ගැස්ට්‍රයිටීස් නිසා ඔබත් දුක් විඳිනවාද?


අද සමාජයේ ඇති විශාල ෙසෞඛ්‍ය ගැටලූවක් ලෙස ගැස්ට‍්‍රයිටීස් රෝගය දැකිය හැකය. මිත්‍යා මත ගණනාවක් නිසා මෙම සෞඛ්‍යය ගැටලූව තවත් ලෙඩරෝග ගණනාවක් වෙත අපගේ ජීවිත යොමු කරමින් සිටී. එක් රෝගී තත්වයකට අප විසින් ගන්නා බෙහෙත තවත් රෝග ගණනාවකට මුල බව අප දන්නවා නම් දැනට ඇති රෝගය දරාගෙන සිටීම හොඳ බව අපි තීරණය කරන්නෙමු. මෙම ලිපිය හරහා අප ඔබට ගැස්ට‍්‍රයිටීස් වල නියම ස්වරූපය කියා දෙන්නට යම් තරමක උත්සාහයක් දරන අතරල මිට වඩා වැඩි කරුණු කාරනා අන්තර්ජාලය පරිහරණය කර ඔබට සොයා ගත හැකි වනු ඇත. ඒ සඳහා ඔබට දොරටුවක් විවර කර දිමට පමණක් අප මෙහිදී උත්සාහ කරන්නෙමු.
පහත වීඩියෝව නරඔා ආහාර ජීර්ණ පද්ධතිය තුල ආමාශය ඇතුලත සිදුවන ක‍්‍රියාවලිය ගැන අවබෝධයක් ලබා ගන්න. එය මෙම ලිපිය හොඳින් අවබෝධ කර ගැනීමට රුකුලක් වනු ඇත.

 
ගැස්ට‍්‍රයිටීස් කියූ පමණින්ම අප ගේ සිහියට නැගෙන්නේ අපගේ ආමාශයේ ගෑස් වර්ධනය වී ඇති බවය. මේ නිසා දැන් සමහර ගෙවල් වල ගෑස් පෙති නම්න් හඳුන්වන බෙහෙත් වර්ග නිතරම තබා ගනී. ආහාර ගෙන අවසන් වූ පසු උදරයේ වේදනාවක් එන බවත් එම පෙති ගිල දැමූ පසු එම වේදනාව නැතිවී යන බවත් ඔවුන් දනී. මේ නිසා ආමාශය ඇතුලත කුමන ක‍්‍රියාවලියක් සිදු වුවත් වේදනාව සමනය කර ගැනීමේ අදිටන ඇතිව මෙවැනි පෙත්තක් හෝ දෙකක් ගිල දමයි. අදාල පෙති මගින් සිදුවන හානිය අප මෙම ලිපිය අවසානයට පෙර දක්වන්නෙමු. ප‍්‍රථමයෙන් මෙම රෝගය හඳුනා ගත යුතුය.
මෙම රෝගය හටගන්නේ අපගේ ආමාශය ආශ‍්‍රිතවයග ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයට අනුව මෙම තත්වය අම්ල පිත්ත ප‍්‍රදාහය ලෙස හඳුන්වයි. මෙම අර්ථ දැක්වීම ගෑස් සමග සැසඳෙන්නේ නැති බව ඔබට පෙනෙනවා ඇත. අම්ල සහ පිත අතර ඇති සම්බන්ධතාවය අපි සලකා බලමු. අම්ල යනු PH අගය 7 ට අඩු ද්‍රව වේ. මේවාට අපි ඉංග‍්‍රීසි බසින් ඇසිඞ් යැයි පවසමු. පිත යනු භාෂ්මික ද්‍රාවනයකි. භෂ්ම යනු PH අගය 7 ට වැඩි ද්‍රව වේ. මෙවැනි ද්‍රාවන දෙකක් එක් වූ විට මිශ‍්‍රණයේ ඇති සාන්ද්‍රනය අඩු වේ.