මුඛ මාර්ගයෙන් ගන්නා ආහාර ආමාශය තුල පවතින්නේ පැයකට වඩා තරමක් වැඩි කාලයක් පමණි. ඉන් පසු අප විසින් ආහාරයට ගන්නා ලද ආහාර ඉතා කුඩා කැබලි වලට කඩා උකු දියරයක් ලෙස කුඩා බඩ වැලට එකතු වේ. එසේ ජීර්ණය කල ආහාර මුදා හල පසු ආමාශය හිස් වේග ආමාශයේදී ජීරණය වූ ආහාර කුඩා අන්ත්රය දිගේ පහලට ගමන් කරණ අතර තුර තව දුරටත් ජීරණය වී අංගුලිකා හරහා අවශ්‍ය පෝෂණ කොටස් සිරුරට උරා ගනු ලබයි. මේ ක්‍්‍රියා වලියද පැය දෙකක පමණ කාලයක් තුලදී සිදු වේග ඉන් පසුව ඉතිරි වන ජීර්ණය කල නොහැකි ආහාර කොටස් මහා අන්ත්රය ට මුදා හරින අතර එහිදී ද ජලය සහ වෙනත් අවශෝෂනය කල හැකි කොටස් අවශෝෂනය කරනු ලබයි. මෙසේ ගුද මාර්ගය දක්වා අදාල ආහාර පැමිණීමට පැය 4 ක පමණ කාලයක් ගත වේ.
මේ අනුව ආමාශය හිස් වී දැන් පැය 3 ක් පමණ ගත වී ඇත. නමුත් අපිට බඩගින්නක් දැනුනේ නැත. නමුත් පැය 4 කට වැඩියෙන් නම් සිටිය නොහැකිය. නැවත ආහාර අවශ්‍ය බව අපගේ කුස ගින්න පවසයි. මේ ගින්න ඇතිවූයේ කෙසේද? අපගේ සිරුරට ආහාර ඔස්සේ පෝෂණ කොටස් 90 ක් ලබා දිය යුතුය. මෙම පෝෂණ කොටස් ගැන අපි මින් පෙර ලිපි වලින් විස්තරාත්මකව කථා කොට ඇති නිසා මෙහිදී ඒ ගැන විස්තර නොදක්වමු. අපගේ සිරුරට අවශ්‍ය පෝෂණය හිඟ වූ විට ඒවා නැවත ආහාර මගින් අප විසින් සිරුරට ලබා දිය යුතු වේ. ඒ බව අපට හඟවන සංඥාව බඩ ගින්නයි. නමුත් අපි සිදු කරන්නේ අදාන පෝෂණ කොටස් 90 වෙනුවට මොනවා හෝ ක්ෂණික ආහාරයක් බඩට දා ගැනීමයි. මේ නිසා බඩ ගින්න නැති වී යයි. නමුත් පෝෂණ ඌණතාවය එසේම පවතීග නැවත වරක් ආහාර ගැනීමට නම් තවත් පැය 3 – 4 ක් බලා සිටිය යුතුය. මක් නිසාද යත් ලබා ගත් ආහාර තවම ආහාර ජීරණ පද්ධතිය තුල ඇති නසාය. තවත් පැය 3-4 කින් නැවත වරක් අදාල පෝෂණ අවශ්‍ය තාවය සපුරා ගැනීම සඳහා මොලය සංඥා නිකුත් කරයි. අපිට නැවතත් බඩ ගින්න සේ මෙය දැනෙයි. නැවතත් ආහාර ගනී. මේ නිසා ආහාර ගැනීම නිරන්තරයෙන් සිදුවේ. අදාල පෝෂ්‍ය කොටස් 90 අප විසින් දින පතා ආහාරයට එක් කර ගත දා සිට මේ නොසිතෙන බඩ ගින්න නවතිනු ඇතග අදාල පෝෂ්‍ය කොටස් ලබා ගන්නා ආකාර ගැන අපි අපගේ වෙබ් අඩවියෙන් ඔබව දැනුවත් කොට ඇත.
ඔබ රාත්‍රී කාලයේ 9 වන විට ආහාර ගත්තා යැයි සිතන්න. ඔබ පසුදා උදේ 9 වනතෙක් වුවද සිටිය හැකිය. බඩ ගින්නක් එතරම් දැනෙන්නේ නැත. මෙයට හේතුව දැන ගැනීමද ඉතාමත් වැදගත්ය. රාත්‍රී කාලයේ අපගේ ශරීරයේ ෙසෙල නැවත නිර්මාණය කිරීම සිදුවේ. මෙම ක්‍්‍රියාවලිය සිරුරේ ඉන්සියුලින් ඇති වේලාවට සිදු නොවේ. අග්න්‍යාෂයේ ඉන්සියුලින් ශ්‍රාවය වීම සිදු වන්නේ අප විසින් ආහාර අනුභව කොට ජීරණය වූ ආහාර කුඩාන්ත්ර වෙත මුදා හරින විටදීය. මේ කාලයතුල රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය වර්ධනය වන නිසා ඉන්සියුලින් ප්‍රමාණයද වර්ධනය වේ. ඉන්සියුලින් වැඩියෙන් ඇති විට දේහ ෙසෙල වර්ධනය සිදු කරන්නේ නැත. රාත්‍රී කාලයේ දී මිනිස් සිරුරේ මාංශ පේෂී ෙසෙල නිපදවීම සිදු වන නිසා මොළය විසින් ආහාර ලබා ගැනීමට අවශ්‍ය සංඥා නිකුත් නොකරයි. මේ නිසා කෙතරම් වේලාවක් ආමාශය හිස්ව තිබුනත් අපට බඩ ගිනි නො දැනෙයි. එසේ නම් ස්ථූල තාවයට හේතුව වන්නේ දවල්ට වැඩි ප්‍රමාණයක් ආහාර අනුභව කිරීමයි.
