බුදුන් වහන්සේ රතන සූත්‍රය දේශනා කලේ විශාලා මහනුවර තුන්බිය දුරු කරන්නයි. අමණුෂ්‍ය බිය, දුර්භීක්ෂ බිය, රෝග බිය කියලා තුන්බියකින් විශාලා මහණුවර තැති ගත්තා. අද අපිටත් ඒ වාගේම කාලයකට තමයි මුහුණ දෙන්නට වෙලා තියෙන්නේ. ඉතිං බොහොම දෙනෙක් රතන සූත්‍රය සඣායනා කරලා මේ බියෙන් මිදෙන්නට හදනවා. මාගේ මේ ප්‍රයත්නය තුනිබිය දුරුකරගන්නා ආකාරය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නයි.
ඇයි මෙිවාට බිය කියලා කිව්වේ, බිය ඇතිවන්නේ සිතේ නේද? එසේනම් මේ කාරණා තුනටම සිත මුල්වෙනවා. අලෝභය ලැබීමටද, අද්වේශය මිතුරුකමටද, අමෝහය ප්‍රඥාවටද හේතුවන බව දහමේ දැක්වෙනවා. එහි විරුිද්ධ පැත්තෙන් කියවෙන්නේ මොනවාද? ලෝභය තමන් කැමතිදේ නැතිවීමටද , ද්වේශය තමන් අකමැතිදේ ලැබීමටද, මෝහය අසිහියටද හේතු වන බවයි. බිය යනු තමන් අකමැති දෙයකි. ද්වේශය පතුරුවන තැනැත්තා තම සිතෙන් මිතුරුකම ඉවත් කරයි. නැතිනම් මෛත්‍රිය ඉවත් කරයි. ඔවුන් මෘග සංඥා වඩන්නට පටන් ගනී.
අනාගතයේදී මිනිසාගේ පරම ආයුෂ වසර 10 කට සීමා වන බව දහමේ සදහන්. ඒ කියන්නේ මිනිසා එන්න එන්නම රෝග වලට ගොදුරු වෙන බවයි. තවත් ආකාරයකට කියනවා නම් රෝබිය මිනිස් සංහතිය වසා පැතිරෙන බවයි. දැන් දැන් දෙමව්පියන්ට තම දරුවාගේ මලගම දකින්නට ලැබෙන බව සමහර විට ඔබ අත් දැක ඇති. මේ කියවෙන්නේ ඉහත කී කාරණයම නේද? මේ කාලය වන විට එක නිවසක දෙදෙනෙකුට වාසය කරන්නටවත් බැරි තරමට මිතුරුකම දුරුවන බව දහමේ දැක්වෙනවා. වෛරය ඒ තරමට පැතිරිලා යනවා. මේ මානසිකත්වයට මෘග මානසිකත්වයක් කියාද කියනවා. මේ කාලයේදී මෘග සංඥාව වඩන නිසාම මෘගසං වරුසාව කියා මහා වැස්සක් මාස තුනක් තිස්සේ කඩාහැලෙන බව සදහන්. මිනිස්සු එක එකා මරාගන්නා ආකාරය බලාසිටිය නෙැහැකි කිිහිපදෙනෙක් පමණක් කැලෑවලට ගොස් තම ජීවිතය බේරාගන්නා බවද සදහන්. මේ අය වර්ෂාව අවසන් වී නැවත එනවිට කිසිවෙකු ජීවත් නොවන බවයි කියවෙන්නේ. මේ ඉතිරිවන කිහිපදෙනා ධාර්මිකව වාසය කරන නිසා මිතුරුකම නැවත හටගන්නවා. මේ නිසාම ආයුෂය නැවතත් වැඩිවෙනවා. මේ සූත්‍රයේ දැක්වෙන පරිදි කාලයක් යනවිට මේ ලෝකය දිව්‍යලෝකය වගේ. ආයුෂය අවුරුදු ලක්ෂය දක්වා වැඩිවෙනවා. ගස්වැල් ඵලබරවෙලා. මිනිසුන්ට කිසිදු අඩුවක් නැහැ. ලැබිලා තියෙන දේ වැඩි නිසාම මේවා තමාගේ කරගන්න ගිහින් නැවතත් ආයුෂ අඩුවෙන්නට ගන්නවා. මෙසේ මිනිසාගේ ආයුෂය වසර අසූදාහක් වන කාලය වන විට මෛත්‍රී බුදුන් පහල වනබවයි සදහන් වන්නේ.