මේ නිසා සාන්ද්‍ර PH අගය සහිත මාද්‍යයක සුදුකල යුතු වන රසායනික ප‍්‍රතික‍්‍රියා සිදු කිරීමට නොහැකි වී යයි. අපගේ ආමාශය තුලද මෙම තත්වය හට ගනී. ආමාශය තුලදී ප්‍රෝටීන ජීර්ණය කරන අතර වෙනත් පෝෂ්‍ය පදාර්ථ අඹරා ද්‍රව මට්ටමකට ආහාර පරිවර්ථනය කරයි. අප විසින් ආහාරයට ගන්නා මස් කැබැල්ලක් සම්පූර්ණයෙන් දියකර හැරීමට තරම් වන සාන්ද්‍ර ආම්ලික තාවයක් අපගේ ආමාශය තුලඇත. ආමාශයේ ඇති යුෂ ස්වල්පයක් ගෙන ඔබගේ අත්ල මත තැබුව හොත් අතේ ඇති අස්ථි දක්වා පිලිස්සී යනු ඇත. නමුත් ආමාශ බිත්තියේ ඇති ඝණ ශ්ලේෂ්මල පටලය මෙම අම්ල වලින් දිය කල නොහැකිය. මේ නිසාම අපගේ ආහාර ජීර්ණය නිසියාකාරව සිදු කර ගත හැකි වී ඇත. නොඑසේනම් ආහාර ගන්නා සෑම විටම අධික වේදනාවකින් පෙලෙන්නට සිදු වනු ඇත. ඒ ආමාශ බිත්තිද ප්‍රෝටීන් වලින් සෑදී ඇති නිසා ඒවාද ජීරණය වන්නට පටන්ගන්නා නිසාය. මා මෙම කරුණු ගෙන හැර දැක් වූයේ ආමාශයේ ඇති යුෂ වල ඇති සාන්ද්‍රනය කියා පෑමටය. ආමාශයික යුෂ වල සාන්ද්‍රනයේ PH අගය 1.5 ත් 2 ත් අතර වේ. අපගේ අක්මාවේ නිශ්පාදනය කරන පිත භාෂ්මික වේ. මෙහි සාන්ද්‍රනයෙ PH අගය 7 ට වැඩිය. සාමාන්‍යයෙන් 9 ක පමණ අගයක් ගනී. ආමාශයෙන් පහලට පැමිණෙන අවශෝෂණය සඳහා සූදානම් ව ඇති ආහාර ආම්ලික තාවයෙන් යුක්ත නිසා පිත එක් කිරීම මගින් එම ආහාර භාෂ්මික තත්වයකට ගෙන එයි. මේ නිසා ආමාශයෙන් පසු ඇති ආහාර මාර්ගයේ ගමන් කරන ආහාර වල ඇත්තේ භාෂ්මික ස්වභාවයකි. නො එසේනම් PH අගය 7 ට වැඩියග අප ආහාර නොගන්නා වේලාවට ආමාශයේ ආම්ලික තාවය අවම තත්වයක ට පත්වේ. මේ අවස්ථාවේදී කුඩාන්ත‍්‍රවල ඇති පිත ආමාශයට අතුලූ විය හැකිය. සමහර විට මෙම පිත අපගේ මුඛය හරහා පිටතට පැමිණීමේ හැකියාවක් ද ඇත.
කෙසේ හෝ අම්ල පිත්ත ප‍්‍රදාහය නිසා ආමාශයේ ඇති ආම්ලික තාවය අඩු වූ බව දැන් ඔබට පැහැදිලි වන්නට ඇත. නමුත් බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව ගැස්ට‍්‍රයිටීස් යනු ආමාශයේ ආම්ලික තාවය වැඩි වීමකි. මෙතනම පරස්පරයක් ඇතිබව දැන් ඔබට වැටහිය යුතුය.අප මෙහිදී ගෙන හැර දැක්වූයේ ආමාශයේ ඇති ආම්ලික තාවය ගැන සුලූ හැඳින්විමකි. අපි දැන් මෙම ආම්ලික තාවය ඇතිවන ආකාරය සහ අදාල වන හෝමොනල අම්ල සහ එන්සයිම ගැන යම් දැනුමක් ලබා ගනිමු.