අත්තටම අපිබඩ ගින්නට කන්නේ මොනවාද? ඔබ හොඳින් සිතා බලන්න. ඔබ ආහාරයට ගන්නේ කාබෝහයිඕරේට් වලින් පොහොසත් තෙල් වලින් බදින ලද රස කාරක එක් කල වස විස සහිත ආහාරයක් නොවේද? ඔබ ගන්නා ආහාර වේල ඔබගේ දිවල ඇසල කණල නාසය සහ ශරීරය යන පංචේන්ද්රියන්ම පිනවන්නට නම් ඇත. නමුත් ඔබව අදාල ආහර වේල ලබා ගන්නට පෙළඹවූ මනස ඔබ විසින් අමතක කර දමා ඇත. ඔබගේ සිරුරේ අවශ්‍ය තාවය දන්නේ මොළයයි. ඇස කණ නාසය දිව ශරීරය යන පංචේන්ද්රියන්ම මෙය නොදනී. මේ හේතුව නිසා මොන තරම් වරදක් අප විසින් ශරීරයට සිදු කර ඇත් දැයි ඔබම සිතා බලන්න. හොඳ දේ රස අඩු වන්නට පුළුවන. නමුත් අපි ඒ දේවල් සිරුරට ලබා නොදුනහොත් අනාගතයේ රෝගියෙකු සේ මිය යන්නට වන බව සිතට ගත යුතුය.
අපගේ ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය කොටස් වලින් දෙකක් පමණක් ගෙන මේ ගැන ඔබව දැනුවත් කිරීමට සිතමි. කැල්සියම් සහ මැග්නිසියම් යන ඛණිජ ලවණ ගැන ඔබ දන්නවා ඇතැයි සිතමි. මේ මූලද්‍රව්‍යන් අපගේ සිරුර භාෂ්මිකව තබා ගැනීමට උපකාරී වේඔබ රාත්‍රී කාලයේ 9 වන විට ආහාර ගත්තා යැයි සිතන්න. ඔබ පසුදා උදේ 9 වනතෙක් වුවද සිටිය හැකිය. බඩ ගින්නක් එතරම් දැනෙන්නේ නැත. මෙයට හේතුව දැන ගැනීමද ඉතාමත් වැදගත්ය. රාත්‍රී කාලයේ අපගේ ශරීරයේ ෙසෙල නැවත නිර්මාණය කිරීම සිදුවේග මෙම ක්‍්‍රියාවලිය සිරුරේ ඉන්සියුලින් ඇති වේලාවට සිදු නොවේ. අග්න්‍යාෂයේ ඉන්සියුලින් ශ්‍රාවය වීම සිදු වන්නේ අප විසින් ආහාර අනුභව කොට ජීරණය වූ ආහාර කුඩාන්ත්ර වෙත මුදා හරින විටදීය. මේ කාලයතුල රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය වර්ධනය වන නිසා ඉන්සියුලින් ප්‍රමාණයද වර්ධනය වේ. ඉන්සියුලින් වැඩියෙන් ඇති විට දේහ ෙසෙල වර්ධනය සිදු කරන්නේ නැත. රාත්‍රී කාලයේ දී මිනිස් සිරුරේ මාංශ පේෂී ෙසෙල නිපදවීම සිදු වන නිසා මොළය විසින් ආහාර ලබා ගැනීමට අවශ්‍ය සංඥා නිකුත් නොකරයි. මේ නිසා කෙතරම් වේලාවක් ආමාශය හිස්ව තිබුනත් අපට බඩ ගිනි නො දැනෙයි. එසේ නම් ස්ථූල තාවයට හේතුව වන්නේ දවල්ට වැඩි ප්‍රමාණයක් ආහාර අනුභව කිරීමයි.