මම මේ ටික කිව්වේ රතන සූත්‍රයේ ඇති සත්‍ය ඔබට වැටහෙන්නටයි. සූත්‍රය සඣායනා කරන එක හොදයි. ඒත් එය නොවෙයි ඇත්තටම සිදුවිය යුතු වන්නේ. බුදුන් දහම් සගුන් ගුණ තමන්ගේ සිතට ඇතුල් කරගැනීමයි. ඒ ගුණ තුල මෛත්‍රිය ඇත. බිය නැත. සුර අසුර යුද්ධයේදීද සුරයන් ජය ගත්තේ තෙරුවන් ගුණ නිසාය. අද පිරිත් කියා බිය දුරු කරගන්නට යන ගමණක් පමණක් ඇත.
කොරෝනා බිය තුරන් කිරීමටනම් කල යුත්තේ කුමක්ද? මිතුරුකම වපුරා වෛරය වැපිරීම නැවත්විය යුතුය. මිතුරුකම යනු මෛත්‍රියයි. එය ආර්‍යන් වහන්සේලාගේ මෛත්‍රිය නම් තවත් ඉහලයි. මෛත්‍රිය ඇති සිතක ඇති සැනසුම කෙතරම්දැයි ඔබ සමහර විට අත්දැක ඇති. ඒත් කරුමෙක මහත සමහර අයට මෛත්‍රිය යනු සිහිනයකි. නිරන්තර වෛරය කරපින්නාගෙන සිටී. වෛරය සිතේ ඇති විට අපිට හුස්ම වැටෙන්නේ කෙටියටය. එය ඔබ ඇත්දැක ඇති. කේන්ති ගියාම ලග ලග හුස්ම වැටෙනවා නේද? මෙසේ කෙටි හුස්ම ගන්නා විට රුධිරයේ පී එච් අගය පහල බහී. එවිට අපගේ ප්‍රතිශක්තිය දුර්වලවේ. නමුත් මෛත්‍රි වඩන වේලාවට දිර්ඝ හුස්ම වැටේ. මේ වෙලාවේ රුධිරයේ පී. එච්, අගය වැඩිවේ. එවිට රුධීරය භාශ්මික වීම නිසා ප්‍රතිශක්තිය වර්ධනය වේ. දැන් වෛරස් වලටද බිය විය යුතු නැත. වෛරස් සිරුරේ වැඩෙන්නේ ප්‍රතිශක්තිය දුර්වල නම් පමණි. මම කියන්නට හදන දේ ඔබට වැටහෙනවා යැයි සිතනවා.
දැන් බලන්න මේ කොරෝනා වසංගතය ගැන. අවුරුදු 100 ක ආච්චි කෙනෙකුටත් වෛරසය ආසාදනය වෙලා දැන් හොද වෙලා කියලා දෙරණ ටීවී එකේ අද උදේ පෙන්වුවා. ඒ ආච්චිත් භාවනා කරන කෙනෙක්. මේ අතරත් යම් සම්බන්ධයක් දකින්න පුලුවන්.
අපි මුඛවාඩං බැදගෙන වෛරස ඇතුළුවන සිත නැමති දොර ඇරගෙන සිටින්නෙමු. මෙය තේරුම් ගන්නා තාක් වෛරසය තුරන් කල නොහැකි වේවි. රතන සූත්‍රය කියවා බලා එහි ඇති සාරය උකාහා ගන්න.. තෙරුවන් ගුණ ඔබගේ චිත්ත සංතානයේ තැන්පත් කරගන්න. වෙනත් ආගමක කෙනෙක් නම් තම සාස්තෘන් වහන්සේගේ ගුණ තමන් තුලට ගන්න. ඔබගේ ප්‍රතිශක්තිය වර්ධනය වනු නොඅනුමානය. වෛරසය නැතිකරන්නට නොහැකි වේවි. නමුත් වෛරසයට ඔබව ආක්‍රමණය කරන්නට බැරි වේවි.
කොරෝනා වෛරසයට විසදුම ඇත්තේ ඔබ තුලමයි. ඒත් කරුමේ කියන්නේ මේක තේරුම් ගන්නට නොහැකි වීමයි.
බුදුන් වහන්නේ විශාලා මහණුවර වැසියන්ට තෙරුවන් ගුණ කියාදී සිතේ ඇති බිය තුරන් කල නිසා රෝග බියද, අමණුෂය බියද, දුර්භික්ෂ බියද දුරු වූවා.
විශාලා මහ නුවරට මොනතරම් විනාශයක් වෙන්නට ඇත්ද? ඒත් අපිට තවමත් කොරෝනා මරණ 13ක් පමණක් නිසා මා මේ කියන දේ ඒ තරම් නොතේරෙන්නට පුළුවන්. ඒත් තේරුම් ගත හැකි එක් අයෙකු හෝ මේ ලිිපිය කියවා ලොවට වැඩක් කරයි නම් එයයි මාගේ අභිප්‍රාය.
මෙත් සිතිනි
නයන තේනුවර
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්අංක 140 1/1ගාලුපාර ගල්කිස්ස.0713503450 / 0701902220 / 0112719000 / 0112735621