අපගේ නාසයට ආහාර වල සුවඳ දැනෙන අවස්ථාවේ සිටම අපගේ ආහාර ජීරණ පද්ධතිය ක‍්‍රියා කරන්නට පටන් ගනී. මුඛයේ ඇති ග‍්‍රන්ථි වලින් එන්සයිම නිකුත් කරයි. කටට කෙල උනන්නට පටන් ගනී. ආහාර දකින විට මෙම තත්වය තවත් උග‍්‍රවේ. ආහාර මුඛයට ගෙන සපන විට අපගේ උදරයද ඊලඟ පියවර සඳහා සූදානම් වේ. අපෙගේ ලිපියට පාදක වූ රෝගයට එක් ප‍්‍රධාන හේතුවක් වන්නේ මෙම ක‍්‍රයාවලිය සඳහා වන හෝමෝනයකි. අප ආහාර සපන විට අපගේ ආමාශය තුල ඇති ගැස්ටී‍්‍රන් නිපද වන ෙසෙල උද්ධීපනය වේ. අප ආහාර සපා ගිලීමෙන් පසු සුලූ වේලාවකින් ආමාශයට ඇතුලූ වේ. මෙසේ එක්රැස් වන ආහාර නිසා ආමාශ බිත්තිය ඇදෙන්නට පටන් ගනී. මේ අවස්ථාවේදී ආමාශ බිත්තියේ ඇති ගැස්ටි‍්‍රන් ෙසෙල මගින් ගැස්ටී‍්‍රන් නම් හොමෝනයක් ආමාශ කුහරයට මුදා හරී. මෙම හෝමෝනය ආමාශ බිත්තියේ ඇති තවත් ෙසෙල විශේෂයක් උත්තේජනය කරයි. මෙම ෙසෙල චීෆ් ෙසෙල සහ පරයිටර් ෙසෙල ලෙස හඳුන් වන අතර මෙම ෙසෙල වලින් හයිඩ්‍රොක්ලෝරික් (HCL) අම්ලය සහ පෙප්සිනෝජන් එන්සයිමය නිදහස් කරයිග මෙම HCL ඉතාමත් සාන්ද්‍ර අම්ලයකි. ඒ සමගම පෙප්සිනෝජන් නැමති අක‍්‍රිය එන්සයිමයක් ශ‍්‍රාවය කරයි. මෙම අක‍්‍රිය එන්සයිමය හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමග එක් වී ඉතාමත් සකි‍්‍රය පෙප්සීන් සාදයි. පෙප්සීන් මගින් අප ආහාරයට ගන්නා ප්‍රෝටීන ජීර්ණය කරයි. පහත ඇති රූප සටහනින් මෙම ක‍්‍රියාවලිය පැහැදිලි කර ගත හැකිය.
 

 
පහත ඇති පින්තූරය මගින් දැක්වේන්නේ HCL අම්ලය සහ පෙපිසිනෝජන් එන්සයිමය වෙන වෙනම ඇති විට ප්‍රෝටීන් ජීර්ණය වන ආකාරය සහ දෙකම එකට ඇති විට ප්‍රෝටීන ජීරණය වන ආකාරයත්ය.