අපගේ ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය කොටස් වලින් දෙකක් පමණක් ගෙන මේ ගැන ඔබව දැනුවත් කිරීමට සිතමි. කැල්සියම් සහ මැග්නිසියම් යන ඛණිජ ලවණ ගැන ඔබ දන්නවා ඇතැයි සිතමි. මේ මූලද්‍රව්‍යන් අපගේ සිරුර භාෂ්මිකව තබා ගැනීමට උපකාරී වේ. අපගේ රුධිරය නිරතුරුවම භාෂ්මික විය යුතුය. මේ නිසා සැමවිටම රුධිරයේ පී එච් අගය 7 ට වැඩි අගයක් ගනී. යම් හෙයකිස් එය 7 ට අඩු වුවහොත් රුධිරය ආමිලික වේ. මේ තත්වය කෙනෙකුගේ මරණයට පවා හේතු විය හැකිය. මේ නිසා අප විසින් අවශ්‍ය ප්‍රමාණයට කැල්සියම් සහ මැග්නීසියම් ආහාර වේලට එක් කර නො ගත හොත් මොළය විසින් අදාල මූලද්‍රව්‍ය සිරුරේ තැන්පත් කොට ඇති තැන්වලින් නැවත ලබා ගෙන රුධිරයේ භාෂ්මික තාවය පවත් වා ගනී. එසේ සිදු කරන්නේ අපව මරණයෙන් මුදවා ගැනීම පිණිසයි. ඊට පසු සිදු වන දේ ඔබට වැටහෙනු ඇතැයි සිතමි. අපගේ අස්ථි සැකසී ඇත්තේ ප්‍රධාන වශයෙන්ම කැල්සියම් වලිනි. මෙම කැල්සියම් නැවත අවශෝෂනය කරගත හොත් සිදු වන්නේ කුමක් දැයි සිතා ගත හැකියැයි මා සිතමිග අස්ථි දුර්වල වීම මේ හේතුව නිසා හට ගනී. මෙයින් මිදිමටනම් ඔබ විසින් සිදු කල යුතු වන්නේ සිරුරට අවශ්‍ය ප්‍රමාණයට කැල්සියම් සහ මැග්නීසියම් ලබා දීමයි. ඒ සඳහා ඕනෑ තරම් ආහාර අපට සොයා ගත හැකිය. කැල්සියම් සහ මැග්නීසියම් බහුල ආහාර ලැයිස්තුවක් පහත දක්වා ඇත.
සිරුර මෙවැනි පෝෂණ කොටස් ඉල්ලන විට ඔබ ලබා දෙන්නේ කාබෝහටිඕරේට සහ ලිපිඩ අධික ආහාර වීම නිසා අදාල පෝෂණ කෙටස් නොලැබීම හේතුවෙන් මිනිස් මොලය නැවත නැවත ආහාර ඉල්ලා සිටී. ඒ භාෂාව නොදන්නා ඔබ නැවත නැවත පිටි වලින් කුස පුරවාලයි. වැඩිපුර ආහාරයට ගන්නා කාබෝහයිඕරේට වලට කුමක් සිදුවේද? ඒ ගැන අපි සොයා බැලිය යුතුය.
වාහනයක් ධාවනය වන්නේ කාබණික ඉන්ධන දහනය කිරීමෙන් ලැබෙන ශක්තිය උපයෝගී කොට ගෙනය. එසේම අපගේ ශරීරය ක්‍්‍රියාත්මක වන්නේද ෙසෙල තුල ඇතිවන ග්ලූකෝස් දහනය කිරීමෙන් ලැබෙන ශක්තියෙනි. මෙම ශක්තිය අප මනින්නේ කැලරි වලිනි. දිනකට සාමාන්‍ය මිනිසෙකුට අවශ්‍ය කැලරි ප්‍රමාණය 2700 ක් පමණ වේ. ඔහුගේ ක්්රියාකාරී මට්ටම සහ වයස අනුව මෙම අගය අඩු හෝ වැඕ විය හැකිය. අපි ගන්නා ආහාර වලින් මෙම කැලරි ප්‍රමාණය ශරීරය ලබා ගනීග යම් හෙයකින් අපි වැඩි කැලරි ප්‍රමාණයක් ජනනය කල හැකි ආහාර ප්‍රමාණයක් ශරීරයට ලබා දුන හොත් කුමක් සිදු වේද? සිදු වන්නේ වැඩි කැලරි ප්‍රමාණය සහිත පෝෂණ කොටස් ලිපිඩ වලට පෙරලා අපගේ සිරුරේ ඇති ලිපිඩ තැන්පත් කරන ෙසෙල වල තැන්පත් කිරීමයි. මේ ක්‍්‍රියා වලිය නොදන්නා මිනිසා හැකි උපරිම ප්‍රමාණයට ආහාර ගනී. දිනකට කැලරි 5000 ක ප්‍රමාණයක් නිපද විය හැකි ආහාර කෙනෙකු පරිභොජනය කරන්නේ නම් 2500 ක පමණ කැලරි ප්‍රමාණයක් නැවත නිපදවිය හැකි මේද ප්‍රමාණයක් සිරුරේ තැන්පත් කරයි. මෙම තැන් පත් කිරීම ප්‍රධාන වශයෙන්ම සිදු කර්නේ සමට යටින් ඇති මේද තැන්පත් කල හැකි ෙසෙල වල වේ. මේ ක්‍්‍රියා වලිය දිගින් දිගටම ක්‍්‍රියාත්මක වීමේ ප්‍රති ඵලයක් ලෙස ස්ථූලතාවය ඇතිවේ.
දිනකට ලබා ගන්නා ආහාර වේල පාලනයක් ඇති කිරීමට නම් අපි ගන්නා ආහාර මගින් අපට අවසානයේ ලැබෙන කැලරි ප්‍රමාණය දැනගත යුතුය. ඒ ගැන පහත ඇති දත්තයන් වලින් යම් දැනුමක් ඔබට ලැබෙනු ඇතැයි සිතමි.
කාබෝ හයිඕරේට් ග්‍රෑම් 1 ක ඇති කැලරි ගනන 4 කි.
ප්‍රෝටීන ග්‍රෑම් 1 ක ඇති කැලරි ගනන 4 කි.
මේද ග්‍රෑම් 1 ක ඇති කැලරි ගනන 9 කි.
ඇල්කොහොල් ග්‍රෑම් 1 ක ඇති කැලරි ගනන 7 කි.