 

 
යම් හෙයකින් අපගේ ශරීරයට අප ඉහත දැක්වූ පෙප්සිනෝජන් හෝ HCL නිපදවිය නොහැකි වී නම් කුමක් සිදු විය හැකිද? අදාල හෝමෝනය සහ අම්ලය නිපදවන තුරු ගැස්ටී‍්‍රන් මුදා හැරීමට අදාල ෙසෙල වලට සිදුවේ. මක් නිසාද යත් දැනට ආමාශයට පැමිණ ඇති ආහාර ජීර්ණය කිරීම සඳහා අදාල අම්ලය සහ එන්සයිමය අවශ්‍ය වන නිසාවෙනි. නමුත් සිදු වන්නේ අනර්ථයකි. ආමාශයේ ඇති ආමාශයික යුශයෙන් වැඩි කොටසක් ගැස්ටී‍්‍රන් බවට පත්වේ. මෙම ගැස්ටී‍්‍රන් වලට අපගේ ආමාශය සහ ගලනාලය අතර ඇති කපාටය ඇරිය හැකිය. මේ නිසා මේ වන විට ආමාශයේ ඇති ආමාශයික යුෂය ඉහලට එන්නට පටන් ගනී. දැන් සිදු වන්නේ සිතා ගන්නටවත් අපහසු ක‍්‍රියාවලියකි. ආමාශය තුල අම්ලික තාවයට ඔරොත්තු දෙන මට්ටමට ආමාශ බිත්තිය නිර්මාණය වී තිබුනද ගලනාලය තුල එසේ සකස් වී නැත. උඩට එන ආමාශයික යුශය ගලනාලය තුල මහත් වේදනාවක් ඇති කරමින් ඉහලට ඇදේ. හරියට තමාගේ පපුව හිරවීගෙන එන බවක් දැනේ. සමහරු මෙය හෘද රෝගයක් බව සිතන්නට පටන් ගනී. සාන්ද්‍රනය අඩු වුවද තරමක් දුරට ප්‍රෝටීන ජීර්ණය කිරීමේ හැකියාව ඇති මෙම ආමාශයික යුෂය ගළණාලය තුවල කරයි. එය අරුමයක් නොවේ. අපගේ ශරීරයේ බාහිර ඉන්ද්‍රියක යම් තුවාලයක් ඇති වූ විට ඇති වන වේදනාව අපි දන්මු. නමුත් අභ්‍යන්තරයේ තුවාලයක් ඇතිවූ විට දනෙන්නේ වෙනස්ම ආකාරයේ වේදනාවකි. හරියට කවුරු හරි තදින් මිරිකනවා වැනි වේදනාවකි. ගළණාලයේද මෙවැනි වේදනාවකට මෙම ආමාශයික යුෂ මග පාදයි.
 

 
ඉහත රූප සටහන අපගේ ආමාශය සහ අදාල කපාට ගැන යම් දැනුමක් ඔබට ලබා දෙන්නට ඇතැයි සිතමි.
ගැස්ට‍්‍රයිටීස් යනු ආමාශයේ වාතය පිරීම නිසා ඇතිවන තත්වයක් නොවන බව දැන් ඔබට පැහැදිලි ඇතැයි සිතමි. මෙම තත්වයට හේතුව වන්නේ දුර්වල HCL නිශ්පාදනය බව කිව යුතුය. HCL නිශ්පාදනය කිරීම සඳහා හයිඩ‍්‍රජන් සහ ක්ලෝරයිඞ් අවශ්‍ය වේ. හයිඩ‍්‍රජන් අප පානය කරන ජලයෙන් ලබා ගත හැකිය. නමුත් ක්ලෝරයිඞ් යනු අප ගන්නා ආහාර වල බහුල මූලද්‍රව්‍යයක් නොවේ. ක්ලෝරයිඞ් අපට ලැබෙන ප‍්‍රධාන මාර්ගය වන්නේ ලූණු ආහාර වලට එක් කිරීමයි. ලූණු යනු සෝඩියම් ක්ලෝරයිඞ් වේ. මෙමගින් කලෝරයිඞ් ලබා ගත හැකියග ඔබ ලූණු අඩුවෙන් ආහාරයට ගන්නා කෙනෙකු නම් ඇතිවන තත්වය දැන් සිතා ගත හැකියැයි සිතමි. පහත රූපය මේ ගැන තවත් ඔබව දැනුවත් කරනු ඇත.
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්අංක 140 1/1ගාලුපාර ගල්කිස්ස.0713503450 / 0701902220 / 0112719000 / 0112735621
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana
 

 
ලූණු වලින් කලෝරයිඞ් ලැබුනද චීෆ් ෙසෙල වලින් පෙප්සිනොජන් සහ HCL ලබා ගැනීමට නම් කැල්සියම් තිබිය යුතුය. මේ ආකාරයට ඔබගේ ශරීරය යම් කිසි පෝෂණ ඌණතාවයකින් පෙලෙන්නේ නම් රෝග ගනනාවක් ඔබව ගිල ගනු ඇත.
ලූණු කෑම නතර කරන ලෙසට සමහර විට ඔබට උපදෙස් ලැබී තිබෙන්නට පලූවන. ඒ අධි රුධිර පීඩණය නිසා නම් අපගේ වෙබ් අඩවියේ අධි රුධිර පීඩණය ගැන ලියා ඇති ලිපිය කියවා දැනුවත් වන්න. අධි රුධිර පීඩණය යනු තවත් එක් පෝෂණ ඌණතාවයක ප‍්‍රතිඵලයකි. අදාල පෝෂ්‍ය කොටස් සිරුරට ලබා දීම මගින් මෙම තත්වයෙන් ඈත් විය හැකිය.
ගැස්ට‍්‍රයිටීස් වලට ඔබ විසින් දැනට ගන්නා බෙහෙත් ගැනද යමක් කීමට මා හට සිතින. දැනට බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මෙම රෝගයට හේතුව වන්නේ ආමාශයේ අධික ආම්ලික තාවයයි. මේ නිසා ගැස්ට‍්‍රයිටීස් සඳහා proton pump inhibitors නැමති කාණ්ඩයට අයත් ඔසු ලබා දෙයි. මෙ මගින් සිදු කරන්නේ අපගේ ආමාශ බිත්තියේ ඇති අම්ල නිකුත්කරන සිදුරු වසා දැමීමයි. දැන් ඔබගේ ගලනාලය තුවාල කිරීමට හෝ රිදවීමට අම්ල නොමැත. දැන් ඔබගේ වේදනාවද නොමැතග නමුත් මේ හේතුව නිසා ඔබ විසින් ගන්නා ආහාර ජීර්ණය දුර්වල වේ. දැන් ඔබගේ සිරුරට පෝෂණ කොටස් උරා ගන්නේ කෙසේද? තවත් රෝග ගනනාවක් මේ නිසා හටගනී. ඒවාට තවත් බෙහෙත් බොන්නට සිදු වුවද ඔබට එය තවත් සාමාන්‍ය රෝගී තත්වයක් පමණි. ජීවිතය ලෙඩ රෝග ගණනාවක් සමග අවසන් කිරීම දැන් දැන් සාමාන්‍ය සිරිතක් බවට පත් වී ඇතග තාවකාලික සහන පසුපස යන්නට එපා. ස්ථිර විසඳුමක් කරා යන්නග අපහා එක්වී තම ජීවිතය ජයගන්න. ඔබට යම් රෝගී තත්වයයක් ඇත්නම් අප ඔබව වහරක අරිය චිත්තාශ‍්‍රම විහාරස්ථානයේ පවත්වන අරි සිතුම් සායනය වෙත යොමු කරන්නට හැකිය. නැතිනම් ඔබගේ ආහාර වේල සකස්කර ගන්නා ආකාරය ගැන කියා දිය හැකිය. පහත ඇති දුරකථන අංකයකින් අපහා එක්වී ලෙඩ රෝග ගැන දැන ගන්න. දැනුවත් බව ඔබව නිරෝගී මනසක් ඇති කරයි. දැන් ඔබේ කායික රෝගයට නිරෝගී මනසින් යුතුව ප‍්‍රතිකාර කරන්න. ඔබගේ රෝග වලින් සියයට 80 ක්ම මානසික බව ඔබ දන්නවාද? දැනුවත්ව සිටීම තුල ඔබ නිරෝගී වනු නිසැකය.
මේ අතරම ඔබගේ අවධානය තවත් වැදගත් කාරණයක් වෙත ගෙන යෑමට සිතුවෙමි. ඒ අප කුඩා දරුවෙකු ගේ ආහාර ජීරණ පද්ධතිය රැවටීම සඳහා දෙන සූප්පුව ගැනය. සූප්පුව කටට දුන් පසු දරුවා නිදා ගන්නවා විය හැකිය. නමුත් සූප්පුව උරණ වාරයක් වාරයක් පාසා අමාශය ආහාර බලාපොරොත්තුවෙන් සිටින බව ඔබ නොදන්නවා විය හැකිය. මෙම සංඥාවන් නිසා ආමාශ බිත්තියේ ඇති ෙසෙල උද්ධීපනය වන්නට පටන් ගනී. ඔබගේ දරුවාට ගැස්ට‍්‍රයිටීස් ඇතිවීම මේ අනුව පටන් ගන්නා බව ඔබ නොදන්නවා විය හැකිය. ස්වභාව ධර්මයට විරුද්ධව ඔබ ක‍්‍රියාත්මක වන සෑම අවස්ථාවකදීම ඔබට ඊට වන්දි ගෙවන්නට සිදුවන බව සිතට ගන්න. මෙහිදී ඔබ නොව ඔබේ දරුවා ඊට වන්දි ගෙවයි. දැන් දැන් ළදරුවන්ට බඬේ අමාරු වැඩිවීමට මෙය හේතු වී ඇති බව ණුවනින් බලා කටයුතු කරන දෙමව්පියන්ට තේරුම් යා යුතුය.