මෙම දත්ත විශ්ලේෂණය කිරීමේදී ඔබට ඔබගේ ආහාර වේල ගැන යම් ගණනය කිරීමක් සිදු කල හැකි වේ. ඔබ දෛනිකව පරිභෝජනය කරන කෑම වේලක් තුල ඇති කැලරි ගනන අපි සොයා බලමු.
සම්බා සහල් වලින් පිසූ බත් ග්‍රෑම් 200 ( 200 ට 4 ) – කැලරි 800
මාළු හෝ මස් සහ ප්‍රෝටීන් සහිත ආහාර ග්‍රෑම් 100 ( 100 ට 4 ) – කැලරි 400
මේදය සහිත ආහාර ග්‍රෑම් 20 ( 20 ට9 ) – කැලරි 180
එකතුව ( එක් වේලකට ) – කැලරි 1380
තුන් වේලටම – කැලරි 4140
ඔබ එම දිනය තුලදී වැය කලේ කැලරි 2500 ක ප්‍රමාණයක් නම් තවත් කැලරි 1640 ක පමණ ප්‍රමාණයක ආහාර අපගේ සිරුරේ ඉතිරි වේ. අපගේ සිරුර මේ පෝෂ්‍ය කොටස් කිසිදු අයුරකින් ශරීරයෙන් බැහැර නොකරයි. නැවත අවශ්‍ය වේලාවක ලබා ගැනීම සඳහා මෙම කැලරි ප්‍රමාණයට අදාල වන මේද ප්‍රමාණයක් සමට යටින් ඇති මේද ස්ථරයක් ලෙස තැන්පත් වේ. කැලරි 1640 ක් යනු මේදය ග්‍රෑම් 182 ක ප්රමාණයකි. අප මෙම ගණනයේදී ඇල්කොහොල් පානය කරන ප්‍රමාණයත් අතර මැද කාල වලදී ලබා ගන්නා ආහාර වලත් ඇති කැලරි ප්‍රමාණය ගණනය කොට නොමැත. ඒවා ගණනය කලහොත් මෙම ප්‍රමාණය තවත් වැඩි වන බව සිතට ගත යුතුවේ. අපගේ රුධිරය නිරතුරුවම භාෂ්මික විය යුතුය. මේ නිසා සැමවිටම රුධිරයේ පී එච් අගය 7 ට වැඩි අගයක් ගනී. යම් හෙයකිස් එය 7 ට අඩු වුවහොත් රුධිරය ආමිලික වේ. මේ තත්වය කෙනෙකුගේ මරණයට පවා හේතු විය හැකිය. මේ නිසා අප විසින් අවශ්‍ය ප්‍රමාණයට කැල්සියම් සහ මැග්නීසියම් ආහාර වේලට එක් කර නො ගත හොත් මොළය විසින් අදාල මූලද්‍රව්‍ය සිරුරේ තැන්පත් කොට ඇති තැන්වලින් නැවත ලබා ගෙන රුධිරයේ භාෂ්මික තාවය පවත් වා ගනී. එසේ සිදු කරන්නේ අපව මරණයෙන් මුදවා ගැනීම පිණිසයි. ඊට පසු සිදු වන දේ ඔබට වැටහෙනු ඇතැයි සිතමි. අපගේ අස්ථි සැකසී ඇත්තේ ප්‍රධාන වශයෙන්ම කැල්සියම් වලිනි. මෙම කැල්සියම් නැවත අවශෝෂනය කරගත හොත් සිදු වන්නේ කුමක් දැයි සිතා ගත හැකියැයි මා සිතමි. අස්ථි දුර්වල වීම මේ හේතුව නිසා හට ගනී. මෙයින් මිදිමටනම් ඔබ විසින් සිදු කල යුතු වන්නේ සිරුරට අවශ්‍ය ප්‍රමාණයට කැල්සියම් සහ මැග්නීසියම් ලබා දීමයි. ඒ සඳහා ඕනෑ තරම් ආහාර අපට සොයා ගත හැකිය. කැල්සියම් සහ මැග්නීසියම් බහුල ආහාර ලැයිස්තුවක් පහත දක්වා ඇත.
සිරුර මෙවැනි පෝෂණ කොටස් ඉල්ලන විට ඔබ ලබා දෙන්නේ කාබෝහටිඕරේට සහ ලිපිඩ අධික ආහාර වීම නිසා අදාල පෝෂණ කෙටස් නොලැබීම හේතුවෙන් මිනිස් මොලය නැවත නැවත ආහාර ඉල්ලා සිටී. ඒ භාෂාව නොදන්නා ඔබ නැවත නැවත පිටි වලින් කුස පුරවාලයි. වැඩිපුර ආහාරයට ගන්නා කාබෝහයිඕරේට වලට කුමක් සිදුවේද? ඒ ගැන අපි සොයා බැලිය යුතුය.
වාහනයක් ධාවනය වන්නේ කාබණික ඉන්ධන දහනය කිරීමෙන් ලැබෙන ශක්තිය උපයෝගී කොට ගෙනය. එසේම අපගේ ශරීරය ක්‍්‍රියාත්මක වන්නේද ෙසෙල තුල ඇතිවන ග්ලූකෝස් දහනය කිරීමෙන් ලැබෙන ශක්තියෙනි. මෙම ශක්තිය අප මනින්නේ කැලරි වලිනිග දිනකට සාමාන්‍ය මිනිසෙකුට අවශ්‍ය කැලරි ප්‍රමාණය 2700 ක් පමණ වේ. ඔහුගේ ක්්රියාකාරී මට්ටම සහ වයස අනුව මෙම අගය අඩු හෝ වැඕ විය හැකිය. අපි ගන්නා ආහාර වලින් මෙම කැලරි ප්‍රමාණය ශරීරය ලබා ගනී. යම් හෙයකින් අපි වැඩි කැලරි ප්‍රමාණයක් ජනනය කල හැකි ආහාර ප්‍රමාණයක් ශරීරයට ලබා දුන හොත් කුමක් සිදු වේද? සිදු වන්නේ වැඩි කැලරි ප්‍රමාණය සහිත පෝෂණ කොටස් ලිපිඩ වලට පෙරලා අපගේ සිරුරේ ඇති ලිපිඩ තැන්පත් කරන ෙසෙල වල තැන්පත් කිරීමයි. මේ ක්‍්‍රියා වලිය නොදන්නා මිනිසා හැකි උපරිම ප්‍රමාණයට ආහාර ගනී. දිනකට කැලරි 5000 ක ප්‍රමාණයක් නිපද විය හැකි ආහාර කෙනෙකු පරිභොජනය කරන්නේ නම් 2500 ක පමණ කැලරි ප්‍රමාණයක් නැවත නිපදවිය හැකි මේද ප්‍රමාණයක් සිරුරේ තැන්පත් කරයි. මෙම තැන් පත් කිරීම ප්‍රධාන වශයෙන්ම සිදු කර්නේ සමට යටින් ඇති මේද තැන්පත් කල හැකි ෙසෙල වල වේ. මේ ක්‍්‍රියා වලිය දිගින් දිගටම ක්‍රියාත්මක වීමේ ප්‍රති ඵලයක් ලෙස ස්ථූලතාවය ඇතිවේ.
දිනකට ලබා ගන්නා ආහාර වේල පාලනයක් ඇති කිරීමට නම් අපි ගන්නා ආහාර මගින් අපට අවසානයේ ලැබෙන කැලරි ප්‍රමාණය දැනගත යුතුය. ඒ ගැන පහත ඇති දත්තයන් වලින් යම් දැනුමක් ඔබට ලැබෙනු ඇතැයි සිතමි.
කාබෝ හයිඕරේට් ග්‍රෑම් 1 ක ඇති කැලරි ගනන 4 කි.
ප්‍රෝටීන ග්‍රෑම් 1 ක ඇති කැලරි ගනන 4 කි.
මේද ග්‍රෑම් 1 ක ඇති කැලරි ගනන 9 කි.
ඇල්කොහොල් ග්‍රෑම් 1 ක ඇති කැලරි ගනන 7 කි.
මෙම දත්ත විශ්ලේෂණය කිරීමේදී ඔබට ඔබගේ ආහාර වේල ගැන යම් ගණනය කිරීමක් සිදු කල හැකි වේ. ඔබ දෛනිකව පරිභෝජනය කරන කෑම වේලක් තුල ඇති කැලරි ගනන අපි සොයා බලමු.
සම්බා සහල් වලින් පිසූ බත් ග්‍රෑම් 200 ( 200 ට 4 ) – කැලරි 800
මාළු හෝ මස් සහ ප්‍රෝටීන් සහිත ආහාර ග්‍රෑම් 100 ( 100 ට 4 ) – කැලරි 400
මේදය සහිත ආහාර ග්‍රෑම් 20 ( 20 ට9 ) – කැලරි 180
එකතුව ( එක් වේලකට ) – කැලරි 1380
තුන් වේලටම – කැලරි 4140
ඔබ එම දිනය තුලදී වැය කලේ කැලරි 2500 ක ප්‍රමාණයක් නම් තවත් කැලරි 1640 ක පමණ ප්‍රමාණයක ආහාර අපගේ සිරුරේ ඉතිරි වේග අපගේ සිරුර මේ පෝෂ්‍ය කොටස් කිසිදු අයුරකින් ශරීරයෙන් බැහැර නොකරයි. නැවත අවශ්‍ය වේලාවක ලබා ගැනීම සඳහා මෙම කැලරි ප්‍රමාණයට අදාල වන මේද ප්‍රමාණයක් සමට යටින් ඇති මේද ස්ථරයක් ලෙස තැන්පත් වේ. කැලරි 1640 ක් යනු මේදය ග්‍රෑම් 182 ක ප්රමාණයකි. අප මෙම ගණනයේදී ඇල්කොහොල් පානය කරන ප්‍රමාණයත් අතර මැද කාල වලදී ලබා ගන්නා ආහාර වලත් ඇති කැලරි ප්‍රමාණය ගණනය කොට නොමැත. ඒවා ගණනය කලහොත් මෙම ප්‍රමාණය තවත් වැඩි වන බව සිතට ගත යුතුවේ.