ඔබගේ චුයින්ගම් සැපීමත් මීටම සමානයග ඔබ චුයන්ගම් එක සපන සෑම වාරයක් පාසාම උදරය රැවටීමට ලක්වේ. චුයින්ගම් එකක් විනාඩි තිහක් පමණ සැපූ පසු ඔබගේ උදරයේ යම් වේදනාවක් ඇති බව සිහියෙන් යුතුව සිටින ඔබට දැකගත හැකිය. ව්‍යාපාරිකයන් නිරන්තරයෙන් ලාබ ලැබීමේ ඒකායන බලාපොරොත්තුව ඇතිව වෙළඳ පොලට යොමු කරන සියලූ භාණ්ඩ සිතා නොබලා පරිහරණය කිරීමේ වරදට ඔබ ඔබටගේ ජීවිතයෙන් වන්දි ගෙවන බව සිතට ගන්නේ නම් ඔබට වැලඳෙන ලෙඩ රෝග ගනනාවකින් වැලකිය හැකිය.
ගැසට‍්‍රයිටීස් වලට දැන් ඔබ කල යුතු වන්නේ කුමක්ද? වේදනාව සමණය කර ගැනීමද? එසේත් නැතිනම් ස්ථිර විසඳුමක් කරා යෑමද? ප‍්‍රථමයෙන් තමන් තීරණයක් ගන්න. මෙම රෝගය තමාටම සුව කර ගත හැකිය. සිදු කල යුතු වන්නේ අදාල පෝෂණ කොටස් ගැන දැනුවත් වීම සහ ඒවා නිරතුරුව සිරුරට ලබා දීමයි. අපගේ වෙබ් අඩවියේ ඔබට ලබා ගත හැකි පෝෂ්‍යදායි ආහර ගැන විස්තර ඇතුලත් කොට ඇත. එසේම අප විසින් ආනයනය කරන සහ ලංකාවේ නිපදවන ආහාරමය ඔසු වර්ග කිහිපයක්ද ඇත. එම ආහාරමය ඔසු මෙම වෙබ් අඩවිය හරහා අලෙවි කිරීම අපගේ පරමාර්ථය නොවුනද ඔබට අප වෙත දුරකථන අමතුමක් ලබා දී විස්තර දැන ගත හැකිය.
පහත ඇති ලින්ක් එක මත ක්ලික් කර මෙම රෝගය සඳහා හෙළ ඔසු කිහිපයක් ගැන දැන ගන්න.

 
ගැස්ට‍්‍රයිටීස් සහිත කෙනෙකු තම වේදනාකාරී තත්වය මග හැර ගැනීම සඳහා පහත දැක්වෙන ක‍්‍රම අනුගමනය කරන්න.වේදනාව ඇති වේලාවට ලණු මිශ‍්‍ර උණුවතුර සිවල්පයක් පානය කරන්න.
ආහාර හැකිතාක් වේලා මුඛය තුල රඳවා ගෙන සපා ගිලින්න. මෙමගින් ආමාශයට ඇති වැඩ කොටස අඩු කර ගත හැකිය.රාත‍්‍රි ආහාර වේලට කැඳ වැනි සරල ආහාරයක් එක් කර ගන්න. එම කැඳ සඳහා අවශ්‍ය සියලූ පෝෂණ කොටස් එක් කොට බ්ලෙන්ඩරයක් ආධාරයෙන් පොඩි කර ගෙන අනුභව කරන්න.