වැඩි වන කැලරි ප්‍රමාණය දහනය කිරීම පිණිස අපහට කොතෙකුත් උපක්ක්‍රම රූපවාහිණි මාද්‍ය හරහා දැක ගත හැකිය. අපි එක් සරල උපක්ක්රමයක් ගෙන බලමු. උදේට හෝ සවසට ධාවනයේ යෙදීම හොඳ ව්‍යායාමයකි. ව්‍යායාම කිරීමෙන් යම් කැලරි ප්‍රමාණයක් දහනය වන බව සත්‍යයකි. කෙනෙකු පැයට සැතපුම් 5 ක වේගයෙන් පැයක් තුල ධාවනයේ යෙදුනහොත් ඔහු හෝ ඇය දහනය කරන කැලරි ප්‍රමාණය 490 ක් පමණ වේ. පහසුව සඳහා 500 ක් ලෙස ගනිමු. අප වැඩියෙන් ගත් කැලරි ප්‍රමාණය නිසා ශරීරයේ තැන්පත් වූ මේද ප්‍රමාණය ග්‍රෑම් 182 කි. ධාවනය මගින් දහනය කල කැලරි ප්‍රමාණයට වැය වන මේද ප්‍රමාණය ග්‍රෑම් 55 කි. ඔබ සම්පූර්ණ මේද ප්‍රමාණය දවා හැරීමට නම් තවත් පැය 2 කුත් විනාඩි 30 ක කාලයක් මෙසේ ධාවනයේ යෙදිය යුතුය. ව්‍යායාම කිරීමෙන් පසුව ඔබ විසින් සිදු කරන තවත් එක් වැරදි ක්‍්‍රියා වලියක් සිහිපත් කිරීමට මෙය සුදුසුම වේලාව යැයි සිතමි. ව්‍යායාම කිරීම නිසා ඇති වන තෙහෙට්ටුව නිසා නැවත බඩ ගිනි වීම සිදුවේ. එසේ වන්නේ ඔබ ශරිරයේ පෝෂ්‍ය කොටස් මෙම ක්‍්‍රියා දාමය තුලදී වැය වීම නිසායග මොළය විසින් නැවතත් බඩගින්න නැමති සංඥාවත් ශරීරයෙන් ජලය වැඩි ප්‍රමාණයක් පිට වීම නිසා පිපාසයත් දැන් දැනේග දැන් ඔබ කරන්නේ බීමක් සහ සරල කෑමක් බඩට දා ගැනීමයි. එය පහත ඇති සේ උප කල්පනය කරමු.
මැක් ඩොනල්ඕ බර්ගර් 1 – කැලරි ගනන 390
ෆ්‍රෙන්ච් ෆ්රයිස් ග්‍රෑම් 100 – කැලරි ගනන 300
කොකා කෝලා මිලි ලීටර් 500 – කැලරි ගනන 210
එකතුව – කැලරි ගනන 900
සවසට යහළුවන් සමග එක්වී ඇල්කොහොල් ග්‍රෑම් 250 ක් පමණ සිරුරට ඇතුළු කර ගත හොත් තවත් කැලරි 1750 ( 250 / 7 ) කි. මේ අනුව සිදුවන දේ ඔබට තේරුම් යනවා ඇතැයි සිතන නිසා මා වැඩි යමක් මේ ගැන ලිවීමට කාලය ගත නොකරමි.
මේ හේතුව නිසා ව්‍යායාම කර කෙට්ටු වීමට වෙර දරන අයට සාර්ථක ප්‍රතිඵල අත්නොවේ. ව්‍යායාම කිරීම නිරර්ථක ක්්රියාවක් ලෙස මා නොකියමි. නමුත් ව්‍යායාම කරීම තුල පමණක් ප්‍රතිඵලය නොලැබෙන බව මා සටහන් කරමි.
ඇත්තටම ස්ථූලතාවයෙන් මිදීමට කුමක් කල යුතුද? සිදු කල යුතු වන්නේ එක් දෙයක් පමණි. බඩ ගින්නට කීකරු වීම පමණි. ඔබ සිදු කරන්නේ බඩ ගින්න ඇතිවීමට හේතු කාරක වූ පෝෂණ ඌණතාවය සපුරාලීම වෙනුවට පංචේන්ද්‍රියන් සන්තර්පනය කල හැකි යම් ආහාරයකින් කුස පිරවීම පමණි. ඒවායේ ඇති පෝෂණය කුමක් දැයි කන කෙනා හෝ විකුණන කෙනාට කිසිදු දැනුමක් නැත. මුදල් ඇති ප්‍රමාණයට වෙළඳ පොලේ ආහාර ගත හැකි අතර පෝෂණය ගත නොහැකිය. මෙම තත්වයෙන් ගැලවීම සඳහා දැනුම යනු අත්‍යවශ්‍ය සාධකයකි. අද මා ආහාරයට ගන්නේ මෙම කැලරි ප්‍රමාණයයි. මා හට ලැබුනු පෝෂණ කොටස් මේවායි. නොලැබුනු පෝෂණ කොටස් මේවායි. යන්න දැනගන්නා තාක් කල් මේ ප්‍රශ්ණය සාදාතනික ප්‍රශ්ණයක්ම වන බව සිතට ගන්න. අප විසින් ආහාර සමග එක් කර ගත යුතු පෝෂ්‍ය කොටස් 90 ක් වෙයි. ඒවා පහත දැක්වේ.
ඛණිජ ලවණ 60
විටමින් වර්ග 16
ඇමයිනෝ අම්ල වර්ග 12
මේද අම්ල වර්ග 2
මොළය බඩගින්න ලෙස අපට දනවන්නේ මෙම පෝෂණ කොටස් වල ඇති ඌණතාවයයි. ශරීරයට අවශ්‍ය කැලරි ප්‍රමාණය දනවන්නේ බඩගින්න ලෙස නොව හාමත ලෙසිනි. ශරීරයට අවශ්‍ය ශක්තිය නොමැති වූ විට අපට ක්ලාන්ත ගතිය හෝ උදාසීන ගතියක් ඇති වේ. ඒ බඩ ගින්න නොව ශක්තිය අඩු වීමයි. ග්ලූකෝස් ස්වල්පයක් මගින් මෙම තත්වය තාවකාලිකව මග හරවා ගත හැකි බව ඔබ හොඳින්ම දන්නා කරුණකි. නමුත් ඉහත දැක්වූ අත්‍යවශ්‍ය පෝෂ්‍ය කොටස් අප දිනපතා ශරීරයට ලබා දිය යුතු වේ. එසේ නොවුනහොත් ඔබ රෝගියෙකු වන එක කිසිදු කෙනෙකුට නවතාලිය නොහැකි වනු ඇත.
සුදු පැහැති සහල් වලට වඩා ඉතා අධික ප්‍රමාණයක පෝෂණ කොටස් තද දුඹුරු පැහැ සහල් වල ඇත. මේ නිසාම එම සහල් වලින් පිසින බත් වැඩි ප්‍රමාණයක් පරිභෝජනය කල නොහැකිය. වේලකට සුදු පැහැ සහල් ග්‍රෑම් 200 ක් ආහරයට ගන්නා කෙනෙකුට මෙම තද දුඹුරු පැහැ සහල් ආහාරයට ගත හැක්කේ ග්‍රෑම් 75 ක් පමණ වේ. මේ නිසා සහල් වලින් පමණක් දිනකට අඩු වන කැලරි ප්‍රමාණය 1500 ක් පමණ වේ. මෙම ප්‍රමාණය ව්‍යායාම කොට අඩු කර ගත නොහැකිය. ව්‍යායාම කිරීමෙන්ද දිනකට කැලරි 500 ක් අඩු කර ගැනීම ඉතාමත් හොඳ කරුණකි. නමුත් ඉන් පසු දැනෙන විඩාව සන්සිඳවා ගැනීමට නැවතත් වැඕ කැලරි ප්‍රමාණයක් ශරීරගත කරගන්නේ නම් සිදු වන්නේ අනර්ථයකි. ජලය පානය කිරීම සහ අවශ්‍ය නම් තම්බන ලද එළවලූ හෝ බිත්තර වැන් දෙයක් ආහාරයට ගැනීම සුදුසුය.
කුස ගිණි ඇති වේලාවට කාබෝ හයිඕරේට හෝ ප්‍රෝටීන හෝ මේදය ආහාරයට ගැනීම වෙනුවට ඔබට කල හැකි තව සුදුසු උපක්‍්‍රමයක් ඇත. ඒ ෆයිබර් සහිත ආහාර වේලක් අනුභව කිරීමයි. ෆයිබර් නැතිනම් තන්තු සහිත ආහාරයක් අපි ආහාර පිනිස ගත්තේ නම් වඩා වැඩි වේලාවක් මෙම ආහාර ජීරණ පද්ධතිය නැවත ආහාර ලබා ගැනීම පිනිස සූදානම් වීමට වඩා වැඩි වේලාවක් ගත කරයි. මේ නිසා නිතර නිතර බඩගිනි දැනීමට හොඳම පිළියමක් ලෙස තන්තු බහුල ආහාර ගැනීම නිර්දේශ කල හැකිය. පහත ඇති දැන්වීම ඔබව ෆයිබර් සහිත ආහාර ගැන දැනුවත් කරනු ඇත.
ඉහත කරුණු කාරණා වලට අමතරව තවත් එක් කරුණක් පැහැදිලි කිරිමට ඇත. එය නම් තරබාරු බැවින් මිදීම පිණිස අප තුල ඇති මානසික නුසුදුසු කමයි. බුදුන් වහන්සේ ගේ දේශනාවට අනුව ආහාර වර්ග 4 ක් ඇත. කබලිංකාර ආහාර, මනෝ සංචේතනා ආහාර, වික්ද්ක්දාන ආහාර, ඵස්ස ආහාර යනුවෙනි. කබලිංකාර ආහාර යනු අප විසින් කයේ පැවැත්ම උදෙසා ලබා ගන්නා ආහාරයි. අපි දන්නා ආහාරය මෙයයි. නමුත් මනස පෝෂණය කරන ආහාරද ඉතාමත් වැදගත් වේල ඉතිරි ආහාර තුන අදාල වන්නේ මනස සමගය. මෙම ආහාර ගැන විස්තරයක් නරක ආහාර 10 ක් ගැන ලිපියට සම්බන්ධ කොට ඇත. මෙම ආහාර තරමක් තේරුම් ගැනීමට අපහසු තත්වයක් ඇති විය හැකියග ඔබ මහත කෙනෙකු නම් ඔබ කන්ණාඕය ඉදිරියට යන වාරයක් වාරයක් පාසා ඔබ සිතට එන්නේ අයියෝ මම හරිම මහතයි. අරයා නම් කෙට්ටුයි. මම කැතයි, අරයා නම් ලස්සනයි යන හීන මානයකි. මේ නිසා අප ගේ මනස තුල ගොඩ නැගෙන්නේ අපිරිසිදු ශක්තියකි. මෙම අපිරිසිදු ශක්තිය සිරුරේ ඇති වායෝ ධාතුව එක් රැස් කිරීමට සමත්වේ. මේ හේතුව නිසා අදාල වායු ධාතුව නිපද වීමට හේතු වූ කෙනොගේ සිතිවිලි වලට සමානවම ශරීරයේ වායුවක් ලෙස එක්රැස් වේ. මෙවැන් තත්ව ඇති අය කුඩා ප්‍රමාණයක් ආහාර පරිභෝජනය කලද ශරීරය