මස් වැනි යමක් ආහාරයට ගන්නා විට හොඳින් සපා ගිලින්නට මතක තබා ගන්නග මස් පිසින විට කුඩා කැබලි වලට කපා පිසීම සුදුසුය. මස් වල ඇති තද ගතිය නැති කර ගැනීම සඳහා මස් පිසින විට අමු පැපොල් කෑල්්ලක් එක් කරන්න.ගැස්ට‍්‍රයිටීස් සුව කර ගැනීමට ඉතාම හොඳ ආහාර දෙකක් අපට දැන් ලැබී ඇත. එකක් නම් ඉඟිණි ඇට වලින් සාදන ලද පාණයකි. අනෙක නම් ඉස්පිරුලිනා වලින් සාදන ලද ආහාරමය ඔසුවකි. මේ දෙවරර්ය පානය කිරීම මගින් ඔබගේ ගැස්ට‍්‍රයිටීස් ප‍්‍රශ්ණය නිරාකරණය කර ගත හැකිය.
ඉහත ක‍්‍රම ආධාරයෙන් ආමාශයට ඇති වැඩ ප‍්‍රමාණය අවම කර ගත හැකිය. එය ආමාශයේ ඇති ආම්ලික තාවය අඩු වීම නිසා ඇතිවන අර්ධ ජීර්ණ තත්වය මග හැර ගැනීමට රුකුලක් වනු ඇත.
වැඩිදුර විස්තර මැසෙන්ජර් ඔස්සේ හෝ කමෙන්ට් ඔස්සේ කතා කරන්න. වට්ස් ඇප්ද භාවිතා කල හැකිය. +94713503450
‍මෙත් සිතිනි.පෝෂණ වේදී.නයන තේනුවර.
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්අංක 140 1/1ගාලුපාර ගල්කිස්ස.0713503450 / 0701902220 / 0112719000 / 0112735621
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත ලින්ක් එක හරහා මාගේ පුද්ගලික ටෙලිග්රෑම් ගෘප් එක හා සම්බන්ධ වෙන්න. නැත්නම් පහත අංකයකින් අප ආයතනය හා සම්බන්ධ වන්න. ඔබගේ පෝෂණ ගැටලු කිසිදු ගෙවීමකින් තොරව විසදාගත හැකිය.
https://t.me/nayana
 

Nittaa.com DISCLAIMER: This web site is designed to provide nutritional information on selected herbal combinations. It is not intended for diagnosing ailments or prescribing remedies in any way. It is not meant to be a substitute for professional medical help because there is always a risk involved. The publisher and author are not responsible for any adverse consequences or effects resulting from the use of any of the information, or suggestions contained in this web site. If you are unwilling to assume the risk, please do not use this web site and the contain.
වගකීමෙන් යුතුව ඔබ බෙත ඉදිරිපත් කරන මෙම වෙබ් අඩවිය තෝරාගත් ශාක සාර සංයෝජන මත ගොඩ නැගුණු පෝෂණ තොරතුරු සැපයීම සඳහා පමණක් සැලසුම් කර තිබේ. එය කිසිදු ආකාරයකින් රෝග නිවාරණයට හො සුව කිරීම සඳහා වන පිළියම් ලෙස ඉදිරිපත් කර නොමැත. මෙහි සඳහන් කිසිදු ආහාරයක් හෝ නිශ්පාදන භාණ්ඩයක් හෝ පෝෂණ මය ඔසුවක් වෘත්තීය වෛද්‍ය උපදෙස් සඳහා ආදේශකයක් ලෙස අදහස් නොවේ. යම් රෝගියෙකුගේ හෝ රෝගයක වගකීම බාරගත නොහැකි බැවින් මෙ වෙබ් අඩවියේ ඇතුලත් ක්‍රමවේද භාවිතා කිරීම හෝ නොකිරීම පාඨකයාට බාර ක‍්‍රියාවක් වේ. අදාල රෝගියාගේ අවදානම අප ආයතනය හෝ මෙම ලිපි ඉදිරිපත් කරන කතු වරයා නොදරන බැවින් ඔබලා හට මෙම අවදානම ගත නොහැකිනම් මෙම වෙබ් අඩවියේ ඇති කිසිදු තොරතුරක් භාවිතා නොකල යුතු බවට මෙයින් ප‍්‍රකාශ කර සිටිමු.

Tags: Gastritis