මහත් වේ. හේතුවද සොයා ගත නො හැකිය. තමාගේ සිරුර දැක අන් අයට ඊර්ෂ්‍යා කිරීමේ ඵලය මෙලෙස විඳින්නට සිදු වී ඇත. මේ තත්වය බොහෝ විට ඇත්තේ කාන්තාවන් හට වේ. ඔබට මෙයින් ගැල වීමට නම් කල යුතු ක්‍්‍රියාමාර්ගයක් ඇත. ප්‍රථමයෙන් ඔබ සිටින අතෘප්තිකර මානසික තත්වයෙන් මිදිය යුතුය. අද මම ටිකක් කෙට්ටුයි වගේ කියා සිතිය හැකිනම් සිතින් ඔබ කෙට්ටු වෙයි. එම චිත්තජ රූප ඔබව කෙට්ටු අයෙක් කිරීමට උපකාරී වෙයි. එසේම තවත් අයෙකුට ඊර්ෂ්‍යා නොකිරීම තුල තමාගේ මනසේ අපිරිසිදු ශක්ති එක්රැස්වීම අඩු වේග මේ නිසා වායු ධාතුවෙන් ඇතිවන ප්‍රශ්ණයද නැතිවී යයි. වායුව මීට හේතු වන බව ඔබට පෙන්වා දීමට හොඳම නිදසුනක ඇත. ඔබගේ සිතට යම් කෙනෙකු ගැන ඊර්ෂ්‍යාවක් ඇති වුවහොත් දීර්ඝ සුසුමක් හෙළන බව ඔබ දන්නවා ඇතග ඒ ඊර්ෂ්‍යාව සහ වායුව අතර ඇති සම්බන්ධයයි. මෙවැනි මානසික තත්වයන් මග හරවා ගත හැකි ක්්රම ගැන අපි අපගේ සහෝදර වෙබ් අඩවියක් වන www.destiny.lk වෙබ් අඩවිය ඔස්සේ කථා කොට ඇත.
මෙම කොටස මා ලියා දැක්වූයේ ඔබට තව දුරටත් ස්ථූල තාවය ගැන සිතීම සඳහා වන අතර මෙම කරුණු සමග ඔබ එකඟ නොවෙන්නට පුළුවන. එසේ එකඟ නොවන අය කෙරෙහි මාගේ කණගාටුව ප්‍රකාශ කොට සිටිමි. එසේම ඔබ දරන මතයක් ඇත්නම් ඒවාද පහත ඇති කොටසසේ අදහස් ලෙස දක්වන්නට කාරුණික වන්න.
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
මෙත් සිතිනි.පෝෂණ වේදී.නයන තේනුවර.
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්අංක 140 1/1ගාලුපාර ගල්කිස්ස.0713503450 / 0701902220 / 0112719000 / 0112735621
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්‍රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana
Nittaa.com DISCLAIMER: This web site is designed to provide nutritional information on selected herbal combinations. It is not intended for diagnosing ailments or prescribing remedies in any way. It is not meant to be a substitute for professional medical help because there is always a risk involved. The publisher and author are not responsible for any adverse consequences or effects resulting from the use of any of the information, or suggestions contained in this web site. If you are unwilling to assume the risk, please do not use this web site and the contain.
වගකීමෙන් යුතුව ඔබ බෙත ඉදිරිපත් කරන මෙම වෙබ් අඩවිය තෝරාගත් ශාක සාර සංයෝජන මත ගොඩ නැගුණු පෝෂණ තොරතුරු සැපයීම සඳහා පමණක් සැලසුම් කර තිබේ. එය කිසිදු ආකාරයකින් රෝග නිවාරණයට හො සුව කිරීම සඳහා වන පිළියම් ලෙස ඉදිරිපත් කර නොමැත. මෙහි සඳහන් කිසිදු ආහාරයක් හෝ නිශ්පාදන භාණ්ඩයක් හෝ පෝෂණ මය ඔසුවක් වෘත්තීය වෛද්‍ය උපදෙස් සඳහා ආදේශකයක් ලෙස අදහස් නොවේ. යම් රෝගියෙකුගේ හෝ රෝගයක වගකීම බාරගත නොහැකි බැවින් මෙ වෙබ් අඩවියේ ඇතුලත් ක්‍රමවේද භාවිතා කිරීම හෝ නොකිරීම පාඨකයාට බාර ක්‍රියාවක් වේ. අදාල රෝගියාගේ අවදානම අප ආයතනය හෝ මෙම ලිපි ඉදිරිපත් කරන කතු වරයා නොදරන බැවින් ඔබලා හට මෙම අවදානම ගත නොහැකිනම් මෙම වෙබ් අඩවියේ ඇති කිසිදු තොරතුරක් භාවිතා නොකල යුතු බවට මෙයින් ප්‍රකාශ කර සිටිමු.
Tags: Nutrition